theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් ඉක්මනට නින්දට යැවීම ඔබටත් වැදගත් වන්නේ ඇයි?

4 අවම කියවීම
දරුවන් ඉක්මනට නින්දට යැවීම ඔබටත් වැදගත් වන්නේ ඇයි?දරුවන් ඉක්මනට නින්දට යැවීම ඔබටත් වැදගත් වන්නේ ඇයි?

ඔබේ දරුවන් හුඟක් පරක්කු වෙලා නින්දට යනවාද? නමුත් ඉන් ඔබට අත්දකින්න ලැබෙන දේ වෙනස හා නින්දට යන වෙලාව අතර සම්බන්ධය දැනගත්තොත් ඔබ පුදුම හිතාවි.

දරුවන් කලින් නින්දට යැවීම මම අනිවාර්‍යයෙන් කරන දෙයක්. මගේ දරුවන් සවස 6.30 ට නින්දට යනවා. සවස 7 වෙනකොට ඔවුන් තද නින්දට වැටෙනවා. මේ ගැන මම කිව්වහම හුඟක් අය පුදුමයට පත්වුණා. සමහර අය තරමක් ඉරිසියාවෙන් කතා කළ අතර සමහර අය එය අගය කරනවා ( ෂා... ඔයා කොහොමද එහෙම කරන්නේ මට නම් ඉරිසියාවේ බැහැ).

සමහරුන්ට එය වටහා ගන්න බැහැ (එච්චර වේලාසනින්? ඇයි ඔයා එහෙම කරන්නේ ?). එය මගේ දරුවන් හා මම ඔවුන් හදන විදිහ කියලයි කියන්න තියෙන්නේ.

දරුවන් කලින් නින්දට යැවීම

හුඟක් ඉස්සර සමීක්ෂණ වාර්තාවකින් මම දැනගෙන තිබුණා දරුවන් ඉක්මනට නිදාගැනීම ඔවුන්ටත් අම්මටත් හුඟක් හොඳයි කියලා.

දරුවන්ට ඒකාකාරී දිගු නින්ද මානසික මෙන්ම ශාරීරික සෞක්‍යටත් ඉතා වැදගත් බව තහවුරු වී තිබෙනවා. සිංගප්පූරුවේ SingHealth වලට අනුව ළදරුවන්ගේ නින්ද පැය 12-13 දක්වා වෙනවා. ළදරු කාලයේ දරුවන්ගේ එය පැය 11-12 දක්වා වෙනවා. පාසල් යන දරුවන්ට පැය 10-11 දක්වා පමණ වෙනවා. එය තරුණ හා යෞවන වියේදී පැය 9 ක් පමණ වෙනවා.

ඉතින් අපි බලමු වේලාසනින් නින්දට යාමේ වැදගත්කම මොකද්ද කියලා. එය මවගේ මානසික සෞක්‍යටත් ඉතා යහපත් බව කියනවා.

අධ්‍යයනයන්

Growing Up in Australia මගින් ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි මුර්ඩෝච් ළමා සමීක්ෂණ ආයතනය මගින් කරන ලද සමීක්ෂණයන්ට අනුව වයස අවුරුදු 4-5 දක්වා දරුවන්ගේ දෙමාපියන් සමග සාකච්ඡා කර තවත් වසර දෙකකට පසුව නැවත ඔවුන් සමග කතා කළා.

ඉක්මණින් නින්දට යන දරුවන් තුළ ඔවුන්ගේ සෞක්‍ය සම්බන්ධයෙන් උසස් තත්වයක් තහවුරු වන බවත් මේ දරුවන්ගේ මව්වරුන්ගේ මානසික තත්වයද වර්ධනය වී ඇති බව සොයාගෙන ඇත.

එය කෙතරම් වැදගත්ද ?

දරුවන් කලින් නින්දට යැවීම

මෙය කෙතරම් වැදගත් දැයි දැන් ඔබට තේරෙනවා නේද? දරුවන් ඉක්මනින් නින්දට යාමෙන් ඔවුන්ගේ සෞක්‍ය තත්වය හොඳ වෙනවා වගේම අම්මලාගේ මානසික තත්වයත් හොඳ වෙනවා.

ඉන් කියවෙන්නේ අම්මලාටත් විවේකයක් ලැබෙනවා වගේ ම ඔවුන්ගේ මනසට සන්සුන් බවක් ලැබෙනවා කියන එකයි. ඒ වගේම නිසි වෙලාවට නින්දට නොයාම අනෙකුත් මානසික ගැටළු හා කලබල ස්වභාවයන් ඇතිවීමට බලපාන බව පැවසෙනවා.

පෞද්ගලිකව මගේ දරුවන් ඉතා ඉක්මනින් නින්දට ගියහම මටම පෞද්ගලිකව ගෙවන කාලයක් ඇරඹෙනවා. මේ නිසා මට හොඳට කෑම ටිකක් හදන්නත්, පෝෂණීය ආහාර වේලක් මටත් මගේ සැමියාටත් එකට ඉඳගෙන ගන්නත් ලැබෙනවා. සමහර විට මට ලියන්නත් කියවන්නත් වෙලාව ලැබෙනවා. සමහර වෙලාවට අපි චිත්‍රපටයක් බලනවා. නැත්නම් අපි රාත්‍රී කෑමකට එළියට යනවා (මට හුඟක් විශ්වාස මට උදවු කරන සේවිකාවක් සමග ඔවුන් තබා යන්න පුළුවන් නිසා).

මට වෙන්වෙන මේ පෞද්ගලික වෙලාව මගේ ජීවිතයට හුඟක් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම හොඳ අම්මා කෙනෙක් වෙන්න උදවු වෙනවා.

දරුවන් කලින් නින්දට යැවීම

මේ සියල්ල තහවුරු කරන ළමා රෝග වෛද්‍ය වින්ඩි සුවේ ස්වොන්සන් නින්ද අපි කාගේත් පැවැත්මටත් අපේ ඇවතුම් පැවතුම් වලටත් උදවු වෙනවා. දරුවන් නින්දට ගියහම අම්මට කරන්න වැඩ හුඟක් තියෙනවා. ඇය ඒවා ඉවර කර ගත්තොත් ඇයට හුඟක් සැනසීමක් සිතට දැනෙනවා. විවේකයක් ලැබීමෙන් ඇගේ වැඩ හොඳින් සිදුවීම ගැන ඇය සැනසෙනවා.

කිසිම ප්‍රශ්නයක් නැහැ. නින්දට නිසි තැනක් දීමෙන් ජීවිතය සැපවත් වෙනවා.

ඔවුන් කොතරම් වෙලා නින්දට ගියත් වේලාසන නින්දට යාම තමයි ඉතාම වැදගත් ඇය කියනවා.

දරුවන් කලින් නින්දට යැවීම ට හුරු කරන්නේ කෙසේද?

මෙසේ දරුවන් කලින්ම නින්දට යාම හුරු කිරීමට නොයෙක් ක්‍රම අනුගමනය කරනවා. කුඩා දරුවන් නම් (වයස 5ට අඩු) අවම වශයෙන් පැය 11-13 අතර කාලයක් නිදා ගනීම හොඳයි. හැමදාම එකම රටාවකට, වෙලාවකට අනුව (routine) ටිකින් ටික ඔවුන්ව මෙයට හුරු කරවා ගන්න පුලුවන්.

වයස 6-13 අතර පාසල් යන වයසේ දරුවන් ට නම් ගෙදර වැඩ, අමතර පන්ති හැරුණු කොට රූපවාහිනිය, පරිඝණකය, අන්තර්ජාලය හෝ කැෆේන් අඩංගු බීම වර්ග වැනි දේවල් නිසා නින්ද ගොඩාක්ම මඟ ඇරෙන්න පුලුවන්. මේ දේවල් වලින් මොළයේ ඇතිවන අධි ක්‍රියාකාරී බව නිසා නින්දට වැටෙන්න හුඟක් අපහසු වීම ස්වාභාවිකයි.

  • එබැවින් පාසල් වයසේ දරුවන්ට නින්දේ වටිනාකම තේරුම් කර දෙන්න.
  • නිදන කාමරයේ එම වාතාවරණය සුදුසු පරිදි සකස් කර දෙන්න (නිශ්ශබ්ද, සුවපහසු තැනක්).
  • රූපවාහිනී, ගුවන් විදුලි යන්ත්‍ර හෝ පරිඝණක නිදන කාමරයෙන් බැහැරව තබන්න.
  • කැෆේන් සහිත බීම වර්ග නොදී ඉන්න.

 

ඉතින් මේ ඔබ නොසිතූ වැදගත් තොරතුරු ඔබටත් දරුවන්ටත් හොඳ කාලයක් ගෙවන්නට ලැබේවි යැයි theAsianparent Sri Lanka  ඔබේ හොඳම මිතුරිය විශ්වාස කරනවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සංස්කරණය - බෝසඳුන් ගුණසේකර

මූලාශ්‍ර - Sleepfoundation.org

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දරුවාගේ නින්ද
  • /
  • දරුවන් ඉක්මනට නින්දට යැවීම ඔබටත් වැදගත් වන්නේ ඇයි?
බෙදාගන්න :
  • ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම  සාමාන්‍යද?

    ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම සාමාන්‍යද?

  • මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

    මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

  • ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම  සාමාන්‍යද?

    ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම සාමාන්‍යද?

  • මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

    මගේ දරුවා නිතර ඔසවාගෙන ඉන්න කියනවා. ඒ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it