theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජී ස්පොට් එක තාම හොයා ගත්තේ නැද්ද? සහකාරිය සුරාන්තයට ගෙන යන පාර මෙන්න

6 අවම කියවීම
ජී ස්පොට් එක තාම හොයා ගත්තේ නැද්ද? සහකාරිය සුරාන්තයට ගෙන යන පාර මෙන්නජී ස්පොට් එක තාම හොයා ගත්තේ නැද්ද? සහකාරිය සුරාන්තයට ගෙන යන පාර මෙන්න

ඔබේ සහකාරිය සරාගයෙන් මන්මත් කරන්න ‌‌මෙන්න අත්පොතක්.

ජී ස්පොට් යනු කාන්තාවකට සුරාන්ත කිහිපයක් ලබා දෙන ක්‍රමයකි. ඔබ එය සොයා යන්න උත්සහ කර ඉන් අසමත් වුනාද?

එහෙනම් කණගාටු වෙන්න එපා. මෙන්න ඒ සදහා මග පෙන්වීමක්.

සෑම විටම පිරිමි සහ ගැහැණු සුරාන්තයන් සමඟ  ඇත්තේ පහසු සම්බන්ධතාවයක් නම් නොවේ.

ස්ත්‍රී ලිංගේන්ද්‍රිය පිළිබඳ අවබෝධයක් නොමැතිකම නිසා හෝ මග පෙන්වීමක් නොමැති වීම නිසා හෝ වේවා, ඇයට තෘප්තියේ උච්චතම අවස්ථාව කරා ළඟා වීමට උපකාර කිරීමට පිරිමින් පසුබට වෙනවා.

ජී ස්පොට් , ක්ලිටරිසය  මෙන් දකින්නට නොලැබෙන එවැනි දෙයක් සොයා ගත නොහැකිව අතරමං වෙන පිරිමින් ගැන කවර කථාද?

මෙම ලිපිය තම සහකාරිය මන්මත් කරන්න කැමති නමුත් ජී ස්පොට් සොයා යන්නට පාර නොදන්නා පිරිමින් සදහාමයි.

 ජී ස්පොට්:  වරද පිරිමින්ගේද?

ජී ස්පොට් එක තාම හොයා ගත්තේ නැද්ද? සහකාරිය සුරාන්තයට ගෙන යන පාර මෙන්න

පිරිමින් දෘශ්‍ය ජීවීන්. ඒ කියන්නේ ඔවුන් ‘හැඟීම’ වෙනුවට ‘දැකීමෙන්’ වඩා හොඳින් තේරුම් ගන්නවා.

පළමු වරද වෙන්නේ එතැනයි. කාන්තා සුරාන්තය බොහෝ විට දෘශ්‍යමාන නැහැ.

ඒ කියන්නේ ඔවුන් සැබවින් සුරාන්තයට ලගා වුනාද නැතිනම් ක්‍රියාව අවසන් කිරීමට එසේ වු බව දක්වමින් ව්‍යාජ සුරාන්තයක් පෙන්වුවාද කියා පිරිමින් දන්නේ නැහැ. 

එසේම,  බොහෝ විට ගොතන ලද ලිංගිකත්වය ගැන පුරසාරම් දෙඩීම කලත් තමන් එය නිවැරදිව කරන්නේ දැයි බොහෝ දෙනෙකු  දන්නේ නැහැ.

එමනිසා, බොහෝ පිරිමින්ට තම සහකාරියව සුරාන්තය කරා ගෙන ගිය නොහැකි ‌වෙනවා.

එහිදි කාන්තාවන් එය තම අතට ගැනීමට තීරණය කලොත් හැර ලිංගික තෘප්තියකින් තොර විවාහයක් පවත්වා ගෙන යනවා.

ජී ස්පොට්: කාන්තාවකගේ සංකීරණ සුරාන්තය තුල අතරමං වෙන්න එපා

පුරුෂයෙකුට එය සරලයි. ස්නායු අන්ත වලින් සපිරි ශිෂේණ අග්‍රය ආවේගයන් ගෙන් සංතෘයප්ත වීම නිසා පුරුෂයින් සුරාන්තය ලබා ගන්නවා.

පුරස්ථිති සම්බාහනය වැනි වෙනත් ක්‍රම වලින්ද  ‘ශුක්‍රාණු පිටවීමක්’ ඇති කිරීමට පුළුවන්.

නමුත්, එය සාමාන්‍ය ලිංගික සංසර්ගයේ කොටසක් නොවේ. කාන්තාවන් තුළ තත්වය මෙසේ නොවේ.

කාන්තාවකට ඇයගේ ඕනෑම  ලිංගික උත්තේජනයට සංවේදී කලාපයක් හෝ එවන් කලාප කිහිපයක් උත්තේජනය කිරීමෙන් සුරාන්තය ලබාගන්න පුළුවන්.

වඩාත් සුලභ සුරාන්තයන් වන්නේ භගමනිය සහ යෝනිය උත්තේජනයෙන් ලබා දෙන සුරාන්තයන්ය.

මෙය පිළිවෙලින් භගමනිය සහ යෝනිය හොදින් උත්තේජනය වීම නිසා ඇතිවන්නකි. කෙසේ වෙතත්, සමහර කාන්තාවන් තනපුඩු හෝ කන් වලින් පවා උත්තේජනය වෙන්න පුළුවන්. 

පුරුෂයෙකුට එය සුක්කානම් 6 ක් අවශ්‍ය රථයක් පැදවීම මෙන් අවුල් සහගතයි.

ඒ වගේම උපදෙස් අත්පොතක් නොමැතිකම නිසා ඔවුන් නොසංසුන් වෙනවා.

ජී ස්පොට් ‌සොයා දැන ගෙන යන්න මෙන්න උපදෙස් අත්පොත

ජී ස්පොට් එක තාම හොයා ගත්තේ නැද්ද? සහකාරිය සුරාන්තයට ගෙන යන පාර මෙන්න

කාන්තාවක් යනු සොබාදහමේ අතිවිශිෂ්ට නිර්මාණයකි. එකම ජාන සංයුතියකින් යුක්ත වුවද කාන්තාවන් එකිනෙකාට වෙනස් වෙනවා.

ඒක මතක තබාගන්න. ඒනිසා, ඇයට ගැලපෙන ක්‍රමය ඔබම සොයා ගත යුතුය.

එනම් පටන් ගැන්ම තීරණය කිරීම ඔබ සතු වෙන අතර මෙය ලිංගික සංසර්ගය වඩා සාර්ථක කර ගැනීමට පෙන්වන දළ මග පෙන්වීමකි.

ඔබේ සහකාරිය සරාගී ලෝකයක් තුල මන්මත් කරන්න නම් ඔබ කල යුතු දේවල් තුනක් තියෙනවා.

ඔබ පළමුව ඇයව සක්‍රිය කළ යුතුය. ඒ සදහා ක්‍රියාවන් මාලාවක යෙදීමට ඔබට සිදුවෙනවා.

කෙසේ වෙතත්, ඔබ එය හරියට නොකලොත් ඇය අක්‍රීය වෙන්න පුළුවන්. ඔබ ඇයව සක්‍රිය කළ පසු, ඔබට ඇයට ඉන් ඉවත් වෙන්න ඉඩ දිය නොහැකියි .

ඔබ ඇයව කලබලයකින් තොරව දිගටම උත්තේජනය කල යුතුය. මෙය බොහෝ වැරදි සිදුවන බැවින් මෙය තීරණාත්මක පියවරකි. මෙය අවුල්සහගත වීමට කාලය නොවේ.

අවසාන වශයෙන්, ඔබ ඔබට පෙර ඇයට සුරාන්තය ලබා දීමට කටයුතු කල යුතුය.

මේ සදහා ඔබේ සතු දිව, ඇඟිලි, දත්, ශිෂේණය සහ ඔබ දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන සියල්ල වැනි සියලුම අංග භාවිතා කළ යුතුය.

පළමු පියවර - ඇයව සූදානම් කරන්න

මානසිකත්වය නිවැරදිව සැකසීම ගැන ඔබ බොහෝ දේ කියවා ඇති නේද?

කෙසේ වෙතත්, දරුවන් කිහිපදෙනෙකු ලද පසු, ආවේගශීලී විය නොහැකි අතර ඇයට ක්ෂණිකව ආදරයෙනි බැදීමට නොහැකි වෙන්න පුළුවන්.

සෑම දිනකම හෝ සතියට දින කිහිපයක්  ළදරුවන් රැකබලා ගන්නියකගේ සේවය ලබා ගැනීමට නොහැකි නමුත් ඔබට උත්සහ කරන්න පුළුවන්.

ඔබට ඉවතට නොයා කල හැකි දේවල් ගොඩාක් තියෙනවා. මුළුතැන්ගෙය අවුල් නොකර ඇය වෙනුවෙන් ආහාර වේලක් උයන්න.

නැත්නම් හොඳ ආහාර වේලක් ඇණවුම් කරන්න. නිදන කාමරය පිළිවෙලට තබා ගන්න. ඔබේ ඇඳුම් සහ මේස් ඇයට පෙනෙන කොතැනකවත් නොතබන්න.

හොදින් ස්නානය කරන්න.

ඇයව උද්දීපනය කරන ආකාරය ඔබ දන්නවා. ඔබට ඒ ගැන ඉගි නොලැබේ නම් ඇයට මෘදු සම්බාහනයක් දෙන්න.

ඉක්මන් නොවන්න. ඔබ මිනිත්තු 24 ක  පෙර ක්‍රියාකාරකමි කළහොත්, ඔබට තෘප්තිමත් රාත්‍රියක් ලගාවේවි.

ඒ සදහා වේලාවක් තබා නොගන්න, ඔරලෝසුව දෙස බැලීම නවත්වන්න.

ඒ වෙනුවට, ඔබේ ඇඟිලි තුඩු වලින් ඇගේ ද්විතියික ලිංගික උත්තේජන කලාප මෘදු ලෙස උත්තේජනය කරන අතරම ඇයව සිප ගැනීමට අවධානය යොමු කරන්න. 

ඇයගේ පියයුරු සහ ලිංගික අවයව වලින් ඈත්ව සිටින්න. ඒ වෙනුවට, ඇගේ කන් පෙති, ඇගේ පිටුපස මදක්, සුසුම්නාව, උර පතු වල ‘V’ හැඩයට පහළින් ඇති කුඩා ස්ථානය කෙරෙහි අවධානය යොමු කරන්න.

ඔබේ හුස්ම, ඇඟිලි තුඩු සහ දිව සිතු සිතු ‌ලෙස භාවිතා කරන්න.

දෙවන පියවර - උද්දීපනය දිගටම පවත්වාගන්න

මෙය ආරම්භ වන්නේ ඇය ප්‍රමාණවත් ලෙස පිබිදීමකට ලක් වු විටයි. ඇගේ හුස්ම උණුසුම් වන විට සහ ඇගේ හුස්ම නොගැඹුරු වන විට ඔබට මෙය දකින්න පුළුවන්.

ඇයගේ මුහුණ රතුපැහැ විය හැකි අතර  නාස්පුඩු වෙනදාට වඩා උණුසුම් බවක් දැනෙනවා. දැන්, ඔබේ හා ඇයගේ ඇදුම් ඉවත් කිරීමට කාලයයි.

දැන් ඔබ ප්‍රාථමික ලිංගික උත්තේජන කලාප වන ස්නායු පිරි තනපුඩු-ඇරෝලා සංකීර්ණය, භගමනිය සහ යෝනිය කරා ලගා විය යුතුයි.

ඇගේ විටපය ( යෝනිය හා ගුද මාර්ගය අතර කලාපය) ස්පර්ශයෙන්ද ඇයව පුදුමයට පත් කරන්න.

ජී ස්පොට් එක තාම හොයා ගත්තේ නැද්ද? සහකාරිය සුරාන්තයට ගෙන යන පාර මෙන්න

ජී ස්පොට් එක හරියටම පිහිටා ඇති ස්ථානය බලමු. කෙසේ වෙතත්, ඒ ගැන දැන සිටිය  කරුණු දෙකක් තියෙනවා.

එකක්, ඔබට එය සොයාගන්න බැරි වෙන්න පුළුවන්. දෙක, ඇය එම සංවේදීතාවයට අකමැති වෙන්න පුළුවන්.

එබැවින් එය උත්සාහ කර බලන්න, නමුත් එය සොයා ගැනීමට ඉක්මන් නොවන්න. ඒ වටා ඇති අනෙක් ප්‍රදේශ දෙස අවධානය යොමු කරන්න.

නැවතත්, ප්‍රධාන දෙය නම් ඉවසීමයි. එබැවින් වෛද්‍ය පරීක්ෂණයකදී මෙන් ඇඟිල්ල හැසිරවීම වෙනුවට ඔබේ ඇඟිලි කල්පනාවෙන් භාවිතා කරන්න.

ඔබේ වෙදඟිල්ලේ මධ්‍ය කොටසින් ආරම්භ කරන්න. එය යෝනි මාර්ගයට ඇතුළු කිරීම ආරම්භ කරන්න.

ඔබ සමීපව බැලුවහොත්, සම අවසන් වන්නේ කොතැනින්ද සහ යෝනි මාර්ගයේ රෝස පැහැති ශ්ලේෂ්මල පටලය ආරම්භ වන ස්ථාන දකින්න පුළුවන්.

ඔබේ වෙදඟිල්ල සම්පුර්ණයෙන් ඇතුල් කරමින් දිගමට එයට පහර දෙන්න. මෙය ඇයගේ සුෂුම්නාව පහළ දක්වා ගමන් කරයි.

ඊළඟට, ඔබේ ඇඟිලි සහ දිව භාවිතා කළ යුතුය.

තුන්වෙනි පියවර - පළමු සුරාන්තය ලබා දෙන්න.

මේ වන විට ඇය ඉතා උද්දාමයට පත්ව සිටීනවා. ඊළඟට, ඔබ එකවර ඇඟිලි සහ දිව භාවිතා කළ යුතුය.

මැද ඇඟිල්ල යෝනිය ඇතුලට ඇතුල් කර ඇතුලට හා එලියට එන විදියට යෝනි මාර්ගයේ ඉදිරිපස කොටස පහර දෙන්න.

භගමනිය සොයා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවා නේද? ඇගිලි වලින්  නැමීම් වෙන් කර භගමනිය නිරාවරණය කරන්න.

දිව භාවිතයේ ඇති ගැටළුව වන්නේ ඔබ වෙහෙසට පත් විය හැකි වීමයි.

ඒ නිසා සෑම ඇතුලට හා පිටතට යොදන ඇගිලි පහර දීම් 3 කට වතාවක් ඔබේ දිව භාවිතා කරමින් භගමනිය පාමුල සිට අග දක්වා එක් සැහැල්ලු පහරක් එල්ල කරන්න.

අඛණ්ඩ වන්න.

පසුව, ඇය සුරාන්තයට ආසන්න බව ඔබට හැඟෙන විට, එය 1: 2 සහ පසුව 1: 1  ලෙස කරන්න.

ඔබ ශිෂ්ණය ඇයට ඇතුළු කිරීමට පෙර අවම වශයෙන් එක් වරක්වත් ඇගේ සුරාන්තය ලබා දෙන්න.

ඔබ ශිෂ්ණය ඇතුල කල පසු, ඇය කැමති දේට ප්‍රතිචාර දැක්විය යුතුය. දැන්, ඔබට ඔබේ සුරාන්තය කරා ක්‍රියා කල හැකි අතර ඇය ඇය‌ගේ සුරාන්තය සදහා ක්‍රියා කරාවි.

මෙය සිදුවෙන විට වඩා හොද සුරාන්තයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩිවෙනවා. ලිංගිකව හැසිරෙන විට ඔබට වික්‍රමාන්විත විය හැකි අතර ඇගේ විටපයට සැහැල්ලු පීඩනයක් යොදන්න පුළුවන්.

ඇයට පහසුවෙන් සුරාන්තයක් ලබා ගන්න පුළුවන්ත තවද, ඔබ වේගවත් නම්, ඇය සුරාන්තය ලබන  විට වේගය අඩු කර නැවත වේගය ලබා ගන්න.

ඇයට වේගවත් තෘප්තින් මාලාවක් ලැබෙනු ඇත.

සෑම අවස්ථාවකදීම ඇය තෘප්තිමත් කරන්න සුරාන්ත 3 ක් ප්‍රමාණවත්, ඔබේ අදහස කුමක්ද?

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

img
Written by

nimnadhi

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • ජී ස්පොට් එක තාම හොයා ගත්තේ නැද්ද? සහකාරිය සුරාන්තයට ගෙන යන පාර මෙන්න
බෙදාගන්න :
  • 10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

    10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

  • Mongolian blue spots in babies: Need-to-know information

    Mongolian blue spots in babies: Need-to-know information

  • 10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

    10 Facts About Female Orgasms Mums Will Find Super Interesting

  • Mongolian blue spots in babies: Need-to-know information

    Mongolian blue spots in babies: Need-to-know information

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it