ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

විවාහ ‌දෙස යලිත් හැරී බලන්න විවාහ සංවත්සරය අවස්ථාවක් කරගන්න.

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

සමහර යුවල වලට, ඔවුන්ගේ විවාහ සංවත්සරය සැමරීම සිතුවිල්ලක් පමණක් වෙනවා. නමුත්, ඔබේ විවාහ සංවත්සරය සැමරීම ඔබ සිතනවාට වඩා වැදගත් වෙනවා. මේ ඒ ගැනයි.

ඔබ සෑම වසරකම ඔබේ විවාහ සංවත්සරය සමරනවාද? සමහර යුවල සඳහා, විශේෂයෙන් දිගු කලක් විවාහ වී සිටින අයට, ඔවුන්ගේ විවාහ සංවත්සරය සැමරීම පුරුද්දක් බවට පත්වෙලා තියෙනවා.

සමහර විට, ඔවුන් එය සැමරීම සම්පුර්ණයෙන්ම නවතා දමනවා. ඇත්තටම එසේ වීම විවාහයට බලපානවාද? ‌මේ විවාහ සංවත්සරය සැමරීම හා ‌හොද යුග දිවියක් අතර සම්බන්ධයක් තියෙනවාද? ‌මේ ඒ පිළිබද ගැඹුරින් ‌සොයා යාමකි.

 ඔබේ විවාහ සංවත්සරය අතිශයින්ම වැදගත් වන අතර, එය සැමරීමට ඔබ සැමවිටම උත්සාහ කළ යුතුයි. මෙන්න ඒ සදහා වටිනා හේතු තුනක්.

1.ඔබගේ විශේෂ දිනය සමරන්න රුකුළ් දෙන විවාහ සංවත්සරය

ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

ආදරණිය මතකයන් අවදි කරන්න

ඔබගේ සංවත්සරය දවසේ ඔබ දෙපළට මීට අවුරුදු ගණනකට කලින් ‌මෙවන් දවසක ඔබලාගේ ජිවිතයේ සිදු වු සුවිශේෂි සිදුවීම සිහිකරන්න පුළුවන්.

දවස වු ආදරණිය මතකයන් අලුත් කරමින් ඒ සිදු වු සියලු විනෝද ජනක සිදුවීම් හා විශ්මිත අවස්ථා යලිත් ආදරයෙන් මතක් කරන්න. ඇත්තටම අද පවතින කාර්‍ය බහුල ජිවීත එක්ක ඒ ආදරණිය මතකයන් යලි යලි සිහි කර සතුටු ‌වෙන්න ‌වේලාවක් අපිට නැහැ ‌නේද?

අන්න ඒ නිසා සෑම අවුරුද්දකම එවන් එක් දිනක් ‌හෝ ‌වෙන්කර අතීතයේ වු ආදරණිය සිදුවිම් තුල ගිලි යෑම ඔබට ඒ ආදරයේ සුන්දරත්වය යලි යලිත් මතක් කරාවි. එදාට වඩා වැඩියෙන් එයාට ආදරය කරන්න ඔබට හැගීමක් ඇතිවේවි.

එදා ඇති වු නොසංසුන්තාවය, දැඩි සතුට, මඳක් බිය සහ සියල්ලටම වඩා, ඔබ එකිනෙකා කෙරෙහි ඇති ආදරය ගැන ඔබට ඇති වූ හැඟීම් සිහිපත් කරන්න උත්සාහ කරන්න. 

ඔබ ඔබේ විවාහ සංවත්සරය සමරන විට, ඔබ එක්ව ගෙවු සෑම වසරක් දෙසම යුවළක් ලෙස ආපසු හැරී බලන්න.

ඔබට ගෙවු ප්‍රිතිමත් මතකයන් ගෙන් පිරි ආදරණිය කාලය මතක කිරීමට මෙය හොද අවස්ථාවක්ද වෙනවා. ඒ තුලින් පසුගිය වසර වල සිදු වු හිත් රිදවන සිදුවීම් වටහා ‌ගෙන ඊට වඩා ‌හොද ගමනක් විවාහ ජිවිතය තුල යන්නට අදිටන් කරගන්න.

2.ඔබගේ සම්බන්ධතාවයේ තත්වය පෙන්වන විවාහ සංවත්සරය

ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

හැමදාම එක වගේ ආදරයෙන් කරන ආපසු හැරි බැලීමක්

සෑම වසරකම ඔබ යුවළක් ලෙස ඔබේ විවාහයේ තත්වය  පරීක්ෂා කර බැලීමට විවාහ සංවත්සරය සුදුසුයි.

සමහර විට ඒ මතකයන් ඔබ එතරම් සතුටට පත් නොකලද, ඔබේ සම්බන්ධතාවය වඩා ඉහළ නංවන්න කළ හැකි දේවල් තිබේදැයි එකිනෙකාගෙන් විමසන්න.

විවාහය තුල තිබු යම් යම් පසුබෑම් දියකර හැර අලුත් ගැම්මකින් ජිවිත ගමන ඉදිරියට යන්න ‌මෙය ‌හොද අවස්ථාවක් ‌වේවි.

ඔබට යුවළක් ලෙස එක්ව අරමුණු සකස් කරගන්න පුළුවන්.

ඊළඟ වසරේදි ඔබ මීට වඩා  ලොකු නිවසකට යනවාද තව දරුවන් ගැන හිතනවාද රැකියාව සම්බන්ධව මොකද කරන්නේ වගේ දේවල් සැලසුම් කරන්න මේ සංවත්සර දවස යොදා ගන්න පුළුවන්.

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය සැමවිටම ඔබ යුවළක් ලෙස ගතකරන ඉදිරි වසර විශ්මිත හා සුන්දර කරගන්න.

3.ඔබේ සම්බන්ධතාවය සැමරීම මතක් කරන විවාහ සංවත්සරය

ඔබේ විවාහ සංවත්සරය සැමවිටම සමරන්න වටින හේතු 3 ක්

ආදරය තුල හෑමදාම ආලෝකමත් ‌වෙන්න.

ඔබේ සංවත්සරය සැමරීමකි. ඔබ විවාහක යුවළක් ලෙස එකට තවත් වසරක් ගත කර අවසන් වෙලා නේද? ඉතින් ඒක සමරන්නම වටින දෙයක්.

ඔබේ සහකරුට  නැතිනම් සහකාරියට ආදරණිය තෑග්ගක් ලබා දෙන්න. 

නැතිනම් ප්‍රේමණිය පණිවිඩයක් යවන්න. ඔබගේ සංවත්සරය ඔබ සැමරීමට අවශ්‍ය තවත් එක් දිනයක් විදියට හිතන්න එපා.

ඇත්තටම එය ඔබගේ දෙපළගේම ජීවිත වල සුවිශේෂි සන්ධිස්ථානයක් වෙනවා.  එය ඔබ එකිනෙකා කෙරෙහි ඇති ආදරයේ සැමරීමයි. 

ඔබගේ සංවත්සරය දා ඔබේ පවුලේ අය සමඟ එකට කාලය ගත කිරීමට වග බලා ගන්න. විවාහ ජිවිතය තුල දිගු ගමනක් යන්නට එය ආශිර්වාදයක් වේවි. 

විවාහ ‌නොවී එක්ව පවුල් කෑම වැනි  ‌දේවල් නැති ‌පෙරදිග රටක් වු ශ්‍රී ලංකාව තුල සිදුවන්නේ විවාහ වර්ග ‌දෙකකි.

ඔබ කාලයක් දැන හදුන ‌ගෙන ආදරය කල ආදර විවාහයකට යන්න පුළුවන්. නැතිනම් ‌දෙමව්පියන්ගේ ‌හෝ හිතවතෙකුගේ හදුනාගැනීමක් ඔස්සේ යමින් සිදුවෙන ‌යෝජිත විවාහයකට ඔබට යන්න පුළුවන්. කුමන ක්‍රමයට විවාහ වුවද විවාහය අවසානය සෑම යුගලක්ම යන්නේ එකම ගමනකි.

එහි ආදරය හා ‌තේරූම් ගැනීම අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්.

නමුත් සෑම විවාහ ‌වෙන්න බලාපොරොත්තු ‌වෙන යුවලක්ම නැතිනම් විවාහක යුවලක්ම ‌තේරූම් ගත යුතු ‌දෙයක් තියෙනවා.

හැකිතරම් එකිනෙකා ‌ෙතේරූම් ගනිමින් ආදරයෙන් ‌මේ ගමන යන්න. අද සමාජය ‌දෙස බලන විට ‌ගොඩාක් ‌ප්‍රේම කතා අවසන්  ‌වෙන්නේ උසාවියෙන් දික්කසාදයක් ‌ලෙසිනි.

එයට ‌හේතුව වන්නේ කාර්‍ය බහුල තුල ජීවිතය තුල ආදරය මග හැරීම හා ඔබ එකිනෙකා අතරමං වීමයි.

මෙවන් වකවානුවක විවාහ සංවත්සරය වැදගත් වන්නේ අන්න ඒ නිසයි. ආදරයට එක් දිනක් මදි අවුරුද්දම සමරන්න ඔනි කියන අය අතරෙවත් නැති ආදරය සමරන්න ඔබ එක් දවසක්වත් ‌යොදා ගන්න එක ගැන ආඩම්බර ‌වෙන්න.

විවාහ සංවත්සරය සමරන්න අපිට ‌කොයින්ද සල්ලි කියලා ඔබට දැන් හිතෙන්න පුළුවන්.

නමුත් ඇත්තටම අපි ‌මේ මතක් කරන්නේ දාස් ගණනින් මුදල් වැය කරන විවාහ සංවත්සර උත්සව ගැන ‌නොවෙයි.

කරන්න තියෙන්නේ හරිම සරල ‌දේවල් ටිකක් විතරයි

  • ඔ‌බේ විවාහය සිහි කරමින් පුංචි තෑග්ගක් නැතිනම් ‌මල් ‌පොකුරක් ඔහුට ඇයට ‌දෙන්න.
  • දෙන්නා එක්ක රෑ කෑමකට එළියට යන්න පුළුවන්.
  • නැතිනම් මුහුදු ‌වෙරළට ‌හෝ මල් වත්තකට ‌ගොස් ඇවිදින්න.
  • හැකිනම් දවස් ‌දෙක තුනක චාරිකාවක් යන්න.
  • සප්‍රයිස් එකක් ලෑස්ති කරන්න පුළුවන්
  • නැතිනම් සුවිශේෂි රාත්‍රි ‌භෝජනක් ‌‌ගෙදර සුදානම් කරන්න පුළුවන්
  • දෙදෙනාගේම ආදරණිය මතක සැමරුම් තියෙන තැනක් ආයෙමත් එක්ව ‌නරඹන්න.

මේ පුංචි අදහස් ටිකක් විතරයි. ඔබටත් මීට ‌වෙනස් අදහස් තිබේ නම් අප හා ‌බෙදාගන්න.

ආදරය තිබේ නම් ඔබ වයසට ගියත් විවාහය වයසට යන්නේ නැහැ. ඔබේ විවාහය සෑම වසරකම සමරමින් ආදරණිය මතකයන් අලුත් කරගන්න. එවිට ඔබ ‌දෙපලට ආදර‌යෙන් ‌බොහෝ දුරක් යන්න පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි