theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

6 අවම කියවීම
ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

කාන්තාවක් විදියට ඔබේ කාන්තා අවයවය නැතිනම් යෝනිය ගැන ඔබ කොතරම් දන්නවාද?

මේ ගැන වැරදි තොරතුරු සමාජය තුල ඇති තරම් තියෙනවා.

නමුත් අපි අද ඔබේ යෝනිය ගැන වැදගත් කාරණා 23 ක් ගැන තොරතුරු ගේනවා. මෙය ඔබට නිවැරදි මගපෙන්වීමක් වේවි යැයි අපි සිතනවා.

  1. ඔබේ යෝනිය බාහිරින් පෙනෙන කොටස පමණක් නොවේ

ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්

ඔබේ ගර්භාෂයේ සිට පහලට පිහිටි ගැබ් ගෙලෙන් පටන් ගෙන  සිරුරෙන් පිටතට විහිදෙන අඟල් 3 සිට 6 දක්වා දිගකින් මාංශමය මාර්ගය යෝනිය වෙනවා. 

යෝනියට යෝනී මාර්ගය , යෝනී තොල්, මුත්‍රා නාලය, ක්ලිටරිස් සහ යෝනි විවරය යන සියල්ල ඇතුලත්ය. 

ඔබේ යෝනිය ගැන ඔබට අදහසක් තිබීම කාන්තාවක ලෙස ඔබට වැදගත් වෙනවා.

  1. බොහෝ කාන්තාවන්ට යෝනී මාර්ගයට ශිෂ්ණය ඇතුල් කිරීමෙන් පමණක් සුරාන්තය ලබාගත නොහැකියි

කාන්තාවන්ගෙන්  18% කට වඩා වැඩි ප්‍රමාණයකට යෝනී මාර්ගයට ශිෂ්ණය ඇතුල් කිරීමෙන් පමණක් සුරාන්තය ලබා  ගත හැකි වුවද අනෙක් 80% ට සුරාන්තය ලබා ගැනීමට වැදගත් කොටස ක්ලිටරිස් වෙනවා.

සමහර කාන්තාවන්ට යෝනිය හරහා මෙන්ම ක්ලිටරස් හරහා සුරාන්තය ලබා ගත හැකි නමුත් එය දුර්ලභය.

නිරෝගි නමුත් සුරාන්තයට ලගා විය නොහැකි හෝ එසේ වීම දුරලභ කාන්තවන් බොහොමයක් සිටිනවා.

  1. යෝනිය සහිත සියලු දෙනා කාන්තාවන් නොවේ

ලිංගේන්ද්‍රිය ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ දර්ශකයක් නොවේ. එසේ  උපකල්පනය කිරීම හානිකර වෙන්න පුළුවන්.

යෝනිය සහිත පුරුෂයින් මෙන්ම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට අයත් නොවන අය සිටිනවා.

  1. දරු ප්‍රසූතියේදී යෝනිය සාමාන්‍ය වෙනවා

යෝනි දරු ප්‍රසූතියෙන් 79% කට වඩා වැඩි ප්‍රමාණයක් ඉරෙනවා. නැතිනම් කැපීමක් යොදන්න වෙනවා.

එය සාමාන්‍යයි වගේම එම කැපුමට හෝ ඉරි යෑමට මැහුමක් යෙදිය හැක. යෝනියට හොද රුධිර සැපයුමක් ඇති නිසා ඉක්මනින් සුව වෙනවා.

  1. ඔබේ යෝනිය සංවේදි ස්ථානය ඔබගේ ක්ලිටරිස්ය වේ

ඔබේ යෝනියේ සංවේදිම ස්ථානය ක්ලිටරසය වෙනවා. ඒ මගින් ඔබ උත්තේජනය හා උද්දීපනයට පත් වෙන්න පුළුවන්.

  1. ක්ලිටරිස් අයිස් කුට්ටියක මුදුනක් වැනිය

 ක්ලිටරිස් යනු ක්ලිටෝරල් හුඩ් ලෙස හැඳින්වෙන සමේ නැම්මක ඇති පුංචි ස්නායු අවසානයකි.

