theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්

8 අවම කියවීම
•••
නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

නිර්මාණාත්මක කතන්දර බබාට විනෝදයක් වගේම ආදර්ශයක් ලබා ‌දෙනවා.

නිවසට කොටු වුන පුංචි පැටව්න්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නංවන්න වගේම ඔවුන්ට ගුණාත්මක දේවල් ලබා දිය යුතු වැදගත් සමයක් ලෙස මේ කාලය පෙන්වා දෙන්න පුළුවන්.  දෙමව්පියන්ටත් කාල වේලාව තියෙන නිසා බබාට ළමා කතාන්දර කියා දෙන්න පුළුවන් නේද? 

මේ ඒ සදහා මා ගත් පුංචි උත්සහයකි. පුංචි දරුවන් ‌වෙනුවෙන් මා රචිත බබාට ළමා කතාන්දර 3 ක් ඔබට.

අම්මාට විතරක් ‌නෙමෙයි තාත්තාටත් බබාට ළමා කතාන්දර කියලා ‌දෙන්න පුළුවන්.

නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

බබාට ළමා කතාන්දර 3 ක්

බබාට ළමා කතාන්දර 1: වතුර බිංදු පැංචාගේ අපූරු සවාරිය

ඔන්න එකමත් එක කාලේක ලස්සන විලක් තිබුනා. ඒ විලේ පිපුණු මල් හරිම ලස්සනයි.

ඒ ලස්සන මල් අතරින් පාට පාට මාළුවෝ පීනලා එහා මෙහා ගියා.

 මේ ලස්සනම ලස්සන විලේ පතුලේ වතුර බිංදු පැංචා එයාගේ අම්මායි තාත්තායි එක්ක ආදරයෙන් ජීවත් වුනා.

වතුර බිංදු පැංචා විලේ හිටපු මාළු පොඩිත්තොත් එක්ක ගොඩාක් සතුටින් සෙල්ලම් කලා.

මේ පොඩිත්තන්ගේ හිනා හඩින් මුළු විල් පතුලම පිරිලා තිබුනා.

දවසක් වතුර බිංදු පැංචාට එළියේ ලෝකය බලන්න යන්න  ආස හිතුනා. ඒත් ඒ පුංචි හිතට බයයි.

එයා හෙමිහිට අම්මා ලගට ගියා.

" අම්මේ මං එළියේ ලෝකය බලන්න යන්නද? "

වතුර බිංදු පැංචා අම්මා ගෙන් ඇහුවා. 

" මගේ රත්තරන් පුතේ එළියේ ලෝකේට යන්න ඔයා පුංචි වැඩියි"

අම්මා කිව්වා .

ඒ වුනාට වතුර බිංදු පැංචාගේ ආසාව ඉවර වුනේ නැහැ. එයා ඊලගට  තාත්තා ලගට ගියා.

"තාත්තේ මං එළියේ ලෝකය බලන්න යන්නද? "

වතුර බිංදු පැංචා තාත්තා ගෙන් ඇහුවා. 

" එපා පැටියෝ , ඔයා තාම පුංචි වැඩියි"

තාත්තා කිව්වා.

අනේ එයාට හොදටෝම දුක හිතුනා. එයා එදා සෙල්ලම් කරන්න ගියෙත් නැහැ.

" දුක් වෙන්න එපා යාළුවේ, "

මාළු යාළුවෝ ඇවිත් එයාගේ හිත හදන්න හැදුවා.

වතුර බිංදු පැංචා කාටවත්ම නොකියා තනියම විල මතුපිටට යන්න හිතුවා.

එයා කරන්න යන්නේ හරිම නරක වැඩක් මගේ පුංචි  යාළුවනේ, අම්මායි තාත්තායි කියන දේ පුංචි අපි අහන්න ඕනී.

ඒත් ඒක එයාට කියා කෙනෙක් හිටියේ නැහැ.

ඔන්න ඉතින් එයා පහුවෙනිදා උදේම විල මතුපිටට ආවා.

" ෂා ... හරිම ලස්සන ලෝකයක්" 

එයා  විලෙන් උඩ ලෝකය දැකලා සතුටු වුනා.  උදෑසන ලෝකයම හරිම ලස්සනට තිබුනා.

