theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උණුසුම් රාත්‍රියක සරාගි බව ඉහළ නංවන සංසර්ග ක්‍රම 3 ක් 

4 අවම කියවීම
උණුසුම් රාත්‍රියක සරාගි බව ඉහළ නංවන සංසර්ග ක්‍රම 3 ක් උණුසුම් රාත්‍රියක සරාගි බව ඉහළ නංවන සංසර්ග ක්‍රම 3 ක් 

යුගදිවි යහනේ ඒකාකාරි බව නැතිකල හැකි ක්‍රම 3 ක් ‌‌මෙන්න.

විවාහය තුල උණුසුම් බැදීමක් වෙනුවෙන් විවිධ සංසර්ග ක්‍රම අත්හදා බලන්නට යුවල පෙළඹෙනවා. සමහර විට සමහර ක්‍රම වලින් ඔබ ‌දෙපල ‌හෙම්බත් වී ඇති ‌නේද? එහෙනම් ටිකක් හුරු පුරුදු නැති ‌වෙනස් විදියේ ක්‍රම ටිකක් අත්හදා බලන්න.

සරාගී බවත් සමග යුග දිවියේ උණුසුම ඉහළ නංවන සංසර්ග ක්‍රම‌වේදයන් කිහිපයක් ගැන ටිකක් ගැඹුරින් විස්තර කරන ලද ලිපියක් අද ඔබ වෙත ගෙන එනු ලබනවා.

නිදන කාමරය තුල වු ඒකාකාරි බව පළවා හැර විවිධත්වයක් එකතු කිරීම මගින් නැවුම් අත්දැකීම් හඹායෑම සෑම දෙමව්පියෙක්ම කල යුත්තක්.

දැනටමත් ඒකාකාරි බවට පත්ව ඇති යුගදිවිය සරාගිත්වයෙන් අවුළුවාලන්න ක්‍රමයක් ඔබත් සොයනවාද?

එසේනම් මේ උණුසුම් සංසර්ග ක්‍රම 3 ගැන කියවා අත්හදා බලන්නට ඔබට පුළුවන්.

උණුසුම් සංසර්ග ක්‍රම 3 ක්

උණුසුම් රාත්‍රියක සරාගි බව ඉහළ නංවන සංසර්ග ක්‍රම 3 ක් 

විවිධ සංසර්ග ක්‍රම මගින් ලිංගික සම්බන්ධතා නව්‍යකරණය කරනවාට වැඩි යමක් කරන්න පුළුවන්.

නිව්යෝර්ක් කල සිටින මනෝ චිකිත්සකවරියකි වු ඩල්සීනියා පිටගෝරා මේ ගැන දරන්නේ මෙවන් අදහසක්. 

සංසර්ග ක්‍රම‌වේදයන්ට යුවල අතර සංනිවේදනය ගොඩනැංවීමේ අපූරු හැකියාවක් ඇති බව ඇය පවසනවා.

මෙම ක්‍රම අත්හදා බැලීමට ඔබ දෙපළ එහි වු නිතී හා සීමා සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණිම සුදුසු වෙනවා.

ඉන්පසු යුවලක් ලෙස පසු රැකවරණය සැලසුම් කල යුතුයි.

මෙම සංසර්ග ක්‍රමවලට එළඹීමේදි ඔබේ සිත, කය මෙන්ම හැගීම්ද සෑම ඉසව්වකට කැදවා ගෙන යනු ලබනවා.

පසු රැකවරණය තුලින් ඔබ දෙදෙනාටම යලිත් සැබෑ ලෝකයට පැමිණිය හැකිය.

මෙම ක්‍රියාවලිය අතරතුර සිදු වූ දේ කතාබහ කිරීමටත් , ඔබ දෙදෙනා කැමති හා අකමැති දේ අගය කිරීමට සහ පරීක්ෂා කිරීමත් ඔබට සහ ඔබේ සැමියාට හැකිවෙනවා.

යුවලයන්ට උත්සහ කල හැකි උණුසුම් එක්වීම් ක්‍රම 3 ක් මෙන්න

1. අලුත්බව  (මනංකල්පිත බව)

ගැහැණු දරුවකුට ලිංගික ඉරියව්

මෙහි  මනංකල්පිත බව, ආශාවන් සහ කුතුහලයන් අන්තර්ගතයි. 

නිදසුනක් වශයෙන්, ඔබට හෝ ඔබේ සැමියාට එකතු වී ලැයිස්තුවක් සකස් කරන්න පුළුවන්.

එයට ඔබ දෙපළට රහසින් කිරීමට අවශ්‍ය වු නමුත්  උත්සාහ කල නොහැකි වු  හෝ ඒ සදහා අවස්ථාවක් නොලැබුණු සරාගී හැසිරීම් ඇතුලත් කරන්න.

ඒවා කඩදාසි තීරු වල ලියා රෝල් කර බදුනකට දමන්න.

ඉන් කඩදාසි කැබැල්ලක් අහඹු ලෙස ගන්න. නැතහොත් සත්‍ය හෙලිකිරීම නිර්භීත වීමේ ක්‍රිඩාව කරන්න.

එහිදි  එකිනෙකාගේ රහස්‍ය මනංකල්පිතයන් ගැන ප්‍රශ්න අසන්න හා නිර්භීතව උත්තර දෙන්න. 

ඔබ දෙදෙනා මෙයට  එකඟ වුවද, එය උත්සහ කිරීමට  පෙර, නැවත වරක් එකඟ වීමට වග බලා ගන්න.

ඔබ ඒ සදහා සුදානම් නැතිනම් අවසාන මොහොතේදී හෝ  ඔබට එය තීරණය කිරීමට පුළුවන්. 

දෙදෙනා ගෙන් එක් අයෙකුට හෝ අපහසුතාවක් දැනෙන විට එය නතර කිරීමට ඉගි කල හැකි ආරක්ෂිත වචනයක් හෝ අභිනයක් සුදානම් කරගන්න.

2. රඟ දැක්වීම

ගැබ් ගැනීම වැලැක්වීම

මෙහිදි මනංකල්පිතයක් ඉටු කිරීම සඳහා වෙනත් පුද්ගලයෙකු / චරිතයක් ලෙස ක්‍රියා කරනු ලබනවා.

එහිදි  අධිපති හා යටහත් සම්බන්ධතාවයක් යොදාගන්න පුළුවන්.

ආයතන ප්‍රධානියා / සේවකයෙකු, වෛද්‍යවරයා/ හෙදියක් ‌හෝ මාංචු වැනි උපකරණ එක්ක රග දැක්වීම  වැනි නව අනන්‍යතාවයක් එක්ක ඔබේ පරිකල්පනයට ඉබාගාතේ යන්න දෙන්න.

 ඔබ යුවළක් ලෙස රඟපාන විට, ඔබට සහ සැමියාට සැමවිටම උත්සාහ කිරීමට අවශ්‍ය චරිත බවට පත්ව එය ඉටු කරගන්න පුළුවන්.

මෙහිදි  ඔබ දෙදෙනා ඔබේ කාමුක ආශාවන්, මනංකල්පිතයන් සහ ස්වයං හඳුනාගැනීම්  හඹා යන්නට මෙන්ම විශ්වාසය ගොඩනැනීමට පුළුවන.

ඔබට කල්පනා කර  ඇඳේ එකට ක්‍රියා කළ හැකි නිමක් නැති අවස්ථා හෝ ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. 

රඟ දැක්වීමට කලින් පෙර අත්දැකීම් ගැන සාකච්ඡා කිරීමට සහ අවශ්‍ය නම් සීමාවන් නියම කිරීමට මතක තබා ගන්න.

