theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්

5 අවම කියවීම
ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්

පියයුරු සැලකිලිමත්ව රැකබලා ගැනීමෙන් පියයුරු පිළිකා නිසා ඇති විය හැකි ඔබේ ජිවිත අවදානම අඩුවෙනවා.

කාන්තාවකට ලෙස ඔබේ පියයුරු ඔබේ සිරුරේ ඇති වැදගත් අංගයකි.

එය ඔබ මෙලොවට බිහි කරන දරුවා පෝෂණය කරන්නට මෙන්ම ඔබේ යුග දිවිය සාර්ථක කරමින් සරාගී බවද ඉහල නංවන්නටද හේතු වෙනවා.

මිනිස් වර්ගයාගේ පුරුෂ පක්ෂයටද වර්ධනය නොවුවද පියයුරු පිහිටා තියෙනවා.

ලස්සන පියයුරු

ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා

1.බොහෝ කාන්තාවන්ගේ වම් පියයුර  දකුණු පියයුරට වඩා තරමක් විශාලය.

ඉතා ස්වල්ප දෙනෙක්ගේ පමණක් සම්පුර්ණ සමමිතික පියයුරු තියෙනවා.

මෙම වෙනස්කම කාලයක් තිස්සේ තියෙන එකක් වෙන අතර එකවර එවන් වෙනස්කමක් මතු වුවහොත් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්

2.ගැහැනු දරුවෙකු මල්වරවීමෙන් පසු එළඹෙන පළමු අවුරුදු දෙක හා හතර තුල ඇයගේ පියයුරු  වර්ධනය වෙනවා..

3.පියයුරු පිළිකා, පෙනහළු පිළිකා වලට පසු කාන්තාවන්ට ඇති වෙන  දෙවන මාරාන්තික පිළිකාවයි.

4.පිරිමින්ටද පියයුරු පිළිකා ද ඇතිවෙන්න පුළුවන්. 2014 වර්ෂයේ දී පියයුරු පිළිකා  වැළදුන් පිරිමි රෝගීන් 2,190 ක් වාර්තා වී තියෙනවා.

5.නිසි බරක් පවත්වා ගැනීම, දුම්පානය නතර කිරීම, නිතිපතා ව්‍යායාම කිරීම, මත්පැන් පානය කිරීම සීමා කිරීම සහ ආර්තවහරණ සම්බන්ධ හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර වළක්වා ගැනීම හෝ සීමා කිරීම මගින් කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කර ගන්න පුළුවන්.

6.රාත්‍රී වැඩ මුර වල සේවයේ නිරත වීමෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක්  ඇති බවට සාක්ෂි පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් සොයා ගෙන තියෙනවා.

7.ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ, දුප්පත්, පොහොසත් වැනි සාධක නොතකා පියයුරු පිළිකා ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්.

8.මීට වසර 3,500 කට පෙර පුරාණ ඊජිප්තුවරුන් විසින් මෙම රෝගය ප්‍රථමයෙන් වාර්තා කර තියෙනවා.

පැපිරස් පිළිබඳ පුරාණ ලියවිලිවල පියයුරු පිළිකා පිළිබඳ නවීන විස්තරයන්ට අනුකූල තොරතුරු අඩංගුව ඇත.

එහිදි එක් පුරාණ ඊජිප්තු ශල්‍ය වෛද්‍යවරයෙක් පියයුරු වල ඇති “පිළිකා” ගැන විස්තර කරන අතර එයට ප්‍රතිකාරයක් නැති බවත් පවසා තියෙනවා.

9.කාන්තා ජනගහනයෙන් සියයට 98 ක් සඳහා ජාන වලින් ඇතිවෙන පියයුරු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් නැහැ.

නමුත් වයස අවුරුදු 40 සිට වාර්ෂිකව මැමෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඇමරිකානු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය විසින් නිර්දේශ කරනවා.

10.පළමු පියයුරු පිළිකා ඉවත් කිරීමේ සැත්කම කරන ලද්දේ 1800 දී පමණ ජෝන් හොප්කින්ස් රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වු අලුතින් සොයාගත් නිර්වින්දක ශූරයා වූ විලියම් එස්. හැල්ස්ටෙඩ් විසිනි.

11.පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා.

පියයුරු පිළිකා කලින් හඳුනාගත් විට, දිවි ගලවා ගැනීමට ඇති හැකියාව ඉහළ යනවා.

මේ සම්බන්ධයෙන් වැදගත් උපදෙස් කිහිපයක් ඇමරිකානු පිළිකා සංගමය විසින් ලබා දෙනවා.

ඔබේ පියයුරු රැක ගැනීමට ඔබ තිස් වැනි වියට පිවිසීමත් සමගම සෑම වසර තුනකට වරක් සායනික පියයුරු පරීක්ෂණයක් (වෛද්‍යවරයෙකු විසින් සිදු කරන) සිදු කල යුතුයි.

වයස අවුරුදු 40 සිට සෑම වසරකම ඔබ මැමෝග්‍රෑම් පරීක්ෂණයක් කරගැනීම වැදගත් වෙනවා.

පවුල් ඉතිහාසයේ පියයුරු පිළිකා රෝගින් ඇති නම් වඩාත් දැඩි පරීක්ෂාවක් කිරීම සුදුසුයි.

සායනික පරීක්ෂණ වලට අමතරව ඔබ සෑම මසකම ඔබේ පියයුරු සදහා  ස්වයං පරීක්‍ෂා කළ යුතුය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ලස්සන පියයුරු

 12.කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා ඇති බව හඳුනාගෙන තියෙනවා.