මෙය ස්නායු අවසානයන්ගේ පුළුල් ජාලයක් වන අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් මතුපිටට යටින් පවතී. මෙය අයිස් කුට්ටියක මුදුනක් වැනි වෙනවා.

  1. A-spot නැතිනම් ගැබ් ගෙලට ඉහලින් ඇති උත්තේජන කලාපය විනෝදය ලබා දෙනවා.

මෙය ක්ලිටරසයට වඩා දුරින් පිහිටා ඇති ගැබ් ගෙලට ඉහලින් ඇති උත්තේජන කලාපයකි.

A-spot උත්තේජනයෙන් යෝනිය තුල වැඩි ලිහිසිකරණයක් ඇතිවෙන බව සොයා ගෙන තියෙනවා.

  1. යෝනිය තුල තුනී සම් පටලය පිම්බී නොයයි

කාන්තාවන් බොහොමයකට පිහිටා ඇති යෝනී විවරය ආසන්නයේ ඒ තුල ඇති තුනී පටලය කන්‍යා පටලයයි.

සමහර කාන්තාවන්ට මෙය උපතින් පිහිටන්නේ නැහැ. මෙය කිසි විටෙක චුයින්ගම් එකක් මෙන් පිම්බෙන්නේ නැහැ.

ලිංගිකව හැසිරෙන පළමු වරම බොහෝ විට බිදි යන කන්‍යා පටලයෙන් රුධිරය ටිකක් වහනය වීම සාමන්‍යයයි.

ඊට අමතරව බයිසිකල් පැදීම හා අනාරක්ෂිත දේ යෝනි මාර්ගයට ඇතුල් කිරීම නිසා මෙම කන්‍යා පටලය කැඩී යන්න පුළුවන්.

  1. ශිෂේණයට වඩා දෙගුණයක් ස්නායු ක්ලිටරිස් හි ඇත

 ශිෂේණය තුල ස්නායු අන්ත  4,000 ක් පමණ ඇති අතර ක්ලිටරිස් එක තුල එය 8,000 වෙනවා.

  1. යෝනිය ගන්ධයකින් යුක්තයි.

ඔබේ යෝනියේ PH අගය මෙන්ම එය සෞඛ්‍ය සම්පන්නව හා සමබරව තබා ගැනීම සඳහා ඉතා විශේෂිත බැක්ටීරියා විශාල ප්‍රමාණයක් තියෙනවා. අනෙක් බැක්ටීරියා වලට  මෙන්ම මේවාට සුවඳක් තියෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉදහිට මේ යෝනී ගන්ධය සාමාන්‍ය වුවද එයට සුවඳ විලවුන් හෝ සබන් ආලේප කල යුතු නැහැ.

නමුත් අමුතු හෝ තද ගන්ධයක් හෝ වෙනස් ගන්ධයක් දැනුනොත් වෛද්‍යවරයා හමුවෙන්න.

  1. යෝනිය ස්වයං පිරිසිදු වීමක් වෙනවා

ඉහත සඳහන් කල විශේෂිත බැක්ටීරියා ඔබේ යාේනියේ pH අගය ප්‍රශස්ත මට්ටමක තබා ගනිමින් වෙනත් සතුරු බැක්ටීරියා වළක්වා ගන්නවා.

දවස අවසානයේදී ඔබේ යට ඇදුම් වල තුනී හෝ ඝන, පැහැදිලි හෝ සුදු පැහැයක් ගන්නා ස්‍රාවයක් දකින්න පුළුවන්.

මෙය ඔබගේ යෝනි මාර්ගය පිරිසිදු වීම නිසා ඇතිවන්නකි.

වෙනත් පිරිසිදු කිරීමේ ක්‍රම වලින් යෝනිය තුල ස්වාභාවික සමතුලිතතාවය බිදි බැක්ටිරියා ආසාදන ඇතිවෙන්න පුළුවන්.

  1. ලිංගික උද්දීපනයකින් තොරව යෝනිය තෙත් වෙන්න පුළුවන්

යෝනි මාර්ගය තෙත් වීමට ලිංගිකව එක්වීමට අවශ්‍ය නැහැ.

