ඔයාලා කොයි කවුරුත් දන්නවා ත්‍රිපෝශ ගැන. රජයෙන් බර අඩු බබාලාට, ගර්භණී මව්වරුන්ට දෙන ආහාර අතිරේකයක් තමයි ත්‍රිපෝශ කියන්නේ. රජයෙන් දෙන ත්‍රිපෝෂ වල රසටම ගෙදරදීම ත්‍රිපෝෂ හදාගැනීම දැන් හරිම ලේසියෙන් කරන්න පුලුවන් කිව්වොත් ඔයාලා පුදුම වෙයි.
මේක හදන්න උවමනා වෙන්නේ පුංචිම පුංචි අමුද්‍රව්‍ය 03ක් විතරයි.
ලේසියෙන්ම හොයා ගන්නත් පුලුවන් වගේම වියදමත් අඩුයි.
දැන් අපි බලමු ගෙදරදීම ත්‍රිපෝශ හදාගැනීම ට මොනවාද ඕනි අමුද්‍රව්‍ය කියලා.
වියලි බඩ ඉරිඟු ඇට, වියලි සෝයා බෝංචි ඇට, කිරි පිටි තමයි මෙ රස රහසේ අමුද්‍රව්‍ය තුන.

විශේෂම දේ තමයි ඔයාලා මේ අමුද්‍රව්‍ය 03 මම මේ කියන ප්‍රමාණයෙන්ම ගන්න ඕනි. නැත්නම් ත්‍රිපෝශ රස එන්නේ නෑ.
හරි එහෙනම් ලෑස්ති කර ගන්නකෝ මේ ප්‍රමාණ ටික.
අවශ්‍ය ද්‍රව්‍ය:-
- වියලි බඩ ඉරිඟු ඇට ග්‍රෑම් 130
- වියලි සෝයා බෝංචි ඇට ග්‍රෑම් 60
- සම්පූර්ණ යොදය සහිත කිරි පිටි ග්‍රෑම් 10

එහෙනම් දැන් වැඩේට බහිමුකෝ.
මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒක රත් කර ගන්න ඕනි.
ඒක රත් වෙද්දි වියලි බඩ ඉරිඟු ඇට ටික දාලා හොඳට බැද ගන්න. කර වෙන්න දෙන්න එපා. ටික වෙලාවක් යද්දි බැදුන සුවඳ ඒවි. තරමක් බැදුණාම ඇති.
බඩ ඉරිඟු ඇට බැදුණාම ඒක අයින් කර ගන්න.
පසුව යලි සෝයා බෝංචි ඇට ටිකත් ඒ විදියටම බැද ගන්න.
ඊළඟ පියවර විදියට අපි මේක හොඳට කොටා ගන්න ඕනි.
ඒකට අපිට බ්ලෙන්ඩර් එකක් හරි ග්‍රයින්ඩර් එකක් හරි උවමනා වෙනවා.
සාමාන්‍යයෙන් කුඩු උනාට පස්සේ කිරි පිටි ටිකත් දාලා හොඳට පිටි වෙන්න කොටා ගන්න.
චූටි දැලක් තියන පෙනේරයකින් මේ පවුඩර් එක හලා ගන්න ඕනි. මොකද කැට වගේ තිබ්බොත් එහෙම හරි නෑනේ.
ඔන්න අපේ ත්‍රිපෝශ ටික නම් හරි. ගෙදරදීම ත්‍රිපෝශ හදාගැනීම කොච්චර ලේසිද නේද?
හොඳයි බලමු අපි හදා ගත්ත ත්‍රිපෝෂ වලින් රසම රස ත්‍රිපෝෂ ගුලි සාදා ගන්න විදිය.
ඔයාලා මේක නම් දන්නවාත් ඇති. කමක් නෑ. බලන්නකෝ මේ විදියටමද ඔයාලත් හදන්නේ කියලා. ගෙදරදිම ත්‍රිපෝශ හදාගැනීම හරිම ලේසියි නේද බලන්නකෝ.
අපිට ඕනි වෙනවා;
අපි හදා ගත්ත ත්‍රිපෝශ මිශ්‍රණයෙන් ග්‍රෑම් 100ක්.
සීනි මේස හැඳි 4ක් (රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන්)
පොල් ග්‍රෑම් 50ක් 60ක් වගේ
ලුණු කුඩු තේ හැඳි 1/4ක් (රස අනුවාඩු වැඩි කර ගන්න පුලුවන්)

මුලින්ම පොල් ටිකයි, සීනි ටිකයි අතින් හොඳට කලවම් කර ගන්න.
ලුණු ටිකත් දා ගන්න.
ත්‍රිපෝශ මිශණයෙන් චුට්ට චුට්ට දමමින් අතින් හොඳට අනා ගන්න.
වතුර දාන්නේ නෑ. පොල් වල තියන තෙත් ගතියයි, තෙල් ගතියයි ඇති අපිට මේක අනා ගන්න.
ගුලි හදා ගන්න පුලුවන් වෙනකල් චුට්ට චුට්ට ත්‍රිපෝශ එක් කරලා අනා ගන්න.
අන්තිමේදි ගුලි හදලා රස බලන්නයි තියෙන්නේ රසම රස ඉඟුරු දාපු තේ එකකුත් හදාගෙන. ගෙදරදීම ත්‍රිපෝෂ හදාගැනීම කොච්චර ලේසිද නේද?
ත්‍රිපෝෂ වලින් හදාගන්න පුළුවන් රෙසිපි රැසක් තියෙනවා. මේවායින් කැමති කැමති ඒවා කැමති දවස් වල ගෙදර අයට හදලා දෙන්න පුළුවන්.
සටහන :- ඈන් නිර්මාණි අත්තනායක
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.