theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

4 අවම කියවීම
අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

ප්‍රවේසම් වන්න... අනාචාරය යනු ලිංගික සබඳතා පමණක් ම නොවේ.

අනාචාරයට හේතු වන මූලික කරුණක් වන්නේ ලිංගික සබඳතා කියා බොහෝ විට හුවා දක්වුනත්, වෙනත් ආකාර වලින්ද ඔබ නොදැනුවත්ව අනාචාරයෙහි හැසිරි තිබෙන්නට පුළුවන්. ඔබ එය දන්නවද?

අනාචාරයට හේතු විග්‍රහ කරන්නේ නම්, සදාචාරයට පටහැනි ලෙස කෙනෙක් තවත් අයෙකු සමග හැසිරීම අනාචාරය ලෙස හැඳින්වීමට පුළුවන්. සබඳතාවයක දී ඔබ ඔබේ සහකරුට හෝ සහකාරිය සමග ඇති එකිනෙකාව නොරවටමින් ජිවත් වීම, විශේෂයෙන් ලිංගිකත්වයේ විශ්වාසය කඩකිරීමක් විදිහට හඳුන්වන්නත් පුළුවන්.

සම්ප්‍රදායික වශයෙන් විශ්වාසය කඩකිරීම ලෙස බොහෝ විට තම සහකරු හැර ලිංගිකව වෙනත් අයෙකු සමග හැසිරීම හඳුන්වනවා. එහෙත් දියුණු වන ලෝකය තුළ මෙම විශ්වාසය තවත් බොහෝ අයුරින් අප නොදැනුවත්වම වුවත් කඩ කරන්න පුළුවන් අවස්ථා බහුලයි.

woman-smartphone-girl-technology

1. වස්තූන් සමග ඇති වන සබඳතා

ඔබත් නිවසේ සිට වැඩ කරන මවක් ද? ඔබ දන්නව ද?  අපි නොසිතන ලෙස විවිධ වස්තූන් සමග බැඳීම් ඇති කරගන්න පුළුවන්. එයත් අනාචාරයේ හැසිරීමක් වගේම තමයි. මේ නිසා එමඟින් සාමාන්‍ය ජිවිතයට බොහෝ බලපෑම් එල්ල විය හැකියි. ඉතින් එය අනාචාරයේ හැසිරීමක් ලෙස සැලකීම පුදුමයට කාරණයක්ද?

වස්තූන් සමග ඇතිවන මෙම සමීප සබඳතා  ඇතිවන්නේ ඔබේ බිරිඳ හෝ සැමියා තම පවුල වෙනුවෙන් ඇති කාලය මේ වස්තූන් කෙරෙහි යොමු කිරීමත් සමගම යි. එය රාජකාරියක, සමාජ වෙබ් අඩවි හෝ ස්මාට් ෆෝන් එකක් වුවත් වෙන්න පුළුවන්.

ඔබත් ඔබේ දුරකථනයත් සමගම ජීවිතය ගෙවන කෙනෙක්ද? එහෙනම් මෙයත් රැවටීමක් තමයි.

උදේ අවදි වුන වෙලාවේ ඉඳන් නින්දට යන තුරුත්, කෑම මේසයේ දී, සමහරුන් වැසිකිලියේ දී පවා, ඒ වගේම තම බිරිඳ වැදගත් දෙයක් කතා කරන්න සුදානම් වෙනකොටත් ඔබ මේ අලුත් ආදරය සමග ඇලී ගැලී හිඳිම ඔබ නොසිතත් ඔබේ සහකාරිය රැවටීමක් බවට පත් කරනවා.

මෙය ඉතා අහිංසක කාටවත් කරදරයක් නොවන චර්යාවක් වුවත් එමගින් ඔබ අතර ඇති සබඳතා ටිකෙන් ටික ඔබෙන් ඈත් කරන්නක් විය හැකියි.

මෙම ඇබ්බැහි වීම් ඔබ කෙරෙහි ඔහු කෙරෙහි තිබු අකර්ශනයේ සිට බොහෝ වටිනා දේ පළුදු කරන්නට සමත් වෙනවා. ඒ නිසා යම් වස්තුවක් සමග ආදරෙන් බැඳීම සැබවින් ම අනාචාරයේ හැසිරීමක් තරම් භයානකයි.

lkr_sri_lanka_rupee_currency

2. මුල්‍යමය අනාචාරය

ඔබත් ඔබේ සහකරුත් අතරට මුදල් අවොත්?

බොහෝ සබඳතා අතරට මුදල් මදි වීම නිසා ගැටළු ඇති වීම බහුල කාරණයක්. විහේෂයෙන් මුදල් සම්බන්ධ බොරු කීම විශේෂයි. මේ හේතුවත් අනාචාරයක් ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. ඔබත් පරිස්සම් නොවුනොත් ඔබේ මේ නරක පුරුද්ද විනාශයකට ආරම්භයක් වෙන්න පුළුවන්.

එක්තරා මවක් සමාජ වෙබ් අඩවියක් හරහා තම අත්දැකීම් විස්තර කරමින් කියා තිබුනේ එක වකවානුවකදී අයත් ඇගේ සැමියත් ඔවුන්ගේ අදායම් හා වියදම් ගැන එකිනෙකට සඟවා ගනිමින් ජිවත් වු බවයි.

මෙයට හේතුව හැටියට ‘ ඒ මගේ සල්ලි’ වශයෙන් ඔවුන් යමක් මිලදී ගත් විට කියන්නට පුරුදු වී සිටියා. වාසනාවකට ඔවුන්ට මේ පුරුද්දෙන් මිදෙන්න හැකි වුනා. ඇය මේ කරණය ගෙනහැර දක්වා තිබුනේ ඇය වගේම මේ පුරුද්ද නිසා දුක් විඳින අනෙකුත් අය වෙනුවෙන්.

ඔබ යමක් මිලදී ගන්නට යන විට ඒ ගැන ඔහුට හරි ඇයට හරි කියන්න (විශේෂයෙන් වටිනාකමින් ගොඩක් වැඩි දෙයක්). නැතිනම් අවසානයේ එය ගෙවා දමන්නට යන විට ඔබ දෙදෙනාටම ඉන් දුක් විඳින්න සිදුවෙන්න පුළුවන්.

අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්

3. අනාචාරයට හේතු විය හැකි සංවේදීතාවය

සංවේදී බව නිසා සමහරුන් සීමාවට වඩා ළංකර ගැනීම

මෙය කරදරයක් නොවේ යැයි  සිතුවත් එය ඔබේ විවාහ ජිවිතයට ඔබ නොදැනුවත්වම කරදරයක් වන්න පුළුවන්.

“හැඟීම් වලින් පමණක් ඇතිවන බැඳීම් අනචාරයේදී හැඳින්විය හැකි භයානකම අවස්ථාවක්” වර්චුවල් ඇසිස්ටන්ට් වරියක ලෙස සේවය කරන මර්ජ් අබේරස්ටුරි පවසනවා. මන්ද හැඟීම් කියන්නේ බොහොම බලවත් දෙයක්.

ශාරීරික වශයෙන් වන බැඳීමක දී ඔවුන්ට ඒ කාර්යයේ නිරත වෙන්න සමහර හැඟීම් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මානසික වශයෙන් යමෙකු හරි ගනුදෙනු කිරීමට ආදරය, කැමැත්ත, සෙනෙහස වැනි දේ දැඩිව බලපානවා. ඉන් ගැලවීම ලෙහෙසි නැහැ.

මෙහි අනෙක් භයානක පැත්ත වන්නේ එය සැඟවීම පහසුයි. ඔබේ සහකරු හෝ සහකාරිය මානසිකව හෙවත් හැඟීම් වලින් පමණක් යමෙකුට බැඳී ඇති බව සෙවීම හරිම අමාරුයි. සමහර විට ඔබ එය දැනගන්නා විට බොහෝ දුර ගොස් තිබෙන්නට පුළුවන්.

එවැනි සිදුවීමක් ගැන කියනවනම් මේ බිරිඳත් ඇයගේ සැමියාගේ සබඳතාවය දැනගන්නා විට හුඟක් ප්‍රමාද වැඩයි. ඔහු ඇය සමග නොකියන බොහෝ දේවල් මෙම තුන්වෙනි පාර්ශවය සමග බෙදාගෙන තිබුනා.

අවසානයේ ඔහු ඔහුගේ තුන්වන පාර්ශවය ලෙස ඔවුන්ගේ ජිවිතයට සම්බන්ද වූ කාන්තාව ඇගේ බිරිඳව නොසලකා හරිමින් සම්බන්ධ කරගත්තා.මෙය ඉතා හොඳ මිත්‍ර කමක් වැඩි වර්ධනය වෙලා සීමාව ඉක්මවා ගිය සබඳතාවක් බවයි පැවසෙන්නේ.

“මට මෙය මහ පාවාදීමක් ලෙස දැනුනා”. බිරිඳ කිව්වා. ඊට ඔහු පමණක් නොවෙයි ඇයත් වගකිව යුතුයි. “මම ඇයව දන්නවා ඇයව මගේ දරුවනුත් දන්නවා”. මේ කරණා අනුව අනාචාරය අපි නොදැනම අපේ ගෙදරට එන්න පුළුවන් බව වැටහේවි.

මෙවැනි පුද්ගලයන් ඔබේ සහ ඔබ දරුවන්ගේ ජිවිත වලට ඉතා දරුණු ලෙස වින කරන හේතුවක් බවට පත් වෙන්න පුළුවන්.

ඉතින් ඔබත් ඔබ කරන ඉහත කියූ සබඳතා ඔබේ විවාහ ජිවිතයට තදින්ම අනතුරු කරන බව සිතට ගත යුතුයි. එය ඔබේ විවාහයේ මාරයා වන්නට පුළුවන්.

සියල්ල ඇත්තේ අපේ සිත ප්‍රමුඛ කරගෙනයි. සිතුවිලි පාලනයෙන්, හරි වැරැද්ද තේරුම් ගන්න පහසුයි. නැතිනම් ඉන් අපේ දරුපැටවුන් සහ අපේ සමීපතමයන් අනතුරට බඳුන් වෙනවා.

theAsianparent Sri Lanka අපි ඔබට එය මතක් කලේ ඔබේ හොඳම මිතුරිය ලෙසින් ඔබේ සතුට අපිට හරිම වටින නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • අනාචාරයට හේතු වන ලිංගික ගැටළු නොවන වෙනත් හේතු 3ක්
බෙදාගන්න :
  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්

    මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්

  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්

    මෙන්න ඔබේ සැමියා ඔබව රවටන්නේ නැති බවට සලකුණු 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it