ගැබිනි කාලයේ ඔබේ සිතේ ඇති ආතතිය පසුකාලීනව දරුවාට බලපාන්නේ මෙහෙමයි

ගැබිනි කාලයේ ඔබේ සිතේ ඇති ආතතිය පසුකාලීනව දරුවාට බලපාන්නේ මෙහෙමයි

ගැබිනි සමයේ සුවපත් මනසක් තුලින් නිරෝගි දරුවන් බිහි කරමු.

ගර්භනී සමයේ මානසික සුවය අනෙක් දේවල් තරම්ම වැදගත්.

පෝෂණය, දරුවාගේ වර්ධනය යන සියල්ල අපි සමීපව නිරික්ෂණය කලද ගැබිනි මවගේ මානසිකත්වය ගැන අවධානය යොමුවෙනවා බොහොම අඩුයි. 

එහි භයානක ප්‍රතිඵල ඔබ දන්නවාද? උත්තරය නැහැ නම් මේ ලිපිය කියවන්න.

මේ ඒ සම්බන්ධව පැවැත්වු අධ්‍යයනයන් අනාවරණය කර ගත් කාරණා එකතුවකි.

ගර්භනී සමයේ මානසික සුවය අහිමි වීමේ විපාක මොනවාද?

මේ පිළිබද කරන ලද අධ්‍යයනයකදි කාරණා රැසක් අණාවරණය වුනා.

ගැබිනියකට තම එදිනෙදා ජිවිතය ගැන ආතතියක් හිත් වල තියෙනවා.

ඒ වගේම තම නුපන් දරුවා ගැන ඇතිවෙන බිය හේතුවෙන්ද ආතතියක් ඒ හිත් වල ඇතිවෙනවා.

ඇත්තටම ගැබිනි සමය තුල මෙවන් ආතතින් ඇතිවීම වළක්වන්න බැහැ.

සිරුරේ සිදුවෙන හෝමෝන වෙනස්වීම සමග හැගීම් දෝලනය වීමත් මෙයට බලපාන වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවාද?

මෙලෙස ඉහළ මට්ටමින් ගැබිනි මවක් තුල ඇතිවෙන මානසික ආතතියේ ප්‍රතිවිපාක උපතින් වසර ගණනකට පසු ඔබේ දරුවාට ඇතිවෙන්න පුළුවන් බවට සනාථ වී තියෙනවා.

අලුතින් නිකුත් වු අධ්‍යනයක තොරතුරු මේ පිළිබද අනාවරණයක් කරනවා.

ඒ අනුව ඔබේ ගර්භණිත්වයේ මුල් මාස කිහිපය තුල ඔබට ඇතිවෙන මානසික ආතතිය ඉහළයි කියලා හිතන්න

එසේනම්  පසුකාලීනව දරුවාට ඇතිවිය හැකි attention deficit hyperactivity disorder (ADHD) තත්වය හා එය සම්බන්ධතාවයක් තියෙනවාලු.

ගර්භණී සමයේදී දුම්පානය, අඩු උපත් බර හෝ මවකගේ වර්තමාන ආතති මට්ටම වැනි  ළමා කාලය තුළ චර්යාත්මක ගැටළු ඇති කරන්න පුළුවන්.

නමුත් ඒ දේවල් වලට වඩා ගැබිනියකගේ මානසික ආතතිය නිසා ඇති වෙන බලපෑම වැඩියි.

මෙම සොයාගැනීම් වලින් තවත් කාරණා කිහිපයක් හෙලි වුනා.

කෙනෙකුට  ගර්භාෂයේ තුලදි ඇතිවෙන බලපෑම් පසු කාලීන ජීවිතයේ විවිධ රෝග හා මානසික ගැටළු රැසකට බලපානවාලු.

මෙම න්‍යාය "fetal programming hypothesis ලෙස හැදින්වෙනවා.  

ගර්භණී සමයේදී  ඇතිවෙන මානසික ආතතිය නිසා පසුකාලීනව දරුවන්ගේ attention deficit hyperactivity disorder (ADHD) තත්වය ඇතිවීමට හේතුවෙන  වෙනවා.

ඒ වගේම මේ ආබාධ වලට ජානමය බලපෑමද තියෙනවා.

නමුත් ඇත්තටම මේ සදහා ජාන හා ගර්භාෂය තුල පරිසරය යන දෙකම බලපෑමක් වෙන බව කතුවරයෙක් වන බී වැන් ඩෙන් බර්ග් පැවසුවා.

දරු උපතට පෙර ඇතිවෙන මානසික ආතතිය

ගර්භණී සමයේදී  ඇති වෙන මානසික ආතතිය නිසා ගබ්සාවීම, නොමේරූ දරු ප්‍රසූතිය සහ අඩු උපත් බරින් යුත් දරුවෙකු බිහි කිරීමේ අවදානම වැඩිවෙන බව ඔබ කවුරුත් දැනුවත් ඇති නේද?

මේ පිළිබදව අධ්‍යනයන් කිහිපයක් සිදුවුනා.

ඒ මගින් ගැබිනි සමය තුල ආතතිය ඇති මව්වරුන්ට බිහිවෙන දරුවන්ට එහි දීර්ඝකාලීන බලපෑම් සිදුවෙන බවට පරීක්ෂණය කරනු ලැබුවා.

බෙල්ජියමේ කතෝලික විශ්ව විද්‍යාලයේ ලියුවන්හි වැන් ඩෙන් බර්ග් සහ සගයන් මෙම අධ්‍යයනයට සහභාගි වුවා.

එහිදි මව්වරුන් 71 දෙනෙකු සහ ඔවුන්ගේ කුලුඳුල් දරුවන් ගැබ්ගැනීමේ සිට මුල් ළමාවිය දක්වා නිරීක්ෂණය කරනු ලැබුවා.

 එම මව්වරුන් තම ගර්භණී සමයේදී දැනෙන මානසික ආතතිය මැනීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රශ්නාවලියක් ලබා දුන්නා.

මෙලෙස ආතතිය ඉහළ මව්වරුන් ගෙන්  ඉපදෙන ළමයින්ට වයස අවුරුදු 8 ත් 9 ත් වෙන විට attention deficit hyperactivity disorder (ADHD) තත්වය හා වෙනත් චර්යාත්මක ආබාධ සඳහා හේතු වෙන බව නිරීක්ෂණය වුනා.

ගර්භනී අවධියේ මුල් අවධියේදී එනම් සති 12 සිට 22 දක්වා මවගේ ආතතයේ මට්ටම් ඉහළව පෙන් වු  මව්වරුන් ගෙන් උපත ලද දරුවන් ADHD ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා.

පසුගිය පරීක්ෂණයට සහභාගී වු මව්වරුන්ගේ හා දරුවන්ගේ ගර්භාෂය තුල සංවර්ධන කාලයේ ඇතිවෙන මානසික ආතතිය සහ මුල් ළමාවියේ ස්වභාවය අතර සම්බන්ධයක් පෙන්නුම් කරනවා. 

මේ පිළිබද අපුරු තොරතුරු ටිකක්  journal Child Development නම්  සගරාවේ වාර්තා වුනා.

ගර්භනී සමයේ මානසික සුවය අහිමි කර ගැනීම ගැන අදහස්

1. ගර්භනී කාන්තාවන් තම ජීවිතයේ ඇති වන ආතතිය හා කාංසාව අවම කර ගැනීමට හැකි සෑම දෙයක්ම කළ යුතු බව වැන් ඩෙන් බර්ග් පවසනවා.

තම නූපන් ළදරුවන්ට හානි සිදුවනු ඇතැයි ආතතියෙන් සිටින කාන්තාවන්ද මේ අතර සිටිනවා.

නමුත් එය ගර්භණී සමයේදී මානසික ආතතිය සමඟ කටයුතු කිරීම සඳහා වඩා හොඳ උපාය මාර්ග සොයා ගැනීමට හේතු වෙනවාලු.

2. ප්‍රසව හා දීර්ඝකාලීන කලල සංවර්ධන පර්යේෂක පීටර් නතානියෙල්ස් ඒ ගැන දරන්නේ මෙවැනි අදහසක්.

ගර්භනී සමයේ මානසික ඇති කිරීමේ වගකීම මවට පැවරීම සාර්ථක නොවන බව ඔහු හිතනවා.

නතානියෙල්ස්ගේ සාර්ථක වු අධ්‍යයන වලට අනුව ගර්භාෂයේ සිටින කාලයේ දරුවා නිරාවරණය වෙන මෙවැනි තත්වයන් හේතුවෙන් ඇතිවෙන අහිතකර තත්වයන් විස්තර කරනවා.

එහිදි මේ නිසා දරුවාගේ පසුකාලීන ජිවිතය තුල හෘද රෝග, දියවැඩියාව සහ තරබාරුකම ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියකට හේතු වෙනවාලු.

තමන්ගේ  පර්යේෂණ වලින් අම්මාට ඕනෑවට වඩා දොස් පවරන බව පවසන අය සිටින බවත් නමුත් එය කිසිසේත් එසේ නොවන බවත් නතානියෙල්ස් පවසනවා . 

ගර්භාෂය යනු අප අත්විඳින පළමු පරිසරයයි.

අපි ඉපදීමෙන් පසු අත්විදින බොහෝ ජීව විද්‍යාත්මක සන්ධිස්ථාන අප ඉපදීමට පෙරද පසු කරනවා.

මෙහිදි කල හැකි දේවල් දෙකක් තියෙනවා. මානසික ආතතිය සමඟ කටයුතු කිරීම සඳහා මවට වගකීම භාරදිය හැකිය.

නැතහොත්  මෙය සමාජීය ගැටලුවක් බව අපට නිවැරදිව හඳුනා ගෙන හැමෝම එයට විසදුමක් සෙවිය යුතුය යන්න නතානියෙල්ස් වැඩිදුර පවසනවා .

3. ගර්භණී සමයේදී කාන්තාවන්ට තම ජීවිතයේ ඇති වන මානසික ආතතිය අවම කර ගැනීමට පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඩියුක් විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා මනෝ වෛද්‍ය මහාචාර්ය ඩයනා ඩෙල් පවසනවා. 

සර්වසම්පුර්ණ දරුවන් බිඑි කිරීම ගැන  කාන්තාවන් දැනටමත් විශාල පීඩනයකට එල්ල වී තියෙනවා.

ඒ නිසා මානසික ආතතියෙන් පෙළෙන මවුවරුන්ට දොස් පැවරීම නොකල යුතුය.

ඒ වෙනුවට මවුවරුන් සහ ළදරුවන් මානසික ආතතියෙන් ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බව ඇය වැඩි දුරටත් කියනවා.

ගැබිනි සමයේ විවිධ අපහසුතා එකක් ජිවක්වෙන ඔබට මෙම අධ්‍යයනයේ ලද තොරතුරු වැදගත් වේවි කියා අපි හිතනවා.

හොද මානසික සුවයක් එක්ක නිරෝගි දරුවන් බිහිකරන්න අපේ දැයේ කාන්තාවන්ට හැකිවේවා.

මුලාශ්‍ර -  www.webmd.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය