2020 නිවාඩු දවස් නිකුත් වුනා. පවුලේ අය සමඟ නිවාඩුවකට දැන්ම ලෑස්ති වෙමු

2020 නිවාඩු දවස් නිකුත් වුනා. පවුලේ අය සමඟ නිවාඩුවකට දැන්ම ලෑස්ති වෙමු

2020 නිවාඩු දවස් ගැන හොඳින් දැනුවත් වී මනා ලෙස සමබර මෙන්ම රසබර වසරක් ගත කරන්නට මේ ලිපිය ඔබට පෙර සූදානමක් වේවි.

2020 නිවාඩු දවස් ගොඩයි. ඉතින් පවුලේ කට්ටිය සමඟ හෝ යහළු මිත්‍රයින් සමඟ නිවාඩුවකට දැන් ඉඳන්ම ඔන්න කාලය වෙන්කරගන්න පුළුවන්. 

පාසැල් දවස්, රැකියාව කරන දවස් ගැන කල් තියා අපි දන්නා නමුත් නිවාඩු දවස් ගැන දැනුවත් වන්නේ ටිකක් පහුවෙලා නේද?

ජනවාරි 10 සිකුරාදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 15 බදාදා තයිපොංගල් දිනය 
පෙබරවාරි 4 අඟහරුවාදා ජාතික නිදහස් දිනය 
පෙබරවාරි 8 සෙනසුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 21 සිකුරාදා  මහශිවරාත්‍රී දිනය 
9 මාර්තු සඳුදා මැදින් පුර පසළොස්වක පෝය දිනය
7 අප්‍රේල් අඟහරුවාදා බක් පුර පසළොස්වක පෝය දිනය
අප්‍රේල් 10 සිකුරාදා  මහා සිකුරාදා
අප්‍රේල් 12 ඉරිදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 13 සඳුදා  සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි 01 සිකුරාදා  මැයි දිනය
මැයි 08 සිකුරාදා  වෙසක් දිනයට පසු දිනය
මැයි 25  සඳුදා  රාමසාන් දිනය 
ජූනි 5 සිකුරාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජුලි 4 සෙනසුරාදා ඇසල පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 1 සෙනසුරාදා  හජ්ජි දිනය
අගෝස්තු 3 සඳුදා නිකිනි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 1 අඟහරුවාදා බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් 1 බ්‍රහස්පතින්දා වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් 30 සිකුරාදා අමතර වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝම්බර් 30 සෙනසුරාදා  නබි තුමාගේ උපන්දිනය 
නොවැම්බර් 14 සෙනසුරාදා  දීපවාලී දිනය
නොවැම්බර් 29 ඉරිදා ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 සිකුරාදා  නත්තල් දිනය 
දෙසැම්බර් 29 අඟහරුවාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය

තම පවුල් තුළ රැකියාව, දරුවන්ගේ අධ්‍යාපනය ආදී අනෙකුත් සියලු දේ හා සමානව සංචාරය, විනෝද චාරිකා වල දීමද ඉතාම වැදගත්. එමෙන්ම කල් තියා තමන්ගේ නිවාඩු කාලය හෝ සංචාරක ගමන සැලසුම් කිරීම මගින් ඔබ නොසිතන වාසි රැසකුත් ලැබෙනවා.

2020 නිවාඩු දවස් වල විවේක කාලය කල් තියා සැලසුම් කරගැනීමෙන් ඇති වන වාසි 

2020 නිවාඩු දවස්

1. කල්තියා ඔබේ නිවාඩුව සැලසුම් කිරීම ඔබේ පවුලේ අයටත් කිට්ටු නෑ හිතවතුන්ටත් තීරණ ගැනීමේදී බොහෝ උදව් වනවා.    

ඔබ මනා සැලසුම්සහගත කෙනෙක් නිසා ඒ ගරුත්වය ඔබට හිමි වනවා. පවුලේ සාද හෝ වෙනත් එකතු වීම් සැලසුම් කිරීමේදී ඔබේ සැලසුම් ගැන අනෙක් අය දැනුවත් බැවින් ප්වුනට එය ලොකු පහසුවක් වනවා.

2. ඉතා අඩු මුදලකට වැඩි වටිනාකමක් ලබාගත හැකි වනවා.

2020 නිවාඩු දවස් වලට දැන් තියා සුදානම් වීම මගින් ඔබට හෝටල් මෙන්ම ගුවන් ටිකට්පත් ආදිය ඉතා අඩු මුදලකට ලබාගත හැකි වනවා. සංචාරය කරන දිනය ලං වත්ම මෙම මුදල සීග්‍රයෙන් වැඩි වන්නට ගන්නවා. 

ඔබට නිවාඩුවක් අඩු මුදලට සැලසුම් කරගන්නට අවශ්‍ය නම් පිළිගත් සංචාරක නියෝජිතයෙකු අමතා වැඩි විස්තර ලබාගන්නට පුළුවන්.

3. අවශ්‍ය කළමනා කල්තියා සුදානම් කරගැනීමේ පහසුව 

ඔබේ යන ප්‍රදේශයේ කාලගුණය, දේශගුණය ආදිය ගැන කල්තියා දැනුවත් වීමෙන් කලබලයකින් තොරව ඔබට අවශ්‍ය දෑ ලක ලැහැස්ති කරගන්නට පුළුවන්. ශිතාධික රටක් නම් ඇතැම් විට ඔබේ පවුලේ කිට්ටුවන්තයින්ගේ හිමකබා වැනි දේ තාවකාලිකව පාවිච්චි කරන්නට පුළුවන්.

4. සංචාරය කරන ප්‍රදේශයේ උපරිම වින්දනයක් ලබාගත හැකි වනවා 

නිවාඩුවට යන ප්‍රදේශය ගැන පවුලේ සැම කල්තියා දන්නා විට එහි රස රිසි තැන් ගැන හා ආශ්චර්යමත් තැන ගැන හොඳ අධ්‍යයනයක් කරන්න කාලය තිබෙනවා.

තවද ඉහි ජිවන රටා සංචාරය කරන ක්‍රම ආදිය ගැන දැනුවත් විය හැකි බැවින් හොඳ සූදානමකින් එහි යා හැකි වනවා.

මේ නිසා ඔබේ 2020 නිවාඩු දවස් ගැන හොඳින් දැනුවත් වී මනා ලෙස සමබර මෙන්ම රසබර වසරක් ගත කරන්නට මේ ලිපිය ඔබට පෙර සූදානමක් වේවි.

මුලාශ්‍රය: ඩේලි නිව්ස් පුවත්පත 

Written by

Niloufer Perera