theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

5 අවම කියවීම
දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

පිරිමින්ගේ සරු බව කාන්තාවන්ගේ ගැබ් ගැනීමට බලපෑම් කරනවා.

ගැබ් ගැනීම බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් පමා  නොවන්නේ නම් පිරිමි සරු බව ගැටලුවක් ලෙස සලකන්නේ නැහැ.

එය ගැටගුවක් වන්නේද කාන්තා පාර්ශවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයගේ ගැටලුවක් නොමැති නම් පමණි.

පිරිමි සරු බවට බලපාන කරුණු කිහිපයක් තියෙනවා. 

පියවරුන් වීමට පෙරුම් පුරන්නන් විසින් පිළිසිඳ ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා ජීවන රටාවේ වෙනස්කම් සිදු කල යුතු වෙනවා.

ඒ වගේම පූර්ව නිගමන උපදේශනය මඟින් මෙම වෙනස්කම් සිදුකිරීමට ඔවුන්ට හැකි වෙනවා.

හෙල්දි මේල් නම් සංවිධානයේ අධ්‍යක්ෂ මහාචාර්ය රොබට් මැක්ලච්ලන් විසින් පුරුෂයින්ගේ ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීමට උපකාර කරනවා.

 “ඔබ දරුවන් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එම අවස්ථාවේදී ඔබ ඔබ ගැනම සොයා බැලිය යුතුය.

ඒ ඔබේ ශුක්‍රාණු සෞඛ්‍යය දරුවාට වැදගත් වන බැවිනි.“

බබෙක් ලබා ගැනීම ගැන සිතීමට පෙර පුරුෂයින් වෛද්‍යවරයා වෙත යා යුතුය.

පිරිමියෙකුගේ ජීවිත කාලය පුරාම ශුක්‍රාණු නිපදවන අතර ඒවා නිෂ්පාදනය කිරීමට මාස දෙකක් ගත වෙනවා.

එහෙත්, තමන් ගැන සැලකිලිමත් නැති පුරුෂයින්  මව සහ දරුවා යන දෙදෙනාගේම සෞඛ්‍ය අවදානමට ලක් කරනවා. 

“ඔබේ ශුක්‍රාණු සෞඛ්‍යය දරුවාට වැදගත්. තරබාරුකම, දුර්වල ලෙස පාලනය කළ දියවැඩියාව, දුම් පානය වැනි දේ ඔබ දරුවෙකු පිළිසිඳ ගන්නා කාලයේදි තිබුනා නම් ඒවා දරුවන්ට සෞඛ්‍යමය බලපෑම් ඇති කරන බවට හොඳ සාක්ෂි තිබෙනවා. උදාහරණයක් විදියට මෙම දරුවන් රුධිර පීඩනය හා දියවැඩියාව සමඟ වැඩීමට වැඩි ඉඩක් තියෙනවා, ”මහාචාර්ය මැක්ලච්ලන් පවසනවා.

පිරිමි සරු බවට බලපාන කරුණු 3 ක්

පිරිමි ඔබ නොහිතනා කරුණු ඔබේ සරු බවට ඍජුවම බලපෑම් කරන්න පුළුවන්.

ඒ ගැන හොදට සොයා බලා කටයුතු කිරීමෙන් ඔබට සරු බව ආරක්ෂා කර ගරනීම හෝ සරු බව වැඩි කර ගරනීමට කටයුතු කරන්න පුළුවන්. 

පහතින් කතා කරන කාරණා 3 ම ගැන දැනුවත්ව සිටීමෙන් බර හා ජිවන රටාව ඔබේ පාලනය තුල පවතින බැවින් එය වෙනස් කිරීමට කටයුතු කරන්න පුළුවන්.

වයස ඔබට වෙනස් කල නොහැකි වුවත් නිසි වයසේදි දරුවන් සැදීම හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයකට යොමු වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා.

1.බර

 

දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

තමන්ගේ බර තම සහකාරිය ගැබ් ගැනීමට බල පාන බව ඇසු විට බොහෝ පිරිමින් පුදුමයට පත්වනවා.

අධික බරින් සිටීම ශුක්‍රාණු චලනය අඩු කරන අතර ශුක්‍රාණු ප්‍රමාණයද අඩු කරන්න පුළුවන්.

එනම් ගැබ් ගැනීමට බොහෝ කාලයක් උත්සහා කරන්න වෙනවා. තරබාරු පිරිමින්‌ගේ ටෙස්ටොස්ටෙරෝන් අඩුයි.

එය ශිෂේණය ඍජු ලෙස පවත්වා ගැනීමට මිනිසෙකුට ඇති හැකියාව කෙරෙහි බලපානවා.

තරබාරු වු විට තාත්තාගේ ශුක්‍රාණුව තුළ ගෙන යන ජාන නිසි ලෙස ක්‍රියාත්මක නොවිය හැකි බැවින් එය දරුවාට ද බලපායි

2.ජිවන රටාව

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

දුම් පානයද ජානවලටද බලපානවා.

ගර්භනී කාන්තාවන් දුම් පානය කිරීම දැකීම මේ දිනවල ඉතා දුර්ලභ වු නමුත් දුම් පානය කරන පුරුෂයෙකුට එතරම් හිතුවේ නැති වුනාට දරුවාට බලපෑම් කරන්න පුළුවන්.

දුම් පානය කරන්නන් අතර වඳභාවයට පත්වීමේ අවදානම දුම් නොබොන්නන් මෙන් දෙගුණයකි.

සරු බවට දුම්පානයෙන් ඇතිවන බලපෑම යථා තත්වයට පත් වීමට වසරක් පමණ  ගත වෙනවා.

. “දුම්පානය ඔබව මරනවා නේද? අපි හැමෝටම ඒකට එකගයි. ඔබේ ජීවිතයේ සෑම මොහොතකම ඔබට අවශ්‍ය වන්නේ ඔබේ ජීවන රටාව අලුත්වැඩියා කිරීමට සහ දුම්පානය නැවැත්වීමට නම්  ඔබේ පළමු දරුවා ලැබීමට පෙර එය කරන්න ”යනුවෙන් මහාචාර්ය මැක්ලච්ලන් පවසයි.

 දුම් පානය කරන පිරිමින්ගේ දරුවන් තුළ පිළිකා අනුපාතය වැඩියි.

3.  වයස

දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්

වයස අවුරුදු 45 ට වැඩි වන විට පුරුෂයින්ගේ ශුක්‍රාණු ප්‍රමාණයද අඩු වෙනවා.

ඒ නිසා ගැබ් ගැනීමට වැඩි කාලයක් ගත වන අතර ගබ්සා වීමේ වැඩි අවදානමක්ද පවතිනනවා.

මෙම ගැටලුව පුරුෂයාගෙන් ඇති විය හැකි නමුත් එය බලපෑමට ලක්වන්නේ කාන්තාවයි.

 “පුරුෂයාගෙන් සරු බව පිළිබඳ ගැටළු තිබේ නම්, ඔහුට ශිෂ්ය ඍජු වීම හෝ වෙනත් තත්වයක් තිබේ නම්, ඇයට ප්‍රතිකාර ලබා දීම සිදු විය හැකිය.

සහායකයාගේ ප්‍රජනන ක්‍රියා පටිපාටිය ඇයට යම් බරක් විය හැකි නමුත් එය පිරිමි ගැටලුවකි. ” මහාචාර්ය මැක්ලච්ලන් පවසයි.

කාන්තාවන්ට ජීව විද්‍යාත්මක කාල සටහනක් ඇති බව පිරිමින් දැන සිටිය හැකි නමුත් ඔවුන්ට යථාර්ථය පරීක්ෂා කිරීම සඳහා පූර්ව නිගමන උපදේශනය අවශ්‍ය වෙන්න පුළුවන්. 

“මෙම තීරණ ගැනීම සඳහා සහකාරියට සහයෝගය දැක්වීමට පිරිමින්ට වගකීමක් තියෙනවා,‘ අපි ලබන වසරේ එය කරමු ’යනුවෙන් මහාචාර්ය මැක්ලච්ලන් පවසනවා. 

“ඔබ තරුණ හා වේගවත් බව ඔබට හැඟෙන්නට පුළුවන්, ඔබට වයස අවුරුදු 41 යි, ඇයට වයස අවුරුදු 37 යි. ඔබට කාල වේලාව ප්‍රමාණවත් නැතිනම් IVF හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් උත්සහ කල යුතුය."

“මිනිසෙකු ලෙස ඔබේ අවදානම ගැන මෙනෙහි කිරීමට මෙය හොඳ කාලයකි. පූර්ව නිගමන උපදේශනය ඔබ කැමති නම්, මම හිතන්නේ පිරිමින් ඒ ගැන  සිතා බැලිය යුතුය. ”

මහාචාර්ය මැක්ලච්ලන් පවසනවා.

දරුවන් නොමැති කම නිසා කාන්තාවන් පමණක් විදවන සමාජයක් අද වෙන කොට පවතිනවා.

දරුවන් නැති වැරැද්දට අද වෙද්දි ඇගිල්ල දික්වෙන්නේ කාන්තාවන් දෙසටයි. වද ගෑනි ඒ ඇයට මිනිසුන් දෙන නමයි.

නමුත් සත්‍ය බොහෝ ඈත වෙන්න පුළුවන්. කාන්තාවන් පමණක් දරුවන් පිළිසිද ගැනීමේ ගැටලු වලදී පරීක්ෂණ හා ප්‍රතිකාර සදහා යොමු කර ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

සමහර විට වැරැද්ද පිරිමි ඔබේ සරු බව තුල වෙන්න පුළුවන්.  ඒ නිසා හොද සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න.

ඔබේ ජීවන රටාව හොදින් සකස්කර ගන්න. දුම්පානයෙන් ඈත්වෙන්න. සමබර ආහාර වේලක් ගන්න. ව්‍යායාම කරන්න. ඒ වගේම ඔබේ වයස යන්න කලින් දරුවෙක් ගැන සිතන්න.

එවිට ඔබට ඔබේ සරු බව රැක ගත හැකි අතර ඔබේත් ඔබේ සහකාරියගේත් කිරි සිහිනය ‌බොහොම පහසුවෙන් ඉටු කරගන්න පුළුවන්.

මේ ලිපිය ඔබට වැදගත් වේවි යැයි අපි සිතනවා. ඔබට ගැටලුවක් ඇතිනම් හෝ අදහස් දැක්වීමට අවශ්‍ය නම් පහතින් දැක්වෙන තීරයේ සටහනක් යොදන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • දරුවෙකු ගැන හිතන්න කලින් පුරුෂ පාර්ශවය කල යුතු දේවල්
බෙදාගන්න :
  • තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

    තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

  • කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

    කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

  • තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

    තාත්තෙක් වෙන්න ආසයි නේද? මෙන්න ඒ සදහා කලයුතු දේවල්

  • කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

    කාන්තාවන්ට සරු බව ගෙන දෙන ආහාර වර්ග 15ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it