වතුර බිංදු පැංචා විලේ එහා මෙහා පාවෙමින් සතුටින් හිටියා.

එදා හරිම රස්නේ දවසක් , ටිකෙන් ටික දවල් වුනා. ඉර මාමා හෙමින් හෙමින් අහස මැදට ආවා. රස්නේ ටිකෙන් ටික  වැඩි වුනා.

වතුර බිංදු එකිනෙක අහස දෙසට ඇදිලා ගියා. ඔන්න එතකොට නම් අපේ වතුර බිංදු පැංචා හොදටෝම බය වුනා.

එයා හැංගෙන්න තැනක් හෙව්වා.

ඒත් මේ වතුර බිංදු පැංචාට වැඩි වේලාවක් හැංගිලා ඉන්න බැරි වුනා.

එකපාරටම එයාව උඩට උඩට ඇදිලා ගියා. 

එයාට අම්මායි තාත්තායි මතක් වුනා. ආයේ නම් මං එයාලා එපා කියන ඒවා කරන්නේ නැහැ .

එයා කෑගහලා ඇඩුවා. ඒත් එයාව බේරගන්න කවුරුත් හිටියේ නැහැ.

උඩට ඇදිලා ගිය වතුර බිංදු පැංචාව කොහේදෝ රැදුනා. එයා වටපිට බැලුවා.  

වළාකුළු නැන්දාගේ බණ්ඩියේ එයාව රැදිලා තිබුනා. එයා වගේම තවත් වතුර බිංදු ගොඩාක් වලාකුළු නැන්දාගේ බණ්ඩියේ එල්ලිලා හිටියා.

ඔන්න දවස් දෙක තුනක් ගතවෙලා ගියා.

තව තවත් වතුර බිංදු  ඇවිත් වළාකුළු නැන්දාගේ බණ්ඩිය බදා ගත්තා. එන්න එන්නම බර වැඩිවුනා.

එක දවසක් ඉර මාමාව වළාකුළු නැන්දාට වැහුනා. ඒත් එක්කම මුළු අහසම කළුවර  වුනා.

වළාකුළු නැන්දාගේ බණ්ඩිය බදාගෙන හිටපු වතුර බිංදු බිමට වැටෙන්න ගත්තා.

අපේ වතුර බිංදු පැංචාත් වේගයෙන් පහලට වැටුනා. එයා බයට හයියෙන් ඇඩුවා.

ඔහොම වේගයෙන් බිමට වැටුන වතුර පැංචා දිය පාරක් දිගේ ගලාගෙන ගියා.

වැස්ස ඇතිවෙන්නේ කොහොමද කියලා වතුර බිංදු පැංචාට එතකොට  තේරුනා.

දිය පාර දිගේ පාවෙලා යද්දී එයාට අඩ අඩා එයාව හොයන එයාගේ අම්මායි තාත්තායි හම්බ වුනා. 

" අනේ අම්මේ , තාත්තේ මට සමාවෙන්න . ඔයාලා කියන දේ මීට පස්සේ ඔයාලා කියන දේ මං අහනවා."

වතුර බිංදු පැංචා අම්මායි තාත්තායි බදාගෙන කිව්වා.

වතුර බිංදු පැංචා වැස්ස ඇතිවෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම අපූරු පාඩමකුත්  ඉගෙන ගත්තා.

ඒ තමයි,

" පුංචි අපි වැඩිහිටියෝ කියන දේවල් අහන්න ඕනී"

ළමා කතාන්දර

බබාට ළමා කතාන්දර 2: බුබු බබාට පාඩමක්

මුහුද මැද සුන්දර ලෝකයක් තිබුනා. ඒකේ හිටපු ගොඩාක් අය සතුටෙන් සමාදානයෙන් ජීවත් වුනා.

පොඩි අයත් එහෙම තමයි. ඒ නිසාම සතුටට පිරිලා තිබුනා.

පුංචි අයට සෙල්ලම් කරන්න එළිමහන් ප්‍රදේශයක් තිබුනා.

එතැන හොද ආරක්ෂාවක් තිබුන නිසා පුංචි අයව එතැනට යවන්න අම්මලා තාත්තලා අකමැති වුනේ නැහැ.

හැබැයි එතැනින් එහාට කවදාවත්ම යන්න එපා කියලා එයාලා පුංචි පැටවුන්ට අවවාද කලා.

මෙතැනින් දගකාරයා වගේම හැඩ කාරයා වුනේ බුබු කියන බුවලු පැංචා, ඒවගේම තල්ති කියලා හිතහොද තල්මස් පැංචෙක්, රතු කියලා මාළු පැංචියෙක්  වගේම මුහුදු අශ්ව පැංචා, කහ මාළු බබා වගේම බෙල්ලා පැංචිත් හවසට හැංගි මුත්තන් කරන්න එකතු වුනා.

හැමදාම සෙල්ලම් කරන අතර තුර අම්මලා එපා කියපු හරියේ පදුරු අස්සේ හැංගෙන්න බුබු බබා පුරුදු වුනා.

ඒක නිසා කාටවත්ම කවදාවත්ම එයාව හොයා ගන්න බැරි වුනා. බුබු බබාට එයාව අනිත් අය වදවේවි  හොයනවා දකින එකත් විනෝදයක් වුනා. 

යාළුවන්ව රවට්ටපු බුබු බබාගේ නරක පුරුද්ද මුලදී අනෙක් පැංචන්ව බය කලා. එයාලා හති වැටෙන කම්ම බුබු බබාව හෙව්වා.

ඊට පස්සේ දුකෙන් ගෙදර ගියා. ඔක්කොම ගෙදර ගියාට පස්සේ බුබු බබාත් සතුටින් හිනාවෙවී ගෙදර ගියා.

කාලයක් යද්දී යාළුවන්ට බුබු බබා කරන නරක වැඩේ තේරුනා.

එයාලා සෙල්ලම් කරලා බුබු බබාව හොයන්න මහන්සි වෙන්නේ නැතිව ගෙදර ගියා.

ඒත් බුබු බබා නම් එයාගේ නරක පුරුද්ද අත් හැරියේම නැහැ.

ඔන්න එක දවසක් හැමදාම වගේ සෙල්ලම පටන් ගත්තා.

බුබු බබා හැංගෙන්න හිතාගෙන වෙනදා වගේම දුවලා ගිහින් අම්මලා එපා කියපු පදුරු ගොන්නට පැන්නා.

අනේ එදා නම් වෙනදා වගේ වුනේ නැහැ.

බුබු බබාව අදුරුම අදුරු ගැඹුරු වලකට වැටුනා. එයා හොදටෝම බය වුනා.

එළියට එන්න හිතාගෙන උඩ පැන්නත් ඒ වල පුංචි බුබු බබාට උඩ පැනලා එළියට එන්න තරම් කුඩා වුනේ නැහැ .

අනේ පව් එයාව එකේ හිරවෙලා.

බුබු බබා කොච්චර කෑගැහුවත් එයාගේ දුක කාටවත්ම ඇහුනේ නැහැ .

අනෙක් යාළුවෝ වෙනදා වගේ සෙල්ලම් කරලා ඉවර වෙලා ගෙදර ගියා. බුබු බබා තනිවෙලා හොදටෝම ඇඩුවා.

වෙනදා වගේ බුබු බබා ගෙදර ආවේ නැති වුනාහම එයාගේ අම්මායි තාත්තයි කලබල වුනා. 

" අනේ මගේ පුතා"

කිය කිය අඩ අඩා හැමතැනම දිව්වා.

එයාලාගේ දුක දැක්ක අනෙක් අම්මලා තාත්තලා එයාලාට උදව් කරන්න ආවා.

බුබු බබා කරන නරක් වැඩේ ගැන කිව්වේ තල්ති බබා.

 අනේ එයාට කරදරයක් වත්ද ?

හැමෝම දුක් වුනා.

හැමෝම එකතු වෙලා එයාලා සෙල්ලම් කරපු තැන බුබු බබාව හොයන්න වුනා.

මේ අතරේ ගමනක් ගිහින් පරක්කු වුනු රතු මාළු නැන්දා හනි හනිකට ගෙදර බලා යමින් හිටියා.

