theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?

4 අවම කියවීම
කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?

ආදී අනාදියේ පැවතෙන චූටි පැටියන් හා සම්බන්ධ හෙළ පුරුද්දක් වන කිරි පබළු, නූල්, වළලු පංචායුධ ගැන කතාකරමු.

ඔබත් ඔබේ බිළිඳාට කිරි පබළු, නූල්, වළලු, පංචායුධ වගේ දේ අතට, පයට, කරට පළඳනවාද?

අද කාලේ මුහුණුපොතේ අම්මලා ඉන්න එක එක සමූහ වල ගොඩාක් අම්මලා කාලෙන් කාලෙට අහන ප්‍රශ්නයක් තමයි මේ කිරි පබළු වැල්, වළලු,නූල්, පංචායුධ පැළඳවිල්ල.

"අනේ අම්මලා, දුවලාට අතට වළලු,  කිරි පබළු  වැල්, කලු නූල්, පංචායුධ දාන්නේ වයස කීයෙන්ද?"

"පුතාලාට පබළු වැල්, පංචායුධ දාන්නේ වයස කීයෙන්ද?" "සුර, වද කහ කෑලි, පෙරුම්කායම් ගැට ගහපු අම්මලා කොහොමද කලේ?" වගේ එක එක විදියේ ප්‍රශ්න සමූහ වලට යොමු කරනවා.

අනාදිමත් කාලයක ඉඳලා මේ දේවල් කරනවා. චාරිත්‍රයක්  විදියට සමහරු කරනවා. ආච්චි අම්මලා, අම්මලා කල නිසා කරනවා. බබාව ලස්සන නිසා හරි, සිංහල සිරිතකට හරි, බබාට ආරක්ෂාවක් ලැබෙනවා කියලා හිතලාත් ඒ වගේ දේවල් කරනවා වෙන්න පුලුවන්.

ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...

කිරි පබළු

ඒ දේවල් වලින් ඇත්තටම ඔයාලා බලාපොරොත්තු වෙන අරමුණු ඉටු වෙනවාද?

කිරි පබළු වැලක් ඉනේ ගැට ගැහුවාම ඉන හැඩ වෙනවාද? නැත්නම් කලු පබළුයි,සුදු පබළුයි අතට දැම්මාම ඇස් වහ දුරු වෙනවාද? පංචායුධයක් පැළැන්දුවා යැයි කියලා බබාව ආරක්ෂා වෙනවාද ඇත්තටම. පෙරුම්කායම්, වද කහ කෑල්ලෙන් බබාටබබාට ඇති යහපත කොයි වගේද?

අම්මලා කොයි කවුරුත් මාස 10ක් තිස්සේ කුසේ පරිස්සම් කරනවා දරුවාව. අනේක දුක් විඳලා මේ ලෝකෙට බිහි කරන කිරි පැටියා හරියට රෝස මල් පොහොට්ටුවක් වගේ. චුට්ට චුට්ට ලොකු වෙනවා. ඒත් වට පිටාවේ තියන භයානක කම ගැන හාන්කවිසියක් වත් තේරුමක් නෑ. අතට අහු වෙන දේ කටේ දානවා. එයා පරිසරය සහ අවට බාහිර දේ ගැන ඉගන ගන්නේ එහෙමයි.

කවුරුත් කියන නිසා කිරි පබළු වගේ දේ දමා ඔබේ දරුවා අනතුරේ හෙලනවාද?

බබාට යන්තම් මාස 2, 3 වෙද්දිම සමහර අම්මලා බබාව ආගන්තුක දේ වලින් පුරවනවා. අතටයි, කරටයි, ඉනටයි එක එක දේ දානවා. සමහර විට බබගේ අම්මාගෙත් අම්මා,ආච්චි අම්මා එහෙම කලා වෙන්න පුලුවන්.

ඒවා සිරිතක් විදියට කලා වෙන්නත් පුලුවන්. ඒ දේවල් කලේ අතීතයේ හිටපු අයගේ දැනුමේ ප්‍රමාණයට සහ විශ්වාසයන්ට අනුවයි. එයාලා අද තියන විද්‍යාව ගැන, විද්‍යාත්මක දේ ගැන වැටහීමක් තිබ්බේ නෑ.

කොටින්ම ඒ විද්‍යාවට වඩා එයාලා පරම්පරාවෙන් කරගෙන ආව දේට වැඩි ඉඩක් දුන්නා. එයාලාගේ බුද්ධිම ට්ටම අනුව එයාලා දේවල් කලා. එහෙමයි කියලා,පැරැන්නෝ කලා යැයි කියලා, ඒ කල දේවල් නිවැරදියි කියලා කියන්න බෑ.

අද කාලේ අම්මලා හරිම බුද්ධිමත්. හරි වැරැද්ද වටහා ගන්නට පුලුවන්. ඉතින් චුට්ටක් හිතලා බලන්න. මේ පුංචි දරුවන්ට මේවා දැම්මාම වෙන්නේ යහපතක්ද නැත්නම් අයහපතක්ද කියලා.

කිරි පබළු

කිරි පබළු, නූල්, වළලු, පංචායුධ පළඳවන එකේ අවධානම කොයි වගේද?

පබළු වැල් (kiri pabalu)

අම්මලා බබාලාට දාන පබළු වැල් හදිස්සියේ වත් පැටියා කඩාගෙන කටේ,නහයේ,කනේ දමා ගන්නේ නැතැයි කියලා හරියටම විශ්වාසයෙන් කියන්න පුලුවන්ද?

එයාලා දන්නේ නෑ එහෙම කරන එකෙන් එයාලාගේ අහිංසක ජීවිතය එක තත්පරයකින් විනාශ වෙලා යන්න පුලුවන් කියලා. මොකද උගුරේ සිර වෙන්න ඉඩ වැඩී.

නාසය සිර උනොත් හුස්ම ගන්න බැරි වෙනවා. කියන්න දන්නේත් නෑ සිදු උනේ මොකක්ද කියලා. කනේ දා ගන්නත් පුලුවන්.

එයින් දරුවාගේ ශ්‍රවණ හැකියාව සදාකාලිකවම නැති වෙලා යන්න උනත් ඉඩ තියනවා. අනිත් දේ බබාට ඒ වගේ ආගන්තුක දේ හරිම අපහසුයි.

වළලු

චූටි පැටවුන්ට දාන වළලු ගැන උනත් කියන්න තියෙන්නේ මේ හා සමානම කතාවක්. බබාලා ටික ටික ලොකු වෙද්දි එයාලා අත් වලින් බිමට ගසනවා.

ඒවා කැඩී අත තුවාල වෙන්න පුලුවන්. ඇහැක හරි ඇනුනොත් වෙන දේ අපිට සිතද්දිත් බය හිතෙනවා.

අනික හරිම අපහසුයි. එයින් බබාට අලංකාරයක් එක් කරනවා කියලා හිතුවාට අපි කරන්නේ අනතුරකට ඇද දමන එකයි.

ස්වාභාවයෙන්ම දරුවෝ ලස්සනයි. මල් වගෙයි. ඒ වාගේ ආභරණ නැතුවට ඒ අය හරිම සිරියාවන්තයි.

පංචායුධ

පංචායුධ ගැන කතා කලොත්, ඇත්තටම අම්මලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාවද? තමන්ගේ දරුවෝ ආරක්ෂා කරන්න පළඳනාවකට පුලුවන් කියලා හිතනවාද? අම්මාට තාත්තාට තරම් කාටවත් බෑ දරුවෝ ආරක්ෂා කරන්න. රැකවල් කරන්න.

බෙල්ලට දමන පංචායුධයක් නිසා බබාගේ පපුව,බෙල්ල කැපී යන්නට ඉඩ ඇති බව ඔබ මොහොතකටවත් හිතුවාද?

පංචායුධයේ මුවහත බබාගේ සමේ ස්පර්ෂ වෙලාබඩ ගාන විට හරි අනතුරක් වෙන්න ඉඩ තියනවා.

ඒවායින් ඕනෑ තරම් අනතුරු වෙලා තියනවා. පංචායුධය දමන නූල් කෑල්ල නිසා ගෙල සිරවී යන්නට වුවත් හැකි බව මොහොතකට හරි හිතුවාද?

මාස 10 කුසේ පරිස්සමට ඉඳපු චූටි පැටියාව ඇයි දැන දැන අන්තුරේ හෙලන්නේ.

එයාට නිදහසේ හැදෙන්නට වැඩෙන්නට දෙන්න. ඒවා අතේ, කරේ පුරවන්න කියන වයසක උදවිය ඒවිද අනතුරක් උනොත්? ජීවිතයක් නැති උනොත් ඇද ආපසු ගත හැකිද්?

කිරි පබළු

ඒ කාලයේ  මිනිසුන් කල කිරි පබළු දැමීම වැනි දේ අපේ කාලයේත් නොකලොත් අපි මුල අමතක කරපු අය වෙනවාද?

ඒවා ඒ කාලයේ අපේ අම්මලා, ආච්චිලා කලායි කියලා අපිත් ඒ දේම කරන්නට ඕනි ද?

බුද්ධිමත්ව සිතන්නට ඕනි අපේ පරපුර වත්. කවුරුවත් කල පලියට, සංස්කෘතිය රකින්නට අනුවණ වැඩ කරන්නට අවශ්‍ය වන්නේ නෑ. ගත යුතු හොඳ ගන්න. අද කාලයට නොගැලපෙන, යල් පැනපු දේ අයින් කරන්න.

නව ලෝකයට ගැලපෙන පරිදි අපි වෙනස් වෙන්නට උවමනායි. එහෙම වෙනස් උනා කියලා අයහපතක් වෙන්නේ නම් නෑ යහපතක් මිසක.

අපේ දරුවෝ රැකිය යුත්තේ අපි විසින්මයි. පළඳනා වලට එය කල නොහැකියි. එය තේරුම් ගැනීම බුද්ධියට ඉඩ දී කල යුතුයි.

කවරයේ පින්තූරය: babycentre.in

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • කිරි පබළු, නූල්, වළලු, පංචායුධ ඔබේ බිළිඳාට ඔබත් පළඳනවාද?
බෙදාගන්න :
  • ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

    ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

  • මව්පදවිය මවකගේ මොළයට බලපායි: සමීක්ෂණ වලින් හෙලිවේ

    මව්පදවිය මවකගේ මොළයට බලපායි: සමීක්ෂණ වලින් හෙලිවේ

  • ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

    ගැබිණි මව්වරුන් හා බබාලා සම්බන්ධ ලාංකීය මිත්‍යා මත

  • මව්පදවිය මවකගේ මොළයට බලපායි: සමීක්ෂණ වලින් හෙලිවේ

    මව්පදවිය මවකගේ මොළයට බලපායි: සමීක්ෂණ වලින් හෙලිවේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it