theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

5 අවම කියවීම
පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

ඔබේ පුතුගේ ‌පෙරහම ආරක්ෂාකාරීව රැකබලා ගන්න අවශ්‍ය ‌වෙනවා

පිරිමි දරුවෙකු රැකබලා ගැනීමේ දි ඔහුගේ ලිංගික අවයව සමග ප්‍රවේශමෙන් කටයුතු කල යුතු අතර විශේෂයෙන් පෙරහම හා කටයුතු කරන ආකාරය ගැන අවබෝධයක් තිබීම වැදගත්.

පුංචි නොදරුවා මුලිකව හැම දෙයක්ම ඉගෙන ගන්නේ තම දෙමව්පියන් ගෙන්, ඒ නිසා දරුවා පුංචි කාලයේ සියල්ල කියාදීම දෙමව්පියන්ගේ වගකීමයි.

දරුවාගේ ලිංගික අවයව පිරිසිදුව නිසියාකාරව පවත්වා ගැනීම එලෙස කියා දිය යුතු තවත් වැදගත් ජිවිත පාඩමක් වෙනවා.

ඔබේ ආදරණිය පුතා යමක් ‌තේරූම් ගත හැකි වයසට එළඹුන විට මේ ගැන දැනුම ලබා දෙන්න ඔබට ආරම්භ කරන්න පුළුවන්.

නමුත් දරුවා ඉපදුන මුල් අවදියේ එය පහසු නැහැ.

දරුවාගේ සියලු වගකීම් ඔබ සතුයි.

අලුත් අම්මෙක් නැත්නම් තාත්තෙක් විදියට, සෑම දිනකම ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන ඉගෙනීම සහ ඔවුන්ගේ සෑම අවශ්‍යතාවක්ම රැකබලා ගැනීම වගේ දේවල් වලින් දැන් ඔබේ ලෝකය පිරිලා නේද?

නිසි සනීපාරක්ෂාව සැලසීම අම්මා සහ තාත්තා ගේ එදිනෙදා ජීවිතයේ වැදගත් අංගයක් වෙනවා.

අලුත උපන් පිරිමි ළමයින්ගේ දෙමව්පියන් ඔවුන්ගේ දරුවාගේ පෙරහම රැකබලා ගන්නා  ආකාරය ඉගෙන ගැනීම වැදගත්ය.

“ශිෂ්ණයේ ඍජු හිස ආවරණය කරන ආපසු නැමිය හැකි සම” ලෙස මායෝ සායනය මගින් පෙරහම හදුන්වා දෙනවා.

ඔබේ දරුවාට අවුරුදු 2 ක් හෝ 3 ක් වෙන විට  තනි පටකයකින් සෑදි ඇති පෙරහම වෙන්වෙනවා.

මෙසේ වෙන්වීම උපතට පෙර සිදුවිය හැකි නමුත් එය දුර්ලභ සිදුවීමකි. 

මෙය සිදුවීමට සාමාන්‍යයෙන් මාස කිහිපයක් හෝ සමහර අවස්ථාවල සමහර පිරිමි ළමයින් සඳහා අවුරුදු පහක් ගත වෙනවා.

මෙලෙස පෙරහම වෙන්වීම එම වයස් සීමාවෙන් ඔබ්බට සිදුවුවත් ඒ ගැන කණගාටු වෙන්න එපා.

පිරිසිදු කිරීම සඳහා තම පිරිමි දරුවාගේ පෙරහම පිටුපසට ඇදීමට උත්සාහ කිරීම බොහෝ අලුත් අම්මලා කරන වැරැද්දක්.

පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

  • එහෙත්, ළදරුවකුගේ මේ ශිෂ්ණය ආවරණය වෙන සම එය වෙන්වෙන්නට පෙර ආපස්සට අදින්න එපා. එය තුවාල වෙන්න පුළුවන්.

එපමණක්ද නොව, මෙම ශිෂ්ණය වටා ඇති සම කොටස බලෙන් පස්සට ඇදීම දරුවාට වේදනාකාරී වෙන්න පුළුවන්.

ළදරුවන් බොහෝ විට ඩයිපර් මාරු කරන විට හෝ නාවන විට මහත් සේ හැඩීමට හේතුව මෙය වෙන්න පුළුවන්.

  • ඔබේ දරුවාගේ පෙරහම සදහා බලපෑම් කරන්න එපා

මෙලෙස කිරීමෙන් තුවාල ඇති විය හැකි බැවින් ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය අනතුරු අඟවනවා.

එලෙස බලපෑම් කිරීමෙන් ඔබේ දරුවා වැඩෙන පසු එය කිරීම වඩාත් අපහසු හෝ වේදනාකාරී දෙයක් වෙන්න පුළුවන්

  • ළදරුවෙකුගේ පෙරහම පිරිසිදු කිරීමේදී සබන් හා ජලය පමණක් භාවිතා කරන්න

අලුත උපන් බිළිඳකුගේ චර්මච්ඡේදනය නොවූ ශිෂේණය  පිරිසිදුව තබා ගැනීමට ස්නානය කිරීම ප්‍රමාණවත් වෙනවා.

ඒ සදහා සබන් සහ උණුසුම් ජලය භාවිතා කිරීම ප්‍රමාණවත් බව මායෝ සායනය පෙන්වා දෙනවා.

පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

ශිෂේණය  හා ඒ වටා ඇති සම පිරිසිදු කිරීම සඳහා කපු පුළුන් හෝ වෙනත් සංයෝගයක් භාවිතා කරන්න එපා.

ඔබේ දරුවාගේ ශිෂ්ණයේ සම දැනටමත් චර්මච්ඡේදනය වී ඇත්නම්, ඔබට සබන් හා වතුරෙන් තෙත් කළ කපු බෝල භාවිතා කර එය පිරිසිදු කරන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබට ඔවුන්ගේ වෘෂණ කෝෂය මෘදු තුවායකින් පිරිසිදු කරන්න පුළුවන්. රළු ‌රෙදි ‌මේ සදහා භාවිතා කිරීමෙන් දරුවා එය ඇතිල්ලී අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.

වයස අවුරුදු තුන වන විට, ඔබේ දරුවාට ලිංගික සනීපාරක්ෂාව නිසි ‌ලෙස පවත්වා ගන්නා ආකාරය උගන්වන්න.

එහිදි සෑම දිනකම ඔවුන්ගේ පෙරහම යට මෘදු ලෙස පිරිසිදු කිරීම අවශ්‍ය බව කියා දෙන්න.

එය ඔවුන්ට ජිවිත කාලය පුරාම පවතින යහපත් සනීපාරක්ෂක පුරුද්දක් ‌වේවි.

වැඩිවිය පැමිණීමෙන් පසුත් ඔවුන්ගේ ශිෂ්ණය ආවරණය කරන සම පසුපසට අදින්න බැරිද?

එසේනම් එතැන යම් ගැටලුවක් තියෙන්න පුළුවන්.

ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත දරුවා ගෙන යන්න.

ඔවුන්ගේ පෙරහම යටින් සුදු පැහැති ද්‍රව්‍යයක් දුටුවහොත් කලබල වෙන්න එපා

ශිෂ්ණය ආවරණය වෙන සමට යටින් එකතු වන සුදු පාට ද්‍රව්‍ය ළදරු ස්මෙග්මා ලෙස හැඳින්වෙනවා.

මෙය ස්වාභාවික ස්‍රාවයන් හා මළ සෛල වලින් සකස් වී තියෙනවා. මෙලෙස ස්‍රවය ගලා ඒම ජීවිත කාලය පුරාම සිදුවෙන ස්වභාවික ක්‍රියාවලියක් වෙනවා.

ඔබේ ළදරුවාගේ ශිෂ්ණය ආවරණය වී ඇති සම ඔහුගේ නැපියට ඇලී සිටීම වළක්වා ගැනීම සඳහා, ඝර්ෂණය අවම කරන ළදරු හිතකාමී ආලේපනයක් නැපිය මත ආලේප කරන්න. ‌මෙම ආලේපන දරුවාගේ ලිංගික අවයවයේ ආලේප කිරීමෙන් වළකින්න.

ඔබේ පිරිමි දරුවාගේ ලිංගික අවයවය රැකබලා ගැනීම

උණුසුම් ජලය සහ සබන් යොදාගෙන දරුවාගේ පෙරහම සේදීම හැරුණු විට, මෙම වැදගත් සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීමට මතක තබා ගන්න.

පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්

  • මුත්‍රාකල පසු හෝ මළ පිට කළ පසු  වහාම සෝදනන් නැතිනම් පිරිසිදු කරන්න. ඩයපර් වලට ඒවා එකතු වු විට බැක්ටීරියා පහසුවෙන් සෑදිය හැකි අතර එමඟින් ආසාදන අවදානමක් පවතිනවා.
  • නිරන්තරයෙන් ඔවුන්ගේ නැපි මාරු කිරීමට වග බලා ගන්න. දිවා රෑ පුරාම ඔවුන්ගේ අපිරිසිදු වෙන නැපි නිතර මාරු කිරීමට අමතක කරන්න එපා. ඒ මගින් ඔබේ දරුවාට ‌හොද සනීපාරක්ෂාවක් ලැබේවි.
  • සුවඳ විලවුන් හෝ මධ්‍යසාර අඩංගු ළදරු සත්කාර නිෂ්පාදන වලින් භාවිතා කරන්න එපා. ළදරුවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා සුවඳ කැවු බේබි වයිප්ස් වැනි නිෂ්පාදන භාවිතා නොකිරීමට වග බලා ගන්න. සමහර දරුවන්ට ‌මෙවැනි සුවද කැවු නිෂ්පාදන අසාත්මික ‌වෙනන් පුළුවන්.
  • දරැවාගේ ලිංගික ප්‍රදේශය වියළන විට මෘදු තුවායක් භාවිතා කරන්න. ඕනෑවට වඩා ඝර්ෂණය ඇතිවීමෙන්  ඔබේ දරුවාගේ සංවේදී සමට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්.
  • නැපිය අන්දවන විට ඔබේ දරුවාගේ ශිෂ්ණය පහළට යොමු වී ඇති බවට වග බලා ගන්න. නැපීය ඇතිල්ලිමෙන් දරුවා වේදනාවට පත්වීම වළක්වනවා.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් නේද?

නමුත් ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට වග බලා ගන්න.

ඔබට මේ ගැන ගැටලුවක් පවතිනවාද? නැතිනම් අදහසක් පවසන්න අවශ්‍යද? එසේනම් පහතින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කර ඔබේ අදහස් අප හා බෙදාගන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • පිරිමි දරුවාගේ පෙරහම රැකබලා ගැනීමේදී අපි කරන වැරදි 3 ක්
බෙදාගන්න :
  • 3 Mistakes To Avoid When Caring For Your Baby Boy's Foreskin

    3 Mistakes To Avoid When Caring For Your Baby Boy's Foreskin

  • වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

    වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

  • 3 Mistakes To Avoid When Caring For Your Baby Boy's Foreskin

    3 Mistakes To Avoid When Caring For Your Baby Boy's Foreskin

  • වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

    වේගවත් පහරකින් ඔබේ ශිෂ්ණය තුවාල විය හැක්කේ ‌‌මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it