theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

5 අවම කියවීම
ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

දරුවාට පහර දීම වෙනුවට මේ ක්‍රම උත්සහ කරමුද?

සමහර දෙමව්පියන් පහර දීමෙන් කිසිම හානියක් නොවන බව දිවුරා කිව්වත්  බොහෝ විද්වතුන් පවසන්නේ  එය ඔබේ දරුවාට හික්මවීම සුදුසු නොවන බවයි.  ඒ නිසා දරුවන්ට රිදවන්නේ නැතුව දරුවන් හික්මවන ක්‍රම අපි අද බලමු.

දරුවන් රැකබලා ගැනීමේදී පහර දීම බොහෝ බේද කාරී ගැටළුවක් වේ.

සමහර මව්වරුන් හා පියවරුන්  විසින්  දිවුරමින්  කියා සිටින්නේද විශ්වාස කරන්නේද ඔවුන්ගේ දරුවන්ගේ හරි මාර්ගයේ රදවා ගැනීමටත් , ඔවුන්  වැරදි හැසිරීම්වලින් වැළකීවා ගැනීමටත් එය හොඳ ක්‍රමයක් බවයි.

තම දරුවාගේ දරුවන්ට පහර දීමෙන් ළමා හිංසනයක් සිදුවෙන බවත්  එය ඔවුන්ගේ දරුවාගේ සංවර්ධනය කෙරෙහි විශාල ඍනාත්මක බලපෑමක් ඇති කරන බවත් අනෙක් දෙමව්පියන් විශ්වාස කරයි.

ඒ නිසා ඔවුන් විනය හැසිරවීමට වෙනත් ක්‍රම යොදාගන්නවා.

මේ දිනවල බොහෝ  පර්යේෂකයන් සහ විද්වතුන් විසින් දරුවන්ට පහර දීම හානිකර විය හැකි  බවත් වයසින් වැඩෙත්ම එය  ඔවුන්ගේ හැසිරීම් හා හැගීම් කෙරෙහි ඍනාත්මක බලපෑම් ඇති කරනු ලබන බවට එකග වී ඇත.

තම දරුවන්ට තවමත් පහර දෙන දෙමාපියන් එම විනය හැසිරවීම  ගැන නැවත සිතීය යුත්තේ අන්න ඒ නිසයි.

ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට,  මෙන්න මේ දේවල් තුන උත්සාහ කර නොබලන්නේ ඇයි?

ළමා මනස ශක්තිමත් කිරීම

1. දරුවන් හික්මවන ක්‍රම:  ඔවුන්ට ප්‍රතිවිපාක දෙන්න

පහර දීම  වෙනුවට, ඔබේ දරුවා දරුණු ලෙස හැසිරෙන්නේ නම් ප්‍රතිවිපාක ලබාදීම ඔබට කල හැකිය.

ඔවුන් ඔවුන්ගේ ආහාර වේලක් අවසන් නොකරනවා නම්, ඔවුන්ට  ප්‍රතිවිපාක ලෙස දවසේ ඉතුරු කාලය ටීවී රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදීම හෝ හෝ ඔවුන්ගේ සෙල්ලම් බඩු සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීම ලබාදිය හැක.

ප්‍රතිවිපාක නිසා නරක දේවල් කිරීමෙන්  සහ නීති රීති පිලි නොපැදීමෙන් ඔබේ දරුවාට නරක ප්‍රතිඵල ඇති විය හැකි බව තේරුම් යනවා.

ඒ අතර, එමගින් නීති රීති අනුගමනය කළ යුතු  බවත්  යහපත්ව හැසිරිය යුතු බවත්  ඔවුන්ට දැන ගන්න ඉඩදෙන්න.

ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමෙන් ශාරීරික හානියක් සිදු නොවන නිසා එය පහරදීමට  වඩා හොඳ විකල්පයක් වේ.

2. දරුවන් හික්මවන ක්‍රම: ස්ථාවර වෙන්න

ඔබේ දරුවා නිතරම වැරදි ලෙස හැසිරෙන්නේ නම්, ඔබ දෙන ප්‍රතිවිපාක සමඟ ස්ථාවර  විය යුතුය.

ඔබේ දරුවා ඔබ සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකි අතර, සමහර විට එම දේවල් සිදුවීමට ඉඩ හැරීමට ඔබට පෙලඹීමක් ඇති විය හැකි අතර, නමුත්  ප්‍රතිඵලයක් ලෙස එහි ඵලදායකත්වය පමණක්  අවම කල යුතුය.

ස්ථාවර වීම විනය හැසිරවීම සදහා  අත්‍යවශ්‍යය වන අතර  ඒ මගින් නරක දේවල් කිරීමෙන් පහසුවෙන්ම  මිදිය නොහැකි බව ඔබේ දරුවාට ඉගෙන ගත හැකිය.

3. දරුවන් හික්මවන ක්‍රම: ඔවුන්ගේ යහපත් ක්‍රියා අගය කරන්න.

හොඳ ළමයා

ඔබේ දරුවාගේ යහපත් ක්‍රියා අගය කිරීම වැදගත් ය.  කුඩා දේවල් සඳහා, ඔබේ දරුවාට යම් ප්‍රශංසාවක් හෝ  ස්තුතියි පල කිරීමක් ඔබට කළ හැකිය.

පාසැලේදී හොදින් හැසිරීම හෝ වෙනත් අයට උපකාර කිරීම වැනි විශාල ජයග්‍රහණ සඳහා, ඔවුන් කැමති සංග්‍රහයක් හෝ විනෝදාත්මක ක්‍රියාකාරකමක්  ඔවුන්ට ලබා දිය හැකිය.

සැමවිටම මතක තබා ගන්න, ඔබ පෙර සිතා බලන්න. පහර දීම  සෑම විටම ඔබේ දරුවාට විනයානුකූලව  සිටීම උගන්වනු නොලැබේ.

සමහර අවස්ථාවලදී දෙමාපියන් තම දරුවාට පහර දෙනු ලබන්නේ   ඔවුන් මානසික පීඩනයකින් සිටීම හෝ කලකිරීමට පත්ව සිටිම නිසාවේ.

එනම් ඔවුන් තම දරුවන්ට  පහර දෙන්නේ ඔවුන්ගේ නොසංසුන්තාවය හේතුවෙනි.

පහර දීම  වෙනුවට ඔබේ දරුවාට හික්මවීම ලබා දිය හැකි විකල්ප ක්‍රම සොයා බලන්න. ඒවා ඒ සදහා හොඳ වනු ඇත.

ඒ වගේම කේන්තියෙන් ඉන්න ඔබ පහත දේවල් 5 නම් දරුවාට කියන්න එපා

ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?

1. ඔයා හැමතිස්සේම කරන්නේ නරක වැඩමයි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔයා මෙහෙම කියනවා නම් එය ඔබ දරුවාටම කරන චොදනාවක් මිස දරුවා කරන ලද වැරදි හැසිරීමට කරන චෝදනාවක් නොවේ.

මේ මගින් දරුවාට සමස්ථ ලෙස චෝදනාවක් නැගෙන සේ හැගෙන අතර ඔහු කියන කරන සෑම දෙයක්ම නරක වැඩ බවට ඔහු වරදවා වටහා ගනියි.

එය දරුවාගේ මානසිකත්වයට සුදුසු නැහැ.

ඒ වෙනුවට මෙහෙම කියන්න ඔබට පුළුවන්.

"පුතේ ඔයා හොද වැඩ කරන දරුවෙක්නේ ඔයා මෙහෙම දෙයක් කලා කිව්වාහමත් මට පුදුමයි."

2. අම්මා ඔයාට තවත් ආදරේ නැහැ

මවක් දරුවෙකුට දැක්විය යුත්තේ කොන්දේසි විරහිත ආදරයකි.

ඔබ ඒ සදහා මෙවන් කොන්දේසි පැනවීමෙන් නිසැකවම දරුවා වඩා නොසංසුන් වෙනවා.

අම්මාගේ ආදරය ඒ තරම් පහසුවෙන් අහිමි විය හැකි බව සිතීමෙන් දරුවාට අනාරක්ෂිත හැගීමක් ඇතිවෙනවා මෙන්ම කණගාටුවක්ද ඇතිවෙනවා.

ඒ නිසා ඒ වෙනුවට ඔබට මෙහෙම කියන්න පුළුවන්.

"මම ඔයාට ගොඩාක් ආදරෙයි. ඒත් මේ වගේ දේවල් කරන කොට මම වේදනාවට පත් වෙනවා."

3. ඔයා ඒක ආයෙමත් කලොත් මම පොලීසියට කියලා හිර කූඩුවේ දානවා

ඇත්තටම ඔයාට කරන්න බැරි දේවල් කියලා දරුවාට තර්ජනය කරන්නේ ඇයි? එය කිසිම ඵලක් නැහැ.

ඇත්තටම ඔහු ආහාර ගන්න බෑ කියු පමණින් නැතිනම් පුංචි දගවැඩක් කල පමණින් පොලීසියෙන් පැමිණ ඔහුව ගෙන යන්නේ බව ඔහු ඉක්මනින් ඉගෙන ගනිවි.

ඔබ කියන දේ ඔබ නොකරන බවත් ඒවා හිස් තර්ජන පමණක් බවත් ඔහු ඉක්මනින් තේරූම් ගනිවි.

ඒ වෙනුවට ඔබට මෙහෙම කියන්න පුළුවන්.

"ඔයා ඒ වැ‌ඩේ ආයෙමත් කලොත් මම ඔයාගේ ආසම රූපවාහිනි වැඩසටහන බලන්න දෙන්නේ නැහැ."

4. අක්කා වගේ හැදෙන්නකෝ ළමයෝ

ඔබ එතරම් දුර නොසිතුවාට ඔබ මෙසේ පවසන විට දරුවන් අතර බේද ඇතිවෙනවා.

එවිට දරුවා සහෝදරිය ලෙස හැසිරීම වෙනුවට ඇය කෙරෙහි අමනාපයක් ඇති කරගන්නවා නොඅනුමානයි.

ඒ නිසා ඒ වෙනුවට මෙහෙම කියන්න උත්සහ කරන්න.

"ඔබ හොදට හැසිරුනොත් අපි හැමෝටම  එකතු වෙලා විනෝද වෙන්න පුළුවන්."

5. ඉන්න මම තාත්තා ආහම පාරක් ඉල්ලලා දෙන්නම්

ඔබ දරුවාට වරද කල මොහොතේ දඩුවම් නොකර පියා එනකම් පැය ගණන් බලා සිටීමට පෙළඹීම සුදුසු නැහැ.

එවිට දරුවාට තම වරද අමතක වී යන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඒ නිසා ඒ වෙනුවට මෙහෙම කියන්න.

"ඔයා දැන දැනමනේ ඔය වැරැද්ද කරන්නේ ඒ නිසා මම ඔයාට දැන් දඩුවම් කරනවා. "

මේ කාරණා 5 ත් මතක් කලේ අපි අතින් නොහිතපු මොහොතක දරුවන්ගේ මල් වගේ සිත් රිදෙන්න පුළුවන් නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • ඔබේ දරුවාට පහර දෙනවා වෙනුවට, මෙන්න මේ දේවල් 3 උත්සාහ කර නොබලන්නේ ඇයි?
බෙදාගන්න :
  • දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

    දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

  • ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

    ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

  • දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

    දරුවන්ට පහර දීම නිසා පසුකාලීනව ඔවුන්ගේ සම්බන්ධතාවයන් තුල ගැටළු මතුකරයි.

  • ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

    ඔබේ දරුවන් සටන් කිරීමෙන් හා පහර දීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it