2017 උපන් බොලිවුඩ් තරු දරුවන්ගේ නම් 8

2017 උපන් බොලිවුඩ් තරු දරුවන්ගේ නම් 8

2017 වර්ෂයේ බොහෝ ජනප්‍රිය බොලිවුඩ් තරු  ඔවුන්ගේ ආදරණීය දරුවන්ට උපත දුන්නා.

මෙන්න 2017 හි හොඳම බොලිවුඩ් තරු දරුවන්ගේ නම්

1. ටයිමුර්

 

මේ වසරේදී බොලිවුඩ් තුල බලාපොරොත්තුවෙන් සිටි දරුවා වුයේ ටයිමුර් අලි ඛාන්ය. දරුවාගේ නම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දරුවා වටා සමාජ මාධ්‍ය  හරහා උද්‍යෝගීමත් රැල්ලක් නිර්මාණය  වුනා!

ටයිමුර් යනු අරාබි භාෂාවෙන් "යකඩ" යන්නයි. 

2. ඉනායා

මෙම වසරේ මුල් භාගයේ ඉනායෝ නව්මි කේමු මෙලොවට පැමිණියා. දෙමාපියන් වන ෂෝහා අලි ඛාන් සහ කූන්ලාන් කේමු සිය දරුවාගේ පැමිණීම නිවේදනය කර ඇති අතර ඇගේ සුන්දර  නාමයද පවසා ඇත.

"දෙවියන්ගෙන් ලැබුන  තෑග්ගක්" යන්න අදහස් කෙරෙන අරාබි සම්භවයක් සහිත "ඉනායා" යන නාමය දෙමව්පියන් තෝරා ගෙන ඇත. නමේ අර්ථය 'ඔබ දිහා බලන්න කෙනෙක් ඉන්නවා  ' යන්නයි.

3. රාධ්යා

 

ඊෂා ඩෝල් සහ  ඇයගේ සැමියා බාරාට් ටක්කානි යන දෙදෙනා සිය දරුවා පිළිගත් අතර ඇය රාධ්යා ලෙස නම් කලා. එම නමට පවුලේ  හැගීම්බර  අර්ථයක් ඇත.

රාධ්යා යන්න "රාධා දේවතාවිය පැමිණ ඇත" යන්නෙන්. 

4. යෂ් සහ රූහී

 

කරන් ජෝහාර්ගේ නිවුන් දරුවන් වන යෂ් සහ රූහී 2017 වසරේ බොලිවුඩ් තරු දරුවන්ගේ ලැයිස්තුවට එකතු වුනා. 

කරන් ගැඹුරු හැගීම්බර  හේතු මත මේ නම් තෝරා ගත් අතර ඔහුගේ පුත් යෂ්  ඔහුගේ පියාගේ නමින්  නම් කලා. තම දියණිය වන රූහී යන නම තබන ලද්දේ ඇයගේ මවගේ නම වන හීරූ අනෙක් පැත්ත හැරවීමෙනි.

5. ආතර්

 

දැන් ඩුබායිවල සිටින හිටපු නිළියක වන සෙලිනා ජයිට්ලි මේ වසරේ මුල් භාගයේ ආතර් ජයිට්ලි හැග්ගේ පැමිණීම නිවේදනය කලා.

මෙම ප්‍රවෘත්තිය අදුරු කරමින් අනෙක් නිවුන් දරුවා ජීවත් නොවීය. එහෙත් නිවසේ සිටින නිවුන් දරු දෙදෙනා වන වයරායි සහ වින්ස්ටන් හට සොයුරු ආතර් ගෙන ඒමට ඔවුන්ට හැකි වීම ගැන  දෙමව්පියන් ස්තුතිවන්ත වුනා.

6. ෂැක් (Zack)

 

ලිසා හයිඩන් මේ වසරේදී පුංචි ෂැක් ලාන්වානි පිළිගත්තා. මෙම සුන්දර මව දරු ප්‍රසුතියට පෙර හිටි හැඩයෙන් දැකිය හැකි වු අතර දරුවන්ට මව්කිරි දීමේ ගැටලුව ජය ගත්තා.

ඇගේ පුත් ෂැක්ට හීබෘ භාෂාවෙන් ඔහුගේ නම ලැබුනා. එය: 'සමිඳාණන් වහන්සේ සිහි කළ සේක' යන අරුත ලබා දේ.

7. කවිෂ්

 

නයිටික් නමින් රූපවාහිනීයේ ප්‍රකට නළුවෙක් වන කරන් මීරා මේ වසරේදී ද කුඩා පිරිමි දරුවෙකු ලබා ගත්තා. ඔහු සහ ඔහුගේ බිරිඳ නිශ් රාවල් ඔවුන්ගේ දරුවා වෙනුවෙන් කවිෂ් නම් නාමය තෝරා ගත්තා.

කවිෂ් යනු ඉන්දියානු සම්භවයක් සහිත ලස්සන තේරූමක් ඇති නමකි. එය අරුත කවියේ  රජු යන්න වන අතර එය ගණ දෙවිදුන්ට කියන තවත් නමකි.

8. ෂෝහම්

 

රූපවාහිනී නිළිය වූ දීියාආර් බාටි ලෙස ප්‍රසිද්ධ  දීපිකා සිං මේ වසරේ පිරිමි දරුවෙකු  ලැබු අතර ඔහුට ලස්සන නමක් තෝරා ගත්තා.

ඔහුගේ දෙමාපියන් ඔහුට ෂෝහම් කියා ඇමතු අතර ගීතයක් වන් වු ඒ නමට ලස්සන අර්ථයක් තියෙනවා. දෙවියන් තුල ඉන්නවා හෝ දෙවියන්ගේ දේවත්වය හැමතැනම යන්න එහි තේරුම වේ.

තරු දරුවන්ගේ ලස්සන තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී