theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා නැණවත් කරන්න පුළුවන් මේ අපූරු ආකාර 29 ගැන ඔබ දැන සිටියාද?

5 අවම කියවීම
දරුවා නැණවත් කරන්න පුළුවන් මේ අපූරු ආකාර 29 ගැන ඔබ දැන සිටියාද?දරුවා නැණවත් කරන්න පුළුවන් මේ අපූරු ආකාර 29 ගැන ඔබ දැන සිටියාද?

අපි මේ කියන්න යන කාරණා 29 දරුවෙකු කුස තුළ හැදී වැඩෙන කාලයේ සිටම ඔබට අවධානයට ලක්කළ හැකි කාරණයක් වෙනවා.

තමන්ගේ දරුවා නැණවත් කරන්න හැම දෙමාපියෙකුම ඇපකැප වනවා.

එය රොකට් එකක් හදනවා තරම් බැරෑරුම් නැතත් අපි හැමෝටම ඊට නිසි පිළිවෙත් පියවර ක්‍රියාත්මක කළයුතු වෙනවා.

අපි මේ කියන්න යන්නේ පොත් වලින් පමණක් ලබාගන්න දැනුම ගැන නොවෙයි.  නැණවත් දරුවෙකු ඔබ ගර්භණි අවදියේ සිටම උනන්දු කළහැකි පිළිවෙත් රාශියකින් හැදෙන නිර්මාණයක්.

දරුවෙකුගේ පළමු වසර කිහිපය එලෙස සමාජයෙන්, දෙමාපියන් හා පරිසරයෙන් උකහා ගන්න දේවල් වලින් පිරිපුන් වෙනවා.

දරුවා නැණවත් කරන්න කුස තුළ වැඩෙන කාලයේ සිටම අවධානය යොමුකළ හැකි කාරණා 29

ගර්භාෂය තුළ

දරුවා නැණවත් කරන්න

1. ව්‍යායාම

ගර්භණි සමය සුදුසු ව්‍යායාම තුළින් එය දරුවාගේ වර්ධනයට වැදගත් වන බව සොයා ගෙන තිබෙනවා.

2. ඔමේගා 3 ෆැටි ඇසිඩ්

මේ මගින් පුංචි පැටියාගේ මොලයේ වර්ධනයට වැදගත් කාර්යභාරයක් ඉටුවෙනවා.  නිවිති, රෝස පැහැති සැමන්, අමු මාළු වැනි දේවල් වල ඔමේගා 3 ෆැටි ඇසිඩ් අඩංගු වෙනවා.

3. සන්නිවේදනය

ගර්භණි සමයේ දරුවාට කතා කිරීම ඉතා වැදගත් වගේම ඊට පැටියාත් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ඉන් දරුවා තුළ සාමාන්‍ය දැනීම කෙරෙහි ඇති අවධානය පුළුල් වෙනවා.

4. වැඩියෙන් අමතර පෝෂණයක්

ෆෝලික් ඇසිඩ් අඩංගු ආහාර වැඩිපුර ගැනීම අත්‍යාවශ්‍යයි.  එමගින් මොලයේ සෛල වර්ධනයට, මොලයේ ක්‍රියාකාරිත්වය හොඳ මට්ටමක පවත්වා ගැනීමටත්, නිරෝගී දරුවෙකු බිහිකිරීමටත් උදවු වෙනවා.

5. සම්පූර්ණ කාලය ගත කිරීම

සම්පූර්ණ කාලය මව්කුස තුළ ගත කිරීමෙන් මොලයේ වර්ධනයට එය වැදගත් වන බව සොයා ගෙන තියෙනවා.

35 වන සතිය තුළ ඔබේ පැටියාගේ මොලය 2/3 ක් වැඩී ඇති අතර එය සති 39 සිට 40 දක්වා ප්‍රමාණය ඊට වඩා වැඩි වෙනවා.

ළදරු කාලය (මාස 0-6 දක්වා)

දරුවා නැණවත් කරන්න පුළුවන් මේ අපූරු ආකාර 29 ගැන ඔබ දැන සිටියාද?

6. මව්කිරි

දරුවෙකුගේ මොලයේ වර්ධනය හා මව්කිරි බොන කාලය අතර සම්බන්ධයක් ඇති බව විශේෂඥයන් පවසනවා. ඉපදීමෙන් පසු දරුවාට මව්කිරි දීම හැකි ඉක්මනින් සිදුකිරීම වැදගත් වන්නේ ඒ නිසයි.

මේ නිසා දරුවා තුළ හැඟීම් වර්ධනය, ආදරය හා බැඳීම් වර්ධනය තියුණු කරනවා.

7. ඇසට ඇස ගැටීම

දරුවන් ඉපදී සති තුනක් පමණ දක්වා කාලය ඔවුන්ට පෙනීම පැහැදිළි නැතත් ඔවුන්ට හඳුනා ගැනීම කරන්න පුළුවන්.

දරුවා අවදිවුණ පසු ඔහුගේ ඇස් දිහා බලාගෙන මුහුණට එබී කතා කිරීමෙන් මොලයේ වර්ධනයත්, ඔහු තුළ සතුට ජනනය වීමත් සිදුවෙනවා.

8. ගායනය

ඔබ පැරණි නැළවිලි ගීයක් කිව්වත් නවීන තාලයේ ගීයක් ගැයුවත් දරුවන්ට ලොව ඇති මිහිරිම කටහඬ එයයි.

කුස තුළ සිටම ඔබව අසා ඇති පැටියට නැවත ඒ මතකයන් අලුත් වෙනවා වගේම රිද්මය ඇසීම මගින් පසුකාලීනව ගණිතයට ඇති හැකියාව වැඩි වෙනවා. 

9. ඉගෙනීමට කාලයක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දරුවාගේ තොටිල්ල තුළ සෙලවෙන පාට පාට සෙල්ලම් බඩු තැබීම මගින් ඔවුන් පාට හඳුනා ගන්නවා. මුල් කාලයේ සුදු කළු ලෙස දුටුවත් සෙල්ලම් බඩු වලින් ළඟ හා දුර පිළිබඳ සංකල්පය ඔහු ඉගෙන ගන්නවා. එසේම ඇස් වල ක්‍රියාකාරීත්වයද තියුණු කරනවා.

10. අම්මගේ කතාව

පැටියට එයාගේ භාෂාවෙන් කතා කරමින් දොඩමළු වීම මගින් දරුවාගේ කථන හැකියාව වැඩිකරවන අතර මොලයේ එම කොටස හා සම්බන්ධ කොටස උද්දීපනය වෙනවා. දරුවා නැණවත් කරන්න මෙය උත්තේජයක්.

11. කණ්නාඩියක්

ඔහු ඉන්න තොටිල්ල ඉදිරියේ ආරක්‍ෂිත කණ්නාඩියක් තැබීමෙන් බබාට ඔහුව හඳුනාගන්න ඉගෙන ගන්න පුළුවන්. එසේම එයාට පාළුවක් දැනෙන්නේ නැහැ.

12. නැපි මාරු කරන කාලය ගැන අවබෝධකර ගන්නවා

නැපි මාරු කරන විට ඔහුට ඔබ කරන කාර්ය ගැනත් එය කරන කාලය ගැනත් කතා කරන්න.

13. කිති කැවීම

මෘදුව බබාව කිති කැවීමෙන් ඔහුගේ සතුටුදායක බව වැඩිවෙන්නත්, මනසින් බැදීම වැඩිවෙන අතර නිදහස් මනසක් ලැබෙනවා.

14. සම්බාහනය

සම්බාහනය මගිනුත් හොඳ මානසික බැඳීමක් ඇතිවෙනවා වගේම ඔබට දරුවාට ඔහුගේ ශරීරය ගැන අවබෝධයක් ලබාදෙන්නත් පුළුවන්.

15. මුනින් නිදාගැනීම

දරුවා මුනින් අතට දමා බඩ තද වීමට සිටින ලෙස තැබීමෙන් ඇඟ සමබර කර ගැනීමටත් පිටකොන්ද හා බෙල්ල ශක්තිමත් කර ගැනීමටත් උදවු වෙනවා.

16. ඉලෙක්ට්‍රොනික උපාංග

ඔබට දරුවාගේ මොලය වර්ධනය ගැන සිතන විට රූපවාහිනී, අයිපෑඩ්, ටැබ් වැනි දේවල් අමතක කරන්නම වෙනවා.

17. රස

දරුවා ආහාර ගැනීම ඇරඹෙන විට විවිධ රසවර්ග හඳුන්වා දීමෙන් ඔහුගේ රස ග්‍රන්ථි උද්දීපනයට උදවු වෙනවා.

18. විවිධ පෘෂ්ඨයන්

විවිධ  පෘෂ්ඨයන් සහිත පිහාටු, කොළ, ටිෂු, මෘදු ගල් වැනි දේවල් සම මතුපිට තැබීමෙන් ඔහුට වෙනස්කම් හඳුන්වා දෙන්න. එමගින් විවිධ වස්තූන් හඳුනාගැනීමට ඔහුට උදවු ලැබෙනවා.

දරුවන්

දරුවා නැණවත් කරන්න

19. කතන්දර කියවන්න

කිසිවිටකත් කතන්දර පොත් කියවීමට දැන්ම ඉක්මන් වැඩියි සිතන්න එපා. ඉන් දරුවාගේ කථන, සන්නිවේදනය හා අවබෝධය, රසවින්දනය වැඩි වෙනවා.

20. අලුත් දේවල් සොයා යන්න

දරුවා ඇවිදින්න පටන් ගන්නා විට නිවසේ විවිධ තැන්වල ඇති අලුත් දේවල් ගැන සොයා යන්න ඉඩදෙන්න.

ඉන් මනසේ නිදහස, තමන් ජීවත් වන වටපිටාව ගැන ඔහුට අවබෝධයක් ලැබෙනවා

21. සාප්පු සවාරි ගෙනියන්න

ඉන් ඔහුට අලුත් දේවල් දකින්න, ශබ්ද අහන්න, පාට හඳුනාගන්න ඉගෙන ගන්න පුළුවන්. අපි “පැන්සල් 3ක් ගමු” ඉතින් ඔහුව ඊට උදවු කරගන්න පුළුවන්. 

22. හැංගි මුත්තන්

ඇස් දෙක දෑතින් වසාගෙන හැංඟී මුත්තන් කරන්න. ඉවසීම, අවධානය ඔහුට ඉගැන්වීමට පුළුවන්. නමුත් හැමවිටම ඔවුන් සමග ඔබ ඉන්න බව හඟවන්න.

23. පරිසරයට ළංකරන්න

පරිසරයේ ඇවිදින්න රැගෙන යන්න. මල් වල, ගස් වල, කුරුල්ලන්ගේ පාට, නම් ඔහුත් එක්ක කතා කරන්න. ඔහු විඳින සතුට බලන්න.

24. ගණන් කරන්න

පුංචි පුංචි දේවල් ගණන් කරන්න දෙන්න. වට්ටියේ අඹ ගෙඩි කීයද? පිඟානේ කඩල ඇට කීයද? ඉන් දරුවාට පීඩනයක් දැනෙන්නේ නැහැ. ගණිත දැනුම වැඩි කරගන්නත් පුළුවන්.

25. පුංචි වැඩ

වැටිලා තියෙන දෙයක් අරන් දෙන්න, ඇඳුම්, පාට අනුව තෝරන්න වැනි දේවල් මගින් වගකීම් ගන්න ඉගෙන ගන්නවා.

26. සුරතලුන්ට ආදරය කරන්න

ගෙදර සුරතලයට සතුන් ඇත්නම් ඔවුන්ට සලකන ආකාරය මගින් ගුණධර්ම දරුවන්ට කියා දෙන්න පුළුවන්.

27. හැඟීම් ගැන කතා කරන්න

ඔහුට සතුට දැනෙන දේවල්, දුක, පුදුමය වැනි දේවල් ගැන කතා කරන්න. අනිත් අයගේ හැඟීම් වලට ගරු කරන්න ඔවුන් ඉගෙන ගනීවි. ඒ වගේම ඔබත් එක්ක විවෘත භාවයක් ඇති කරගන්නත් ඉඩකඩ හැදෙනවා.

28. ක්‍රීඩා කරන්න

හැකි හැම විටම ඔවුන් සමග ක්‍රීඩා කරන්න කාලය යොදාගන්න. ඉන් ඔහු හුඟක් සතුටට පත්වෙනවා.

29. සැමරුම් තබාගන්න

දරුවන්ගේ විශේෂ සිදුවීම් මතක පොතකට ඇතුල් කරන්න. ආගිය ගමන් වල මතක, පින්තූර, මල් වැනි දේවල් පොතක අලවා ඔහුට කවදා හෝ දිනක නැවත ඒ සැමරුම් අත්විඳින්න ඔහුත් සමග එක්ව එය නිර්මාණය කරන්න.

ඉන් ඔහුගේ නිර්මාණාත්මක බවත් වැඩිවෙනවා.

දරුවන් පුංචි පුංචි දේවල් නිසා හුඟක් වෙලාවට අපි සිතනවාටත් වඩා සතුටට පත්වනවා.

ඒ සතුට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම විශාල බලපෑමක් ඇතිකරන නිසා theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවා නැණවත් කරන්න පුළුවන් මේ අපූරු ආකාර 29 ගැන ඔබ දැන සිටියාද?
බෙදාගන්න :
  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

  • ගර්භණී අවදිය විසිනමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිනමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

    දරුවන්ගේ මොළයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

  • ගර්භණී අවදිය විසිනමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

    ගර්භණී අවදිය විසිනමවන සතිය: කළලයේ වර්ධන සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it