theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

5 අවම කියවීම
කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

ජංගම දුරකථනයද? ඔබේ ආදරණිය දරුවාද? ‌තේරීම ඔබ සතුයි.

කිරිදෙන මව්වරුන්ට මව්කිරි දීම අපූරු අත්දැකීමක් නේද? තම දරුවා පෝෂණය කිරීමට අම්මලාට හැකි වීම ඔවුන් ලබන වරප්‍රසාදයකි.

නමුත් මෙම ආදරණීය හා විශේෂ අත්දැකීම සමහරවිට පුරුද්දක් බවට පත්වෙන්න පුළුවන්. 

අම්මලාට ඉතින් කොහොමත් රාජකාරි ගොඩක් තියෙන නිසා කාර්යය කිහිපයක් ඔවුන් එකට කරන්න උත්සහ කරනවා.

බබාට මව්කිරි දෙන ගමන් ජංගම දුරකථනය භාවිතය ඒ අතරින් එකක් තමයි.

නමුත් මව්කිරි දෙමින් ජංගම දුරකථන භාවිතය සුදුසුද? 

කිරිදෙන මව්වරුන්ට මව්කිරි දීම අතරතුර ජංගම දුරකථන භාවිතය සුදුසුද? 

ඔබ අනෙක් අය මෙන් ඔබේ දුරකථනය මත යැපෙන්නේ නැතත්, ජංගම දුරකථන තවත් අතක් මෙන් වූ යුගයක අප ජීවත් වන බව ප්‍රතික්ෂේප කරන්න බැහැ නේද?

එය අප පවුලේ අය හා මිතුරන් සමඟ සම්බන්ධ කිරීමටත්, අපගේ දෛනික ජීවිතය බෙදාහදා ගැනීම සහ අන් අයගේ අත්දැකීම් දැනගැනීමටත් උපකාරී වෙනවා.

නමුත් අපගේ ජංගම දුරකථන වලට අධික ලෙස ඇලී ගැලී සිටීම අප ඉදිරියේ දිග හැරෙන ජීවිත අත්දැකීම් මග හැරීමට හේතු වෙනවා.

හදිසි කෙටි පණිවිඩයක් සදහා පිළිතුරු යැවීමේ වරදක් නැහැ.

නමුත් වලට මව්කිරි දෙන අතරතුර ඔබේ දරුවා දෙස නොබලා ඔබේ දුරකථන තිරය තුළ කිදා බැස සිටීම වෙනත් දෙයකි.

කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

කිරිදෙන මව්වරුන්ට මව්කිරි දෙන අතරතුර ජංගම දුරකථන භාවිතය පුරුද්දක් බවට පත් නොවිය යුත්තේ ඇයි? 

මව්වරුනි ඒ ගැන ලැජ්ජාවට පත් වෙන්න එපා. 

ආන්යා කමෙනෙට්ස් නම් මව ටයිම් වෙත ලියා ඇති පරිදි, මව්කිරි දෙන අතරතුර ඇගේ දුරකථනය භාවිතා කිරීම අවධානය වෙනතකට යොමු කිරීමට වඩා අත්‍යවශ්‍ය දෙයකි.

නමුත් මව්කිරි දෙන අතරතුර දුරකථනය නිසා අවධානය වෙනතකට යොමු වීමදෙමාපියන්ට විශේෂ අවස්ථා අහිමි කරන්නේ කෙසේදැයි සොයා බැලීම තවමත් වටීනවා.

කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

1.මව්කිරි දෙන අතරතුර ජංගම දුරකථන භාවිතය අක්ෂි සම්බන්ධතාවයට බාධා කරනවා

 ඔබ කිරි දෙන අතරතුර නිතර ඔබේ දුරකථනය දෙස බලන්නේ නම්, ඔබේ දරුවා සමඟ හොඳ අක්ෂි සම්බන්ධතා පැවැත්වීම ඔබට මග හැරෙනවා.

ඇස් වලින් එකිනෙකා දෙස බැලීම, විශේෂයෙන් ජීවිතයේ මුල් මාස හය තුළ මව සහ දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් කරන ආකාරය අතීත පර්යේෂණ වල සොයා ගෙනත් තියෙනවා.

ඔබේ දරුවා සමඟ අක්ෂි සම්බන්ධතා පැවැත්වීමෙන්  ඔවුන්ගේ අනාගත සන්නිවේදනය සහ ඉගෙනීමේ කුසලතා ඉහළ නංවන බව පවා මීට පෙර කරන ලද අධ්‍යයනයන්ගෙන් සොයාගෙන තියෙනවා.

එය අම්මා සහ දරුවාගේ මොළය සහ හැඟීම් පවා සම්බන්ධ කර තබනවා.

2. ජංගම දුරකථන භාවිතය සහ මව්කිරි දීම ඔබේ අවධානය බෙදනවා

. ඔබ අවධානය වෙනතකට යොමු වී ඇති හෙයින්, ඔබේ දරුවාගේ කුඩා ඉඟි ඔබ දකින්නේ නැහැ.

  "ජංගම තාක්‍ෂණයේ දියුණුව යනු අම්මාගෙයි බබාගෙයි අදහස් හුවමාරුව බොහෝ විට අනපේක්ෂිත බාධා වලට ලක් කරනවා," යනුවෙන් පර්යේෂණ පත්‍රිකාවක කැති හැරිෂ් පැසෙක් ඒ සම්බන්ධව සටහන් කළා.

3.ජංගම දුරකථන භාවිතා කරන අතරතුර  මව්කිරි දීම නිසා ඔබේ දරුවාට අවධානයට ලබාගන්න මහන්සි වීමට සිදුවෙනවා

කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?

 ඔබේ අවධානය ලබා ගැනීමට, ඔබේ කුඩා දරුවා ළදරු බසින් කථා කිරීමට හෝ ඔබේ මුහුණ ඔවුන් දෙසට ඇද ගැනීමට උත්සාහ දරන්න පුළුවන්.

මෙම අභිනයන් ආදරණිය වුවත්, ඊළඟ වතාවේදී ඔවුන්ට වඩාත් සංවේදී වීමට මෙය හේතු වෙනවා. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

තවත් පෙර කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ දරුවන් තම දෙමව්පියන්ගේ හිස් ප්‍රකාශයන් දකින බවයි.

අධ්‍යයනයේ දී, අවධානය ලබා ගැනීමට දෙමව්පියන් වෙත කරන ළදරුවන් කරන ඉගි නොපිළිගන්නා දෙමව්පියන්ගේ ඒ සදහා පහර දෙන බව ඔවුන් සොයා ගත්තා.

ඔවුන් කාමරයක සිටින වෙනත් වැඩිහිටියන්ගේ අවධානයට ලක්වීමට උත්සාහ කරනවා.

ඔවුන්ගේ ආතති හෝමෝන උපරිම වන අතර සති කිහිපයකට පසුව මෙය නැවත සිදු වූ විට, ඔවුන් ඊටත් වඩා ඉක්මනින් හඩමින් කලබල කරන්න පුළුවන්.

විකිරණ වලට නිරාවරණය සහ අනාගතයේ දී ගැටළු සහගත විය හැකි චර්යාත්මක ගැටලු වැනි වෙනත් අවදානම් ඇතිවෙන්නත් මෙය හේතුවක් වෙන්න පුළුවන්.

නමුත් වඩාත්ම වැදගත් දෙය නම්, මාතෘත්වයේ ගමන පුරාම ඒ ඒ මොහොතේ සැබවින්ම සිටීමේ ප්‍රීතිය අහිමි වෙන්නට ඉඩ නොදි ජංගම දුරකථනයට ඔබ පාලනය කරන්න ඉඩ නොදි එය ඔබ පාලනයෙන් යුක්තව භාවිතා කිරීමයි. 

ජංගම දුරකථනයට විවේකය දී අම්මාට කරන්න පුළුවන් ‌දේවල්

ඔබටත් මටත් තවමත් ඈත්වෙන්න අසීරු තරමට එදිනෙදා දේවල් හා බැදි ඇති මේ ජංගම දුරකථනයට මව්කිරි දෙන වේලාවට මද විවේකයක් ලබා දෙන්න.

එවිට ඔබටත් ඔබේ හුරතල් දරුවාටත් ආදරණිය කාලයක් ගත කරන්න ඉඩ ලැබේවි.

ඒ වේලාව තුල දරුවා මෘදුව ස්පර්ශ කරන්න.

නැලවිලි ගීයක් සෙමෙන් මුමුණන්න. දරුවාගේ ඇස් දෙස බලන්න.

දරුවාට මෘදු ආදරණිය වදන් කියන්න. ඒ දරුවා ඔබෙන් බලාපොරොත්තු වෙන ආදරයයි.

ඔබේ අවධානය ආදරයෙන් තොරව මව්කිරි දීම තමන්ගේ කාර්යයක් බව පමණක් සලකා දරුවාට මව්කිරි දෙන අම්මලාද නැතුවා නොවෙයි.

ඔවුන්ට මේ උතුම් කාර්යය තවත් එක් රාජකාරියක් පමනි.

නමුත් දරුවා හා ඔබට ලංවීමට ඇති හොදම අවස්ථාව දරුවා ඔබේ ලය දෙතොලින් ස්පර්ශ කරන ආදරණිය මොහොත බව අමතක නොකරන්න. 

එය ඔබ හා දරුවා ‌හැගීමෙන්ද සම්බන්ධ ‌වෙන ‌මොහොතයි. ඔබේ ආදරය මව්කිරි දිගේ ගලන්න ඉඩ ‌දෙන්න.

හැගීමෙන් දැනිමෙන් තොර අනාගත පරම්පරාවක් බිහිවිමේ ආරම්භයද මෙය විය හැකියි.

අම්මාගේ අවධානය හා ආදරය ගොඩක් අවැසි නමුත් මෙවැනි හේතුන් මත ඒවා අහිමි වෙන දරුවන් හදවතින් පිරි දරුවන් වේවියැයි සීයයට සීයක් විශ්වාස කරන්න බැහැ.

තමන්ට අහිමි වු දේවල් තව කෙනෙකුට දෙන්න දරුවෙකු කිසිදා ඉගෙන ගන්නේ නැහැ.

මව්කිරි දෙන මොහොත ඔබ හා ඔබගේ ආදරණිය දරුවාගේ කාලයයි.

එය ඔබ රිසි සේ විදින්න. ඔබේ දරුවාටද රිසි සේ විදින්න අවස්ථාව දෙන්න.

ජංගම දුරකථනය තව දුරටත් ඔබ අත මත තබා ගෙන මව්කිරි දෙනවාද යන්න තීරණය ඔබ සතුයි.

ඔබට මේ සම්බන්ධව ගැටළු හා අදහස් ඇත්නම් අප වෙත එවන්න. නැතිනම් පහලින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කර ඔබේ අදහස් දක්වන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • කිරිදෙන මව්වරුන්ට මව්කිරිදෙන අතරතුර ජංගම දුරකථනය අකැපද?
බෙදාගන්න :
  • ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

    ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

  • බබා මව්කිරි බොන කොට කුක්කු හපනවා නම් මම මොකද කරන්නේ?

    බබා මව්කිරි බොන කොට කුක්කු හපනවා නම් මම මොකද කරන්නේ?

  • ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

    ලෝක මාතෘත්වයේ රැජිනියන් වු ශ්‍රීලංකික මව්වරුන්ට අපේ හරසර

  • බබා මව්කිරි බොන කොට කුක්කු හපනවා නම් මම මොකද කරන්නේ?

    බබා මව්කිරි බොන කොට කුක්කු හපනවා නම් මම මොකද කරන්නේ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it