theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාටත් ඔබේ පවුලටත් ගුණ දෙන පවුලේ හිතවතා කොත්තමල්ලි ගැනයි මේ

3 අවම කියවීම
බබාටත් ඔබේ පවුලටත් ගුණ දෙන පවුලේ හිතවතා කොත්තමල්ලි ගැනයි මේබබාටත් ඔබේ පවුලටත් ගුණ දෙන පවුලේ හිතවතා කොත්තමල්ලි ගැනයි මේ

පුංචි වුනත් ප්‍රයෝජන 21 ක් ලබා ‌දෙන මුලුතැන් ‌ගෙයි හිතවතා ගැනයි ‌මේ.

කොත්තමල්ලි කියන්නේ අපේ ගෙදර නිතර ගැවසෙන වගේම ඉතා අඩු මුදලකට වෙළදපොලේ හොයාගන්න පුළුවන් දෙයක්.

අපි ආහර පිසගන්න තුනපහ සදහාද එක්වෙන කොත්තමල්ලි ගැන මේ දවස්වල නිතර කථාවෙනවා.

කොත්තමල්ලි වල ඇති ප්‍රති ඔක්සිකාරක ගතිග්‍රණ නිසා ඔබගේ සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන්න එයට පුළුවන්.

කොත්තමල්ලි වල විටමින් C හා  විටමින් B අඩංගු වන අතර කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු  වෙනවා.

ශ්‍රී ලාංකික අපි කොත්තමල්ලි ආහාරයට ගන්න ක්‍රම

බබාටත් ඔබේ පවුලටත් ගුණ දෙන පවුලේ හිතවතා කොත්තමල්ලි ගැනයි මේ

  • කුළුබඩුවක් ලෙස ආහාර පිසීමට භාවිතා කරමින්
  • පානයක් විදියට
  • ඖෂධයක් විදියට ඖෂධ සකස් කිරීමේදි

කොත්තමල්ලි වල ගුණ

බබාටත් ඔබේ පවුලටත් ගුණ දෙන පවුලේ හිතවතා කොත්තමල්ලි ගැනයි මේ

  • ආහාර ජීරණ පත් පද්ධතිය නිසි පරිදි ක්‍රියා කරවා ආහාර දිරවීමේ පහසු කරයි.
  • උෂ්ණ කාලයට කායික සිරුර සිසිල් කරයි.
  • ඊයම් ආසනික් රසදිය වැනි සිරුරට අහිතකර බැර ලෝහ වර්ග සිරුරින් ඉවත් කරයි. 
  • ආහාර රුචිය වැඩිකරයි.
  • සෙම්ප්‍රතිශ්‍යාව,උණ,ඇගපත වේදනාව, අම්ල පිත්ත රෝග,  බඩේ අජිර්ණය ,  උණ අතිසාරය,  සමේ ඇතිවන කුෂ්ඨ සදහා සුවය සලසයි.
  • පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කරවයි.
  • කාන්තාවන්ගේ මාස්ශුද්ධියේදි සිදුවෙන අධික රැධිර වාහනය පාලනය කරයි.
  • විෂ බීජ නාශකයක ගුණ සහිතයි.
  • ආතරයිට්ස් රෝගය සුව කිරිමට උපකාරි වෙයි.
  • අක්මාවේ පිත නිෂ්පාදනයට උපකාරි වෙයි.
  • සමේ ඇතිවන කුරුලැ කළැල් නැති කරයි.  
  • මානසික ආතතිය දුරුකරයි
  • සම පැහැපත් කිරිමේ හැකියාව සහිතයි.
  • බඩ පුරවා දැමිම වළක්වයි.
  •  හෘද රෝග සමනය කරයි.
  • දියවැඩියාව පාලනය කරයි.
  •  කොලෙස්ටරෝල් පාලනය කරයි.
  • මුත්‍රා ආසාදන සදහා සුදුසුයි.
  • මුඛයෙන් හමන දුගද නැති කරයි.

ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුයි.

මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාරය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි.

නිවසේ සිටින සිංහල ‌හෙළ ඔසු

බබාටත් ඔබේ පවුලටත් ගුණ දෙන පවුලේ හිතවතා කොත්තමල්ලි ගැනයි මේ

ඉස්සර ගම් වල අම්මලාගේ ගෙවල් වල ලිපේ නිතරම කොත්තමල්ලි මුට්ටියක් නටවනවාලු.

සමාජය දියුණුවත් එක්ක ගම්, නගර බවට පත් වෙද්දි කොත්තමල්ලී වැනි වටිනා ඖෂධ අපේ භාවිතයෙන් දුරස් වී ගියේ නියැතිනි.

කොත්තමල්ලි වල තිබුන ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන ගුණ නිසාමදෝ ඉස්සර ගෙවල් වල ළමයින් කිහිප දෙනෙක් හිටියත්, ඔවුන් අව්වේ, වැස්සේ හා පින්නේ දුවිල්ල එක්ක සෙල්ලම් කලත් නිතරම රෝගී වුනේ නැහැ.

දැන් අපේ ළමයි වගේ නිතරම ලෙඩ ගෙදර අරන් ආවෙත් නැහැ.

සනීපාරක්ෂාවත් එහෙමට දියුණු නොවු අතීතයේ සිටි දරුවන් පොඩ්ඩට හෑන්ඩ් වොෂ් දා අත පය සෝදා සිටින දැන් දරුවන්ට වඩා නිරෝගීව හිටියේ කොහොමද? 

එයට ප්‍රධාන හේතුව වන්නේ අපි ගන්නා ආහාර රටාවේ වු ප්‍රධාන ගනයේ වෙනස්කම්.

ඉස්සර අම්මලා දරුවන්ට නිතර හදලා බොන්න දුන්න කොත්තමල්ලි අදුරන්නේ නැති සමාජයක අපි දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන විදි හා විටමින් වර්ග ගැන හිත හිත ලතැවෙනවා.

ආච්චිලා නම් කියන්නේ සතියට දෙතුන් වතාවක් බබාට කොත්තමල්ලි හදලා පොවනවා නම් එයාලා ලෙඩ වෙනවා අඩුයි කියලා.

වෙළද පොලේ පහසුවෙන් සොයා ගත හැකි මෙය ඉතාම ලාභදායකයි.

හොදින් පිරිසිදු කල කොත්තමල්ලි පිරිසිදු වතුර දමා නටවා ගන්න. ඉන්පසු එයට සිනී ටිකක් එකතු කල විට පානයට ගත හැකියි.

අවශ්‍ය නම් ඔබට මෙයට ඉගුරු කැබැල්ලක් එක් කර රසය මෙන්ම ගුණයද ඉහළ නංවාගන්න පුළුවන්.

බබාගේ කෑම එකට කොත්තමල්ලි අඩංගු තුනපහ යහමින් එකතු කරන්න. 

මෙම ‌කොත්තමල්ලි පානය බබාට පමණක් ‌නොව වැඩිහිටියන්ටද ගුණදායක බව අමතක ‌නොකරන්න.

ඔබට ‌මේ සම්බන්ධව අදහස් දැක්වීමට අවශ්‍ය නම් ‌හෝ ගැටලුවක් ඇතිනම් පහතින් සටහනක් ‌යොදන්න.

මුලාශ්‍ර - Web MD, silumina , vidathanet,  jeevithya

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • බබාටත් ඔබේ පවුලටත් ගුණ දෙන පවුලේ හිතවතා කොත්තමල්ලි ගැනයි මේ
බෙදාගන්න :
  • මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

    මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

  • ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe

    ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe

  • මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

    මේ ආහාර 15 නිතර එකතු කර ‌ගෙන ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නංවාගන්න

  • ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe

    ප්‍රතිශක්තිය ඉහළ නංවන කහ, සුදුළුණු හා ඉඟුරු තේ recipe

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it