theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කේට් කුමරිය ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

5 අවම කියවීම
කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

කේට් කුමරියගේ කැමරා ඇසේ සටහන් වු සොදුරු නිමේෂයන්

කේම්බ්‍රිජ් ආදිපාදවරිය සිය බබාලාගේ පින්තූර ඡායාරූප ගත කරගන්න දක්ෂයි.  ඇය විසින් ගත් ජෝර්ජ් කුමාරයාගේ, චාර්ලට් කුමරිය හා ලුවී කුමරුගේ ලස්සනම ලස්සන ඡායාරූප පෙලක් අපි අද ගෙන එනවා.

කොයි අම්මාත් හැකි පමණ එකතු කරන්නේ තමන්ගේ පැටව්න්ගේ ලස්සන ඡායාරූපනේ.

ඒක රජ පවුලේ අම්මා කෙනෙක් කියලා වෙනසක් නැහැ. 

ඔයාලාගේ ෆෝන් එක බැලුවත් ඒකේ ඡායාරූප වලින් වැඩි ප්‍රමාණයක් දරු පැටව්න්ගේ කියලා මට විශ්වාසයි.

මේවා බලන කොට මෙයාලාගේ අම්මා, ඒ කියන්නේ කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය කොතරම් දක්ෂ ඡායාරූප ගන්නියක්ද කියා ඔබට හිතෙවි.

ඒම ඡායාරූප එතරම් ආදරණියයි.

කේට් කුමරිය ගත් බබාලාගේ පින්තූර එකතුව

අම්මා කෙනෙක්ගේ ආදරය ගැන කියාපාන අපූරු දසුන් පෙළක් දැන් ඔබේ ඇස් ඉදිරියේ දිග හැරීමට නියමිතයි.

කේම්බ්‍රිජ් ආදිපාදවරිය  විසින් ගත් ජෝර්ජ් කුමාරයාගේ, චාර්ලට් කුමරිය හා ලුවී කුමරුගේ ලස්සනම ලස්සන ඡායාරූප පෙලක්.

ඔබත් මේ බබාලාගේ පින්තූර එකතුව රස විදින්න.

කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

1. චාර්ලට් කුමරියගේ පස්වෙනි උපන්දිනය දා ගත් සොදුුුුරු ඡායාරුවක්.

ඇයට තියෙන්නේ හරිම ලස්සන සිනාහවක් නේද?

2. 2020 අප්‍රේල් මාසයේදී සැන්ඩ්‍රින්හැම් වතුයායේ දී ගන්නා ලද මෙම ඡායාරුවේ  චාලට් කුමරිය කොවිඩ් 19 අතරතුර ස්වේච්ඡා සේවයේ යෙදෙන අයුරු ආදිපාදවරියගේ කැමරා ඇසෙහි මෙසේ සනිටුහන් වුනි.

කුමරිය සතුව කොතරම් කාරුණික හදවතක් තියෙනවා කියලා හිතාගන්න පුළුවන් නේද?

3. කෙන්සිංටන්  ප්‍රදේශයේ හුදෙකලා වු විශ්‍රාමිකයන් සඳහා ආහාර පැකේජ ඇසුරුම් කර බෙදා හැරීමට උදව් වෙන පුංචි වාලට් කුමරිය මේ. 

ඇය හරිම කාර්යය බහුලයි වගේ.

කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

  1. කේම්බ්‍රිජ් ආදිපාදවරිය සිය බාල දරුවාගේ  උපන්දිනය නිමිත්තෙන් ගත් ඡායාරූප එකතුවෙන් ඡායාරූපයක්. ලුවී කුමරුත් හරිම දගකාරයෙක් වගේනේද?
  2. මෙම උපන්දින ඡායාරූප කොවිඩ් 19 සමයේ ඇන්මර් ශාලාවේදී ඔවුන් රැගෙන ඇතැයි විශ්වාස කෙරෙනවා.  ඒම ඡායාරූප එකතුව පුංචි ලුවී කුමරුගේ හුරතල් බව මනාව කියා පානවා.
  3. කුඩා ලුවීගේ නිර්මාණාත්මක පැත්ත සහ ඇඟිලි පින්තාරු කිරීමට ඇති ඇල්ම පෙන්නුම් කරන තවත් ඡායාරූපයක්. පුංචි කුමාරයා අත් දෙකේම  සායම්  තවර ගෙන නේද?

බබාලාගේ පින්තූර

7. ආදරණීය සිතුවම්කරු ලුවී කුමරු සිය දෙවැනි උපන් දිනය දා. අපේ මුහුණෙත් සායම් ගාන්න වගේ සුදානම නේද?

8.  කෙන්සිංටන් මාළිගාව තුලදී ජෝර්ජ් කුමරුගේ 6 වන උපන්දිනය දින කේට් ආදිපාදවර්ය ගත් ඡායාරූප එකතුවෙන් එකක්.  ජෝර්ජ් කුමාරයත් දැන් හරිම කඩවසම් පුංචි කුමාරයෙක් වෙලා.

9. ජෝර්ජ් කුමරුගේ 6 වන උපන්දිනය දා ජෝර්ජ් කුමරු පාපන්දු ජර්සියක් ඇඳ සිටින ලස්සනම ලස්සන ඡායාරූපයක්. ඔහුගේ සිනාව කවදාත් ආදරණියයි.

කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

10.  ජෝර්ජ් කුමරුගේ සොදුරු සිනාවෙන් බිදක්.  ඒ දගකාරයා සිනාවෙන ලස්සන බලන්නකෝ.

11. චාලට් කුමරියගේ 4 වන උපන්දිනය නිමිත්තෙන් කෙන්සිංටන් මාලිගය තුල දී ඇයගේ මව වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසින් ගන්නා ලද සේයා රුවක්.  කුමරිය හරිම හැඩයි නේද?

12. චාලට් කුමරිය නොර්ෆොක්හි පවුලේ නිවසක සෙල්ලම් කරමින් විනෝද වෙන මොහෙතක්. පුංචි කුමරියත් දගකාරියෙක් වගෙයි.

කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

13. මලක් නෙලා ගත් සොදුරු මලක් බදු චාලට් කුමරිය. බලන්න ඇයගේ සිනාහව හරිම ආදරණියයි නේද?

14. ලුවී කුමරුගේ පළමු උපන්දිනය දා. කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසින් නොර්ෆොක්හි පවුලේ නිවසේදී මෙම ඡායාරූපය ලබා ගන්නා ලදී. ලුවී කුමරුත් හරිම හුරතල් ආදරණීය දරුවෙක්.

15. ලුවී කුමරු උපත ලැබ පැය කිහිපයකට පසු  ඡායාරූප ගෑනීමට මුහුණ දුන්නා . නමුත්  කේට්  කුමරිය සිය අලුත උපන් බිළිඳාව කෙන්සිංටන් මාලිගයේ නිවසේදී ඡායාරූප ගත කළ මොහොතයි මේ.

 

කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

 

16. චාලට් කුමරිය සිය අලුත් සොයුරාට දුන් අපූරු හාදුව ආදිපාදවරියගේ ඇසේ සටහන් වුනේ මෙහෙමයි. අපූරු සොයුරු පෙමක් නේද?

17. චාලට් කුමරිය 2018 ජනවාරි මාසයේ විල්කොක්ස් පෙර පාසැලට පිටව යාමට මොහොතකට පෙර  ඇගේ මව මෙම පින්තූරය කෙන්සිංටන් මාලිගයේ පඩිපෙළ මත දී ගන්නා ලදී. චාලට් කුමරිය මෙතරම් ඉක්මනින් ලොකු වෙලාද?

18.  බෑග් එල්ලා නිල ඇදුම් හැද සිටින චාලට් කුමරිය පඩිපෙළ මත වාඩි කරද ඡායාරූපයක් ගැනීමට ආදිපාදවරිය අමතක කලේ නැහැ. පැසැල් ඇදුමටත් කුමරිය හරිම හුරුබුහුටියි.

කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

19. චාලට් කුමරියගේ දෙවැනි උපන්දිනය දා. කහපාට ලස්සන ස්වීටර් එකකින් හැඩ වී සිටින කුමරිය හරිම හුරතල් පාටයි නේද?

20. කේට් කුමරිය පෙර පාසැල් යන ඡායා රූප ගන්න හරිම කැමතියි වගේ නේද? මේ  ජෝර්ජ් කුමරු වෙස්ටාකර් මොන්ටිසෝරි හි පිහිටි ඔහුගේ පළමු පෙර පාසැල වෙත යන ආකාරයයිි.

21. චාලට් කුමරියගේ පළමු උපන්දිනය වෙනුවෙන් ආදිපාදවරිය ගත් තවත් සොදුරු සේයා රුවක්.  පුංචි කුමරිය මොකකට හරි බය වෙලා වගේ නේද?

කේට් කුමරිය  ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්

22. චාලට්ගේ පළමු උපන්දින දා ගත් තවත් ඡායාරූපයක්. එහි සෙල්ලම් කරත්තයක් තල්ලු කරන ඇයගේ කෙලිලොල් බව මනාව පෙන්වනවා. ඇය ඉතින් කොහොමත් දගකාරයිනේ.

23. රජ පවුලේ තවත් සතුටුදායක මොහොතක ගත් සේයා රුවක්

බබාලාගේ පින්තූර

24. 2015 දී චාලට් කුමරියගේ උපතෙන් ටික කලකට පසු මෙය ගෙන ඇත. මෙහිදි සහෝදර පෙමින් වෙලී ගිය ජෝර්ජ් කුමරු සිය නව ළදරු සොහොයුරියගෙි නළලත හාදුවක් ලබා දෙයි.

25.  කෙන්සිංටන් මාලිගයේ පඩිපෙළ මත ගත් ජෝර්ජ් කුමරුගේ මෙම නත්තල් ඡායාරූපය කෙතරම් ලස්සනද? චාලට් කුමරිය  උපත ලැබීමට මාස කිහිපයකට පෙර මෙම පින්තූරය ගෙන තිබේ.

කුමර කුමරියන්ගේ පින්තූර එකතුව ලස්සනයි නේද?

නිතරම කැමරා ඇසට ගොදුරු වෙන රාජකීයයන්ගේ රුව නම් කැමරා නෙතට අලුත් දෙයක් නොවේ.

ඔවුන්ගේ විවිධ ඉරියව් දාස් ගණනක් හසු කර ගැනීමට සිය ගණනක් කැමරා නෙත් පුල පුලා බලා ගෙන සිටිනවා.

සමහර විට ඔවුන්ට පෞද්ගලිකත්වයක් නැති තරම්.  ආදිපාදවරියක් වුවත් කේට් මිඩිල්ටන් කියන්නේ අම්මා කෙනෙක්.

ඒ අම්මා තම දරු පැටව් තුන්දෙනාගේ සේයා රූ පෞද්ගලිකව කැමරා ඇසට හසු කර ගන්නට ඇත්තේ මව් සෙනෙහස පිරුනු හදවතින්මයි.

නැතිනම් ඇයටත් සිය ගණනක් වු පළපුරුදු ඡායාරූප ගන්නන් ගත් සේයා රූ දෙස බලා සැනසෙන්න තිබුනා නේද?

ඔබත් ඔබේ සොදුරු පොඩිත්තාගේ හැම නිමේෂයක්ම කැමරා ඇසට හසු කරගන්නා බව අපිත් දන්නවා.

පළමු ඡායාරූපය, පළමු හිනාව, ඉස්සෙල්ලාම පෙරලුන හැටි, පළමුවෙන් ආහාර ගත් දවස, ඉස්සෙල්ලාම ඉදගත් දවස, පළමු පියවර සියල්ලම ඔබේ හදවතේ මෙන්ම සේයා රූ අතරත් ඇති නේද? එම හැම මොහොතක්ම බබාලාගේ පින්තූර  වගේ  නොවෙයි  අම්මා කෙනෙක්ගේ හදවතේ සදා ජීවමානයි.

මුලාශ්‍ර  හා ඡායාරූප සදහා ස්තුතිය -  www.townandcountrymag.com
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • කේට් කුමරිය ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල්
බෙදාගන්න :
  • විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

    විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

  • විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

    විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි?

  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it