13.ප්‍රතිකාර කරන ආකාරය සකස් කිරීම සහ රෝගියාගේ තත්වය තීරණය කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් පිළිකාවක අවධිය තීරණය කරනු ලබනවා.

ඒ සදහා විකිරණශිලි අධ්‍යයනයන් ලෙස (එක්ස් කිරණ, අල්ට්‍රා සවුන්ඩ්, MRI සහ ඒ ආශ්‍රිත පරීක්ෂණ) සහ පිළිකා ඉවත් කිරීම සහ බොහෝ විට වසා ගැටිති නියැදී ගැනීම සිදු කරනු ලබනවා.

ගෙඩියක ප්‍රමාණය, එය කෙතරම් ගැඹුරට විනිවිද ගොස් ඇත්ද, එය යාබද අවයව ආක්‍රමණය කර තිබේද, වසා ගැටිති කීයක් (එය තිබේ නම්) සහ එය දුරස්ථ අවයව දක්වා ව්‍යාප්ත වී තිබේද යන්න පරීක්ෂා කරනු ලබනවා.

14. පියයුරු පිළිකා අවධි වලට වෙන් කර දැක්වීමෙන් එහි ප්‍රමාණය හා පිළිකාවක් පැතිරීමේ ප්‍රමාණය දක්වනු ලබනවා.

අදියර I දී  ඍණාත්මක වසා ගැටිති සහිත විෂ්කම්භය සෙ.මී. 2 ක් වෙන අතර අදියර II දී එය සෙ.මී. 2 සිට 5 දක්වා වූ ගෙඩියක් සහ ධනාත්මක ගැටිති දැකිය හැකි වෙනවා.

I I I අදියරේදි සෙ.මී 5 ට වඩා අඩු වන අතර එය අක්ෂීය වසා ගැටිති හෝ පපුවේ බිත්තියට පැතිරී ඇති අතර IV වන අදියර වන විට එය දුර අනෙක් අවයව කරාද පැතිර යනවා.

15.පිරිමින් ‌ගෙන් 18 න් 1 කට සහ කාන්තාවන් ‌ගෙන් 50 න් 1 කට ‌පොලිටෙලියා නම් තත්වය ඇති වෙනවා.

එය අතිරේක තනපුඩු එකක් හෝ කිහිපයක් තියෙනවා.

ඕනෑම පියයුරු පටකයක සම්මත ස්ථානයක හෝ “කිරි රේඛාව” දිගේ වෙනත් තැනක ඒවා දක්නට ලැබුණත් සාමාන්‍ය පියයුරු පටක වලට බලපාන රෝග වලට ගොදුරු වෙනවා

16.පියයුරු පිළිකා වර්ග බොහොමයක් තිබේ. ඒවා එක්නෙක වෙනස් වෙනවා.

එක් වර්ගයක පිළිකාවක් සඳහා ප්‍රතිකාර කරන සමහර ඖෂධ අනෙක් වර්ගයට ප්‍රතිඵල ලබා දීමක් කරන්නේ නැහැ.

17.Lumpectomy යනු පිළිකාවට සම්බන්ධ පියයුරු කොටසක්, පටක වලින් කොටසක් ඉවත් කිරීමයි.

18.පියයුරු පිළිකා වලින් 85% ක්ම ඇති වන්නේ එම රෝගය පිළිබද පවුල් ඉතිහාසයක් නොමැති කාන්තාවන් තුළය.

පියයුරු පිළිකා වලින් සියයට 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් BRCA හෝ PALB ජාන නිසා ඇති විය හැකි බව සොයා ගෙන තියෙනවා.

19.පියයුරු පිළිකාවෙන් දිවි ගලවා ගැනීමට ඇති අවස්ථාව ක්‍රමයෙන් දියුණු වෙමින් පවතිනවා.

ජාතික පිළිකා ආයතනයේ SEER (සමීක්ෂණ වසංගත විද්‍යාව සහ අවසාන ප්‍රතිඵල) හි සමස්ත දත්ත වලට අනුව, පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ අනුපාතය 1990 සිට සියයට 2 කින් පමණ අඩු වී තියෙනවා.

20. සිලිකොන් හෝ සේලයින් වලින් පුරවා තැන්පත් කිරීමෙන් පියයුරු විශාල කිරීම තවමත් කාන්තාවන් භාවිතා කරන වඩාත් ජනප්‍රිය ප්ලාස්ටික් සැත්කම් ක්‍රියාවලියකි.

21. ඔබේ පියයුරු පුද්ගලයා අනුව විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් යුක්ත වෙනවා. නල හැඩැි පියයුරු බොහෝ විට මව්කිරි දීමෙන් පසු ඇතිවෙනවා.

පැතලි ටයර්, වැනි එල්ලා වැටෙන පියයුරු වයසට යාමත් සමග ඇතිවෙනවා.

එයට අමතරව තරුණ කාන්තාවන් තම පියයුරු වල ‌පෙනුම ගැන ‌බොහෝ සැලකිලිමත් ‌වෙන අතර ඔවුන් එහි ‌පෙනුම ඉහළ නංවාගැනීමට බ්‍රා ‌මෙන්ම ප්ලාස්ටික් සැත්කම් භාවිතා කරනවා.

මුලාශ්‍ර: www.everydayhealth.com

පරිවර්තනය හා සංස්කරණය : නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ පියයුරු හා පියයුරු පිළිකා ගැන වැදගත් කරුණා 21 ක්
බෙදාගන්න :
  • පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

    පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

  • පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

    පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

  • පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

    පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

  • පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

    පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it