මගේ ළමයා රූපවාහිනිය නැරඹීම නැවත්වීමට මම කළ සරල උපායන් 3 ක්

මගේ ළමයා රූපවාහිනිය නැරඹීම නැවත්වීමට මම කළ සරල උපායන් 3 ක්

"අපි කැමති වුනත් අකමැති වුනත් දරුවන් රූපවාහිනි තිරය මත ඇලී සිටීම අපි හිතනවාට වඩා දුර දිග යන්නේ ඔවුන්ගේ වයසට නුසුදුසු කාලයක් ඒ සමග ගත කිරීම නිසයි."

උවමනාවට වැඩියෙන් ඕනෑම දෙයකට පුරුදු වීමෙන් නිතරම අයහපතක් වනවා මිස හොඳක් වෙන්නේ නැහැ. නමුත් සමහර පුරුදු සම්පූර්ණයෙන් නැති කරන්නත් අමාරුයි. රූපවාහිනිය සහ ළමයා කියන්නේ කාලීන මාතෘකාවක්.

අපි කැමති වුනත් අකමැති වුනත් දරුවන් රූපවාහිනි තිරය මත ඇලී සිටීම අපි හිතනවාට වඩා දුර දිග යන්නේ ඔවුන්ගේ වයසට නුසුදුසු කාලයක් ඒ සමග ගත කිරීම නිසයි.

මගේ ළමයා රූපවාහිනිය නැරඹීම නැවත්වීමට මම කළ සරල උපායන් 3 ක්

හුඟක් කාර්යබහුල අම්මලා විදිහට සමහර විට දරුවන් පෙරලි කරන කොට, නැතිනම් නොදන්වා ගෙදරට නෑයන් ආපු අවස්ථාවක, නැතිනම් වැඩ ගොඩක් මැද ගෙදර කෑම වේල සාදාගන්න, නැතිනම් අවසන් කර නැති කාර්යාලයේ වැඩවලදී අපේ දරුවන්ව බලාගැනීම අපේ ලොකුම වගකීම කාටද පවරන්නේ.

පවුලක් ලෙස අපිත් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන නිසා තමයි අප තීරණය කළේ අපේ නිවස රූපවාහිනියෙන් තොර තැනක් බවට පත් කරන්න. නමුත් එය එතනින් අවසන් වුණේ නැහැ. අද කාලේ TV තිරය නැති වුනත් තවත් තාක්ෂණික මෙවලම් ඕනෑ තරම් තියෙනවා. TV එක නැත්නම් දරුවන් ස්මාට් ෆෝන් එක, අයිපෑඩ් එක ගන්නවා. නමුත් මේ හැම දේම අතර ඔබේ දරුවා රූපවාහිනී තිරයට උවමනාවට වඩා ඇලී ගැලී සිටීම වළකා ගන්න උපායන් නැතැයි සිතන්න එපා. මම මේ උපායන් කිහිපය උත්සාහ කළා. ඔබත් ඒ ගැන සිතා බලන්න.

රූපවාහිනිය සහ ළමයා

  1. සම්පූර්ණයෙන් නවත්වන්න එපා

එකවර එය නතර කළ නොහැකි වුනත් ක්‍රමයෙන් කාලය අඩු කරගෙන යාම වැදගත්. ඔබේ දරුවා රූපවාහිනිය එක දිගට පැය 3 ක් විතර බලනවා කියලා අපි හිතමු. එය තුන් පාරකට බෙදීමට ඔබට පුළුවන්. සතියකට දෙකකට පස්සේ එම වාර 3 මිනිත්තු 40 බැගින් අඩු කරන්න. ඉන් පසු එය මිනිත්තු 30 තෙක් අඩු කරන්න. ඉන්පසු එය ඔබ තීරණය කරන්න. ඔබේ දරුවා රූපවාහිනිය නැරඹිය යුතුද නැද්ද යන්න ඔබම තීරණය කරන්න. කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශයට අනුව රූපවාහිනිය නැරඹිය යුතු කාලය උපරිම මිනිත්තු 30 ක් වශයෙන් දක්වනවා.

  1. වෙනත් ආදේශකයක් ගැන සිතන්න

ඔබේ දරුවා රූපවාහිනියට ඇබ්බැහි වී ඇත්නම් එය නතර කර තවත් යමක් කිරීමට පෙළඹවීම අපහසු කාර්යයක්. නමුත් ඔහුගේ කැමැත්ත ගත හැකි වෙනත් ආදේශකයක් ගැන සිතන්න.

සමහර විට ඔබට ඔහු කැමති අකමැති දේවල් ගැන කතා කරන්නත් සෙමෙන් රූපවාහිනිය නතර කර ඊට හේතු විමසන්නත් පුළුවන්. ඒ වගේම ඔබ ඔහු රූපවාහිනිය පමණ ඉක්මවා නැරඹීම ගැන විරුද්ධ වීමට හේතු කියන්න. රූපවාහිනිය නැරඹීමෙන් වන විපත වගේම ඔහුට වැඩිහිටියෙකුටමෙන් සලකමින් ඔහුට ඇහුම්කන් දෙන්න. ඔහු කරන දේ අසන්න.

මගේ ළමයා රූපවාහිනිය නැරඹීම නැවත්වීමට මම කළ සරල උපායන් 3 ක්

  1. ඔබ දේශනා කරන දේ ක්‍රියාත්මක කරන්න

ඔබ දරුවාට පොතක් කියවන්න යැයි කියමින් රූපවාහිනිය බැලීම ප්‍රයෝගික වන්නේ නැහැ. මේ නිසා දරුවාට එය දඬුවමක් සේ හැඟෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට කියවීම කෙරෙහි අවධානය යොමු කරන්න බැරි වේවි. ඒ නිසා දරුවා අවට නැති හෝ නිවසේ නැති අවස්ථාවන් රූපවාහිනිය නැරඹීමට යොදා ගන්න පුළුවන්. ඔබේ කැමතිම උදේ තේ කෝප්පය නැතිනම් දවල් ආහාර වේල වෙනස් කරන්න නිර්දේශ වුනොත් ඔබට දැනෙන අපහසුව සිතන්න. ඔබේ දරුවාටත් ඒ වගේමයි. නමුත් ඔබ ඔහු සමග කතා කර මෙය තේරුම් කරන්න උත්සාහ කරන්න.

දරුවන් කුඩා කාලයේ පුරුදු වන අයහපත් පුරුදු ඔවුන්ට ජීවිත කාලයටම බලපෑම් ඇති කරන්න පුළුවන්. රූපවාහිනිය සහ ළමයා කියන්නේ කාලීන මාතෘකාවක්. ඒ නිසා ඒ අභියෝගය ජයගන්න උදවු වෙන්න theAsianparent Sri Lanka මේ ලිපිය ගෙන ආවා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි