දරු ප්‍රසූතියේ අදියර තුන: ගර්භනී මව්වරුනට අගනා මගපෙන්වීමක්

දරු ප්‍රසූතියේ අදියර තුන: ගර්භනී මව්වරුනට අගනා මගපෙන්වීමක්

ගැබිනි මව්වරුනි, ළඟ එන ඔබේ දරුවාගේ උපත ගැන ඔබ කලබල වෙලාද ඉන්නේ? දරු ප්‍රසූතියේ විවිධ අදියර ගැන වැඩි විස්තර දැනගැනීමට මෙය කියවන්න. එවිට ඔබ බලාපොරොත්තු විය යුතු දේ ගැන පූර්ණ අවබෝධයෙන් යුතුව දරු ප්‍රසූතියට මුහුණ දෙන්න පුළුවන්. 

ප්‍රධාන ලෙස දරු ප්‍රසූතිය අදියර තුන කින් සමන්විත වනවා. ඔබ හිතන විධියට මෙහි අවසාන අදියර වන්නේ දරුවා ප්‍රසූත කිරීම නෙවෙයි. ඒ ඔබේ වැදෑමහ හා පටල බැහැර කිරීමයි.

ඔබ ගැබිනි මවක් නම්, මෙම ක්‍රියාදාමය අදියරෙන් අදියර සිදුවන ආකාරය ගැන දැනුවත් වීම, ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනවා.

මෙය අනවශ්‍ය තැති ගැනීම් හා අනපේක්ෂිත කලබල වීමකින් තොරව, ඔබට සැලසුම් සහගතව දරු ප්‍රසූතියට සූදානම් වන්නට උදව් වනවා.

ප්‍රසූතියේ ප්‍රධාන අදියර තුනක් සහ එක් එක් ඒවායින් ඔබට අපේක්ෂා කළ හැකි දේ මෙන්න.

දරු ප්‍රසූතියේ අදියර තුන: ගර්භනී මව්වරුනට අගනා මගපෙන්වීමක්

දරු ප්‍රසූතියේ පළමු අදියරේදී, ඔබේ ගැබ්ගෙල ප්‍රසූතිය සඳහා සූදානම් වීමේ දී ක්‍රමයෙන් ලිහිල් වී, තුනී වී, විවෘත වනු ඇත.

දරු ප්‍රසූතිය අදියර: පළමු අදියර

මෙම අදියර ආරම්භ වන්නේ ඔබේ ගැබ්ගෙල ලිහිල් වීමටත් විවෘත වීමටත් පටන් ගන්නා විටය. මේ අදියරද  උප අදියර තුනකින් සමන්විත වනවා: නිලීන අවධිය, ක්‍රියාකාරී අවදිය සහ සංක්‍රාන්ති අවදිය ලෙස වනවා.

නිලීන අවදිය

නිලීන අවදිය නම් ඔබේ ගැබ්ගෙල මුලින්ම තුනී වීමටත්, මෘදු වීමටත් හා විශාල වීමට හා ඇදීමට ලක්වීමටත් පටන්ගන්නා අවදියයි. මෙය පැය කිහිපයක් හෝ දින කිහිපයක් පුරාවට වුවත් සිදුවන්නට පුලුවන්. ඔබට යම් සංකෝචනයක් දැනෙන්නට පටන් ගත හැකි නමුත් ඒවා නියමිත කාල පරාසයක් අනුව සිදු නොවිය හැකියි.

ඔබේ වේදනා දරාගැනීමේ සීමාව මත පදනම්ව, ඔබට මේ අවස්ථාවේදී යම් අපහසුතාවයක් දනෙන්නට පිළිවෙන.

නැතහොත් කිසිවක් නොදැනෙනු ඇත. මේ සිදුවීම් අතරතුර ඔබ ඔබේ දෛනික ක්‍රියාකාරකම් වල නිරත වනවා වන්නට පිලිවෙනි.

ඔබ මෙම නිලීන අවදිය පසුකරමින් සිටින බවට සාධක කිහිපයක් මේ:

  • ‘රුධිර ශ්‍රාව’ – මෙය ලේ පැල්ලම් සහිත ශ්ලේෂ්මලයකි
  • පාචන තත්වය* ඔසප් වේදනාව හා සමාන කැක්කුම* යටි කොන්දේ වේදනාව* ඔක්කාරය
  • ඔබේ යෝනි මාර්ගයෙන් හදිසියේ ගලා යන තරල කාන්දු වීමක් පෙන්නුම් කරන්නේ ඔබේ ජල බෑගය බිඳී ඇති බව පෙන්නුම් කරන්නකි. මෙම තරලය පැහැදිලි හෝ රෝස පැහැයෙන් යුක්ත විය හැක.

කොළ පැහැති හෝ රුධිරය වැනි තරලයක් දක්නට ලැබේ නම් නොපමාව ඔබේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.

මෙම අදියර අවසානයේදී, ඔබ වඩාත් වෙහෙසට හා නොසන්සුන්තාවයට පත්වීමට පටන් ගන්නා අතර ඔබට දැනෙන අසහනය තීව්‍ර විය හැකිය.

ඔබට වේදනා තරංග දැනීමට පටන් ගනු ඇත.  සුළුවෙන් ආරම්භ වී, පසුව වැඩි වන වේදනාව යළීත් පහව යනු ඇත.

එක් එක් වේදනා තරංග අතර කාල පරතරය ඇතුළුව ඔබ අත්විඳින අපහසුතාව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දිය යුතු වනවා.

ඒ අනුව, ඔබ රෝහලට යා යුතුද නැත්නම් නිවසේ සිටිය යුතුද යන්න ඔබේ වෛද්‍යවරයා විසින් ඔබට දැනුම් දෙනු ඇත.

අවසානයේදී, එක් එක් ‘වේදනා තරංග’ අතර කාල පරතරය අඩු වන්නට පටන් ගනු ඇත. මෙම වේදනා තරංග අතර කාල පරතරය මිනිත්තු තුනකට හෝ පහකට අඩු වූ විට, එය අනිවාර්යයෙන්ම රෝහලට යා යුතු වේලාව වනු ඇත.

ප්‍රසූතියේ නිලීන අවධිය යනු ඔබේ ශරීරය දරු උපත සඳහා සූදානම් කරන අවදියයි. මෙම කාලය තුළ, ඔබට අවශ්‍ය ශක්තිය නිරතුරුව සපයාගැනීම සඳහා කුඩා ප්‍රමාණ වලින්, ශක්තිජනක ආහාර වේල් ලබාගන්න.

හැකි සෑම විටම විවේක ගන්න. උණුසුම් වතුරින් ස්නානය කරන්න. නිතර වැසිකිළි යන්න. හැකිනම් මළ පහ කරන්න. මේවා මගින් ඔබට මෙම කර්තවයෙදී අවශ්‍ය වන බලශක්ති සංචිතය ගොඩනගා ගන්නට පිළිවෙනි.

stages-of-labour-second

මේ කර්තවය සඳහා ඔබේ සහකරුවත් හවුල් කරගන්න

ක්‍රියාකාරී ප්‍රසූත අදියර

න්, ඔබේ සංකෝචන එක පිට එක මෙන්ම දැඩි ලෙස අත්විඳින්නට ගන්නවා. සෑම මිනිත්තු තුන හතරකට වරක් ඇතිවන සංකෝචන තත්පර 90 ක් පමණ දක්වා පැවතිය හැකියි.

මෙම ප්‍රබල සංකෝචන අත්විඳින අතරතුර ඔබට කතාබහ කිරීම අපහසු වනු ඇත. මෙවිට ඔබ හිත දැඩි කොට, සිත සන්සුන් කිරීමේ ක්‍රමවේද භාවිතා කරමින්, හුස්ම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නට උත්සාහ කරන්න.

සමහර කාන්තාවන් ඇවිදීම මගින් සංකෝචනය වීම් වලට සහනයක් ලබාගන්නවා.

අපහසුතාවයන් සමනය කරගත හැකි තව ක්‍රමයක් වන්නේ නාන කාමරයේ වතුර මල යට සිටීමයි. වතුර පහර යටි කොන්ද මතට වැටෙන්නට සැලැස්වීමෙන් යම් සහනයක් ලැබෙන බව සොයාගෙන තිබෙනවා.

සංක්‍රාන්ති අවධිය

මේ වන විට, ඔබේ ගැබ්ගෙල සෙන්ටිමීටර 8ක් පමණ විවර වී ඇති අතර මුල් වරට ඒ දෙසට දරුවා තල්ලු වීමේ තෙරපුම ඔබට දැනේවි. දැන් ඔබේ සංකෝචන වාර ගණන අඩු විය හැකි නමුත්, ඒවා පෙරට වඩා බොහෝ බලවත් වන අතර දිගු කාලයක් පවතිනු ඇත.

ඔබේ චිත්තවේගයන් වේගවත් විය හැකි අතර ඇඟට සීතල, අසනීප ග්හතිය මෙන්ම වෙව්ලීම පවා දැනෙන්නට පිළිවෙන.

මෙය බොහෝ විට ප්‍රසූත ක්‍රියාවලියේ වඩාත්ම අභියෝගාත්මක අවධිය වන අතර ඔබට තවදුරටත් එය කරගෙන යා නොහැකි බවක් හැඟෙන්නට පුළුවන.

නමුත් ශුභාරංචිය නම් අවසානය ඉතා ආසන්න වන අතර ඉක්මනින් ඔබ ඔබේ පුංචි සුරංගනාවිය හෝ කුමරා මුල් වරට ඔබේ දෝතට ගනු ඇති බවයි.

දරු ප්‍රසූතිය අදියර: දෙවන අදියර

මේ වන විට, ඔබේ ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවෘත වී ඇත. දැන් ඔබේ දරුවා පිටතට තල්ලු කිරීමට ඔබ සූදානම්.
ඔබ පහත සඳහන් මේ දේවල් අත්විඳින්නට පුළුවන:

  • මිනිත්තුවක පමණක් විරාම අතර දැඩි මෙන්ම දිගු කාලීන සංකෝචන
  • ඔබේ තට්ටම් ප්‍රදේශයේ දැනෙන තෙරපුම
  • පිටතට තල්ලු කිරීමට දැඩි අවශ්‍යාතාව
  • ඔක්කාරය, වමනය, වෙව්ලීම
  • ඔබේ යෝනි දැනෙන ඇදීම, දැවෙනසුළු ගතිය හා සංවේදීතාවය

ඔබගේ සංකෝචන කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න. සංකෝචන අතර හොදින් හුස්ම ඉහළට ගන්න ගමන් හුස්ම පිට කිරීමත් සමඟ සන්සුන් වන්න.

ඔබේ ශරීරයට ඇහුම්කන් දෙන්න

ඇවිදීම, දණගැසීම, සිටගෙන සිටීම, වාඩි වී සිටීම හෝ උපත් බෝලයක් මතට නැඹුරු වීම වැනි විවිධ ඉරියව් උත්සාහ කර බලන්න.

ඔබට උණුසුම් බවක් දැනේ නම් ඔබේ සහකරු හෝ වින්නඹු මාතාවගේ උදව් ගෙන සිසිල් රෙදිකඩකින් මුහුණ තෙමාගන්න.

මෙම අදියර මිනිත්තු කිහිපයකින් පසු විය හැකිය, නැතහොත් පැය කිහිපයක් පැවතිය හැකිය. සාමාන්යයෙන්, ඔබට මීට පෙර දරුවෙකු බිහි කළ මවක් නම් ප්‍රසූතියේ මෙම දෙවන අදියර කෙටි එකක් වනු ඇත.

දරු ප්‍රසූතිය අදියර:

පිටතට තල්ලු කිරීමට දැනෙන දැඩි අවශ්‍යතාවට අවනත වන්න.

තල්ලු කිරීම

පිටතට තල්ලු කිරීමට ඇති දැඩි අවශ්‍යතාව එළඹුනු විට, එය වඩාත් තීව්‍ර විය හැකිය.

කලබල වීමට වඩා, ඔබේ වින්නඹු මාතාවට හෝ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට ඇහුම්කන් දෙන්න.

ඔබේ ශරීරය මෙසේ තල්ලු කිරීමට පෙළඹෙන අතර, වේලාව පැමිණි විට, ඔබේ සියලු ශක්තිය යොදා පිටතට තල්ලු කරන්න. (මේ අතරවාරයේ ඔබේ සංචිත ශක්තිය තවදුරට රැකගන්නටත් උත්සාහ කරන්න).

තල්ලු කිරීමේ අවශ්‍යතාවයට අමතරව ඔබට දැනෙන්නට පුළුවන් තවත් දෙයක් තමා වැසිකිළි යෑමට ඇති දැඩි අවශ්‍යතාවය.

ළදරුවාගේ හිස පහළට ගමන් කරමින් තිබීම නිසා ඔබේ යෝනි මාර්ගයෙහි ඇදීම/දැවීම පිළිබඳ හැඟීමක්ද දැනෙන්නට පුළුවන්.

දැන්, එක් එක් සංකෝචනයත් සමඟම, ඔබේ දරුවාගේ හිස ඔබේ ශ්‍රෝණි ප්‍රදේශය තුළට පහළට තල්ලු කරනු ඇති අතර උපත් නාලය හරහා තව ටිකක් ඉදිරියට එනු ඇත.

ඔබේ දරුවාගේ හිස පිටතට මතු වූ විට, තල්ලු කරනවා වෙනුවට හති හැරීමට උත්සාහ කරන්න.

ඔබේ කුඩා දරුවාගේ හිස පිටතට ආ පසු, ඔහුගේ ශරීරයේ ඉතිරි කොටස් පහතට ලිස්සා එනු ඇත. මෙම කර්තවය සාර්ථකව නිම වී ඇත!- ඔබ දැන් නව ජීවයකට පණ පොවා ඇත. ඔබේම පුංචි දියණියට හෝ පුත් රුවනකට ජීවය දී ඇත. ඔබ මවක් වී වැත. ඉතින් නිල වශයෙන් ඔබ උතුම් මව් පදවිය ලැබූ වගයි!   සුභ පැතුම්!

stages of labour-birth

දරු ප්‍රසූතිය අදියර: තෙවන අදියර

ඔබ මේ වන විට ඔබේ දරුවා තුරුල් කරගෙන ඇති. මව්කිරි දීම පටන් අරගෙනත් ඇති.  නමුත් ප්‍රසූත ක්‍රියාවලිය නම් තවමත් අවසන් නැත.

මෙම අවසාන අදියරේදී, ගර්භණී සමය පුරාවට ඔබේ දරුවාට ඇදහිය නොහැකි තරම්. පෝෂණයක් ලබා දුන් අනුපමේය මෙහෙවර කළ අද්විතීය ඉන්ද්‍රිය වන වැදෑමහ සිරුරෙන් බැහැර කරනු ඇත.

ඔබට නැවතත් ස්වාභාවිකවම සංකෝචන නිසා වේදනා තරංග දැනෙනු ඇත.

නැතහොත් ඇතැම් විට ඔබේ වෛද්‍යවරයා ඔබට මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා එන්නතක් ලබා දෙනු ඇති.

ඔබ මීට පෙර අත්විඳින ලද වේදනා වලට සාපේක්ෂව මෙය ඉතාම සුළු එකක් වනු ඇත.

ඔබේ යෝනි මාර්ගයේ බරක් ඔබට දැනෙන්නට පුළුවන් වනවා.

ඒ අතර ඒ සමඟම වැදෑමහ සහ ඒ ආශ්‍රිත පටල වරක් හෝ ද්වරක් තල්ලු කිරීමත් සමඟ පිටතට බැහැර කළ හැකි වනු ඇත.

වැදෑමහ බැහැර කර ඇත්දැයි තහවුරු කරගැනීමට ඔබේ වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරනු ඇති.

ඒ අතර, වැදෑමහ ඔබේ ගර්භාෂයෙන් වෙන් වූ ස්ථානයෙන් ලේ ගැලීම නැවැත්වීමට ඔබේ ගර්භාෂය හැකිලෙමින් තිබෙනු ඇත.

දරු ප්‍රසූතිය අදියර:

Your placenta will be delivered in the fourth stage of labour.

වැදෑමහ සංරක්ෂණය වීමේ ක්‍රියාවලිය සහ එය සිදු කළ හැකි ස්ථානය ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් මෙම ලිපිය කියවන්න.

ඉතින් අම්මා – මේ සමඟ ඔබගේ ප්‍රසූත ක්‍රියාවලිය දැන් නිල වශයෙන් අවසන් වී ඇත.

ඔබේ පුංචි කිරිකැටියා සමඟ ඔබේ ජීවිතයේ අළුත්ම පරිඡේදයකට ඔබ දැන් අවතීර්ණ වනවා.

දරු ප්‍රසූතියේ අදියර තුන මෙතැනින් නරඹන්න

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

මූලාශ්‍ර:

The Royal Women’s Hospital, Melbourne Australia

www.bounty.com

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.