theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

4 අවම කියවීම
බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

මේ දවස් වල ‌ ‌ගෙදර ඉන්න ‌පොඩ්ඩන්ට දග කරන කමන් කන්න ‌චොකලට් අඩංගු කෑම වර්ග 3 ක්

බබාලා ‌එක්ක ‌මේ හදිසියේ ලැබුන ‌නොහිතු නිවාඩු‌වේ ‌ගෙදරට ‌වෙලා ඉන්න ගමන් හදලා ‌දෙන්න පුළුවන් ‌පැණි රස ‌කෙටි කෑම 3 ක් අපි අද ඔබ ‌වෙත ‌ගෙන එනවා. ‌මේ දවස් වල ‌ගෙදර නිසා නිතර  පොඩි බඩගිනි එනවා ඇති ‌නේද?  ඒ නිසාම එයාලාට

මේ සදහා සම්පත් දායකත්වය ලබා ‌ෙදෙනුයේ ජපානයේ සිට අප හා රසවත් කෑම පිළිබද දැනුම ‌‌බෙදා ගන්නා අනුෂා ජිවනී මහත්මියයි.

1.පැණි රස ‌කෙටි කෑම: චොකලට් බිස්කට් 

බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් 100 g
  • සීනි 30 g
  • ආමන්ඩ් පව්ඩර් 35 g
  • මික්ස් නට්ස් 50 g
  • පිටි 130 g
  • කුකින් චොකලට්( මිල්ක් චොකලට්) 200 g

සාදන ක්‍රමය

  • බටර් එක ටිකක් ‌වේලාසන එලියෙ තියලා ගන්න. ⁣බාජනයට බටර් එක සීනි එක දාලා කලවම් කරන්න.
  • ඊටපස්සෙ ආමන්ඩ් පව්ඩර් දාලා කලවම් කර නට්ස් ටික පොඩියට කපා ඒකත් දාලා හොඳට කලවම් කරන්න. මේක බීට් කරන්න අවශ්‍ය නැහැ.
  • අන්තීමට පිටි ටික දාලා කලවම් කරන්න.
  • දැන් මෙ පිටි මිශ්‍රණය පොලිතින් එකකින් ඔතලා කොටු හැඩයක් වෙන්න තුනි කර ශිතකරණයෙ පැයක් තියන්න.
  • හදිස්සි නම් ෆ්‍රීසර් එකෙ විනාඩි 30 ක් තිබ්බත් කමක් නෑ. පැයකට පස්සේ කැමති විදියට කෑලි කපා 160 c ෆ්‍රී හීට් කරපු අවන් එකෙ විනාඩි 20-25 බේක් කරගන්න.
  • අවන් එකෙන් එලියට අරගෙන බිස්කට් ටික හොඳට නිමුනට පස්සේ දිය කරගත් චොකලට් වල දවටලා කැමති නම් Pistachio කෑල්ලක් උඩින් තියලා  විනාඩි 30-40 වගෙ පමණ ශිතකරණයෙ තියලා ගන්න.
  • චොකලට් ටික ඩබල් බොයිල් කරලා ගන්න . ඩබල් බොයිල් ක්‍රමෙ ඔයා දන්නවා දන්නෙ නැති අයට ලියන්නම්.
  • වතුර බාජනයක් ⁣ලිපෙ තියලා වතුර රත් වුනාම ලිප ඕෆ් කරලා වෙනම බාජනයක් උඩින් තියලා චොකලට් ටික දියකරගන්න. චොකලට් ටික පොඩියට කපාගත්තොත් ඉක්මනින් දියකරගන්න ලේසියි. චොකලට් නිසා දිය වෙන්න බලනවා එ නිසා බිස්කට් ටික ශිතකරණයෙ තියෙන එක වඩාත් හොඳයි

2.පැණි රස ‌කෙටි කෑම: මාරි චොකො බ්‍රවුනීස් 

බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාරි බිස්කට් 300 
  • කුකින් චොකලට් 200
  • ෆ්‍රෙශ් මිල්ක් 100 ml.

