ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

යලුම පලතුරු ආහාරයට ගැනීම ආරක්ෂිතද? එසේ නොවේ නම් ඒ ඇයි? කියවන්න.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

ගර්භණී සමයේ පළතුරු ආහාරයට ගැනීමේදී නොගත යුතු පලතුරු කිහිපයක් තියෙනවා. වැඩි විස්තර කියවන්න.

ගර්භණිත්වයට යනු බොහෝ වෙනස්කම් එක්ක යන ගමනක් වෙනවා. උදෑසන ඔක්කාරයේ සිට ශරීර ව්‍යුහයේ වේගවත් වෙනස්වීම් සිදුවෙමින් ගර්භනී කාන්තාවන් නුපුරුදු  වෙනස් පුරුදු වලට අනුගත වෙනවා.

ප්‍රධාන වෙනස්කම් එකක් සිදු වන්නේ ආහාර වේල තුලයි.  ආහාරයට ගැනීමට ආරක්ෂිත සහ අනාරක්ෂිත ආහාර මොනවාද ?

සියලුම පලතුරු ආහාරයට ගැනීම ආරක්ෂිතද? එසේ නොවේ නම් ඒ ඇයි?  මෙහිදී ගර්භණී සමයේදී පළමු තුන් මස තුළ ආහාරයට නොගත යුතු පලතුරු තුනක් ගැන සොයා බලමු.

ගර්භණී සමයේ පළතුරු: ගර්භනී සමයේ පළමු තුන් මස ඉතා වැදගත් වන්නේ ඇයි?

කාන්තාවකගේ ගර්භණී කාලය කොටස් තුනකට බෙදෙනවා.  ඔබේ ගර්භනී සමයේ පළමු මාස තුන පළමු ත්‍රෛමාසිකය ලෙස සලකනවා.

ඔබේ කුස එතරම් නෙරා නොතිබුනත්  ඔබේ දරුවා ඔබ තුළ භෞතිකව වැඩෙන නිසා පළමු ත්‍රෛමාසිකය වැදගත් වෙනවා.

පළමු ත්‍රෛමාසිකය අවසන් වන විට, ඔබේ කුඩා භ්‍රෑණයේ අවයව බොහෝමයක් සෑදි අවසන් වෙනවා.

භ්‍රෑණය  තවමත් වර්ධනය වෙමින් පවතිනවා. එයට තවමත් තමන්ගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියක් එයට නැහැ. ඒ නිසා එය අනාරක්ෂිතයි.

ඖෂධ , ආසාදන , විකිරණ, දුම්කොළ සහ විෂ රසායනික වැනි විවිධ දේවල් වලින් එහි වර්ධනය වන සියලුම අවයව වලට හානිවෙන්න පුළුවන්.

මේ සියල්ල දැන ගැනීමෙන් පසු මත්පැන්, කැෆේන්, දුම් පානය හෝ ඖෂධ  වලින් වැළකී සිටීම ඔබ සහ ඔබේ භ්‍රෑණය නිරෝගීව තබා ගැනීම සඳහා එක් ක්‍රමයක් වෙනවා.

නිරෝගී භ්‍රෑණ  සංවර්ධනය සඳහා නිතිපතා ව්‍යායාම  කිරීම, ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ නිවැරදි දේ අනුභව කිරීම වැනි හොඳ ජීවන රටාවන් අවශ්‍ය වෙනවා.

ගර්භණී සමයේදී ආහාරයට ගැනීම ආරක්ෂිත නොවන ආහාර  ගැන අපි දන්නවා. මෘදු චීස්, සුෂි, මෘදු ලෙස සකස්කල  අයිස්ක්‍රීම් වැනි ඕනෑම ආහාරයක් විෂවෙන්න පුළුවන්.

කෙසේ නමුත් , විශේෂයෙන් පළමු තුන් මස තුල ඔබ ආහාරයට නොගත යුතු පලතුරු කිහිපයක් ඇති බව ඔබ දන්නවාද?

ගර්භණී සමයේ පළතුරු

ගර්භණී සමයේ පළතුරු

ගර්භණී සමයේ පළතුරු: පළමු තුන් මස තුල ආහාරයට නොගත යුතු පළතුරු
1. මිදි

ගර්භණී සමයේදී පළමු ත්‍රෛමාසිකයේදී වැළකී යුතු  පලතුරු සැලකීමේදී මිදි ගැන මිශ්‍ර මතවාදයන් තියෙනවා.

සමහර ප්‍රවීණයන් එය ආහාරයට ගැනීම  ආරක්ෂිත බව පවසනවා. නමුත් සමහරු එවා ආහාරයට  නොගත යුතු බව පෙන්වා දෙනවා.

මිදි වල  ගර්භණී මව්වරුන්ට වැදගත් පෝෂ්‍ය පදාර්ථ වන විටමින් ඒ සහ සී ඉහළ මට්ටමක තිබුනද ඔබේ පළමු ත්‍රෛමාසිකයේ මිදි ආහාරයට  නොගෙන සිටිමට හේතු කිහිපයක් තිබෙනවා.

  • රෙස්වෙටරෝල් (Resveratrol) විෂ වීම:

මිදි වල පිටත සම රෙස්වෙටරෝල් නම් සංයෝගයකින් අනුනයි. විද්‍යාත්මක පර්යේෂණ මගින් රෙස්වෙටරෝල් සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථයක් ලෙස හඳුනාගෙන තියෙනවා. නමුත්  එය ගර්භනී කාන්තාවන්ට විෂ සහිත වෙන්න පුළුවන්.

ගර්භනී කාන්තාවකගේ  ඇති විය හැකි අසමාන හෝමෝන මට්ටම සමඟ රෙස්වෙටරෝල් ප්‍රතික්‍රියා කල හැකිවීම මෙයට හේතු වෙනවා.

ගර්භණී වැදිරියන්ට රෙස්වෙටරෝල් අතිරේකය ලබා දීම නිසා පුදුම සහගත ප්‍රතිඵල වල ලබා දීමට හේතු වු බව අධ්‍යයනයකින් හෙළි වුනා.

ගර්භණී වැදිරියගේ වැදෑමහ සිට කලලයට වැඩි රුධිරයක් යොමු කළද, පැටියාගේ  අග්න්‍යාශය අක්‍රමවත් ලෙස වර්ධනය වුනා.

අග්න්‍යාශය රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සඳහා වැදගත් වෙනවා. මේ අනුව ළදරුවන්ට පසුකාලීනව දියවැඩියාව ඇතිවෙන්න ඉඩ තියෙනවා.

  • පිට පොත්තේ මත පවතින පළිබෝධනාශක:

මිදි වලට බොහෝ විට පළිබෝධනාශක වලින් ඉසිනු ලබනවා. මේවා පහසුවෙන් සේදි යන්නේ නැහැ.

මෙම පළිබෝධනාශක භ්‍රෑණයේ සෞඛ්‍ය සංකූලතා ඇතිවීමට හේතු  වෙන්න පුළුවන්.

මිදි වල සිවිය ජීරණයට අසීරූ නිසා මල බද්ධයට ඇතිවෙන්න පුළුවන්.

  • මවට සහ දරුවාට බලපාන උණුසුම:

ඔබ ගර්භණීව සිටියදී මිදි ආහාරයට ගැනීම හිතන්නේ නම්,  වැඩිදුර උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ නාරි හා ප්‍රසව විශේෂඥ  වෛද්‍යවරයා හමුවන්න.

2. නොඉදුණු සහ භාගෙට ඉදුණු පැපොල්

පැපොල් යනු පැණිරස, ඉස්ම සහිත, තැඹිලි පාට පලතුරක්  මෙන්ම අජීර්ණයට ස්වාභාවික පිළියමක් ලෙස ප්‍රසිද්ධ පළතුරකි.

එය නිවර්තන රටවල බහුලව දකින්න ලැබෙනවා.   ඒ වගේම පැපොල් විවිධ වර්ගවලින් සහ ප්‍රමාණවලින් තිබෙනවා.

කොහොම  නමුත්, නොඉදුණු සහ භාගෙට ඉදුණු පැපොල්  පහත සඳහන් හේතු නිසා ගර්භනී කාන්තාවන්ට විශේෂයෙන් සුදුසු  නැහැ.

එහි ගර්භාෂය වේලාසන හැකිලීම ප්‍රවර්ධනය කරන  කිරි බහුල වෙනවා. මෙය ගබ්සා වීමට හේතු වෙන්න පුළුවන්.

තව එහි පැපේන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. දරු ප්‍රසුතිය නියමිත දිනට පෙර සිදුවීම මෙම පැපේන් වල අතුරු ආබාධවලින් එකකි.

මෙයට හේතුව වන්නේ පැපේන්, මෙම කාර්යය ඉටු කරන තවත් අණුවකට බොහෝ සෙයින් සමාන වීමයි.  එ නිසා ඔබේ සිරුර පැපේන් ඒ අණුව ලෙස වරදවා වටහාගන්නවා.

මෙහි අඩංගු කිරි (Latex) යනු අසාත්මිකතා ඇති කරන්නකි.

නාසයෙන් දියර ගැලීම , මුඛ පෙදෙස ඉදිමීම සහ සමේ රෑෂ් සාමාන්‍ය ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණයි.

නමුත් සමහර වෙලාවට  අසාත්මිකතාවයන් නිසා හුස්ම ගැනීමේ අපහසුතා සහ ඇනෆිලැක්සිස් තත්වයක් ( ඔබ යම් ද්‍රව්‍යයකට ආසාත්මිකතාවයක් දක්වන්නේ නම්, ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇති කරන රසායනික ද්‍රව්‍ය මුදා හැරීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම අසාත්මිකතාවයට අධික ලෙස ප්‍රතික්‍රියා කිරීම ) ඇති වෙන්න පුළුවන්.

එවැනි අවස්ථාවන්හිදී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

කොළ පාට පොත්ත සහිත  නොඉදුණු සහ භාගෙට ඉදුණු පැපොල් සලාද හෝ පැපොල් බීජ අඩංගු පැපොල් ස්මූතිස් වැනි ආහාර වලින් වළකින්න.

නොඉදුන පැපොල් ගර්භණී සමයේදී අනුභව කිරීමට සුදුසු නොවුවත්, ඉදුණු පැපොල් අනුභවය සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි.

සම්පූර්ණයෙන්ම කහ පැහැති සමක් ඇති ඉදුණු පැපොල් වල නිරෝගී ගර්භණිත්වයක්  සඳහා වැදගත් වන පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙනවා.

ඒවා නම්,

  • ෆෝලේට්

  • තන්තු

  • කොලීන්

  • බීටා-කැරොටින්

  • පොටෑසියම්

  • සහ විටමින් ඒ, බී සහ සී.

3. අන්නාසි

අන්නාසි වලට අකමැති කවුද? එය පැණිරස, දීප්තිමත් කහ පැහැයක් ගන්නා ඉදුණු අන්නාසි රසවත් පලතුරක් වෙනවා.

එය අන්නාසි ෆ්‍රයිඩ් රයිස් වැනි රසවත් කෑම සකස් කිරීමට යොදාගන්නවා.

මෙම නිවර්තන කලාපීය පළතුර ගර්භනී කාන්තාවන්ට සුදුසු නොවීම කණගාටුවට කරුණකි. අන්නාසි වල ප්‍රෝටීන් බිඳ දැමිය හැකි එන්සයිමයක් වන බ්‍රොමේලයින්  ( bromelain) අඩංගු වෙනවා. ගැබ්ගෙල මෘදු කර වේලාසන දරු ප්‍රසූතියට හේතු වෙන්න පුළුවන් වීම බ්‍රෝමලේන් වල එක් අතුරු ආබාධයකි .

තවද බ්‍රෝමලේන් ටැබ්ලට් ප්‍රෝටීන් බිඳ දැමීමට තරම් ප්‍රබල බැවින් ඒවා අක්‍රමවත් ලෙස ලේ ගැලීමට පවා හේතු විය හැකි බව අධ්‍යයනවලින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මෙම බලපෑම  ඇති වීමට ඔබ අන්නාසි විශාල ප්‍රමාණයක් (එකවර නැවුම් අන්නාසි හතේ සිට දහය අතර ප්‍රමාණයක්) අනුභව කළ යුතු වෙනවා.

එසේ නම් සාන්ද්‍ර ලෙස බ්‍රොමේලයින් අඩංගු පෙති ගැනීමෙන් වළකින්න.  ගර්භනී අවධියේදී අන්නාසි පෙති කිහිපයක් අනුභව කිරීම සුදුසු බවද මෙයින් අදහස් වෙනවා.

අන්නාසි වැඩිපුර ආහාරයට ගැනීමෙන් එහි ආම්ලික ස්වභාවය නිසා බඩ පපුව දැවිල්ල සහ බඩ බුරුල් වී යෑම  (විජලනයට හේතු වෙන්න පුළුවන් ) වැනි ගැටළු ඇති විය හැකි බව මතක තබාගන්න.

ඒ වගේම , ඔබ කාලෙකින් අන්නාසි ආහාරයට ගෙන නොමැති නම්,ඒවා ආහාරයට ගැනිමෙන් අසාත්මිකතා ඇති වෙන්න  පුළුවන් .

අන්නාසි ආහාරයට ගැනීමෙන් පසු නාසයේ තදබදය,මුඛය අවට කැසීම හෝ ඉදිමීම හෝ ඇදුම වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයා හමුවෙන්න.

ගර්භණී සමයේ පළතුරු ආහාරයට ගැනීම පිළිබඳ තවත් උපදෙස්

ඔබ ගර්භණී  වුවත් නැතත් නොසේදූ පලතුරු ආහාරයට  සුදුසු නැහැ. කෙසේ වෙතත්, ඒවා විශේෂයෙන් ගර්භනී කාන්තාවන් සඳහා අවදානම් සහිත වෙනවා.

පලතුරු හා එළවළු වල ඇති පස් කොටස් වල ටොක්සොප්ලාස්මා (toxoplasma) වැනි බැක්ටීරියා රැදි තියෙන්න පුළුවන්. ඒ මඟින් මවට සහ දරුවාට ආසාදනය ඇතිවෙන්න  හැකියාව තියෙනවා.

ඒ නිසා ඔබ පලතුරු හා එළවළු නිතරම හොදින් සෝදන්න. ඒවා ආහාරයට ගැනීමට පෙර පස් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.

ගර්භනී කාන්තාවන් අනිවාර්යයෙන්ම  ආහාර වේලට පලතුරු එකතු කර ගත යුත්තේ ඇයි?

පලතුරු යනු ගර්භනී කාන්තාවකගේ ආහාරයේ අත්‍යවශ්‍ය අංගයකි. ඔබේ දරුවාගේ වර්ධනයට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ එහි අඩංගු වෙනවා.

එපමණක්  නොවෙයි එය ඛනිජ, විටමින්, ප්‍රතිඔක්සිකාරක සහ තන්තු වලින්ද සමන්විතයි.

තවද, එහි වැඩි පෝෂක අන්තර්ගතය අඩු කැලරි අන්තර්ගතයකින් සමතුලිත වෙනවා.  ඒ නිසා පළතුරු ගර්භනී කාන්තාවන්ට සුදුසුම ආහාර වෙනවා. මීට අමතරව, පලතුරු ආහාරයට ගැනීමෙන් පහත  ප්‍රතිලාභද ලබාගන්න පුළුවන්.

සෛල හානි වැළැක්වීම.

පලතුරු වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් පරිසරයේ ඇති වන හානිකර ද්‍රව්‍ය වලින් භ්‍රෑණ සෛල වලට හානි වීම අවම කර ගන්න  පුළුවන් .

වැඩියෙන්  ඇපල් ආහාරයට  ගැනීම සමඟ ළදරු හතිය අඩුවීම සමඟ සම්බන්ධයක් තියෙනවා.

ගර්භණී සමයේදී පැඟිරි අඩංගු පළතුරු ආහාරයට ගැනීම හා ළමා කාලයේ දද ඇතිවීම  අතරද සම්බන්ධතාවයක් තියෙනවා.

ගර්භණී කාලයේදී ආහාරයට ගැනීමට  සම්පූර්ණයෙන්ම ආරක්ෂිත පලතුරු මොනවාද?
  • ඇපල්

ඇපල් වල තන්තු, විටමින් ඒ සහ සී සහ පොටෑසියම් වැනි විවිධාකාර ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. මීට අමතරව, පරීක්ෂණයකින් අනාවරණය වු තවත් කරුනක් තියෙනවා.

එනම් ගර්භනී අවධියේදී ඇපල් ආහාරයට  ගත් අම්මලාගෙන් උපත ලැබූ බොහෝ දරුවන්ට ළමා කාලයේදී ඇදුම හෝ අසාත්මිකතා ඇති වෙන්නේ නැහැ.

  • 2. දොඩම්

ළමා කාලයේ දද වැළැක්වීමට  දොඩම්ද සහය දක්වනවා.

බොහෝ සේ අඩංගු ජලය විජලනය වළක්වා ගැනීමට ඔබට උපකාරී වෙනවා.

මොළයේ සහ කොඳු ඇට පෙළේ අක්‍රමවත් වර්ධනය නතර කරන ප්‍රධාන විටමින් වර්ගයක් වන ෆෝලේට් මෙහි අඩංගු වෙනවා.

ප්‍රතිඔක්සිකාරක සංඝටක පමණක් නොව යකඩ අවශෝෂණයට ද උපකාරී වෙන විටමින් සී ද මෙහි අන්තර්ගත වෙනවා.

  • 3. කෙසෙල්

කෙසෙල් වල ඉහළ පොටෑසියම්, විටමින් බී -6, විටමින් සී සහ තන්තු අඩංගු වෙනවා. කෙසෙල් වල ඇති තන්තු මගින් මල බද්ධය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම එහි අඩංගු  විටමින් බී 6 මඟින් උදෑසන ඇතිවෙන ඔක්කාරය හා වමනය අවම කර ගන්න පුළුවන්.

  • 4. අලිගැට පේර

අලිගැට පේර යනු සියලු පලතුරු වලින් පෝෂක බලශක්තිය වැඩි පළතුර වෙනවා. එහි විවිධාකාර පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා.

  • විටමින් බී, සී සහ කේ

  • තන්තු

  • මැග්නීසියම්

  • පොටෑසියම්

  • යකඩ

  • කොලීන්

  • ෆෝලේට් – අලිගැට පේර ඔබේ සාමාන්‍ය පලතුරු වලට සාපේක්ෂව ඉහළ ෆෝලේට් මට්ටමක පවතී.

විශේෂයෙන් අලිගැට පේර ආහාරයට ගැනීමෙන් පහත සඳහන් අවස්ථා අඩු කර ගන්න  පුළුවන් .
  • අඩු පොටෑසියම් සහ මැග්නීසියම් මට්ටම නිසා ඇතිවෙන පාදයේ මස්පිඩු පෙරලීම අඩු කරගන්න පුළුවන්.

  • සමහර වේලාවට  එහි අඩංගු ඉහළ මැග්නීසියම් සහ කොලීන් අන්තර්ගතය නිසා ඔක්කාරය අඩු වෙන්න පුළුවන්

  • ඔබේ දරුවා තුළ  ඇතිවිය හැකි මොළය හා ස්නායු වල අසාමාන්‍ය වර්ධනය කොලීන් විශාල ප්‍රමාණයක් ලැබෙන නිසා අවම කර  ගන්න පුළුවන්.

  • බෙරි

පළමු ත්‍රෛමාසික කාලය තුළ ගර්භණී සමයේදී ආහාරයට නොගත යුතු පලතුරු ලැයිස්තුවේ බෙරි නැහැ.

මෙම රසවත් මෙන්ම පෝෂ්‍යදායී පළතුරක් වෙනවා. එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ පහතින් දක්වා තියෙනවා.

  • කාබෝහයිඩ්රේට්

  • විටමින් සී

  • ෆෝලේට්

  • තන්තු

  • ෆ්ලේවනොයිඩ්ස් (flavonoids)

  • ඇන්තොසියානින් (anthocyanins)

දිවා කාලයේදී සෞඛ්‍ය සම්පන්න ශක්ති මට්ටමක් පවත්වා ගැනීම සඳහා ගර්භනී කාන්තාවන් තම කැලරි වලින් 50% ත් 60% ත් අතර ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් වලින් ලබාගත යුතු වෙනවා. පිරිපහදු කළ ධාන්‍ය වලින් ලබා ගන්නා  “හිස් කැලරි” වලට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් බෙරි වල අඩංගු වෙනවා.

ඒ වගේම  පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සීමා කරන්න. ඒ වෙනුවට බෙරි වැනි කාබෝහයිඩ්‍රේට් සහ පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර ආහාරයට ගන්න.

ගර්භණී සමයේදී ආහාරයට නොගත යුතු පලතුරු පිළිබඳ මෙම තොරතුරු පළමු ත්‍රෛමාසිකය තුල ඔබට ප්‍රයෝජනවත් වේවි. ආරක්ෂිත ගර්භණී සමයක් සඳහා මේ ලිපිය ඔබට වැදගත් වේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි