theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්

5 අවම කියවීම
ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්

අපේම රටේ වැඩෙන මේ ඖෂධීය ඔසු වර්ග සැම අතින්ම සෞඛ්‍ය සම්පන්න වන අතර මේවා ලිංගික ශක්තිය වැඩි කරන බවත් ඔබ දැන සිටියාද?

ලෝකයේ ඇති වටිනාම වාජීකරණ ඖෂධය ලෙස ආයුර්වේදයේ සඳහන් වන්නේ කස්තුරි මුවන්ගෙන් ලබාගන්නා කස්තුරි යි. අද වාජීකරණ, නැත්නම් පැරැන්නන් කියූ විදිහට “තිරිහන් වෙන්න භාවිත කරන බේත්” වැහිවැහැලා. පුරාණයේ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීමට දේශීය ශාක ඔසු ගණනාවක් පරිසරයෙන් සොයාගත හැකිව තිබුණා. ඒවායින් ශරීරයට තවත් පෝෂණ ගුණාංග රැසකුත් ලැබුණා. නමුත් අද ලිංගික ශක්තිය වඩවන ඔසු විකිණීම විශාල ලාබ ලබන ජාවාරමක් වෙලා. බටහිර ඖෂධ වගේම ආයුර්වේද වාජීකරණ ඖෂධ ගැනත් දැන්වීම් නිතර පත්තරවල පළ වෙනවා.

ආයුර්වේදයට අනුව වාජීකරණ ප්‍රතිකාර ක්‍රම සඳහා ඒ ඒ පුද්ගලයන්ට අනුව විවිධ ඖෂධ භාවිත කෙරෙනවා.

වැල් පෙනෙල, හාතාවාරිය, අමුක්කරා, කංසා, අබිං වැනි ඖෂධ වාජීකරණ හැකියාවන් වර්ධනය කෙරෙන ඖෂධ වන අතර, මේවාට අමතරව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහාම සැකසූ සුවිශේෂී වට්ටෝරු තිබෙනවා.

මෙම ඖෂධ වර්ග සකස්කර ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ රෝගී අවස්ථාවට අනුව යි.

මෙම වාජීකරණය එදා සමාජයට කාරණා කිහිපයක් මත අවශ්‍ය වුණා. ඉන් එකක් තමයි හොඳ ප්‍රජාවක් පවත්වාගෙන යාම.

ශ්‍රමය මූලික කරගත් එවක සමාජය තුළ මනුෂ්‍යයා වැදගත් සාධකයක් වුණා. ඒ නිසා වර්ගයා බිහිකිරීම කියන කාරණයට ඉතා වැදගත් ස්ථානයක් දීලා තිබුණා.

ලිංගික ශක්තිය වඩවන ඔසු: හාතාවාරිය

ලිංගික ශක්තිය වඩවන ඔසු
හාතාවාරිය වැල් -slguardian.org

එදා ගම්මානවල ඉබේ වැවුන, බහුලව දක්නට ලැබුණු වැල් වර්ගයක් හාතාවාරිය.

වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේත් ගෙවතුවල, බඩවැටිවල මෙන්ම, වනගතවත් මෙය දක්නට ලැබුණා.

මේ වැලේ අල හා කොළ කැඳ සඳහා භාවිත කරනවා. රසවත් කැඳ වර්ගයක් වන මින් ශරීර ශක්තිය වැඩිකරවන අතර ශරීරයේ ඇති විස නසනවා.

පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කර ශරීරයේ ප්‍රතිශක්තිය ද වැඩිදියුණු කරන ඔසු අතර හාතාවාරිය මුල් තැනක වැජඹෙනවා.

ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්
කැඳ තැනීමට කොටාගත් හාතාවාරිය -  youtube.com

ත්‍රිදෝෂයම නසන හාතාවාරිය වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පානය කළ හැකි ඖෂධයක්.

ශරීරය උෂ්ණාධික නම් මෙම ඖෂධීය කැඳ පානය කිරීමෙන් ශරීරය සිසිල් කර ගත හැකියි.

ලේ පිරිසුදු කරන අතරම හාතවාරිය මඟින් වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරන බව ආයුර්වේදයේ සඳහන්.

ශරීර දැවිල්ල නැති කරන අතරම කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිරය පිටවීම පාලනය කරනවා.

විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසු යි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳ තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍ය බව පැවසෙනවා.

ලිංගික ශක්තිය වඩවන ඔසු
හාතාවාරිය අල -technoayurveda.com

අඩංගු පෝෂණ ගුණ:

විටමින් ඒ, බී, සී, ඩී,

ප්‍රෝටීන්

කැල්සියම්

යකඩ

ඛනිජ ලවණ

ලිංගික ශක්තිය වඩවන ඔසු: වැල්පෙනෙල

ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්
වැලක ගෙඩි හටගෙන ඇති අයුරු-wikipedia.org

ඉන්දියාව, මලක්‌කාව, ශ්‍රී ලංකාව වැනි රටවල සාරවත්ව වැවෙන වැල් වර්ගයක්. ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි පහත රට ප්‍රදේශවල බහුලව දක්‌නට ලැබෙනවා.

කලකට පෙර  අත්හැර දැමූ ඉඩම්වල මෙන්ම ගෙවතුවලද බහුලව මෙය වැවුණා. වැල් පෙනෙල කැඳ වශයෙන් මෙන්ම එහි කොළ තෙල්දමා ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීමත් ජනප්‍රිය යි.

ශරීර ශක්තිය සහ ශුක්‍රාණු වර්ධනය කරමින් ලිංගික ශක්තිය වැඩිකරන ඖෂධයක් ලෙස පුරාණයේ පටන් වැල්පෙනල ප්‍රකට යි.

මීටර් 3ක්‌ පමණ දිගට වැවෙන සිහින් කඳක්‌ ඇති බහු වාර්ෂික වැලක්. ත්‍රිකෝණාකාර ස්‌වභාවයක්‌ ගන්නා පත්‍ර දිගින් සෙ.මී. 3ත් 8ත් අතර ප්‍රමාණයක් වෙනවා. බීජ කළු පැහැති යි.

වර්තමානයේ දේශීය වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ මේ සඳහා තිබෙනවා.

නගරවල කොළ කැඳ වෙළෙදසැල්වලද වැල්පෙනෙන කැඳවලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

ලිංගික ශක්තිය වඩවන ඔසු
පෙනෙල පුෂ්ප - wikipedia.org

දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව සම්පූර්ණ පෙනෙල පැළෑටියම ඖෂධ පිණිස ගන්නවා. මුත්‍රාකාරකයක්‌ වන වැල් පෙනෙල ස්‌නායු රෝග සඳහා කරන ප්‍රතිකාරවල දී ද යොදා ගැනෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

කැඩුම් බිඳුම් වෙදකමේ දී බිඳුණු අස්‌ථි සකස්‌ කිරීම සඳහා වැල් පෙනෙල භාවිත කරනවා.

උදෑසන ආහාරයට වැල් පෙනෙල කැඳ ගැනීම ශරීර ශක්‌තිය වර්ධනයටත් ස්‌නායු වර්ධනයටත් හේතුවක්.

වැල් පෙනෙල පත්‍ර ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ:

ප්‍රෝටීන 4.7%

මේද 0.6%

කාබෝහයිඩ්රේට්‌ 9.1%

ඛනිජ ලවණ 2.3%

ශක්‌තිය කැලරි 61

ලිංගික ශක්තිය වඩවන ඔසු: මුරුංගා

ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය කිරීමට හැකි මුරුංගා බුරුමය, ඉන්දියාව, පිලිපීනය, සහ ශ්‍රී ලංකාව වැනි රටවල පැතිර තිබෙනවා. සමහරු මේවා වැටේ මුරුංගා ලෙස ද හඳුන්වනවා.

ඒ මුරුංගා බහුලව ගෙවතුවල වැට සඳහා සිටුවා ඇති නිස යි. අප රටේ වියළි කලාපයේ මුරුංගා හොඳින් වැවෙනවා.

යාපනේ දෙමළ ජනතාව අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වශයෙන් මුරුංගා සැලකෙනවා.

ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්
මුරුංගා ව්‍යාංජනයක්-lankaspice.files.wordpress.com

මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර ඖෂධ සඳහා යොදා ගන්නවා.

අප රටේ මුරුංගා කරල් පමණක් බහුලව එළවළුවක් ලෙස ආහාරයට ගත්තත්, වෙනත් ආසියානු රටවල මුරුංගා කොළ කුඩු බවට පත් කර පැකට් වශයෙන් අලෙවි කරනවා.

ආයුර්වේදයේ දී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි.

මුරුංගා කොළ රසවත් මැල්ලුමක් වශයෙන් ද ආහාරයට ගත හැකියි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතින බව ඔබ දන්නවා ද?

මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් බී, බීටා කැරොටීන්, කැල්සියම්, මැග්නිසියම්, තඹ, යකඩ, පොස්පරස් ආදියේ ඛණිජ ලවණ අඩංගු යි.

ගී‍්‍රක, රෝම, හා ඊජිප්තු ජාතිකයන්ගේ විශ්වාසය අනුව විවිධ සෞඛ්‍ය ගැටලු 300ක් නිරාකරණය කිරීම සඳහා දේශීය වෙදකමේ දී මෙම ශාක කොටස් උපයෝගී කරගෙන තිබෙනවා.

ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්
මුරුංගා පත්‍ර ව්‍යංජනයක්-simplycookindandhealth.blogspot.com

සිරුරේ ප‍්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමටත්, පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනයට හා පුරුෂයින්ගේ ලිංගික ක‍්‍රියාකාරිත්වයේ ඇතිවන්නා වූ බාධක මැඩ පවත්වන ඔසුවක් ලෙසත් මෙය යොදා ගැනෙනවා.

අස්ථි ශක්තිමත් කිරීමට, ලේ පිරිසිදු කිරීමට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පහත හෙලීමටත් මුරුංගා උපකාරී වෙනවා.

මෙහි අඩංගු සැපොනින් නැමැති රසායනිකය ලිංගික උද්දීපනය ඇති කරවන ටෙස්ටෙස්ටරෝන් මට්ටම ඉහළ නංවනවා. එය ලිංගික කාර්ය වර්ධනයට බලපාන බව නූතන පර්යේෂණ අනුව සොයාගෙන තිබෙනවා.

ව්‍යායාමයෙන් පසු ශරීරය ප‍්‍රකෘති ස්වභාවයට පත්වීමට මුරුංගා කොළ තේ පානයක්, පෙත්තක්, කුඩු වශයෙන් හෝ තෙල් වශයෙන් භාවිතයට ගැනිම හිතකර යි.

ඔබගේ සෞඛ්‍ය යහපත් කර ගැනීමටත් ලිංගික දිවිය උද්දීපනයටත් මුරුංගා තේ පානය කිරීමෙන් අවස්ථාව ලැබෙනවා. ලොව බොහෝ රටවල මුරුංගා කොළ කුඩු බවට පත් කර පැකට් වශයෙන් අලෙවි කරනවා.

නමුත් අප රටේ නම් එවැනි නිපැයුම් දක්නට නැතිවීම කනගාටුදායක කරුණක්.

 

රචනය: Kusumsiri Wijayawardena
මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar-media/about/

ආශ්‍රිත මූලාශ්‍ර-

ආයුර්වේද ප්‍රකාශන

www.thehealthsite.com

www.instituteofayurveda.org

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • ලිංගික ශක්තිය වඩවන අපේ ශ්‍රී ලංකාවේ ඔසු 3ක්
බෙදාගන්න :
  • ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

    ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

  • ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

    ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

  • ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

    ඔබේ ලිංගික උද්දීපනය ඉහළ නංවන විශ්මයජනක ආහාර 8 ක්

  • ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

    ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it