මෙය අවසන් වු විට , සමීප සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට  සහ ඔබ දෙපලගේ බැඳීම වැඩි කර ගැනීම සඳහා පසු රැකවරණය තුලදී  ‌ප්‍රේමණිය වීමට හා ආදරණිය ක්‍රියාකාරකම් කිහිපයක් කිරිමට අමතක නොකරන්න.

3. නොපවතින යථාර්ථය (VR)

සංසර්ග ක්‍රම

VR යනු කුමක්ද? ඉහත පින්තූරයේ හිස සවි කර ඇති සංදර්ශකය වැනි පරිගණක උපකරණ භාවිතා කිරීම මෙහිදි සිදුවෙනවා. 

තිරයක් බැලීම වෙනුවට, එහිදි තාක්ෂණය භාවිතයෙන් ඔබ සත්‍ය ලෙස නව ලෝකයක  සිටින ආකාරයට එය අත්විඳීන්න පුළුවන්.

මෙහිදි අපි මුලින් කතා කල සංසර්ග වර්ග දෙක එකතුවෙන අතර කෘතිම ලිංගික අත්දැකීමක් නිර්මාණය කරනවා.

යුවලක් ආරක්ෂිත බැම්මක් නොමැති කටයුතු කිරීම සුදුසු වෙනවා.

 නොපවතින ලෝකයේ පමණක් අත්විඳිය හැකි අද්විතීය චරිතයක් හෝ විශ්වයක් නිර්මාණය කිරීම ගැන සිතා බලන්න.

එය යථාර්ථයේ කළ නොහැකි ආකාරවලින් එකිනෙකාගේ ලිංගික අනන්‍යතාවය හෝ ශරීරය ගවේෂණය කිරීමේ ක්‍රමයකි.

කෙසේ වෙතත්, ඔබ හෝ ඔබේ සැමියා හුදකලා වීමට කැමති  නම්, VR මගින්  හුදෙකලා වීමේ ප්‍රවණතාවක් ශක්තිමත් කරන්න පුළුවන්.

නමුත්  එකිනෙකා භෞතිකව උත්තේජනය කිරීමට ලාභදායී ක්‍රමයක් නැහැ.

මෙහි ගුණාත්මක භාවයෙහි ධනාත්මක හා ඍණාත්මක යන දෙකම ඇති අතර එය  පිරිමින්ට වඩාත් ගැලපෙනවා.

මෙම ක්‍රමය  ඉතා ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය.

 සංසර්ග ක්‍රම එක්ක තරඟ කරන්න එපා

ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් ගත් කල, එහි තරඟයක් නැහැ. ඔබ ‌දෙපල අතර නම් කිසිසේත්ම තරගයක් තිබීම සුදුසු නැහැ.

ඔබ ඇඳේ කොතරම් හොඳින් කරනවාද යන්න සම්පූර්ණයෙන්ම ස්වාධීන බව මතක තබාගන්න.

නමුත් දිගු කලක් එකම කිරීම සැමවිටම සුදුසු නැහැ. අලුත් අත්දැකීම් හා විවිධත්වය ඔබේ ලිංගික ජිවිතයේ ඒකාකාරිත්වය නැති කර දමාවි.

 අප  කාර්යාලයේදී, පවුල් හමුවීම් වලදි  සහ ප්‍රසිද්ධියේ විනිශ්චය හා සංසන්දනය කරන දේවල් නිදන කාමරයට ගෙන එන්න එපා.

වැදගත්ම දෙය  ලිංගික ජිවිතය තුල පරාජිතයෙකු නොවිමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුල් රචනය: Nicholas Yong

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • උණුසුම් රාත්‍රියක සරාගි බව ඉහළ නංවන සංසර්ග ක්‍රම 3 ක් 
බෙදාගන්න :
  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

    කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

    කාන්තාවන්ට යුගදිවි යහන කටු යහනක් කරන පිරිමින්ගේ ‌ලොකුම වැරදි 10

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it