theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්

5 අවම කියවීම
දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්

ගෙදරදීම, පහසුවෙන්ම, විද්‍යාත්මක ලෙස දරුවාගේ බුද්ධිය වර්ධාය කරගන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද?

ඔබේ දරුවාගේ බුද්ධිය වර්ධනය නැතහොත් IQ අග ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ සාර්ථකත්වය වැඩි දියුණු කිරීමට විද්‍යාත්මකව ඔප්පු කර ඇති මේ ක්‍රම ඉතා පහසු මෙන්ම කිසිඳු මුදලක් වැය නොවන තරම්ය.

දරුවන්ගේ බුද්ධිය ආශ්‍රිත දෙමව්පියන්ට පිරිනැමෙන දත්ත රාශියකි. මේවා අතුරින්, අනුගමනය කළ යුතු දේ සහ නොසලකා හැරිය යුතු දේ ගැන නිශ්චිතව දැනගැනීම අභියෝගයක් විය හැකියි.

එබැවින් දරුවන් ඇති දැඩි කිරීම සහ ඒවා ක්‍රියාඅත්මක කළ යුතු ආකාර පිළිබඳව උපදෙස් විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් සනාථ කරන විට එය ඇත්තෙන්ම සතුටක් ගෙනෙ දෙන්නක් වනවා.

චර්යාත්මක මනෝ විද්‍යාඥයෙකු වන බ්‍රයන් රොචේ විසින් බෙදාහදාගන්නා මේ දැනුම විශේෂයෙන්ම විද්‍යාත්මකව තහවුරු වූ උපදෙස් කිහිපයක් මත පදනම් වී තිබෙනවා.

Psychology Today වෙබ් අඩවියේ ජනප්‍රිය බ්ලොග් සටහනක ඔහු ඕනෑම වයස් මට්ටමක සිටින සෑම කෙනෙකුගේම මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වන උපදෙස් කිහිපයක් ඔහු ඉදිරිපත් කර තිබෙනවා.

සරල වෙනස්කම් තුනක් මඟින් දරුවන්ගේ IQ ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය වැඩි දියුණු කළ හැකි ආකාරය පෙන්වා දෙන අධ්‍යයනයන්ද මේ අතර ඔහු සඳහන් කරනවා.

මේ සියල්ල විශාල වෙනස්කම් නොවන කුඩා වෙනස්කම් වන අතර ඒවා සෑම දෙමාපියෙකුටම ක්‍රියාත්මක කරන්නට ඉතාම පහසු ඒවා වීම විශේෂත්වයක්.  ඔබ ඒවායින් සමහරක් දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා වන්නට පුළුවන්:

දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්

1. දරුවාගේ බුද්ධි වර්ධනය කිරීමට ඔමේගා 3 මේද අම්ල පෝෂණය දරුවන්ට දෙන්න

අපි මාළු තෙල් සහ ඔමේගා 3 සහිත අනෙකුත් ප්‍රභවයන් ගැන සිතන්නේ වැඩිහිටියන්ගේ හෘද රෝග වළක්වාගැනීම සඳහා ඇති ප්‍රතිකර්මයක් ලෙසයි.

නමුත් ඔමේගා 3 ඇත්ත වශයෙන්ම දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්නක් බව ඔබ දැන සිටියාද? දරුවන් විසින් හැකි තරම් කලින් මේවා පරිභෝජනයට ගැනීම වඩාත් සුදුසු වනවා.

ඕමේගා 3 එය මව්කිරි වල අඩංගු වන අතර, ජීවිතයේ මුල් සති කිහිපය ඉක්මවා ළදරුවන්ට මව්කිරි දෙන මව්වරුන් තම ළදරුවන්ට නිතැතින්ම ඔමේගා 3 ලබා  දෙනවා, රොචේ පවසයි.

බොහෝ ළදරු පිටිකිරි වල ඔමේගා 3 අන්තර්ගත වන්නේ නැහැ. එය අවාසනාවට කරුණක්. මන්ද අහඹු ලෙස සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ, වයස අවුරුදු 4 දී පවා, ඔමේගා 3 අන්තර්ගත වූ පිටිකිරි පෙවූ දරුවන්, ඔමේගා 3 රහිත පිටිකිරි පරිභෝජනය කළ දරුවන්ට වඩා වැඩි IQ අගයක් පෙන්නුම් කළ බවයි.

දරුවාගේ බුද්ධිය වර්ධනය

මෙයින් තවදුරටත් දිස්වූයේ ළදරු අවදියේ දරුවන්ට ලැබෙන්නට සැලැස්වෙන ඔමේගා 3 නිසා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම ලැබෙන ප්‍රතිලාභයක් විය හැකි බවයි.

ළදරු වියෙන් ඔබ්බට රොචේ නිර්දේශ කරන්නේ දරුවන්ට හැකි ඉක්මනින් මාළු මෙන්ම බ්‍රොකලි හා නිවිතිද ආහාරයට ගැනීම ආරම්භ කරන ලෙසය.

මෙහි ඇති අවාසිය නම් මෙම ආහාර සියල්ලම එක්වර දරුවන්ට කැවීමට තැත්කිරීම අභියෝගයක් විය හැකි නිසයි. වාසනාවකට මෙන්, වෝල්නට්, බ්ලැක්බෙරි, රාස්ප්බෙරි සහ ස්ට්‍රෝබෙරි යන මේ සියළු ඔමේගා 3 අඩංගු විශිෂ්ට ප්‍රභවයන් වීමයි.

මීට අමතරව ඔමේගා 3 අන්තර්ගත පිටිකිරි වර්ගද ඔබට මිලදී ගත හැකියි.  - එය සාමාන්‍ය කිරි මෙන් රසවත් ය. මොළයේ ක්‍රියාකාරිත්වයට සහාය වන ඇමයිනෝ අම්ල අඩංගු බැවින් රොචේ විසින් බහුල ලෙස ප්‍රෝටීන් ගැනීමටද නිර්දේශ කරයි.

2. දරුවාගේ බුද්ධිය වර්ධනය සදහා ඔවුන් සමඟ කතා කරන්න; ඔවුන්ට පොත් කියවන්න.

“ඔබ ඔබේ දරුවා සමඟ වැඩි වැඩියෙන් සංවාද කරන තරමට ඔවුන් බුද්ධිමත් වනු ඇත,” රොචේ ලියයි. නිදසුනක් ලෙස සරල ඉගැන්වීමේ ක්‍රීඩා සෙල්ලම් කිරීම, නිදසුනක් ලෙස වස්තූන් නම් කිරීමට හෝ ගණන් කිරීමට දරුවන් යොමු කිරීම මගින් ඔවුන්ගේ බුද්ධිය තවත් වැඩි කරනු ඇත.

දරුවාගේ බුද්ධිය වර්ධනය

රොචේ මෙසේ ලියයි. “ඔබේ දරුවාගේ වයස අවුරුදු කීපයක් පුරාවට මෙවන් අභ්‍යාස කිරීමෙන් ඔබට ඔබේ දරුවාගේ IQ අගය ලකුණු 6 කින් ඉහළ නැංවිය හැකි වනවා.

මේ නිසා දරුවා සමඟ මෙවන් අභ්‍යාස ඔබට හැකි ඉක්මනින් ආරම්භ කරන්න, ඔහු තවදුරටත් පවසයි. සාක්ෂිවලින් පෙනී යන්නේ, ඔබේ දරුවාට වයස අවුරුදු හතර ඉක්මවූ පසුව මේවා ආරම්භ කිරීමෙන් සාපේක්ෂව විශාල ප්‍රතිලාභයක් නොලැබෙන බවයි.

දරුවන්ට කියවීමද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. රොචේ මෙසේ ලියයි. “බොහෝ විට දරුවන්ට කතන්දර කියන දෙමව්පියන්ට සිටින දරුවන්ට ඉහළ IQ අගයක් ඇත.

දරුවාට සරලව සවන් දෙන්නට සලසනවා වෙනුවට දරුවා සමඟ අන්තර්ක්‍රියාකාරී ලෙස කියවීම තුළින් එම යථාර්තය තවදුරට්ත් සත්‍යයක් වනවා.

ඔබේ දරුවා විශේෂයෙන් සම්බන්ධ වන්නේ කුමක් දැයි කියවන විට සහ දකින විට විවිධ කටහඬවල් සහ හැඟීම් භාවිතා කරන්න. "ඔහු සිතන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් විමසන්න.

“ඔයා හිතන විද්ධියට එයා මොකද හිතන්නේ?" හෝ "ඊළඟට මොකක් වෙයි කියලද ඔයා සිතන්නේ?"

වැනි ප්‍රශ්ණ වලින් දරුවා කථාව තේරුම් ගෙන ඇති බව තහවුරු කර ගැනීමට ඔබට පුළුවන්.

3. දරුවාගේ බුද්ධි වර්ධනය ගැන අපේක්ෂාවෙන් සිටින්න

මෙය එතරම්ම සරල උපක්‍රමයක් වන අතර, එයින් ඇතිවිය හැකි විශාල වෙනසක් බොහෝ දෙමව්පියන් නොදන්නවා විය හැකියි. "Believing You Can Get Smarter Makes You Smarter," නම් වූ විශේෂ අධ්‍යයනයෙන් කියවෙන්නේ ඔබ දක්ෂයෙක් යැයි විශ්වාස කරන තරමට ඔබ දක්ෂයෙක් බවට පත්වේ” ලෙසයි.

දරුවාගේ බුද්ධිය වර්ධනය

මනෝවිද්‍යාඟයින් විසින් සිසුන්ට ඉගැන්වූයේ බුද්ධිය ස්ථාවර ගුණාංගයක් නොවන නමුත් වෙනස් කළ හැකි හා වැඩි දියුණු කළ හැකි බවයි. එය සත්‍යයකි.

මෙම යථාර්තය තේරුම්ගත් සිසුන් අධ්‍යාපනය ගැන උනන්දුවක් දැක්වූවා සේම අධ්‍යාපනයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ඇති බවත්, එසේ නොකළ අයට වඩා ශාස්ත්‍රාලිකයින් වඩා බැරෑරුම් ලෙස සලකන බවත් ඔවුන් සොයා ගත්තා.

මෙම සොයා ගැනීම  දෙමව්පියන්ව පැහැදිලි ක්‍රියාමාර්ගයක් වෙත යොමු කරනවා. ඔබේ දරුවන්ට ඔවුන් බුද්ධිමත් යැයි පවසන්න. ඔවුන්ගේ බුද්ධිමත් බව අපේක්ෂා කරන්න.

ඔවුන් අදට වඩා හෙට වඩා දක්ෂ විය හැකි බව ඔවුන් දැනසිටින බවට වග බලා ගන්න.  මෙය සත්‍යක් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න. මන්ද, ඔබ එසේ කරන්නේ නම්, එය එසේ වනු ඇත.

මූලාශ්‍ර: inc.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • දරුවාගේ බුද්ධිය වර්ධනය කළ හැකි විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම 3ක්
බෙදාගන්න :
  • අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්

    අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්

  • 8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

    8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

  • අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්

    අම්මලා තාත්තලා දැනුවත් විය යුතු දරුවන්ගේ බුද්ධි වර්ග 8 ක්

  • 8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

    8 Kinds Of Intelligence That Mums And Dads Need To Be Aware Of!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it