theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

5 අවම කියවීම
ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

ආච්චිලාට සීයලාට දරුවන් හරිම ආදරෙයි. ඒ ඇයි කියලා දන්නවාද?

ආච්චි සීයා කියන්නේ දරුවන් අම්මාටයි තාත්තාටයි පස්සේ ලගින්ම ඇසුරු කරන දෙදෙනෙක්. ඒ වගේම ආදරය කරන දෙපලක්.

සමහර විට දරුවන් අම්මා තාත්තා එක්ක ගත කරන කාලයට වඩා වැඩි කාලයක් එයාලා එක්ක ගත කරනවා. ඒ ඇයි දන්නවාද ?

අම්මලා තාත්තලා කාර්යබහුල වෙද්දි නැතිවෙන වටිනා දෙයක් ආච්චියි සීයයි ලග තියෙනවා. ඒ තමයි කාලය.

ඉතින් පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න, දග කරන්න විතරක් නෙමෙයි ගොඩාක් දේවල් කරන්න මේ වයසක යාළුවන් දෙදෙනා උදව් කරනවා.

වයසට යද්දි කොයි කවුරුත් ආයම ළමයි වගේ වෙනවා කියන නිසා ඒ දෙගොල්ලන් සමීපව සිටිනවා වෙන්න පුළුවන්. 

ඒ වුනාට ඒ බැදීම නම් හරිම ආදරණියයි.

ආච්චි සීයා එක්ක පොඩ්ඩෝ ඉන්න කැමති ඇයි?

ආච්චි සීයා

මෙන්න හේතු 25 ක්

1.ආච්චිලා සීයලා ළමයින් මෙන් පිටතට යන්න කැමතියි. ඒ හින්දා පික්නික් යන්න.

එළියේ ටිකක් ඇවිදින්න පුංචි අයත් මේ අයට එකතු වෙන්නේ හරිම සතුටින්

2.එයාලා ලග කතන්දර ලොකු එකතුවක් තියෙනවා.

එකෝමත් එක කාලෙක කතා වගේම ඇත්ත කතා දැනගන්න පොඩි අය ආච්චිලා සීයලා ලගට වෙලා ඉන්නවා.

3.එයලා පුංචි පුංචි පැල වවනවා. දරුවන්වත් ඒ වැඩ වලට එකතු කරගන්න මේ වයසක උදවිය කැමතියි.

දරුවන් වුවත් පස් හා වතුර එක්ක එළියේ දගලන්න ගොඩාක් කැමතියි.

4.ආච්චි සීයා රසවත් පොත් තෝරලා දෙන්න දක්ෂයි.

ඒ හින්දා ඔවුන් එක්ක පුස්තකාලයට හෝ පොත් සාප්පුවට යාමෙන් පොඩිත්තෝ සතුටු වෙනවා.

5.ඔවුන් විහිලු කරන්න ඒවාට හිනාවෙන්න හරිම කැමතියි. දරුවන්නේ විහිලු වලට ඔවුන් හඩ නගා සිනාසෙනවා.

දරුවන්ටත් අවැසි එයයි. තමාට හොදින් ප්‍රතිචාර දක්වන්නන්ට ඔවුන් කැමති වෙනවා

6.ඔවුන් මුණුබුරන්ව හෝ මිනිපිරියන්ව උදේ පාන්දර අවදි කරවන්නේ නැහැ.

ඒ හින්දා පොඩ්ඩෝ දන්නවා ආච්චියි සීයයි ගාව ඉන්න කොට ටිකක් වැඩිපුර නිදාගන්න පුළුවන් කියලා.

7.දරුවන් ඉගෙන ගත්ත අලුත් කවියක් හෝ නැටුමක් බලලා අත්පොලසන් ගසන්න වේලාව තියෙන්නෙත් ආච්චිටයි සීයටයි තමයි.

8.ගොඩාක් වේලාවට ආච්චිලා සීයලා කම්මැලි කම මකා ගන්න සුරතල් සතෙක් හදනවා. පොඩි අය ඒ සුරතල් සතුන් බලන්න ආසයි.

9. ඔවුන් නිතර විනෝද චාරිකා යනවා. හැකියාවක් තියෙනවා නම් මුණුපුරු මිණිපිරින් ඔවුන් හා ඒවාට එකතු වෙන්න කැමතියි.

10.තමන්ගේ අම්මලා තාත්තලා එයාලගේ පුංචි කාලේ දග වැඩ ගැන නොකියන කතා පොඩ්ඩන්ට අහගන්න පුළුවන් ආච්චිගෙනුයි සීයාගෙනුයි තමයි.

ආච්චිලා සීයලා

11.එයාලත් එක්ක එකතු වෙලා රසවත් කෑමක් හදන එකත් එයාලාට විනෝදජනකයි.

ගොඩාක් වේලාවට ආච්චියි සීයයි මේ රස කෑම හදන්නේ පොඩ්ඩන්වත් එකතු කරගෙනයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

12.එයාලා ළමා නැලවිලි ගීත ගොඩාක් දන්නවා. පොඩ්ඩෝ ඒවා අහමින් නටන්න වගේම නිදාගන්නත් ගොඩාක් දක්ෂයි.

13.පොඩි අයට කියන්න තියෙන දාහක් දේවල් ඉවසීමෙන් අහන්න වේලාව තියෙන්නේ ආච්චිටයි සීයටයි තමයි.

දරුවන් කියන්න ගොඩාක් දේවල් කිබුනට අම්මාටයි තාත්තාටයි ඒවා අහන්න වේලාව නැහැ. ඉතානි දරුවන් නිතර ආව්වි සීයා  හොයා ගෙන යනවා.

14.ඔවුන්ගේ කාලයට වාඩා මුණුපුරන්ගේ කාලය වෙනස්.

ඒ නිසා ඔවුන්ට කියන්න අතීතයක් තියෙනවා වගේම දරුවන්ට අහන් ඉන්න රසවත් දේවල් තියෙනවා.

15.ඔවුන් දරුවන්ගේ චිත්‍ර අගේ කරමින් ප්‍රවේශම් කරනවා. තම නිර්මාණයන්ට ලැබෙන මෙවන් සැලකිලි දරුවන්ව තව තවත් එහිම නිරත වන්නට පොළඹවනු ලබනවා.

16.දරුවන් විනෝද චාරිකා යන විට ඔවුන්ට අවශ්‍ය දේවල් විනෝද ජනක දේවල් රැසක් සහිතව සුදානම් කර දීමට ඉදීරිපත් වන්නේ ඔවුන්ය.

17.නිවසේදි දරුවන්ට සිය වැඩ කටයුතු කරගැනීමට අනගි සහයක් දෙන්න ඔවුන් සුදානම්.

පෙරලා උදව්වක් නොබලා ඔවුන් එය කරනවා.

18.දරුවන් කියන දේවල් පිළිගනිමින් දරුවන්ගේ ලෝකයට යන ඔවුන් දරුවන් මෙන්ම සිතමින් ඔවුන් හා සිනාසෙමින් විනෝද වෙනවා.

19.පාසැලේදි උගන්වන්නේ නැති ජිවිතයේ පාඩම් බොහොමයක් දරුව්න ඉගෙන ගන්නේ ඔවුන්ගෙනි.

ඇදුමක පුංචි මැහුමක් යොදන්න, කැඩුනු කුඩා උපකරණයක් හදන්න වැනි දේවල් දරුවන් ඔවුන් ගෙන් ඉගෙන ගන්නවා.

20.දරුවන් රෝගි වු විට ලගින් හිද තනි රකින්නත් ආච්චි සීයා දක්ෂයි.  ඒ රැකවරණය දරුවන්ට ලබා ‌දෙන්නේ සුවපහසු බවකි.

ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්

21.ඔවුන් තම මුණුපුරු මිණිපිරියන් ආස කරන පොත් ඔවුන්ට ඇසෙන්න යලි යලිත් කියවන්න කම්මැලි නැහැ.

ඔවුන් එවන් රසවත් කතන්දර පොත් නිතර සොයා ගෙන එනු ලබනවා.

22.දුර බැහැරක ජිවත් වුනත් ඔවුන් මුණුබුරු මිණිබිරියන්ගේ හදවත් වල ජිවත් වෙනවා.

ලං‌වෙන්න, ස්පර්ශ කරන්න බැරි වුනත් ඔවුන් නිතර ඔවුන්ට තමන්ගේ හැගීම් මුණුපුරු මිණිපිරියන්ට  දැනෙන්න ඉඩදෙනවා

23.ආච්චිලා සීයලා දරුවන් නවීන තාක්ෂණය හා මුහුවීම වළක්වන්නේ නැහැ.

එහි දරුවන්ට අනතුරක් නොමැති නම් එය භාවිතා කිරීමට ඔවුන්ට ඉඩදෙයි.

24.ඔවුන්ට තම මුනුබුරු මීනිපිරියන් ලගින්ම ඉන්න අවශ්‍ය වෙනවා.

ඒ නිසාම දුරබැහැරක හිටියත් අන්තර්ජාලය ඔස්සේ හෝ දරුවන් හා නිතර සම්බන්ධ වෙනවා

25.ඔවුන් දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරනවා. එය තරම් තවත් වටින දෙයක් තියෙනවාද?

ඉතින් අපි ගත්ත මුලාශ්‍ර ලිපියේ මේ ගැන කියන කාරණා මෙච්චර වුනාට ශ්‍රී ලාංකික අපේ දරුවන් හා ආච්චිලා සීයලා අතර තියෙන බැදීම මීටත් වඩාත් ගැඹුරට විහිදෙනවා.

අපේ රටේ බොහෝ විට දෙමව්පියන් දෙදෙනාම රැකියාවේ නියුතු විට මුණුපුරු මිණිපිරියන් ලොකු මහත් කරන්නේ ආච්චිලා සීයලා විසින්.

දරුවන්ට කැවීමේ පෙවීමේ සිට ඔවුන් පාසැල් රැගෙන යාම දක්වා මහත් කාර්යයක් කරන්නේද ඔවුන් විසිනි.

තවද දරුවන්ට අවැසි විට සෙල්ලම් සගයන් වෙමින් දරුවන් හා සෙල්ලම් කිරීමටද ඔවුන් කාලය යොදවනවා.

දරුවන්ගේ නොනවතින කතා වලට නිමා තිත නොතබා ආදරයෙන් සවන් දෙන්නේද ඔවුන් විසිනි.

මුණුපුරු මිණිපිරියන්  සිය දෙමව්පියන් ගෙන් දඩුවම් විදින විට ආච්චිලා සීයලා හිත රිදවා ගනියි.

ආච්චි සීයා හා මුණුපුරු මිණිපිරියන් අතර ඇති ආදරණීය සබදතාවය 

ආච්චි සීයා හා මුණුපුරු මිණිපිරියන් අතර ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි අපූරු සම්බන්ධතාවයකි.

ඒ නිසාම ඒ දෙපිරිස එකිනෙකා හා සිටීමට ප්‍රිය කරනවා මෙන්ම ඒ ඇසුරින් ප්‍රීතියටද පත්වෙනවා.

ඒ නිසා දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය වැඩිහිටි ඔවුන්ගේ ලෝකය තුල සතුටින් ගත කරන්න ඉඩ දෙන්න.

කැකුලු සිත් මෙන්ම වැඩිහිටි ඒ සිත්ද සතුටින් ගෙවාවි.

මුලාශ්‍ර -  www.considerable.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ආච්චිටයි සීයටයි පුංචි දරුවන් ආදරය කරන ‌හේතු 25 ක්
බෙදාගන්න :
  • ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

    ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

  • ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

    ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

  • ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

    ආච්චිලා සීයලා ආයලට වගේ සැලකුම් ලැබිය යුතුද

  • ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

    ආච්චිලා සීයලා, මුණුපුරාට, මිණිපිරීට ආදරේට නරක පුරුදු වලට පාර කපනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it