theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

3 අවම කියවීම
මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

මාළු ඇඹුල් තියල් එකක් රසට හදමුද?

Malu ambul thiyal recipe (මාළු ඇඹුල් තියල්) එකක් කිව්වාහම අම්මලා කොයි කවුරුත් උනන්දුයි. මොකද මාළු ඇඹුල් තියල් හදන්න ටිකක් අසීරු කෑමක්. ඒ වගේම රසට පාටට සුවදට ඇඹුල් තියල් හදන්න අත්ගුණය වාගේම ඒ පිළිබද නිසි දැනුම තියෙන්න අවශ්‍ය වෙනවා. මාළු ඇඹුල් තියල් වෙරළ ආසන්නව ඉන්න කාන්තාවන් හදන්න දක්ෂයිලු. ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ මාළු ඇඹුල් තියල් වලට එකතු වෙන පහේ වල වෙනස්කම් තියෙන නිසා ඒවායේ රස එකිනෙකට වෙනස්.

මාළු ඇඹුල් තියල් කෘතිම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැතිව ටිකක් කල් තියාගන්න පුළුවන් ආහාරයක්. කල්තබාගන්න හදන ඇඹුල්තියල් එකකට කිසිම දවසක සුදුළුණු , ඉගුරු , ළූණු , අමුමිරිස් එකතු කරන්න එපා.  

ඒ වගේම තමයි හොදට පහේ අල්ලලා හදන්න අවශ්‍ය වෙනවා. ගම් වල කාන්තාවන් නම් ගෙදරම පහේ හදාගන්නවා. නැතිනම් වෙළද පලේ ඇති හොද මිරිස් පහේ තෝරා ගන්න. ඒ වගේම  මේ සදහා සෑම මාළු වර්ගයක්ම සුදසු නැහැ. ඒ සදහා බල, කෙලවල්ලන් හා තලපත් යොදාගනු ලබනවා. බල මාළු නම් ටිකක් උෂ්ණ ආහාරයක් නිසා ගර්භණි මව්වරුන් හා මව්කිරි දෙන මව්වරුන්ට බල මාළු වලින් ඇඹුල් තියල් හදලා දෙනවා නම් සැලකිලිමත් වෙන්න.

අපි අද අම්මලා ගෙන්ම එකතු කර ගත්ත  malu ambul thiyal recipe කිහිපයක් ඔබ වෙත ගෙන එනවා. බලන්න ඔබටත් අලුත් දැනුම මොනවා හරි එකතු කරගන්න පුළුවන්ද කියලා.

මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

ප්‍රදේශ අනුව ‌වෙනස් ‌වෙන මාළු ඇඹුල් තියල්

1.නියම පදමට මාළු ඇඹුල් තියල් හදන malu ambul thiyal recipe 

අවශ්‍ය ද්‍රව්‍ය

  • තලපත් හෝ වෙනත් ලොකු මාළු ග‍්‍රෑම් 500 
  • ගොරකා බික් කිහිපයක්
  • ගම්මිරිස් මේස හැදි 3 යි
  •  සුදුළුණු බික් කිහිපයක්
  • ඉගුරු කැබැල්ලක්
  •  කරපිංචා  කොළ ඉත්තක්
  •  අමු මිරිස් කරල් 2 
  • කුරුදු පොතු කැබැල්ලක්
  • ලූණු අවශ්‍ය පමණට

සාදන ආකාරය

මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

අලුත් මාළු ‌තෝරාගන්න.

  • මුලින්ම හොද අලුත් මාළු තෝරා ගෙන ඒවා ලස්සනට කැබලි කපාගන්න. 
  • ගොරකා, ගම්මිරිස්,  අමු මිරිස්, කරපිංචා,  කුරුදු පොතු, ඉගුරු, සුදුළුණු එකට දමා අඹරා පහේ මිශ්‍රණය සකස් කරන්න.  
  • මෙම මිශ්‍රණයට අවශ්‍ය පදමට ලුණු එක් කරන්න.
  • දැන් මැටි හට්ටියකට මේ මිශුණය දමා ඒ මත මාළු කැබලි අතුරා පහේ හොදින් තවරා ටික වේලාවක් තබන්න.
  • දැන් එයට ජලය එකතු කර ලිප තබා හොදින් තම්බා ගන්න.

2.දකු‌‌ණේ හදන විදියේ malu ambul thiyal recipe එකක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බල මාළු 500 g  ( මෙයට කෙලවල්ලන් හෝ තලපත් යොදාගන්න පුළුවන්)
  •  මිරිස් කුඩු
  •  බැදපු පහේ
  • ගම්මිරිස් කුඩු 
  • ලුණු කුඩු 
  • අඹරා ගත් ගොරකා 
  • කරපිංචා කොල  ටිකක් වැඩි පුර 

සාදන ක්‍රමය 

මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?

මාළු ‌නොතැලෙන්න කපාගන්න.

  • අලුත් මාළු අරගෙන කපා සෝදාගන්න.
  • මිරිස් තුනපහ වියලි තාච්චියකට දමා බැදගන්න .
  • එයට ලුණු කුඩු,ගම්මිරිස් කුඩු සහ ගොරකා එකට දමා මිශ්‍ර කරන්න.
  • එයට ජලය කෝප්පයක් එක්කරන්න.
  • දැන් මෙම මිශ්‍රණයේ මාළු කැබලි ගිල්වා පහේ අල්ලන්න විනාඩි 20 පමණ තබන්න.
  • හට්ටියක් ගෙන එයට කෙහෙල් කොළයක් අතුරා ඒ මතින් කරපිංදා කොළ අතුරාගන්න.
  • ඒ මතින් හොදින් පහේ ඇල්ලු මාළු අතුරන්න. ඉන්පසු ඒ මතට මිශුණයේ ඉස්ම ටිකද වත් කරන්න.
  • සාමන්‍ය උෂ්ණත්වයේ පැයක් විතර තම්බාගන්න.

3.සාලයෝ මාළු ඇඹුල්තියල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාලයො මාළු 1 kg
  • ගොරකා බික් කිහිපයක්
  • සුදුලූනු බික් කිහිපයක්
  • ගම්මිරිස් 
  • මිරිස්කුඩු 
  • ලුනු කුඩු
  • කුරුදු 
  • කරපිංචා

සාදන ක්‍රමය

  • මුලින්ම ගොරකා සෝදලා භාජනයකට දාලා ජලය දාලා තම්බා ගෙන ගලේ හොදින් අඹරාගන්න. නැතිනම් ග්‍රයින්ඩර් එකේ දාලා අඹරාගන්නත් පුළුවන්.
  • මෙම ගොරකා මිශ්‍රණයට තලාගත් සුදුලූනු , ගම්මිරිස් , මිරිස්කුඩු සහ අවශ්‍ය ප්‍රමාණයට ලුනු දාන්න.
  • දැන් සුද්ද කර සෝද ගත් සාලයන් එම මිශ්‍රණය දාලා කලවම් කරගන්න. දැන් එයට කරපිංචා, කුරුදු හා ජලය  කෝප්ප 1/4 දමා ලිප තබන්න.
  • හොදින් ඉදිගෙන එනවිට පියනකින් වසා ගින්දර අඩු කර මද ගින්නේ හිදෙන්න හරින්න.

ඔන්න ඔබටත් දැන් තනියම රසවත් මාළු ඇඹුල් තියල් එකක් හදාගන්න පුළුවන්. ඔබ ලගත් ‌වෙනස් විදියට මාළු ඇඹුල් තියල් හදන ‌ෙරෙසපි එකක් තියෙනවා නම් අපිත් එක්ක ‌බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • මාළු ඇඹුල් තියල් වලින් විවිධ රසට මාළු හදමුද?
බෙදාගන්න :
  • බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

    බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

  • බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

    බබාගේ ආහාර වට්ටෝරු: කිරි මාළු

  • රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

    රසම රස මාළු පාන් ගෙදරදීම හදාගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it