theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්

4 අවම කියවීම
බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්

ඔබ ළදරුවන් වඩාගෙන ඇවිදින කොට ඒ සදහා සුදුසු සපත්තු සෙරෙප්පු තෝරා ගැනීම  වැදගත්ද?

බබා වඩා ගැනීම හා එසේ වඩා ග‌ෙන ඇවිදීම හිතන තරම් පහසු නැහැ කියලා ‌මේ කතාව එක්ක ඔබට ‌තේරුම් යාවි.

කිසිම දරුවෙක්ට අනතුරු පිලිබඳ හැඟීමක් නැහැ. ඒ නිසා ඔවුන්ව නිතර අධීක්ෂණය කිරීමට විශේෂඥයින් නිර්දේශ කරනවා.

දෙමව්පියන් සහ භාරකරුවන් වශයෙන්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම අපගේ වගකීමක්. එමඟින් ඔවුන්ට ආරක්ෂිත පරිසරයක වර්ධනය වීමට හා ගවේෂණය කිරීමට පුළුවන්.

කොහොම නමුත් අපිට පාලනය  කරන්න  බැරි දේවලුත් තියෙනවා.

අපේ දරුවන් රැකබලා ගැනීමේදී අපි නොසලකන දේවල් ඛේදවාචකයට හේතු වෙන්න පුළුවන්.
වයස අවුරුදු 23 ක් වූ ෆෙමීඩා ෂෙයික් නම් අම්මාටත් තම දරුවාට හානියක් කිරීමට කිසිම අදහසක් තිබුනේ නැහැ.
ඇය හිටියේ උස් අඩි පාවහන් පැළඳ ගෙන, එකවරම ඇයගේ පය පැකිළි මාස හයක් වු දරුවා අත හැරුනා. අහිංසක දරුවා පළමු මහලෙන් වැටි මියගියා.
ඉන්දියාවේ මුම්බායි අසල කල්‍යාන් හි විවාහ මංගල්‍යයකින් මෙම අවසනාවන්ත සිදුවීම වාර්තා වුනා.
දෙමව්පියෙක්ට තම දරුවෙක් අහිමි වීම තරම් වෙන කිසිවක්  දුෂ්කර නැහැ. මේ තරුණ අම්මාට අපගේ ශෝකය ප්‍රකාශ කරනවා.

ඔබේ පුංචි  පැටියා වඩාගෙන  ඇවිදින විට පිළිපැදිය යුතු ආරක්ෂිත උපදෙස් ටිකක් මෙන්න

1. බබා වඩා ගැනීම: පඩිපෙළේදී පරිස්සමෙන්

සෑම දෙමව්පියෙකුම තමන්ගේ පුංචි  පැටියා එක්ක පඩිපෙලේ  පහළට යනකොට පා පැකිලෙන්න පුළුවන්. පඩිපෙළ සිදුවෙන මෙවැනි  අනතුරු නිසා දරුවාට බරපතල තුවාල වෙන්න හැකියාව තියෙනවා.

එවැනි අනතුරු බොහොමයකදී දරුවාට බරපතල තුවාල වලට අමතරව හිසට සහ බෙල්ලට තුවාල සිදුවෙන්න පුළුවන් බව ළමා රෝග පිළිබඳ අධ්‍යයනයක් පෙන්වා දෙනවා.
වැදගත් ළදරු ආරක්‍ෂිත උපදෙස්:
ඔබට ඔබේ දරුවා රැගෙන පහල තට්ටුවට යන්නම ඕනීද? ඔබ දිගු කලක් එහි රැදි සිටිනවාද?

ඔබ යන්නේ විනාඩියකටත් අඩු කාලයක නම් (හරියටම මිනිත්තුවක් බව තහවුරු කරගන්න) ඔබට බබාව ප්ලේපෙන් එකේ තියලා යන්න පුළුවන්.

හැබැයි ඔබ ඉක්මනින් පහළට ගොස් එනකම් ඔහු ආරක්ෂිත බව සහතික කර ගන්න. ඔබ ටිකක් වැඩි වේලාවකට යනවා නම්, ඔබේ දරුවා බේබි කැරියර් එකක රදවා ගෙන යෑම අපි නිර්දේශ කරනවා.
එවිට හදිස්සියේ වැටීම් වළක්වා ගැනීම සදහා අත් වැට අල්ලා ගැනීමට අවම වශයෙන් එක් අතක් නිදහස්ව තියෙනවා.

2. බබා වඩා ගැනීම: එකවර වැඩ ගොඩාක් එපා

දරුවන් රැගෙන යන විට අනතුරු දෙමව්පියන්ගේ සිදුවීම් පරීක්ෂා කළ විශේෂඥයින් අනතුරට හේතු වූ වෙනත් සාධක සොයා ගත්තා. එක් අතකින් රෙදි සෝදන කූඩය ගෙන අනෙක් අතින් බබා වඩාගෙන යෑම එයට හොද උදාහරණයක් .
ඒ වගේම දෙමව්පියන් තම දරුවා අනෙකා රැගෙන යන අතරතුර ඔවුන්ගේ දුරකථන පරික්ෂා නොකළ යුතුය. එසේම, සෑම ළදරුවෙකුටම ශක්තිමත් හිසක් සහ බෙල්ල පාලනයක් නැහැ. එකවරම ඔවුන්ගේ සිරුරු පිටුපසට විසි වෙන්න පුළුවන්.
මේ නිසා ඔබේ  සමබරතාවය නැතිවෙන්න හැකියාව තියෙනවා. ළදරුවන් එහෙට මෙහෙට  හැරෙන දගලන  නිසා අනපේක්ෂිතව ඔබේ දෑතින් පනින්න උත්සාහ කිරීමෙන් ඔබේ සමබරතාවය නැති වෙනවා.

3. බබා වඩා ගැනීම:පාවහන් ගැන සිතන්න

ඔබේ පුංචි පැටියා රැගෙන යන විට මතක තබා ගත යුතු වැදගත්ම ළදරු ආරක්ෂිත උපදෙස්වලින් එකක් වන්නේ ඔබේ පාවහන් ගැන සැලකිලිමත් වීමයි.
ඕනෑම වර්ගයක උස් අඩි සපත්තු හා ලිස්සන සුළු පාවහන්, සපත්තු හා පාවහන් රහිත වීම හා සසඳන විට තරමක් අනාරක්ෂිතයි.
ඔබ පාර්ටි වලටත් යන්න ඕනී නේද? එසේනම් සාධාරණ උසකින් යුත් හීල් එකක්  සහිත ඔබට සුවපහසු පාවහන් පළදින්න.
පැතලි අඩිය සහිත උල් සපත්තු  හොඳ විකල්පයක් වෙනවා. ඒවා තුඩු සහිත උස් අඩි පාවහන් වලට වඩා ස්ථාවරත්වයක් සහ සුවපහසුවක් ලබා දෙනවා. අවස්ථාවකදී විතරක් අලුත් උස් සපත්තු පළදින්න එපා.
කොහොම නමුත් , අම්මලා ලස්සනට ඇද පැළද ගැනීම නැවැත්වීමට මාතෘත්වය හේතුවක් නොවිය යුතු බව අපිට තේරෙනවා. නමුත් ඔබ ඔබේ පුංචි පැටියාත් රැගෙන යායුතු බව මතක ගන්න.
උත්සවයේදී ඔබට කෙතරම් ඇවිදින්න වේ දැයි හෝ ඔබ රාත්‍රියේ වැඩි කාලයක් වාඩි වී සිටින්න වේ දැයි කල්පනා කර බලන්න.
ඔබේ ස්වාමිපුරුෂයා ඔබ සමඟ යනවා නම් ඔහුට ඔබේ දරුවා රැගෙන යන්න පුළුවන් නේද?
ඔබේ අඩි උස සපත්තු ටික කාලයකට අල්මාරියෙන් තබන්න. එය අත්‍යාවශ්‍යම නෑ ‌නේද?
ඒ නිසා ඔබේ පැටියා රැගෙන යන විට මෙම වැදගත් ළදරු ආරක්ෂිත උපදෙස් මතක තබා ගන්න.
කණගාටු වෙන්න එපා.
මෙය ඔබගේ අඩි උස සපත්තු දැමීමේ යුගයේ අවසානය නොවේ. මේ ඒවාට දෙන පුංචි විරාමයක් විතරයි. ළදරුවා සමඟ ඉන්න විට  ආරක්ෂාවට පළමු තැන දෙන්න.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • බබා වඩා ග‌ෙන ඇවිදීමේදි ඔබ සැලකිලිමත් විය යුතු කාරණා 3 ක්
බෙදාගන්න :
  • වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

    වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

  • වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

    වැරදීමකින්වත් බබාව ඇඳුම් මාරු කරන මේසය මත තනියම තබා යන්න එපා

  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it