theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

6 අවම කියවීම
දරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීමදරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

දරුවන්ට ඇති විය හැකි පාද වල විකෘතිතාවක් වන පැතලි යටිපතුල් දරුවාගේ යටි පතුල් වල වක්‍රාකාර අවපාතය නොපිහිටීම නිසා සිදුවන්නකි.

ලොව කිසිවෙක් සර්ව සම්පුර්ණ නැහැ. හැමෝගේම ඇද පළුදු තියෙන්නට පුළුවන්. නමුත් ඇතැම් විකෘතිතා, ඇද පළුදු වුක්යයට තර්ජනයක් වන්නට පුළුවන්. මේ නිසා ඒවා කුඩා කලදීම නිවැරදි කර හදාගැනීම වඩාත් සුදුසුයි. එවන් එක් විකෘතිතාවයක් නම් දරුවන්ගේ පැතලි යටිපතුල් නොහොත් Flatfoot හෝ Pronated Foot තත්වයයි.

සාමාන්‍යයෙන් පාදයේ අප පාදයේ හිස්කැටිය (ඇතුළු පැත්තෙන්) පොළව මත තබන ප්රුෂ්ඨය වක්‍රාකාර කොටසක් තිබෙනවා. මෙම වක්‍රය පතුල මද්ධ්යයේ සිට විලුඹ දෙසට විහිදෙනවා. පැතලි යටිපතුල් ඇති දරුවන්ගේ මෙවැනි වක්‍රයක් දක්නට නැහැ.

දරුවන්ගේ පැතලි යටිපතුල් සම්බන්ධයෙන් ඔබ දත යුතු දේ

මෑතකදී කරන ලද අධ්‍යයනයකින් පෙන්වන්නේ වයස අවුරුදු තුනේ සිට අවුරුදු හය පමණ වන තෙක් මෙම පැතලි යටි පතුල් තත්වය සුලභව දක්නට ලැබෙන බවයි. පසුව එය ඉබේටම සාමාන්‍ය තත්වයට පත් වන්නට ගන්නවා. දරුවා වයස අවුරුදු නවයක් පමණ වත්ම, මාංශපේශි වර්ධනය වත්ම යටි පතුලේ වක්‍රය උපරිම වක්‍රාකාර ස්වරුපය ගන්නවා ඇති.

පැතලි යටි පතුල් ගැටළු සහගත වන්නේ මෙලෙස යතා තත්වයට පත් නොවී වේදනාව සහ වෙනත් විකෘතිතා ඇති කරන්නට පටන් ගත විටය.

පැතලි යටිපතුල් යනු කුමක්ද?

යටි පතුලේ වක්‍රාකාර අවපාතය නොපිහිටීම නිසා යටි පතුල සමතලා ස්වරුපයක් ගැනීම පැතලි යටිපතුල් තත්වය ලෙස හැඳින්වෙනවා. මෙවන් පාද හොඳින් නිරීක්ෂණය කළහොත් යටි පතුලත්, පොළවත් අතර කිසිඳු හිඩැසක් නැතිව පොලවට ඇලි ඇති සේ දිස්වනවා.

පැතලි යටිපතුල්

පැතලි යටිපතුල් තත්වය ඇති විය හැකි ක්‍රම තුනක් තිබෙනවා.

නම්‍යශීලී පැතලි යටිපතුල් (Flexible flatfoot) - කුඩා අවදියේදී සෑම දරුවෙකුටම පාහේ නම්‍යශීලී පැතලි යටිපතුල් තිබෙන්නට පුළුවන්. මෙය සාමාන්‍යයෙන් යටිපතුල් දෙකේම දැකිය හැකි වන අතර සාමාන්‍යයෙන් විකෘතිතා හෝ වේදනා ඇති කරන්නේ නැහැ. මෙයට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ.

දෘඪ පැතලි යටිපතුල් (Tarsal coalition or rigid flatfoot) - මෙම තත්වය බහුලව අත්දකින එකක් නොවේ. එය සාමාන්යයෙන් එකිනෙකට සම්බන්ධ නොවී තිබිය යුතු පාදවල චිපිටීය ඇට දෙක සම්බන්ධ වීම නිසා හටගන්නා තත්වයකි. දෘඩ යටිපතුල් තිබීම පාද වල ගැටලුසහගත තත්වයකට හේතු වන අතර එය පාද දෙකටම බලපාන තත්වයකි.

ඇචිලිස් කණ්ඩරා පැතලි යටිපතුල් (Short Achilles flatfoot)

මෙය දරුවාට කෙටි ඇචිලිස් කණ්ඩරාවක් සහිත නම්‍යශීලී  පැතලි පාද තිබිය හැකි තත්වයකි. මෙය ඉතා කලාතුරකින් දරුවන්ට ඇති විය හැකි තත්වයක් වුවත් නැතුවාම නොවේ. මෙයද පතුල් දෙකටම බලපාන අතර විකෘතිතා සහ වේදනාව ඇති කල හැක.
ඉහත තත්වයන් දරුවන් අතර නිතර දක්නට ලැබෙන පැතලි යටිපතුල් වර්ග වන අතර මින් බහුතරයක් විකෘතිතා හෝ වේදනාවන් ඇති නොකරයි. දරුවන් යම් අසීරුතා වලට මුහණ දෙන්නේ ක්‍රීඩා කිරීමේදී, ඇවිදීමේදී හා එවැනි භාහිර ක්‍රියාකාරකම් වල යෙදිමෙදිය.

දරුවන්ට පැතලි යටි පතුල් තත්ව ඇති කරන්නට බලපාන හේතු

පැතලි යටිපතුල්

සංකීර්ණ ස්නායු ජාලා, පටක, මාංශ පේශි හා අස්ථිවල එකතුවෙන් පාද වල ක්‍රියාකාරිත්වය මෙන්ම ව්‍යුහය තීරණය වන බව අප දන්නා කරුණක්.  මින් එක් අංශයක හෝ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු නොවුවහොත් එය පාද වල රෝගී තත්වයක් ඇති කරන්නට පුළුවන්.

යටිපතුල් පැතලි බව නිර්ණය කිරීම සඳහා වෛද්යවරයා දරුවාගේ සමස්ත ශරීර ව්යුහයම විශ්ලේෂණය කරනු ලබනවා. ඊට හේතුව නම් යටි පතුල් පැතලි වීම වෙනත් රෝගී තත්වයක ප්‍රතිපලයක් විය හැකි බැවිනි. එවැනි රෝග සමහරක් පහත දැක්වේ.

මාංශමය දුර්වලතා (Muscular dystrophy): විවිධ මාංශපේශි දුර්වලතා 30කට වැඩි ප්‍රමාණයක් මිනිසාට බලපෑම් එල්ල කරන්නට පුළුවන්. මෙම රෝග ශරීරයේ මාංශ පේශීන් දුර්වල කර නම්යශීලී බව අඩපන කරයි. මාංශ පේශි විස්ථාපනය ජානමය විය හැකිය අතර වයසත් සමඟ ලක්ෂණ පෙන්නුම් කල හැක.

මස්තිෂ්ක ව්යාකූලත්වය(Cerebral palsy): මෙය පුද්ගලයෙකුගේ ශාරීරික චලනයන් කෙරෙහි පුද්ගලයෙකුට ඇත්තේ සුළු හෝ පාලනයක් නොමැති ස්නායු ආබාධයකි. එය සම්බන්ධීකරණය නොලැබේ. මෙම තත්වය ගර්භාෂයේ හෝ පූර්ව ළමා කාලයේ දී මොළයට හානියක් සිදු වේ.

ළමුන්ගේ සන්ධි ප්‍රදාහය (Juvenile arthritis): මෙය දරුවන්ගේ සන්ධි වල ඉදිමීමක් ඇති කරයි. සන්ධි ඉදිමීම, වේදනාව සහ තද ගතිය මෙහි මුලික ලක්ෂණ වනවා.

ස්නායු පද්ධතියේ ආබාධ (Nervous system disorders): ස්නායු පද්ධතියේ යම් යම් අසමතුලිතතාවන හේතුවෙන්, දරුවන්ගේ මාංශ පේශි වල ශක්තිය බව අඩු වන අතර වර්ධනය හීන වනවා. මෙය බොහෝ විට සන්ධි වල සංචලනය සීමා කිරීමට මඟ පාදයි.

සංයුක්ත පටක ආබාධ (Connective tissue disorders):  මෙයද දරුවන්ගේ යටි පතුල් පැතලි වීම ඇති කල හැකි අතර දරුවන්ට ජානමය විකෘතිතා වලට මුහුණ  දෙන්නට සිදු වන තත්වයකි.

අසාමාන්ය ව්යුහය (Unusual anatomy): පැතලි පාදය, පාද වල අසාමාන්ය ව්යුහය නිසා සිදු විය හැකිය. එවැනි එක් උදාහරණයක් වන්නේ ඇටකටු සන්ධිවලින් එකට බැඳී තිබියදී ඝට්ටනයකට ලක් වීමයි. මාංශපේෂි හෝ අස්ථි හානි නිසාද අසාමාන්ය ව්යුහයක් ඇති විය හැක. එමෙන්ම, සීමිත වළලුකර චලනයකින් හෝ පිටත භ්රමණය වන පාදයක් නිසාද පැතලි පාද තත්ව ඇති විය හැක.

ගැටෙන දණිස් (Knock knees): දණහිස් ඇතුළු පැත්තට නැමී තිබීම නිසා මෙම තත්වය ඇති වේ. ඉදිරියට ගමන් කරන විට පය ඇතුළු පැත්තට නැමේ. මෙය පතුලේ වක්රයට් අනවශ්‍ය පීඩනයක් ඇති කරන නිසා විකෘතිතා හට ගන්නට පුළුවනි.

තරබාරුකම (Obesity): වැඩි බර දටුවන්ටද පැතලි පාද ඇති වන්නට පුළුවන්. අධික බර පතුලේ වක්‍රයට බලපෑම් ඇති කරන බැවින් පැතලි පාද ඇති විය හැක.

පැතලි පාද තත්වයට තුඩු දිය හැකි මෙතරම් හේතු තිබියදී දරුවට බලපාන සාධකය නිසැකව නිගමනය කරගන්නේ කෙසේද? මුලින්ම නිවසේදී මෙම ලක්ෂණ හඳුනාගත් පසු, වහාම වෛද්‍යවරයා වෙත දරුවා යොමු කිරීම ඔබගේ වගකීමයි.

මගේ දරුවාට පැතලි පාද තත්වයක් ඇත්දැයි පරික්ෂා කරන්නේ කෙසේද?

ඔබේ දරුවාට පැතලි පාදයක් තිබේදැයි තේරුම් ගැනීමට නම්, ඔබ ඔහුගේ පාද සහ වළලුකරය පරීක්ෂා කළ යුතුය. ඔහු කෙළින්ම නැඟිටින විට ඔහුගේ පාද නිරීක්ෂණය කරන්න. දැන් ඔහු ටීපෝ එක මත සිටුවන්න. දරුවාගේ පාද වල කවාකාර අවපාතයක් නැතිනම් ඔබේ දරුවාට පැතලි පාද තත්වයක් තිබිය හැකිය.

මෙය දැනගැනීමට තවත් ක්‍රමයක් නම් දරුවාගේ පතුල සහ වළලුකර චලන පරීක්ෂාවයි. ඔහුගේ වළලුකරය බොහෝ දුරට චලනය නොවේ නම් දරුවාට තද ඇචිලිස් කණ්ඩරාවක් තිබිය හැක.පාද චලනය කිරීමේදී දරුවාට වේදනාවක් දැනේ නම් වහාම වෛද්‍යවරයෙකු  හමු වී X-ray රපොර්තුවක් ගත යුතුය.

දරුවන්ගේ පැතලි පාද වලට ප්‍රතිකාර මොනවාද?

දරුවාට පැතලි පාද ඇති බව තහවුරු කරගත් පසු  දරුවාට ශල්‍ය වෛද්ය ප්රතිකාර හෝ ශල්‍ය නොවන ප්‍රතිකාර වලට යොමු කරනු ඇත.

පැතලි යටිපතුල්

මේ අවස්ථා දෙකේදීම ඔබට අපේක්ෂා කළ හැකි දේ:

ජිවන රටාවේ වෙනස්කම් තුලින් ප්‍රතිකාර: දරුවා පැතලි පාද සහිත වුවත් වේදනාවක් හෝ විකෘතිතාවක් නොපෙන්වයි නම් කිසිඳු ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් යම් වේදනාවක් හෝ විකෘතිතාවක් දිස් වේ නම් ජිවන රටාවේ පුංචි වෙනස්කම් කිහිපයක් තුලින් පාද සාමාන්‍ය තත්වයට පත්කරගත හැකි වනවා. පාවහන් වලට දැමිය යුතු පුංචි වක්‍රාකාර pad එකක් දැමීම මින් මුලික ප්‍රතිකාරයයි.

ඇචිලිස් කණ්ඩරා කැක්කුමට ප්‍රතිකාර: නම්‍යශීලි පැතලි පාද ඇතත් කෙටි ඇචිලිස් කණ්ඩරා වක් සහිත දරුවන්ගේ මාංශපේශි වෛද්‍යවරුන් විසින් ඇදීමකට ලක් කරයි. දරුවා පැතලි පාද සහිත නම් මෙම ප්‍රතිකාරය මදක් අපහසු විය හැක. කෙසේ නමුත් මෙම ක්‍රමය තුළ වෛද්‍යවරුන් ඔහුගේ මාංශපේශි ඇදීමකට ලක් කොට පාද වල කවාකාර ස්වභාවය ඉස්මතු කරනු ඇත.

ශල්‍යකර්ම ප්‍රතිකාර: කලාතුරකින් පැතලි පාද වලට ප්‍රතිකාර කිරීම ශල්‍යකර්මයක් තුලින් සිදු කිරීමට සිදු වනු ඇත. මෙය වැඩිපුර සිදු කෙරෙනුයේ පතුලේ හෝ කකුලේ වේදනාව තුරන් කිරීමේ අරමුණින්ය. නමුත් මෙය සිදු කල හැක්කේ වයස අවුරුදු අටට වඩා වැඩි දරුවන්ට වන අතර ඔහුගේ හෝ අයගේ ඇචිලිස් කණ්ඩරාව කෙටිනම් පමණි. මෙම ශල්‍යකර්මය තුළින් ඇචිලිස් කණ්ඩරාව දිගු කර පතුලේ විකෘතිතාව නිවැරදි කරනු ඇත. අවශ්‍ය නම් පතුලේ අස්ථි  මැදට bone graft කැබැල්ලක් අමුණා මෙය නිවැරදි කරනු ඇත.

ඉතින් ඔබ දැනගත යුත්තේ පැතලි පාද තත්වය ජිවිත තර්ජනයක් දෙන තත්වයක් නොවන බවයි. පැතලි පාද තිබෙන බොහෝ දරුවන්ට තම දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි ගෙන යා හැක. දරුවාගේ දෛනික ජීවිතයට බලපෑමක් සිදු වන්නේ නම් පමණක් මෙම තත්වයට ප්‍රතිකාර කෙරෙනු ඇත.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම
බෙදාගන්න :
  • ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

  • දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

    දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

  • ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

    ළමුන්ගේ පැතලි යටිපතුල් (Flatfoot/Pronated Foot) තත්වය සහ එය හඳුනාගැනීම

  • දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

    දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it