theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

3 අවම කියවීම
ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

අද සිට ඔබ ඔබේ දරුවාට කියවීම් කරන ආකාරය ගැන සිතන්න. එය දරුවන්ගේ ජීවිත වල සැබෑ වෙනසක් ඇතිකරන්නට සමත්කම් දක්වනු ඇති නිසා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්.

එහෙනම් දරුවන්ට හරියට කියවන්නේ කොහොමද? මේ ලිපිය කියවා ඒ ගැන දැනගන්න. දෙමාපියන්ට ඕනේ දරුවන් සාර්ථක වෙනවා දකින්නයි. දරුවන් හැම අතින්ම සුදානම් කරන්න ඔවුන් කැමතියි. දරුවාට කියවීමට ඉගැන්වීම ගැන දෙමව්පියන් බොහෝ සිතනවා.

කියවීම ඉගැන්වීමට වැදගත්ම දේ මොනවාද?

ඒ වෙනුවෙන් පෝෂණීය ආහාර, අධ්‍යාපනික වටිනාකම් ඇති සෙල්ලම් බඩු, හොඳ පෙර පාසල්, හොඳ වටපිටාවක් වැනි හුඟක් දේවල් තෝරා දෙනවා. දරුවාට කියවීමට ඉගැන්වීම ඉතාම වැදගත් දෙයක් .

දරුවන්ගේ බුද්ධිය වර්ධනයට දෙමාපියන් කියවීමේ වැදගත්කම නිසා ඔවුන් එයට යොමුකරනවා. දරුවන් කෙතරම් කුඩා වුනත් ඔවුන්ට පොත්පත් කියවීම මගින් හොඳ දැනුමක් හා වාග් මාලාවේ දියුණුවක් ලැබෙනවා.

හුඟක් වෙලාවට නින්දට පෙර කියවීම හුඟක් ජනප්‍රියයි. මේ පුරුද්ද දෙමාපියන් හා දරුවන් අතර බැඳීම් වැඩි කරන අතර කියවීමට ඔවුන් කැමැත්තක් දක්වනවා.

නමුත් මේ කාලේ ඔබ දරුවන්ට හරි ආකාරයට කියවීම පුරුදු කළාද?

ස්නායු වෛද්‍යවරුන් කියන්නේ බොහෝ විට කියවීමේදී අනුගමනය කළ යුතු වැදගත් ක්‍රම හුඟක් වෙලාවට ගිලිහී යන බවයි. නමුත් නිසි ලෙස කියවීම පුරුදු වීමෙන් දරුවන්ට ඉන් වැඩි ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්.

ඉතින් මේ උපාය කුමක්ද?

දරුවන්ට කියවීම වැදගත් බව අපි කවුරුත් දන්නවා. ඒත් ස්නායු විශේෂඥ එරින් ක්ලැබෝ පවසන ආකාරයට හුඟක් දෙමාපියන් නොදැනුවත්ව කියවීමේදී සිදුවිය යුතු මූලික කරුණු සම්පූර්ණ කරන්නේ නැති බව පැවසෙනවා. ක්ලැබෝ පවසන ආකාරයට දරුවන්ට පොත කියවන අතරතුර ඒ තුළ ජීවත් වීමට ඔවුන්ව නැඹුරු කළයුතු බව පවසනවා.

“අද මනෝවිද්‍යාව” ට අදහස් දක්වමින්  ක්ලැබෝ පවසන්නේ දරුවන්ව නින්දට යැවීම සඳහා බොහෝ දුරට කියවීම පුරුද්දක් බවට පත්වී ඇති බවයි.

නැතිනම් පාසලේ පැවරුණ කාර්යයක් වෙනුවෙන් එය ඉටු කරනවා වෙන්නට පුළුවන් බව පැවසෙනවා. නමුත් මෙලෙස සිදුකිරීම දරුවන්ව රූපවාහිනියක් ඉදිරියේ තැබීමට බොහෝ දුරට සමානකම් දක්වන බව පැවසෙනවා.

අපි කියවන විට සිදු වන්නේ මොකක්ද?

අපි කියවන විට කතාවේ ඇතුළාන්තයට කිමිදෙමින් එය ගැන කුතුහලයෙන් පසුවෙනවා. ඇත්තටම අපි මවාගන්නා සීමාව තුළ අපි විවිධ චිත්තරූප මවාගන්නවා.

ඉතින් අපි ඔවුන්ට කියන ආකාරය අනුව ඔවුන්ගේ ඥානය, චිත්තරූප මවාගැනීම, නිර්මාණශීලිත්වය වැනි දේවල් වර්ධනය වෙමින් අනාගතයට යන්නට අඩිතාලමක් සපයනවා.

ඔබ එය කළ යුත්තේ කෙසේද?

පර්යේෂණ වලට අනුව, කියවන පුද්ගලයා අනෙක් අයගේ සිතුවිලි හා අඩුපාඩුකම් ගැන අවබෝධයෙන් සිටීම වැදගත් වෙනවා. නමුත් මෙවැනි කියවීම් වලදී දරුවන්ට බැරෑරුම් කරුණු ඔවුන් කැමති වන ආකාරයට කියවීම වැදගත්. එවැනි උපායන් මොනවද?

  • සිත්ගන්නා ආකාරයටත් චමත්කාර ජනක ලෙස කතාව ඉදිරිපත් කිරීම. විශේෂයෙන් මුහුණේ ඉරියව් මගින් කතාවේ අදහස් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්.
  • කතාව අතර මැදදී දරුවන්ට බාධා කිරීම් කිරීමට අවස්ථාව දිය යුතු වෙනවා. ඉන් ඔවුන්ට ඔවුන් තුළ මවා ගන්නා චරිත වලට පණදෙන්න හැකියාව ලැබෙනවා.
  • චරිත තුළින් ලබාගන්නා විසඳුම් හා ඊට පෙර ඔවුන් විසින් ලබා ගැනීමට කළ හැකි දේවල් විමසීම කරන්න පුළුවන්.

එකම කතාවම වාර ගණනාවක්??

ඔබ එකම කතාව වාර ගණනාවක් කියවීම කළත් මේ උපක්‍රම මගින් ඔවුන් අත්විඳින අත්දැකීම වෙනස් විය හැකියි. ගැටළු විසඳීමට ඔවුන්ගේම අදහස් යොදාගන්න . ක්ලැබෝ පවසන ආකාරයට මේ මගින් දරුවන්ට තීරණ ගැනීමට පුහුණුවක් ලැබෙනවා. ඉන් දරුවන්ගේ ස්නායු පද්ධතිය හා දැනීම පිළිබඳ වර්ධනය දැකිය හැකි වෙනවා.

අවසානයේ දරුවා හොඳ පොත් කියවන්නෙක් වනවා පමණක් නොව බුද්ධියෙන් හා තර්කානුකූලව සිතිය හැකි අයෙකු කරවනවා. ඇය කියන්නේ මෙවැනි අය පසු කාලයේ හොඳ ගත්කතුවරුන්, පරිපාලකයන්, ගැටළු විසඳන්නන් වගේම හොඳම මිතුරන් බවටත් පත්වන බවයි.

ඒ නිසා අද සිට ඔබ ඔබේ දරුවාට කියවීම් කරන ආකාරය ගැන සිතන්න. එය දරුවන්ගේ ජීවිත වල සැබෑ වෙනසක් ඇතිකරන්නට සමත්කම් දක්වනු ඇතියි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරයට ඔබ දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it