theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශේව් කිරීම මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී උදව් වන උපක්‍රම 25ක්

6 අවම කියවීම
ශේව් කිරීම මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී උදව් වන උපක්‍රම 25ක්ශේව් කිරීම මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී උදව් වන උපක්‍රම 25ක්

අනවශ්‍ය රෝම නැති සුසිනිඳු සමක් ඔබටත් තියෙනවා කියලා කියන්නේ ඔබ දිනපතාම වාගේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදු කරනවා යන්නයි.

අනවශ්‍ය රෝම නැති සුසිනිඳු සමක් ඔබටත් තියෙනවා කියලා කියන්නේ ඔබ දිනපතාම වාගේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සිදු කරනවා යන්නයි.

රෝම ඉවත් කිරීම සඳහා ලාබදායී ක්‍රමය

අපේ ශරීරයේ තියන අනවශ්‍ය රෝම නිසා අපිරිසිදු පෙනුමක් ලැබෙනවා. ඒ රෝම ඉවත් කිරීමට ලාබදායීම විදිය රේසරයක් භාවිතයෙන් ඉවත් කිරීම.

රේසරයක් මිලදී ගන්න කලින්..

ඔබේ සිරුරේ රෝම ඉවත් කිරීමට රේසරයක් මිලදී ගන්නට කලින් මෙන්න මේ දේවල් 25 කලොත් රෝම ඉවත් කිරීම වඩා සුමටව කර ගන්න පුලුවන් වේවි.

1. මැරුණු සම ඉවත් කර ඇලුණු රොම උඩු අතට කෙලින් කර සකසා ගැනීම

අපේ සමේ මැරුණු සම තියෙනවා. ඒවා ඉවත් කරලා රෝම කෙලින් අතට ඔසවලා සකස් කිරීමෙන් රෝම ඉවත් කිරීම පහසු වෙනවා.

2. රේසර් කිරීම කියන වචනයේ තේරුම නැවත සිතන්න. රෝම ඉවත් කිරීමට ඇති එකම ක්‍රමය එය නොවේ.

අත්, කකුල් වල රෝම ඉවත් කිරීමේදී අපේ ඔලුවට එක වරම නැඟෙන්නේ රේසරයක් භාවිතයෙන් රෝම් ඉවත් කිරීම. So,නමුත් නූලක් භාවිතයෙන් වගේම වැක්ස් (ඉටි විශේෂයක් යොදා රෝම ඉවත් කිරීම) කිරීමත් සුමුදු ලෙස රෝම ඉවත් කරන්න පුලුවන්.

රෝම ඉවත් කිරීම

3. රේසරය තුන් වරක් භාවිතා කල පසු මාරු කරන්න.

අපි පුරුදු වෙලා ඉන්නේ රේසරයක තල ටික මලකඩ කනකල්,so, එහෙමත් නැත්නම් කැපෙන්නේ නැති වෙනකල් මාස ගණනනක්ම එකම රේසරය පාවිච්චි කරන්න නේ. එත් භාවිත කිරීම් තුනකට පස්සේ නිසි පරිදි බැහැර කරලා අලුත් එකකට මාරු වෙන්න.

4. ශේවින් ක්‍රීම් එකක් වෙනුවට කන්ඩිෂනර් එකක් භාවිතා කිරීන රෝම ඉවත් කිරීම් සඳහා පහසුවක්.

කන්ඩිෂනර් එකක් භාවිතා කලාම රේසරය සුමටව හසුරවන්න පුලුවන්. රේසරය සුමටව හැසිරීමෙන් රෝම ඉවත් කරන එක පහසු වෙනවා.

5. පහල අතට රෝම ඉවත් කිරීම සිදු කරන්න.

සාමාන්‍යයෙන් අපි රෝම ඉවත් කරන්නේ ස්නානය කරන ගමන් නේ. අහු උන විදියට උඩ අතට ඔහේ රෝම ඉවත් කරනවා ගොඩාක් දෙනෙක්. so,ඒත් සංවේදී සමක් තියන කෙනෙක් නම් මේ විදියට රෝම ඉවත් කලාම රතු වෙන්න පුලුවන්. බිබිලි දාන්න පුලුවන්. so , ඒ නිසා පහල අතට රෝම ඉවත් කරන්න අමතක කරන්න එපා.

6. තියුණු මුවහතක් ඇති තල ඇති රේසරයක් ගන්න.

මොට්ට වෙච්ච තලයකට වඩා හොඳ තියුණු තලය ඇති රේසරයකින් රෝම ඉවත් කරන එක සුමුදු ලෙස කරන්න පුලුවන් වෙනවා.

රෝම ඉවත් කිරීම

7. සාම්ප්‍රදායික ක්‍රම වලට අභියෝග කරන්න. වියළි සම මත රේසරය ගෙන යාමෙන් වුවත් වඩාත් හොඳ ලෙස රෝම ඉවත් කරන්නට හැකි වේවි. ඔබේ සම ඊට ප්‍රතිචාර දක්වන විදිය බලන්න.

අපි අහලා තියෙන්නේ වියළි මත රේසරය භාවිතා කරලා රෝම ඉවත් කරන්න එපා කියලා නේද? so, නමුත් කෙනෙක්ට කන්ඩිෂනර් හෝ ශේවින් ක්‍රීම් එකක් භාවිතා කරලා රෝම ඉවත් කරනවාට වඩා වියළි සම ඇති විට කිරීමෙන් වඩාත් සුමුදු ලෙස රෝම ඉවත් කිරීම කල හැකි වේවි. ඔබට ගැලපෙන විදිය ඔබත් උත්සහ කරලා බලන්න.

8. කිසිම් වෙලාවක රේසරය සමේ දෙපැත්තට කරලා රෝම ඉවත් කරන්න එපා.

ඔබට පුරුදු ක්‍රමය වන්නේ උඩු අතට හෝ පහල අතට රෝම ඉවත් කිරීම වුවත් කිසි විට දෙපැත්තට එය කරන්න එපා. එයින් සමේ වේදනාකරී කැපුම් ඇති වේවි.

9. සම මත තුවල, බාගෙට සුව සූ තුවාල,සීරීම් තියනවාද බලන්න.

රෝම ඉවත් කිරීමට පෙර එය අනිවාර්‍යයෙන්ම බලන්න. So, මොකද රේසරයේ තල වලට නැවතත් තුවාලය පෑරෙන්නට පුලුවන්.

10. දණහිස නවා කකුල් වල රෝම ඉවත් කිරීම සිදු කරන්න.

කකුල් දිග හැර එය කරනවාට වඩා දණහිස නැවීමෙන් හොඳින් ඔබට පේනවා. so,එවිට රෝම ඉවත් කිරීම සුමුදු ලෙස කරන්න පුලුවන්.

11. රේසරය භාවිතානොකරන විට රේසරයේ ප්ලාස්ටික් කවරයෙන් තලය ආවරණය කර තියන්න.

රේසරයේ තලය ආවරණය වන ලෙස පාල්ස්ටික් ආවරණයක් එන්නේ තලයට දූවිල්ල වගේ පිටින් එකතු වෙන දේවල් වලින් ආරක්ෂා කර ගන්න.

12. පිරිමි අයට භාවිතයට ගන්න දීලා තියන ‍රෝම ඉවත් කිරීම සඳහා තියන නිශ්පාදනයන් භාවිතයට බව වන්න එපා.

සාමන්‍යයෙන් පිරිමි අයට තියන නිශ්පාදනයන්, රේසර් ගැහැනු අයට තියන ඒවාට වඩා සුමුදු විදියට රෝම ඉවත් කරන්න පුලුවන්. so,ඒවා භාවිතයට බිය වන්න එපා.

13. රෝම ඉවත් කිරීමට තනි තලය නැතිව තල වැඩි ප්‍රමාණයක් ඇති රේසරයක් ගන්න.

තනි තලය ඇති රේසර් පරණ තාලයේ ඒවායි. so, ඒවාට වඩා තල 3, 5 වගේ වැඩි තල ප්‍රමාණයක් ඇති ඒවායින් හොඳින් රෝම ඉවත් කරන්න හැක.

14. ආරක්ෂිත රේසරයක් භාවිතා කරන්න.

මිලෙන් ටිකක් වැඩි උනත් ආරක්ෂිත රේසරයක් භාවිතා කිරීමෙන් රෝම ඉවත් කිරීම සුමටව පමණක් නොවේ රතු වීම්, so, රෑශ් වගේ දේවල් නැතුවම කරගන්න පුලුවන්.

15. දිනපතාම හෝ නිතරම රෝම ඉවත් කරන්න.

රෝම ඉවත් කරනවා නම් එය දිනපතා හෝ නිතරම කරන තරමට හොඳ ප්‍රතිපල ලබා ගන්න පුලුවන්.

ශේව් කිරීම මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී උදව් වන උපක්‍රම 25ක්

16. කලු ලප,රෝම මූලයන් වලට ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ප්‍රතිකාර කරන්න

රෝම ඉවත් කරද්දි සමේ කලු තිත් වගේ ඒවා සාමාන්‍යයි. ගණකමින් වැඩි රෝම තිබුන තැන් වල තමයි එහෙම තියෙන්නේ. ඒ වගේ වෙලාවක පිපිඤ්ඤා පෙත්තක්, අර්තාපල් පෙත්තක් හෝ or, ලෙමන් පලුවක් ඇතිල්ලීමෙන් හොඳ ප්‍රතිපල ගන්න පුලුවන්.

‍රෝම ඉවත් කිරීම කරන විට නිතරම එහෙම වෙනවා නම් රේසරය භාවිතා කිරීම නවතලා වැක්ස් කරන්න පුලුවන්.

17. ඔබ රෝම සමේ රෝම ඉවත් කල පසු සමට ප්‍රතිකර්මයක් කරන්න.

සාමාන්‍යයෙන් රෝම ඉවත් කල පසු සම ටිකක් කසනසුළු වෙන්න පුලුවන්. so, ඒ නිසා රෝම ඉවත් කල පසු බේබි තෙල්, ඔලිව් තෙල්, කෝමාරිකා ජෙල් හෝ පැණි වගේ දෙයක් ආලේප කරලා සෝදා හරින්න.

18. රෝම ඉවත් කිරීම සඳහා ගෙදරදීම රෝම ඉවත් කිරීමෙ ක්‍රීම් එකක් හදා ගන්න.

ඔබ නිවසේදී සීනි වලින් බොඩි ස්ක්‍රබ් එකක් හදා ගන්නවා වගේම ලේසි දෙයක් මේක. පොල් තෙල්, ජොජෝබා තෙල්, ශියා බටර්, වගේ දේවල් එක්ක සුවඳකාරක තෙල් වර්ගයක් මුසු කරලා හදා ගන්න පුලුවන්.

19. රෝම ඉවත් කිරීමට රේසර් හෝ ඔබ භාවිතා කරන උපකරණ තැන් කීපයකම තබා ගන්න.

නාන කාමරයේ විතරක් නෙමෙයි, කාර්‍යාල බෑගයේ, වාහනයේ, පසුම්බියේ වගේ තැන් කීපයකම තබා ගත්තොත් ඔබට අමතකවීම් ගැන බය වෙන්න දෙයක් නෑ.

20. අත් යට විතරක් රෝම ඉවත් කරලා නවතින්න එපා

ගොඩක් අය අත් යට රෝම ඉවත් කරනවා. නමුත් අපි සැලකිල්ලක් නොදක්වන පොඩි පොඩි තැන් වලත් රෝම තිබුනාම කැතට පේනවා. වෙන කෙනෙක්ට අප්‍රසන්න වෙන්න පුලුවන් දකිනවිට.so,  ඒ නිසා හොඳින් බලලා අමතක වෙන පුංචි පුංචි තැන් වලත් රෝම ඉවත් කරන්නට වෙලාවක් වෙන් කර ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

රෝම ඉවත් කිරීම

21. සම ඇදලා රේසරය භාවිතා කරන්න.

රේසරය භාවිතයෙන් රෝම ඉවත් කරද්දි පොඩ්ඩක් අතින් සම ඇදලා ඒක කලාම සමට අපහසු නෑ. ලේසියෙන් රෝම ඉවත් කරන්න පුලුවන්.

22. සියුම් ලෙස රෝම ඉවත් කරන්න.

විශේෂයෙන් දණහිස වගේ ආසන්නයේ ටිකක් රළු වගේම අපහසුයි රෝම ඉවත් කරන්න.so,ඒ නිසා පරිස්සමින් කල යුතු වෙනවා.

23. රේසරයක් මිලට ගැනීමේදී මොයිෂ්චරයිසර් පටි ඇති රේසර් ගන්න.

ඔබ සමහර විට දැකලා ඇති රේසරයේ තලයට ඉහලින් පටියක් වගේ යමක් තියෙනවා. ඒක මොයිෂ්චරයිසර් පටියක්. ඒකෙන් සමට හානි වීම වළකිනවා.

24. රෝම ඉවත් කිරීම සඳහා සබන් භාවිතය ඒ තරම් සුදුසු නෑ.

ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ සබන් උනාට ඒක නිසාසම ඉතා වේගයෙන් වියළෙන්න ගන්නවා. රෝම ඉවත් කිරීමට විශේෂයෙන් සකසන ලද සබන් වර්ගයක් හැරුණාම සාමාන්‍ය සබන භාවිතය දිනපතා රෝම ඉවත් කිරීමට හොඳ නෑ.

25. දිනපතා රෝම ඉවත් කිරීම අපහසුයි නම් සැමදාටම රෝම ඉවත් කර ගැනීමක් කර ගන්න පුලුවන්.

රෝම ඉවත් කිරීම

ලේසර් ක්‍රමයට රෝම ඉවත් කිරීමෙන් රෝම වලට සදහටම අත වනලා සමු දෙන්න පුලුවන්. මේ ක්‍රමය නම් මිල අධිකයි. රේසර් වලින් රෝම ඉවත් කරද්දි වගේ කැපීන්, සීරීම්, දැවිල්ල ගැනිලි, රෑශ්, බිබිළි, කලු වීම් වෙන්නේ නෑ. මේකට කාලය වගේම මුදල් වැඩියෙන් වැය වෙනවා. so,නමුත් සේද වන් සමක් ලබා ගන්න පුලුවන්.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

මූලාශ්‍ර :- www.lifehack.org/articles/lifestyle/beauty-hacks-25-smooth-shaving-tips-every-woman-should-know.html

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • විලාසිතා හා රූපලාවන්‍ය
  • /
  • ශේව් කිරීම මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී උදව් වන උපක්‍රම 25ක්
බෙදාගන්න :
  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it