හෝමෝන ගැබ්ගෙල ශ්ලේෂ්මල දිනපතා බැහැර කිරීම, යාේනියේ දහඩිය ග්‍රන්ථි ඉහළ ප්‍රමාණයක් තිබීම සහ යාේනිය ස්පර්ශ වන විට ස්වයංක්‍රීයව ලිහිසි තෙල් නිපදවීම සිදුවෙන්න පුළුවන්. ඒ නිසාද ඔබේ යෝනි මාර්ගය තෙත් ‌වෙනවා.

  1. උද්දීපනය වු විට යෝනිය ප්‍රමාණයෙන් වැඩි වෙනවා

සාමාන්‍යයෙන් යෝනි මාර්ගය අඟල් 3 ත් 6 ත් අතර පළල වන අතර එය උද්දීපනය වු විට අඟල් 1 සිට 2.5 දක්වා පුළුල් වෙනවා.

උද්දීපනය වීමෙන් පසු, යෝනි මාර්ගයේ ඉහළ කොටස දිග හැරෙන අතර, ගැබ්ගෙල සහ ගර්භාෂය තරමක් ගැඹුරට  සිරුර තුලට තල්ලු කර ශිෂ්ණයට ඇතුල් වීමට ඉඩ සලසයි.

  1. යෝනිය වර්ණයද වෙනස් වෙනවා

ඔබ ලිංගිකව උද්දීපනය වු විට, රුධිරය ඔබේ යෝනියට ගලා එනවා. මෙමගින් ඔබේ සමේ පැහැය අඳුරු පැහැයක් ගන්නවා.

සරාගී කාලය අවසන් වූ පසු එය සාමාන්‍ය පැහැයට හැරෙනවා.

  1. බොහෝ සුරාන්තයට පත්වීම් විවිධාකාර වීම  සාමාන්‍යයි

ලිංගික උත්තේජනය වඩවන ආහාර

සුරාන්තය ලගා වීම විවිධාකාර වෙන්න පුළුවන්. සමහර ඒවා කෙටි හා මිහිරිද තවත් සමහර ඒවා බලවත් හා ගැඹුරු වෙන්න පුළුවන්.

ඔබේ සුරාන්තය ලැබීම ‌වෙනස් කිරීමට උත්සහ නොකරන්න. ලිංගිකත්වය යනු ගමනාන්තයක් නොව ගමනකි.

  1. ඔබේ යෝනිය ශක්තිමත්

ශක්තිමත් යෝනි මාංශ පේශි මගින් ලිංගිකත්වය දිගු කල් පවතින අතර වඩා හොඳ හැඟීමක් ඇති කරන්න පුළුවන්.

  1. සමහර අයට යෝනි දෙකක් තියෙනවා

uterus Delphinus නම් දුර්ලභ අසාමාන්‍යතාවයක් හේතුවෙන්, ඉතා සුළු පිරිසකට යෝනි මාර්ග දෙකක් තියෙනවා.

යෝනි මාර්ග දෙකක් ඇති කාන්තාවන්ටද ගැබ්ගෙන දරුවෙකු ප්‍රසූත කරන්න පුළුවන්. නමුත් ගබ්සා වීම  සහ නොමේරූ දරු ප්‍රසූතිය සඳහා වැඩි අවදානමක් තියෙනවා.

  1. ක්ලිටරිස් සහ ශිෂේණය බවට පත් වන්නේ එකම ස්ථානයකි 

ආරම්භයේ දී, සියලුම කලලරූපයට genital ridge යනුවෙන් හැඳින්වෙන පෙදෙසක් තියෙනවා. Genital ridge මගින් කලලයේ පිරිමි සහ ගැහැණු බව වෙන් කර හදුනාගන්න බැහැ.

පිළිසිඳ ගැනීමෙන් 9 වන සතියේදි මෙම කලල පටක ශිෂේණය හෝ ක්ලිටරිස් බවට වර්ධනය වීමට පටන් ගන්නවා..

  1. දරු උපතේදී යෝනිය සම්පුර්ණයෙන්ම ඇදෙන්නේ නැහැ. නමුත් යම් වෙනස්කම් විය හැකිය.

4

දරු ප්‍රසූතියෙන් පසු දිනවලදී, ඔබේ යෝනිය තැළී ඉදිමී ඇති බවක් දැනෙන්න පුළුවන්. දරු උපත නිසා ඔබේ යෝනි මාර්ගය සාමාන්‍යයට වඩා විවෘත වන බව දැනීම සාමාන්‍ය දෙයකි. මෙය දින කිහිපයකින් පහව යනවා.

ඉන්පසු යෝනියට වියළි බවක් දැනේවි. දරු ප්‍රසුතියෙන් පසු  යෝනිය තෙත් කිරීමට හේතුවන ඊස්ට්‍රජන් අඩු වන අතර මව්කිරි දීම එය තව දුරටත් අඩු කිරීම මෙයට හේතුවේ.

ඔබේ යෝනිය උපතෙන් පසු  මඳක් පුළුල්ව වුවද ව්‍යායාම කිරීමෙන් ඔබේ යෝනි මාංශ පේශි තානයෙන් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගත ගන්න පුළුවන්.

  1. ඔබේ යෝනිය තුලට ඇතුල් කරන කිසිවක් නැතිවන්නේ නැහැ

කාන්තා යෝනි මාර්ගයේ එහා කෙළවරේ ගැබ්ගෙල පිහිටා තියෙනවා, දරු ප්‍රසුතියේදි ගැබ් ගෙල විවෘත වුවද අනෙක් සෑම විටම එය වැසී පවතින බැවින් යෝනිය තුලට ඇතුල් කරන ටැම්පොන් වැනි සනීපාරක්ෂක උපාංග නැති වන්නේ නැහැ. දින ගණන් අමතක වීමෙන් එය නරක් වී දුගද හැමුවත් එය ගර්භාෂය තුලට ගමන් නොකරයි.

  1. ඔබේ ක්ලිටරිස් වල ප්‍රමාණය හා පිහිටීම සුරාන්තය ලැබීම කෙරෙහි බලපායි

සමහර කාන්තාවන්ගේ යෝනිය තුලට ශිෂ්ණය ඇතුල් කිරීමෙන් පමණක් සුරාන්තය ලබා ගත නොහැක්කේ ක්ලිටරිස් යෝනි විවරයට වඩා මඳක් දුරින් පිහිටීම හා සාපේක්ෂව කුඩා වීමය.

  1. ඔබ ගර්භණීව සිටින විට, ඔබේ යට ඇඳුම් වල ලිහිසි දුව්‍යයක් දකින්න පුළුවන්

ඔබේ දරුවා ආසාදන වලින් ආරක්ෂා කර ගැනීම සඳහා, ඔබේ යෝනි මාර්ගය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් සිදු කරයි. ඔබේ ගර්භණීභාවය තව තවත් වැඩි වන විට විවැඩිපුර ස්‍රාව පිටවෙනවා. එහි දුගදක් ඇතිනම් වෛද්‍යවරයා හමුවෙන්න.

  1. මස්පිඩු පෙරළීමට ඔබේ යෝනිය සතුව විසදුමක් තියෙනවා

ඩොපමයින් සහ සෙරොටොනින් වැනි හොඳ රසායනික ද්‍රව්‍ය මුදා හැරීම උත්තේජනය කිරීම සඳහා ඔබව උද්දීපනය කරන්න. මෙම රසායනික ද්‍රව්‍ය වල ස්වාභාවික වේදනා නාශක බලපෑම් මගින් ඔසප් මස්පිඩු පෙරලීමේ වේදනාව සමනය කළ හැකි අතර, සුරාන්තය ලැබීමෙන් පසු මාංශ පේශි ලිහිල් වෙනවා.

 

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඔබේ යෝනිය ගැන ඔබ දැනගත යුතු කාරණා 23 ක්
බෙදාගන්න :
  • ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්

    ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්

  • කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?

    කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?

  • ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්

    ඔබේ යෝනීයට කවදාවත් නොකල යුතු දේවල් 7 ක්

  • කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?

    කාන්තා යෝනි වර්ග 5ක් ඇති බව ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it