theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

 පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා

3 අවම කියවීම
 පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා

පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන්න පුලුවන් සුවිශේෂී ගැහැණු තිදෙනෙක් ඉන්නවා. එම ගැහැණුන් තිදෙනා කවුරුන්ද? එම තිදෙනා සමග ගණුදෙනු කරන්නේ කෙසේදැයි බලමු.

පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන්න පුලුවන් සුවිශේෂී කාන්තාවන් තිදෙනෙක් ඉන්නවා.

එම ගැහැණුන් තිදෙනා කවුරුන්ද? එම සුවිශේෂී කාන්තාවන් තිදෙනා සමග ගණුදෙනු කරන්නේ කෙසේදැයි බලමු.

පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා

1. මව

 පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා

ඇය ඔහුට ජීවිතය දෙන්නිය වේ. තම ලෙයින් ජාතක කල පුතු වෙනුවෙන් අපමණ කැපවීම් කරයි.

පුතා තේරුම් ගත යුතු වන්නේ මව වුවද ඇයද ගැහැණියක බවය. ඇයද සීයට සීයක් නිවැරදි නොවන බවත් අවබෝධයට ගත යුතුය .

2. බිරිඳ

ප්‍රීතිමත් විවාහය

පුරුෂයෙකුට දෙවැනි වර උපත ලබා දෙන්නිය වේ. තම ජිවිතයේ සියල්ල අතහැර තම සැමියා වෙනුවෙන් කැප වෙයි.

තම බිරිඳද ගැහැණියක් බවත් ඇයත් සීයට සීයක් නිවැරදි නොවන බවත් සැමියා තේරුම් ගත යුතුය.

3. දියණිය

දරුවන් සමඟ සබඳතා

පුරුෂයෙකුගේ ලේ උරුමය වේ. ඔහුගේ ලෙයින් ජනිත වන ඕ පුරුෂයෙකුගේ ජීවිතයේ පළමු තැන ලබා ගනී.

මවද, බිරිඳද පසෙකලා ඕ පෙරමුණට එයි. ඇයද ගැහැණියක බවත් ඕද සීයට සීයක් නිවැරදි නොවන බව සෑම පියෙක්ම අවබෝධ කරගත යුතුය.

මෙන්න මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා සමග පුරුෂයෙක් ගණුදෙනු කල යුත්තේ කෙසේද ?

1.පක්ෂපාතී නොවන්න

කිසිම විටෙක එක් අයෙකුට  විශේෂත්වයක් දක්වන්න එපා. ඒ ඔබේ ආදරණීය අම්මා වන්නට පුලුවන් ,ආදරණීය බිරිද එසේත් නැත්තම් ආදරණීය දියණිය වෙන්න පුලුවන් .

ඒ සියල්ලන්ම ඔබ වෙනුවෙන් අපමණ දේ  කැප කර තිබෙන බව අමතක නොකරන්න .

කිසිවිටෙක එක් අයෙකුගේ පැත්ත ගෙන අනෙකාට හිංසා කරන්න එපා.

2.සවන්දෙන්න මැදිහත් නොවන්න

ඔවුන්ට ඔවුන් එකිනෙකා අතර ප්‍රශ්න ඇත්නම් සියලුම පාර්ශ්වයන්ට සවන් දෙන්න .ඔවුන් පවසන සියල්ලම සත්‍ය නොවන බැවින් ඒ මත පිහිටා කිසිම විනිශ්චයක් නොදෙන්න .ඒ වගේම ඒ ප්‍රශ්න වලට මැදිහත් වීමට යෑමෙන් ඔබ පීඩනයට පත්විය හැකිය .

3.සම සේ සලකන්න

ඔබ ඔබගේ මවට, දියණියට සලකන ලෙසම ඔබේ බිරිඳටද සලකන්න. ආහාර, බෙහෙත් ආදිය අරගෙන දෙන්න. හැමදෙනාටම ආදරේ අවැසි බව මතක තබා ගන්න. සම සේ සලකන විට ඔවුන් එකිනෙකා අතර ඊර්ෂ්‍යාව ඇති නොවේ.

ඒ තුලින් ඔබට ඔවුන් අතර ගැටුම් ඇතිවීම  වලක්වා ගත හැක.

4.සුවිශේෂී කාන්තාවන් ගේ සැබෑ තත්වය හදුනගන්න

මිනිසුන් තුල ඔවුන්ගේ පෙන්නුම් කරන ස්වරූපයට එහා ගිය ස්වරූපයක් ඇත.

එනම් ගැහැණු පිරිමි භේදයකින් තොරව සෑම කෙනෙක්ම වෙස්මුහුණක් පලදින බවය. ඔබට මුලු ජීවිත කාලයේම හොද මුහුණක් පෙන්වා ගෙන සිටිනවා විය හැකිය. හොඳම දේ නම් ඔබ සුවිශේෂී තිදෙනා පිලිබඳ මනා අවබෝධයක් ලබා ගෙන ඔවුන් හොදින් හදුනා ගැනීම ඔබට ජීවිතය පහසු කරනු ඇත.

5.ඉවසන්න

ඉවසීම කියන්නේ කරන්න ටිකක් අමාරු ඒත් කරන්න සිදුවෙන  දෙයක්. එක් කෙනෙක් කියු පලියට අනිත් කෙනාට කෝපයෙන් කෑගසමින් ඇයව අපහසුතාවයට පත් නොකරන්න. මදවේලාවකින් ඔබේ කෝපය නිවේවි. එහිත් පිටවු වචන යලිත් ඇද ගත නොහැක. ඔබේ ආදරණීය හිතක් දුකට පත් කරන ඒ වචන මොහොතකින් ඔබවද පසු තැවීමට පත් කරාවි. එම නිසා ඉවසීමෙන් සැනසීම ලගාකර ගන්න .

6. බුද්ධිමත් වෙන්න

බුද්ධිමත් වීම  මගින් ඔබට මේ තිදෙනාව මනාව කළමනාකරණය කර ගන්න හැකිය .මේ සදහා පුලුල් බුද්ධියක් අවශ්‍ය වෙන්නේ නැහැ.

අවස්ථාවට උචිත ලෙස ඔබව හැසිරවීමට ඔබේ මොලයට පුලුවන් වෙන්න ඕනී.ඔබේ ක්‍රියා, ප්‍රතික්‍රියා සියල්ල ඔබේ ආදරණීයන්ට විවිධ අයුරින් බලපාන්න පුලුවන්. හිතක් දිනා ගන්න කොතරම් අමාරු වුනත් හිතක් කැඩෙන්න යන්නේ එක මොහොතක් බවත්, එම කැඩුන සිත යලි තිබුන විදියටම සකස් කල නොහැකි බවත් අමතක නොකරන්න.

7. සුවිශේෂී කාන්තාවන් අතර මනා පරතරයක් පවත්වා ගන්න

මේ සුවිශේෂී කාන්තාවන් චරිත තුන අතර මනා පරතරයක්  පවත්වා නොගන්නේ නම් ඉන් තැලී පොඩිවෙන්නේ ඔබම බව අමතක නොකරන්න .ඔවුන් ඉදිරියේ අනිකාගේ ගුණ හෝ දොස්  පැවසීමෙන්  සිත් බිදීම් ඇති වේ.එම නිසා ඔවුන් මනාව හැසිරවීමට ඔබ වග බලා ගත  යුතුය.

පුතෙක්, සැමියෙක්, පියෙක් විදියට ඔබේ මවට, බිරිදට හා දියණියට ඔබෙන් ඉටුවිය යුතු වගකීම් ගොඩාක් තියෙනවා .එයාලා හැමෝම ඔබ වෙනුවෙන් කැප වීම් කරලා තියෙනවා. ඒක නිසා එක් අයෙකුට වැඩි සැලකිලි නොදක්වා තිදෙනාම ආදරයෙන් සැලකීම ඔබේ වගකීමකි.

 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  •  පුරුෂයෙක්ට තම ජීවිතයේ මුණගැහෙන මේ සුවිශේෂී කාන්තාවන් තිදෙනා
බෙදාගන්න :
  • අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු

    අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු

  • පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

    පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

  • අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු

    අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු

  • පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

    පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it