උඩ ‌ලේයර් එකට

  • චොකලට් 100 g,
  • කිරි 30 ml

සාදන ක්‍රමය

  • මේක ලෙයර් දෙකකට දානවා. මුලින්ම මාරි බිස්කට් 300 g හොඳට කුඩු කරගන්න.
  • කුකින් චොකලට් 200 පොඩි කෑලි කපාගන්න. ෆ්‍රෙශ් මිල්ක් 100 ml  චොකලට් එකයි කිරි එකයි ඩබල් බොයිල් කරලා දිය කරගෙන කුඩුකරගත් බිස්කට් එකට දාලා හොඳට කලවම් කරනන.
  • ඉන්පසු ‌තෙල් කඩදාසියක් දාපු තැටියකට දාලා හොඳට තදට හිටින විදියට ශේප් කරගන්න.
  • දැන් මේක පැයක් විතර ශිතකරණයෙ තියන්න.
  • දැන් උඩ ලෙයර් එක සදහා ⁣කුකින් චොකලට් 100 g, කිරි 30 ml ඩබල් බොයිල් කරලා දිය කර ශිතකරණයෙන් ගත්තාට පස්සේ උඩට දාලා ශේප් කරලා කැමති නම් ඩෙකො චොකලට් දාලා නැවත විනාඩි 30 ශිතකරණයෙ තියලා කෑලි කපාගන්න.

3.පැණි රස ‌කෙටි කෑම: ‌චොකලට් පීනට් බාර්

බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මාරි බිස්කට් 200 g
  • බටර් 70 g
  • පීනට් බටර් 130g
  • චොකලට් 200 g
  • පීනට් ක්‍රීම් මේස හැඳි 2

සාදන ක්‍රමය -

  • මේකට ලෙයර් දෙකක් දානවා. මුලින්ම කැමති ට්‍රෙ එකක් හෝ කේක් තැටියක් හරි කමක් නෑ තෙල් කඩදාසියක් දාලා ලෑස්ති කරගන්න.
  • මාරි බිස්කට් 200 g හොඳට කුඩු කරගන්න. බටර් 70 g දියකරගන්න.පීනට් බටර් 130g ක් ගන්න. දියකරගත් බටර් එකට පීනට් ක්‍රීම් ටික දාලා කලවම් කර කුඩු කරගත් බිස්කට් එකට දාලා හොඳට කලවම් කරලා තැටියට දාන්න . අතින් තද කරලා හදාගන්න. බිස්කට් ලෙයර් එක සකස් කර අවසානයි.
  •  චොකලට් ලෙයර් සකස් කිරීමට මම ගත්තේ චොකලට් චිප්ස් ඔයාලට කැමති චොකලට් වර්ගයක් ගන්න පුළුවන්.
  • චොකලට් 200 g  ක් හාා පීනට් ක්‍රීම්  මේස හැඳි 2 වගෙ බාජනයට දාලා ඩබල් බොයිල් කරලා චොකලට් ටික දිය කරගන්න.
  • දැන් බිස්කට් ලෙයර් එකට උඩින් ‌‌මේ චොකලට් මිශ්‍රණය දාලා ස්පැචුලර් එකකින් ශේප් වෙන්න හදන්න.
  • කැමති නම් උඩ තව ටිකක් ලස්සන කරගන්න සුදුපාට චොකලට් ටිකක් දිය කරලා චොකලට් මිශ්‍රණයට උඩින් තැනින් තැන ටික ටික දාලා කූරකින් කරකවමින් කැමති විදියට ලස්සන කරගන්න.
  • සුදුපාට චොකලට් නැත්නම් පීනට් ක්‍රීම් ටිකක් ඩබල් බොයිල් කරලා දියකරගෙන උඩට දාන්නත් පුළුවන් .‌
  • මේ ටික කරලා පැය දෙයක් ශිතකරණයෙ තියලා. කෑලි කපාගන්න.

අද අපිට මේ රසම රස ආහාර වර්ග 3 ග‌ෙදරදීම හදාගන්න අයුරු අපට අද කියා දු් අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්
බෙදාගන්න :
  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

  • අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

    අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

  • අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

    අපේම පාඨක අම්මලාගෙන් රසම රස අතුරුපස රෙසිපි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it