එයාට කවුදෝ ඉකිබිදිනවා ඇහුනා . එයා වටපිට බැලුවා. කවුරුත් නැහැ.

යන්න ඕනී කියලා හිතුවා විතරයි ඔන්න  එයාට ආයෙමත් අර ඉකිගහන හඩ ඇසුනා.

එයා පදුරු ටික මෑත් කරලා බැලුවා. එතැන තිබුන වලේ කවුදෝ ඉන්නවා.

එයා හොදට පාත්වෙලා බැලුවා . අනේ ඒ ඉන්නේ අපේ බුබු බබා.

රතු මාළු නැන්දා විගහට එයාගේ දිගම දිග රතු වල්ගේ දාලා බුබු බබාව ගොඩට ගත්තා 

"එන්න පුතේ මං ඔයාව ගිහින් අරලින්නම් "

රතු මාළු නැන්දා කිව්වා. එයාලා යන්න හැදුවා විතරයි සෙල්ලම් පිට්ටනිය පැත්තෙන් ලොකු කලබලයක් ඇහුනා.

ඒක නිසා ඒ දෙන්නා ඒ පැත්තට ගියා.

අම්මාවයි තාත්තාවයි දැකපු බුබු බබා දුවලා ගිහින් එයාලව වැළදගත්තා.

" යාළුවනේ මට සමාවෙන්න . මම හැමදාම ඔයාලාව රවට්ටලා සතුටු වුනා. ඒත් මම කරදරේ වැටුනු වේලාවේ ඔයාලා උදව්වට ආවා.

ඔයාලා නියම යාළුවෝ , මං ආයේ කවදාවත්ම ඒ වගේ නරක වැඩ කරන්නේ නැහැ "

බුබු බබා යාළුවෝ ටික බදාගෙන පොරොන්දු වුනා. බුබු බබා හම්බවුන නිසා හැමෝම හිතේ සතුටින් ගෙදර ගියා.

නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

බබාට ළමා කතන්දර  3 : කවුද දිනුම්?

එදා හරිම ලස්සන දවසක් , ඉර මාමා පායලා හිනා වුනා. එයාගේ එලියෙන් මුළු කැලෑවම එළිය වුනා.

එදා කැලෑවටත් විශේෂ දවසක්, කැලෑ පොඩිත්තාන්ගේ දිවීමේ තරගය තියන්න සියල්ල සුදානම් 

කැලෑවේ පොඩිත්තෝ හරිම සතුටින්, කොටි බබා, අලි බබා, නරි බබා වගේ තවත් පුංචි යාළුවෝ ගොඩාක් ඇවිත් හිටියා.

ඒ අතර හිටපු විශේෂ කෙනෙක් තමා දිනන්න හිතාගෙනම ආපු හා බබා.

එයා ආඩම්බරයෙන් එහාමෙහා ගියා.

ඔන්න එකපාරටම හා බබා දැක්කා පදුරක් අස්සට වෙලා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටිය පුංචි අමුත්තෙක්ව, ඒ තමා ඉබි බබා

එයාව දැක්කා විතරයි හා බබාගේ ආඩම්බරය තවත් වැඩි වුනා.

" අන්තිමයා වෙන්නද ඔයා ආවේ ඉබ්බෝ"

හා බබා ඉබි බබාට හිනා වුනා. අනේ කිසිම වරදක් නොකරපු අහිංසක ඉබි බබාගේ හිත රිදුනා.

එයා කට්ට අසසේ මූණ ඔබාගෙ හොදටෝම ඇඩුවා. එයාගේ  දුක අහන්න කවුරුත් හිටියේ නැහැ.

හා බබා සැරෙන් සැරේ ඉබි බබාගේ හිත රිද්දලා සතුටු වුනා.

අනෙක් බබාලත් එක්ක එකතු වෙලා එයාට විහිළු කලා. ඉබි බබා තනියම දුකෙන් බලාගෙන හිටියා.

ආපහු හැරිලා ගෙදර යන්න ඕනී ඉබි බබාට හිතුනා. නැහැ මම පැරදුනත් , අන්තිමයා වුනත් මේ තරගෙට ඉදිරිපත් වෙනවා එයා අන්තිමට එයාගේ පුංචි හිත හදාගත්තා.

ඔන්න  තරගේ පටන්ගන්නා සුභ මොහොත එළඹුනා. කැලෑ පොඩිත්තෝ ඔක්කොටම තමන්ට පුළුවන් උපරිමයෙන් දුවන්න ගත්තා .

හා බබා හැමෝටම ඉස්සරහින් දිව්වා. අනේ ඉබි බබා හැමෝටම පිටිපස්සෙන් හෙමිහිට ගෑටුවා.

පිටිපස්ස බල බලා දුවපු හා බබාට දිනුම් කනුවට ලංවෙන්න ඔන්න මෙන්න තියෙද්දි  හරිම ඇබැද්දියක් වුනා.

එයාගේ කකුල ගලක පැටලිලා වැටුනා. හොදටෝම තුවාල වුනා. අනේ නැගිට ගන්නත් අමාරුයි එයා වේදනාවෙන් කෑගැහුවා .

හා බබා වැටිලා ඉන්න තැන පහු කරගෙන එයාගේ යාළුවෝ ගොඩාක් ගියත් කවුරුත් එයා වෙනුවෙන් නැවතුනේ නැහැ.

එයාලා හැමෝම ලැබෙන තෑග්ග ගැන හිතුවා මිස හා බබා ගැන වද වුනේ නැහැ.

හා බබා තව තවත් වේදනාවෙන් කෑගැහුවා . ඇඩුවා . ඒත් කවුරුත්ම එයාගේ උදව්වට ආවේ නැහැ .

හැමෝම එතැන පහු කරලා ගියා එක්කෙනෙක් ඇරෙන්න,

හොදටෝම පරක්කු වෙලා එතැනින් යන්න ගිය ඉබි බබා තුවාල වෙලා හිටියා හා බබාව දැක්කා. ඉබි බබාට තරගය අමතක වුනා.

" ඔයාට අමාරුයි නේද හා බබෝ ඉන්න මං උදව් කරන්නම්"

ඉබි බබා හා බබා ගාවට ගියා. අනේ එයාගේ කකුල තුවාල වෙලා. ඇවිදගන්නත් බෑ

" ඉබි බබා ඔයා යන්න. නැත්තම් තරගෙට ආවට හම්බවෙන තෑග්ගත් ඔයාට නැති වේවි."

හා බබා කිව්වා.

" යාළුවෙක් කරදරේ වැටුනාහම දාලා යන්න හොද නැහැ . තෑග්ග මං ලබන සැරේ ගන්නවා . දැන් ඔයා මගේ පිටට නගින්න"

ඉබි බබා කිව්වා . හා බබාගේ ඇස් වල කදුළු පිරුණා. අනේ කොච්චර හොද හදවතක්ද මං රිදෙව්වේ එයා දුක් වුනා.

ඉබි බබා හා බබාව කට්ට උඩ වාඩි කරන් හිමින් හිමින් ඉස්සරහට ගියා. හා බබා හරිම බරයි. පුංචි ඉබි කට්ට රිදුනා.

ඒත් හිතට වෙර ගත්ත ඉබි බබා දිනුම් කනුව ලගටම ආවා.

ඒ වෙනකොටත් තරගය දිනපු නරි බබාට තෑග්ග දෙන්න හැමෝම සුදානම් වෙලයි හිටියේ.

ඒත් හා බබාවත් අමාරුවෙන් උස්සගෙන එතැනට ආපු ඉබි බබා නිසා සේරෝම වෙනස් වුනා.

තරගයේ නියම වීරයා විපතේදී මිතුරන් අත්නොහැරපු පුංචි ඉබි බබා කියලා හැමෝම තීරණය කලා. හා බබා හෙමිහිට සතුටු කදුලක් පිස්සා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්
බෙදාගන්න :
•••
  • පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

    පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

  • දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

    දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

single
  • පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

    පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

  • දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

    දූට පුතාට කතන්දර කියවීම අම්මාට වඩා හොඳින් කරන්නේ තාත්තායි

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor