theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සහෝදරියන් සිටින පුරුෂයන් සතුටෙන් ඉන්නවා වගේම හොද කටකාරයන්ලු

3 අවම කියවීම
සහෝදරියන් සිටින පුරුෂයන් සතුටෙන් ඉන්නවා වගේම හොද කටකාරයන්ලුසහෝදරියන් සිටින පුරුෂයන් සතුටෙන් ඉන්නවා වගේම හොද කටකාරයන්ලු

සහෝදරියන් සිටින මිනිසුන් ජීවිතයේ විවිධ ප්‍රශ්න හා කටයුතු කිරීමට මානසික ශක්තිමත් වෙනවා. ඒ සහෝදරියන් විසින් සහෝදර සහෝදරියන් අතර විවෘත සංනිවේදනය සදහා දිරිගන්වන නිසයි.

පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ සහෝදරියන් නොමැති පුරුෂයන්ට වඩා සහෝදරියන් සිටින පුරුෂයන් හැගීම්  අතින් වඩා සුරක්ෂිත බවයි. ඒ වගේම, සහෝදරියන් සිටින කාන්තාවන්ට සමාජ සැකසුම් තුළ වඩා විශ්වාසනීය වන බවක් පෙනේ.

ඔන්න දැන් ඔයාගේ සහෝදරියව වැළදගන්න එපා. පර්යේෂණයේදී  සහසම්බන්ධය හේතුවක් ලෙස අදහස්  නොවේ. එනම් සහෝදරියක සිටින අය හැගීම් වලින්  සුරක්ෂිතව සිටින පුද්ගලයන් බව ඔප්පු වී නැත. එයින් අදහස් වන්නේ ඒවා අතර සම්බන්ධතාවයක් ඇතිවීමට හොද ඉඩක් ඇති බවයි.

කෙසේ වෙතත් පර්යේෂණය පැහැදිලි නමුත්  අධ්‍යනය වලින් පෙන්වා දෙන්නේ සහෝදරියක් සිටිමෙන්  ඔබේ සමස්ත මානසික සෞඛ්‍ය  කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති වන බවයි. දිගුකාලීනව එය කාරුණික  ගුණාංග ඇති කරනවා.

සහෝදරියන් සිටින පුරුෂයන්  වැඩි වැඩියෙන් විවෘත වේ.

අධ්‍යනයකදී ඔල්ස්ටර් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥයින් විසින් වයස අවුරුදු 17 සිට 25 දක්වා පිරිසකගේ මානසික සෞඛ්‍ය පරීක්ෂා කර ඇත.

අඩුම තරමින් එක් සහෝදරියක් සමඟ හැදී වැඩුණු පුදගලයින් අඩු කනස්සල්ලක් සහිත අභියෝගවලට හොඳින් මුහුණ දෙන  සහ සතුටින් සිටින අය බව අධ්‍යනය  සොයාගත්තා.

එක් පර්යේෂකයෙකු පවසන පරිදි,  සන්නිවේදනය නංවාලීමට සහෝදරියන් සහය වෙනවා මෙන්ම    ඔවුන්ගේ හැඟීම් වලින් ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට වැඩි සැනසිල්ලක් ලබාදෙනවා.

සහෝදරියන් සිටින පුද්ගලයන්  මිනිසුන් සමග හොද සහසම්බන්ධතාවයක් පවත්වන බවත්  ඔවුන් පැහැදිලි ඉලක්ක ඇති ස්වාධීන පුද්ගලයන් බවත්  පෙනේ.

පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන මහාචාර්ය ටෝනි කැසිඩිට අනුව , "සහෝදරියන් වැඩි වැඩියෙන් විවෘත සන්නිවේදනයට සහ පවුලේ සංහිඳියාවට දිරිගන්වන බව පෙනී යයි."

සහෝදරියන් සිටින පුරුෂයන්: හොඳ මානසික සෞඛ්‍යය

"කෙසේ වෙතත්, සහෝදරයන්ට විකල්ප බලපෑමක් ඇති බවක් පෙනේ. හොඳ මානසික සෞඛ්‍යය  සඳහා හැඟීම් ප්‍රකාශය මූලික  වන අතර සහෝදරියන් සිටීමෙන් මෙය පවුල තුල  ප්‍රවර්ධනය කරයි" යයි කැසිඩි පැවසුවා.

"පිරිමි ළමයින්ට දේවල් ගැන කතා කිරීමට  ස්වාභාවිකව  ප්‍රවණතාවක් නැති වුවත් , පිරිමි ළමුන් සමඟ එකට හිටියත් කතා නොකර නිහඩව ඉන්නවා වුනත්  ගැහැනු ළමයින් සිටින  විට එම නිහඩතාවය බිද වැටෙනවා."

මෙම සොයා ගැනීම දෙමව්පියන් වෙන් වු පවුල්වල වඩා වැඩියෙන් දක්නට ඇති බව කැසිඩි පැවසී ය. දුෂ්කර අවස්ථාවලදී එම පවුල් හා දරුවන්ට උපකාර කරන පුද්ගලයන් විසින් මෙම සොයා ගැනීම් භාවිතා කළ ඇති අතර, බොහෝ පිරිමි ළමුන් සිටින  පවුල් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ අප සැලකිලිමත් විය යුතුය. "

සහෝදරියන් සිටින පුරුෂයන්: හොඳ සන්නිවේදකයන්.

පර්යේෂණයට අනුව සහෝදරියන් සිටින පුරුෂයන් කාන්තාවන් සමඟ කතා කිරීමේදී දක්ෂ වේ. සාමාන්‍ය ව්‍යවහාරයට  අනුව  අවම වශයෙන් එක් සහෝදරියක සිටින අය දික්කසාද වීමට ඇති ඉඩ අඩු වේ.

එක් දරුවෙකුට වඩා වැඩි ප්‍රමාණයක් සිටි පවුල් 395 ක් සමග බ්‍රිග්හම් යන්ග් විශ්ව විද්‍යාලයේ මෙවැනි අධ්‍යනයකට අනුව සහෝදරියක් සිටීමෙන්  අනාදරය, තනිකම, අනාරක්ෂිතබව, වරදකාරිත්වය සහ බිය වැනි ඍනාත්මක හැඟීම් සමඟ සටන් කළ හැකි බවයි.

සහෝදරියකගේ සෙනෙහස ලැබීම තුලින් පරාර්ථකාමි හා ත්‍යාගශීලී වීමට වැඩිහිටියන් වශයෙන්   පුද්ගලයන් දිරිමත් කරන බව අධ්‍යනය  පෙන්වා දුන්නා.

ඒ වගේම සහෝදරයෙක් සිටීමද වාසිදායක  වන බව පර්යේෂණයෙන් පෙන්වා දුන්නා . නමුත් ඒ සම්බන්ධතාවය  සටන් අඩු වී හා වඩා ආදරණීය වන තාක් කල් පමණි.

අඩු මානසික පීඩනය

මෙම අධ්‍යනයේ ප්‍රධාන කතුවරයෙක් වන ලෝරා පඩිලා වෝකර් මෙසේ පැවසුවා, "සහෝදරියක් සිටීමෙන් පමනක් මානසික පීඩනය  අඩු වේ."

"ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා සහෝදර සෙනෙහස  සමග අඩු වැරදි හැසිරීම් හා කරුණාව හා ත්‍යාගශීලී බව, ස්වේච්ඡා සේවය හා අනිත් අයට උදව් කිරීම වැනි වැඩි පුර්ව සමාජීය හැසිරීම් සම්බන්ධ වෙනවා," ඇය පැවසුවා.

සහෝදරියන් නිතරම විශ්වාස කල හැකි නිසා ඔවුන් සහෝදරත්වයේ කාර්යභාරය මනාව ඉටු කරයි. ඔවුන් අවසානයේදී යෞවනත්වයේ සිට වැඩිහිටි විය දක්වා විශ්වාසවන්ත උපදේශකයන් බවට පත් වෙයි.

සහෝදර සහෝදරියන් අතර සියල්ල හොදින් සිදුවේ නම් සහෝදරියන් ස්වභාවයෙන් විශ්වාසවන්තයින් හා දිගුකාලීන මිතුරන් විය හැකිය.

සහෝදරියන් සිටින පුරුෂයන් ගැන මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • සහෝදරියන් සිටින පුරුෂයන් සතුටෙන් ඉන්නවා වගේම හොද කටකාරයන්ලු
බෙදාගන්න :
  • විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

    විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

  • අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

    අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

  • විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

    විවාහ සබඳතා පලුදු වීමට විවාහය සහ කාමුක දර්ශන අතර සබඳතාවක් ඇති බව සොයාගෙන ඇත

  • අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

    අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it