ඔබේ සහකරුට ගෞරවය දැක්විය හැකි ක්‍රම 25 ක්

ඔබේ සහකරුට ගෞරවය දැක්විය හැකි ක්‍රම 25 ක්

ඔබේ විවාහය ශක්තිමත් කරගන්නට පහසුවෙන්ම ප්‍රගුණ කළ හැකි මූලික ගුණාංගයක් වන්නේ එකිනෙකාට ගෞරවය කිරීමයි. මේ ඔබට මූලිකවම පහසුවෙන් කළ හැකි දේවල් 25ක්

ඔනෑම විවාහයක සාර්ථකත්වය සහ ශක්තිමත් බව තහවුරු කිරීමට දෙපාර්ෂවයන් විසින් තහවුරු කළ හැකි විශේෂ ගුණාංගයක් වන්නේ තමාගේ සහකරුට ගෞරවය දැක්වීමයි.

ලිංගික ඉරියව් පින්තූර

ශක්තිමත් සබඳතාවක් ඇති කර ගැනීමට නම්, සහකරුවන් දෙන්නාට දෙන්නා එකිනෙකාට දක්වන ගෞරවය ඉහළ මට්ටමක තිබිය යුතුයි.

මෙම අශයෙන් නොදියුණු යුවළයන්ට ඔවුන් එකිනෙකා කෙරෙහි ගෞරවය නොමැතිකම ඔවුන්ගේ හවුල්කාරිත්වය සහ යහ පැවැත්ම බොහෝ විට පහළ මට්ටමකට ඇද දමා තිබිය හැක.

අගෞරවනීය පුරුදු රටා නැවැත්වීමට සහ වඩා වගකීමෙන් සබඳතා ශක්තිමත් කිරීමට කෙනෙකුට ගත හැකි සරල පියවර කිහිපයක් තිබෙනවා.

සහකරුට ගෞරවය

පහත දැක්වෙන පියවර, කියන තරම් පහසු නොවුනත්, එය ඔබේ සබඳතාවයේ ගෞරවනීය බව  ඉහළ නංවන අතර එමඟින් එකිනෙකාගේ බැඳීමද වර්ධනය වී සමෘද්ධිමත් වනවා.

ඔබේ සහකරුට ගෞරවය දැක්විය හැකි ක්‍රම 25 ක්

  1. ඔබේ සහකරුගේ අවශ්‍යතා, ආශාවන් සහ ගැටළු වලට සාවදානයෙන් සවන් දෙන්න.
  2. සහකරු ගැන ඔබ ගවේශණය කර සොයාගන්නා දේට ප්‍රතික්‍රියා කිරීමෙන් ඔබේ සහකරුගේ අවශ්‍යතා, ආශාවන් සහ ගැටළු සහගත කාරණා ඔබ දකින බවත් ඒවාට සංවේදී බවත් පෙන්වන්න.
  3. ඔබේ සහකරු කෙලින්ම ඉල්ලීම් ප්‍රකාශ කරන අවස්ථා වල, ඔහු හෝ ඇය ඉල්ලන දේට ප්‍රතිචාර දක්වමින් එම ඉල්ලීම් කාලෝචිත ආකාරයකින් ක්‍රියාත්මක කරන්න. කල් දැමීමට ඉඩ නොදෙන්න; ඔහු හෝ ඇය වෙනුවෙන් නොපමාව පෙනී සිටින්න.
  4. ඔබේ සහකරු කරන දේ ගැන පමණක් නොව, ඔබේ සහකරු කවුරුන්ද යන්න පිළිගන්න. ඔහුව/ඇයව අගය කරන, කෘතඟපූර්වක වචන කථා කරන්න.
  5. සම්බන්ධතාවය පණ ගැන්වීම සඳහා හාස්‍යය භාවිතා කරන විට, සෙල්ලක්කාර ලෙස විහිළු කිරීමට පමණක් සීමා වන්න. විහිළු තුළින් තියුණු හැසිරීම් හෝ වචන හරහා සිත් තුවාල නොකිරීමට වගබලා ගන්න.
  6. ඔබේ සහකරුගේ ශක්තීන් සහ කුසලතා කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පමණක් අන් අය සමඟ සැසඳීම් කරන්න.
  7. රහසිගත තොරතුරු දැනගැනීමේ වරප්‍රසාදය ඔබට පමණක් තිබිය හැකක් නිසා රහස්‍ය තොරතුරු හමුවේ කිසි විටෙකත් රහස්‍යභාවය උල්ලංගනය නොකරන්න.
  8. ගැටුම් අතරතුර ඇතිවිය හැකි වෙනස් මතභේද  විසඳීමේදී ඉවසීමෙන් සහ හික්මීමෙන් කටයුතු කරන්නට ප්‍රවේශම් වන්න.
  9. පැමිණිල්ලක් ගෙන එන විට, ඔහු හෝ ඇය පමණට වඩා විවේචනයට ලක් නොකිරීමට වගබලා ගන්න.
  10. ඔබේ සංනිවේදනය තුළට කැපිල්ල, උපහාසය ආදිය එක් කිරීමෙන් වළකින්න.

  11. ඔබේ පැමිණිලි අන් අය සමඟ බෙදා ගන්නවාට වඩා ඔබේ සහකරු සමඟ කෙලින්ම කතා කරන්න.
  12. ඇස් පෙරළීම ඇතුළු වෙනත් අවඥාසහගත ශාරිරික ඉරියව් වලින් වළකින්න.
  13. ඔබේ සංනිවේදනයෙන් නොඉවසිලිමත් බව සහ වහා කිපෙනසුළු බව ඉවත් කර මෘදු හඬින් කතා කරන්න.
  14. ඔබේ සහකරු නුසුදුසු තේරීම් කරන විට, “අපි හැමෝම අටින් වැරදි වෙනවා. එපි ඒවායෙන් පාඩම් ඉගෙන ගනිමු.” වැනි දෙයක් කියා සිත සනසන්න.
  15. “ඔයාගෙ මොළේ හොඳ අදහස් වලින් පිරීලා” වැනි දිරිගන්වන වචන වලින් ඔබේ සහකරු ඉහළින් අගය කරන්න.
  16. ඔබේ සහකරුගේ ශෛලිය සඳහාද ඉඩක් සකසන්න. දේවල් ඉටු කර ගැනීමට බොහෝ ක්‍රම තිබෙනවා.
  17. බොහෝ මත දැරීමට ඉඩකඩ ඇති බව ඔබේ සහකරුට සහතික වන්න.
  18. ඔබට හැකි සෑම විටම ඔබේ සහකරුගේ තේරීම් වලට සහාය වන්න.
  19. පවුලේ වියදම් සඳහා ඔබේ සහකරු කරන කුමන මට්ටමේ මූල්‍ය දායකත්වයක් වුවත් එය සතුටින් පිළිගන්න.
  20. ද්‍රව්‍යමය නොවන, චිත්තවේගීය මට්ටමින් පවා ඔබේ සහකරු ඔබට සහ ඔබේ පවුලට කොපමණ දායකත්වයක් ලබා දෙනවාදැයි ඔහුව/ඇයව අගය කරන්න.
  21. ඔබ අතින් නුසුදුසු දෙයක් සිදුවූ විට, හැකි ඉක්මනින් සමාව ඉල්ලන්න.

  22. ඔබ ඔබේ සහකරුට හානිකර විය හැකි ආකාර පිළිබඳව වගකීම ගන්න. ඔබගේ බිඳවැටීම් වලින් දිගටම ඉගෙන ගන්න. එවිට ඔබ ඔබේ සබඳතාවට දිගින් දිගටම හානි කිරීමෙන් වැළකිය හැකියි.
  23. ඔබේ සහකරු නුසුදුසු තේරීම් කරන විට සමාව දීමට ඉක්මන් වන්න.
  24. ඔබ ඇය හෝ ඔහු ගැන ආඩම්බර වන බව ඔබේ සහකරුට කියන්න.
  25. ඔබේ සහකරුට ඔබේ ගෞරවය අන් අය ඉදිරියේ ප්‍රකාශ කරන්න.

ඔබේ සම-නිර්මාණය වලදී පවත්වාගෙන යන හවුල්කාරිත්වය ගැන ඔබ සතුටට පත්වන බවත්, ඔබේ ගෞරවය ලැබීමට සුදුසු හවුල්කරුවෙකු ලැබීම ගැන ඔබ සතුටු වන බවත් ඔබේ සහකරුට පැවසීමට වග බලා ගන්න.

සහකරුට ගෞරවය

මෙම අදහස් මූලික ක්‍රමවේද කට්ටලයක් පමණයි.

ඔබට නිසැකවම ඔබේ විවාහය සාර්ථක කිරීමට දායක වී ඇති ක්‍රම වන ඔබේම අදහස්ද මෙයට එකතු කරගන්නට පුළුවන්.

ඔබ මෙම සරල මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නම්, ඔබ ඉක්මනින් වඩාත් ධනවත් හවුල්කාරිත්වයක් අපේක්ෂා කරන්නට පුළුවන්.

මේවා උත්සාහ කර වෙනව ඔබේම අත්දැකීම් වලින් සොයා ගන්න.

විවාහයට ගරු කිරීම යනු විවාහයේ ශක්තිමත් බව  සහ ඔරොත්තු දීමේ හැකියාව තීරණය කරන වැදගත් නිර්ණායකයක්.

ගෞරවය යන සංකල්පය විවාහ සබඳතාව පිළිබඳ විද්‍යාත්මක හා අධ්‍යාත්මික සංකල්ප දෙකටම සීමා වනවා.

ගෞරවය එතරම්ම විවේචනාත්මකව වැදගත් වන හෙයින්, විවාහය තුළ ගෞරවය ක්‍රියාත්මක වන ආකාරය, යුවළයන් තුළ ගෞරවය . පවත්වා ගැනීමට හා පුනර්ජීවනය කිරීමට අවශ්‍ය තීරණාත්මක සාධක සහ ගෞරවය භුක්ති විඳීමේ ප්‍රතිලාභ පිළිබඳව මෙම ක්‍රමවේද උත්සාහ කිරීමෙන් ඔබට සෘ ජුවම අත්දකින්නට පුළුවන් වනවා.

ඉතින් ඔබේ පවුල තුළ ඔබ දෙදෙනා විසින් එකිනෙකාට ගෞරවය කිරීමේ කර්තවය උත්සහ කරන්නට අපි ආදරයෙන් ආරාධනා කරනවා.

 

මූලාශ්‍ර: psychologytoday.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

Written by

Niloufer Perera