theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?

3 අවම කියවීම
ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?

ගර්භණි සමයේ මවකට විවේකය, මානසික සුවය ඉතා වැදගත්. ඊට පවුලේ අයගෙන් උදවු අවශ්‍යයි. ඒ පිළිබඳ ඔබව දැනුවත් කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

ගර්භණි සමයේ නින්ද අත්‍යවශ්‍යයි. ඒ ඔබේ ශරීරය තුළ තවත් ජීවියෙක් වැඩෙන නිසයි. මන්ද ඊට විශාල ශක්තියක් වැයකිරීමට ඔබට සිදුවෙනවා. නමුත් සුවබර නින්දක් ලැබීම ගැබ්බර මවකට අවශ්‍ය වෙනවා. දවස අතර තුර පුංචි නින්දක් ලැබීම ඉතා වැදගත්. පළමු මාස තුන තුළ හුඟක් කාන්තාවන් අධික තෙහෙට්ටුවට පත්වෙනවා.

ගර්භණි සමයේ නින්ද

ගර්භණි සමයේ නින්ද

 

ගර්භණි සමයේ නින්ද: ඉරියව්

ඔබට පෙර මෙන් නොව දවසකට දෙවතාවක් වත් නිදිමත දැනුනත් පුදුමයට පත්වන්නට එපා. ඔබ වැඩකරන කාන්තාවක් නම් මිනිත්තු 15ක් පමණ පුංචි විවේකයක් ගැනීමට හැකිදැයි බලන්න.

හැකිතරම් සන්සුන්ව කාලය ගෙවන්න. ඔබ තරමක් නොසන්සුන් වීම සාමාන්‍ය වුනත් දුක්වීමෙන් ඔබේ ගැටළු විසඳෙන්නේ නැහැ. ඔබ ඉතා ඉවසීමෙන් හා අවබෝධයෙන් ඊට මුහුණ දීමෙන් ඔබට හොඳ ගර්භණි සමයක් ගෙවන්නට පුළුවන්.

මේ කාලය තුළ හැකි තරම් නිදාගන්න උත්සාහ කරන්න. තවමත් කළල ගර්භය තුළ වැඩිය මෝරා නැති නිසා ඔබට පහසු ඉරියව්වක් තෝරාගන්න පුළුවන්. ඔබ බඩ යට කරගෙන නිදාගන්න අයෙකු නම් හැකිතරම් මේ කාලය එලෙස නිදාගන්න. මන්ද ඉක්මනින් ඔබට ඒ ඉරියව්ව වෙනස් කරන්න සිදුවෙයි.

දෙවන අදියර මාස 3-6 දක්වා

ගර්භණි සමයේ නින්ද

දැන් ඔබ දෙවන කාර්තුවට එළඹ ඇති නිසා ඔබට තවත් ශක්තිය අවශ්‍යයි. දැන් ඔබේ ශරීරය ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඒ නිසා ඔබට පහසු ඉරියව් වලට වෙනස්විය හැකියි.

මේ කාලය තුළ පපුවේ දැවිල්ල ඇතිවීම සුලබයි. මන්ද ගර්භාෂය මගින් ඔබේ බඩ උඩට තෙරපීමෙන් වළක්වන නිසා තල්ලු වීමක් වෙනවා. ඒ නිසා ඔබ ගන්නා ආහාර ගැන සැලකිලිමත් විය යුතු වෙනවා. මේ සියල්ල සාර්ථක නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් ගන්න පුළුවන්.

ගර්භණි සමයේ නින්ද

දැන් ඔබ ඔබේ වම් පස පැත්තට හැරී නිදාගැනීම වැදගත්. ගර්භණි සමයේ මුල් කාලය තුළ ඔබ නිදාගන්න ඉරියව් ගැන සැලකිලිමත්වීම වැදගත්. උඩු අතට නිදාගැනීමෙන් කළලය කරා යන රුධිරය නිසි ලෙස ගමන් ගැනීම වැළකෙන්න පුළුවන්. ඒ නිසා වම් අත පැත්තට නිදාගැනීම වඩාත් සුදුසු හා පහසු ක්‍රමයක් වෙනවා.

ඉන් කළලයට ඉතා හොඳින් රුධිරය ගමන් කිරීම සිදුවෙනවා. නින්දට පෙර වැඩිපුර වතුර පානය කිරීම අඩුකර දවස පුරා හැකිතරම් වතුර පානය කරන්න. නැතිනම් රාත්‍රී කාලයේ වැඩිපුර ඔබට වැසිකිලි යාම සඳහා අවදිවන්නට සිදුවෙනවා.

තුන්වන අදියර  මාස 6-9

මෙම කාලය තුළ නින්ද ඉතා අමාරු කාර්යයක් ලෙස ඔබට දැනේවි. ශරීරය පුරා වන අපහසුතා ඊට බලපානවා. ඔබට ඔබේ ප්‍රමාණය විශාල ලෙස හැඟෙන්නත් එහෙට මෙහෙට හැරීම අපහසු ලෙස දැනෙන්නත් පුළුවන්. අනෙක් කාරණය ශරීරයේ බර මාංශ පේශීන්ට දැනීම නිසාත් හංඳි වේදනා හා කොන්දේ වේදනාවන් දැනෙන්න පුළුවන්. මීට සහනයක්, උදව්වක් ලබාගැනීම වැදගත්. කකුල් අතරට අමතර කොට්ටයක් තබා වම් පැත්තට හැරී නිදාගැනීම ඉන් එක ආකාරයක්.

වෙළඳපළේ ගර්භණි කාන්තාවන් සඳහාම සාදන ලද මෙට්ටයක් ඔබට තෝරාගන්න පුළුවන්. වේදනාවන් සමනය නොවන්නේ නම් රස්නෙන් පිසූ බත් ගෙන තැවීම වැනි දෙයකින් වුවත් සහනයක් ලබාගන්න පුළුවන්. කොන්දේ වේදනාවට නම් හීට් පැක් එකක් දමන්නත් පුළුවන්. ගර්භණි කාන්තාවන් සඳහා වන විශේෂ සම්බාහනයන් වුනත් කරන්න පුළුවන් නම් ඔබට සහනයක් ලැබේවි.

රාත්‍රී කාලයේ මස් පිඬු පෙරලීම මේ කාලයට සුලබ වන්නට පුළුවන්. මෘදුව සම්බාහනය කිරීම මගින් සහනයක් ලැබෙන අතර කකුලේ ඇඟිලි ඉදිරියට දිගු කිරීම නොකළ යුතු වෙනවා. සෙමින් ඇවිදීම මගින් තත්වය සංසිඳවා ගන්න පුළුවන්.

ගර්භණි සමයේ මවකට විවේකය, මානසික සුවය ඉතා වැදගත්. ඊට පවුලේ අයගෙන් උදවු අවශ්‍යයි. ඒ පිළිබඳ ඔබව දැනුවත් කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගර්භණි සමය තුළ හොඳ නින්දක් ලබන්නේ කොහොමද?
බෙදාගන්න :
  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

    ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

  • ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

    ගර්භණි සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැන ගනිමුද?

  • ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

    ගර්භණි මව ආහාරයට ගත යුතු පලතුරු ඛාණ්ඩ 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it