theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනී

3 අවම කියවීම
මනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනීමනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනී

පොඩි දරුවන් වෙසෙන වෙසෙන නිවසක සිව් කොනේ ආරක්ෂාව ගැන නිරතුරුවම අවධානයෙන් සිටීමෙන් මනුමි සියත්‍රා පුංචි දියණියට අත් වූ ඉරණම ආයෙ කාටත් අත් නොවන්නට උපකාර වන්නට පුළුවන්.

අකලට මිලින වූ මල් කැකුලකගේ දුක්බර පුවතක් ගණේමුල්ල පහළයාගොඩ නිවසකින් වාර්තා වනවා. නිවැරදි ලෙස බෙහෙත් ගබඩා කිරීම නොකිරීම නිසා ජීවිතයෙන් සමුගත් පුංචි මනුමි සෑම දෙමාපියෙක්ටම පාඩමක් කියා දෙනවා.

පසුගිය පොසොන් දිනක වයස අවුරුදු හතරක් පමණක් වයසැති මනුමි කාමරයේ සිටි අවස්ථාවේ ඇගේ මව සිටියේ ඊට යාබදව ගේ ඇතුලෙම ඇති නාන කාමරයේ මනුමිගේ ඇඳුම් දෙකක් සෝදමින්.

මනුමි ඒ ඩිංගට පුටුවක් තබා ඊට නැග අල්මාරියේ තිබු අම්මගේ බෙහෙත් පෙති දහයක්ම එක වර බීලා.

මනුමිගේ පියාට අනුව මේ පෙති මනුමිගේ මවගේ අතේ කැක්කුමකට දුන් යකඩ අඩංගු බෙහෙත් පෙති වර්ගයක්.

මනුමි පෙති ටික බීල අම්මට ඇවිත් කියල තියෙන්නේ ඇය වැරදීමකින් බෙහෙත් පෙති සියල්ල බිවු බවයි.

තවද දැන් ඇයට වමනයට එන බව හා නිදිමත ඇති බවත් කියා තිබෙනවා .

මෙය අසා ඇයව වහාම ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇත. 

නමුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා දහවලේ ඇය මිය ගොස් තිබෙනවා.

හිරු ගොසිප් ඔස්සේ වාර්තා වුනු මේ  අවාසනාවන්ත සිද්ධිය ඉතා කෙටි කාලයක් ඇතුලත නොසිතූ වෙලාවක නොසිතු ලෙස සියල්ලෝ නිවසේ සිටි සොඳුරු පොසොන් නිවාඩු දවසක සිදු වූ ඉතා දුක්බර පුවතක්.

මනුමි සියත්‍රා මෙනෙහි කර ඇයගේ ආත්මය වෙනුවෙන් සෙත් පතන අතර මෙයින් දෙමාපියන්ට ගත හැකි  කරුණු කිහිපයක් සලකා බලමු.

නිවැරදි ලෙස බෙහෙත් ගබඩා කිරීම හා දරුවන්ට ආරක්ෂාකාරී ලෙස නිවස සකස් කර ගත හැකි මාර්ග මොනවාද?

1. නිවසේ සිවු කොනේම දරුවාට සුරක්ෂිත බව තහවුරු කිරීම.

බොහෝ දෙමාපියන් දරුවන් සිටින නිවෙස් තුල කැඩෙන බිඳෙන බඩු අයින් කර හැකි තරම් බඩු අඩු කරනවා. මෙය විවාධාත්මක අදහසක්.

මොකද ඇතැම් මා පියන්ගේ අත් දැකීම නම් දරුවාට සුරක්ෂිත පරිදි නිවස හැඩ ගැසිය යුතු බවයි. 

නමුත් දරුවාට නිවසේ අනෙකුත් බඩු මුට්ටු, විසිතුරු දෑ අයින් කිරීමෙන් දරුවා පිට නිවෙස් වලට ගොස් බඩු මුට්ටු අත පත ගෑමට යුහුසුළු වන බවයි.

මේ කියන්නට යන්නේ දරුවා සුරක්ෂිත වන පරිදි ගේ දොර සකස් කිරීම ගැනයි.

සැම අහු මුල්ලකම පිරික්සා නිවෙස දරුවාට අතිශයින් සුරක්ෂිත ලෙස සකසා ගත හැකියි.

නිවැරදි ලෙස බෙහෙත් ගබඩා කිරීම හැරුණු කොට නිවසේ ආරක්ෂාව සලසන අනෙකුත් දේ

  1. මේසය මත තබන විසිතුරු මල් බඳුන විදුරු එකක් වෙනුවට ප්ලාස්ටික් හෝ රෙදි මල් යනාදී එකක් විය හැකියි.
  2. ජනෙල් දොරවල් දරුවාට අරින්නට නොහැකි පරිදි safety lock වර්ග සවි කල හැකියි.
  3. දොරවල් ඉබේ නොවැසෙන සේ දොර පාලක උපාංග (door guard) පාවිච්චි කල හැකියී. මෙයින් දරුවාගේ අත, ඇඟිලි දොරට හසු වීම වලක්වාගත හැකියි.
  4. උණු වතුර, බිඳෙන දේවල්, අහිතකර ගේ දොර පිරිසිඳු කිරීමේ ද්‍රව්‍ය, සෝදන කුඩු යනාදී සෑම සියළු දෙයක්ම අගුල්ගත කල කබඩ් වල හෝ දරුවාට කිසි සේත් ලඟා විය නොහැකි උසකින් තැබිය යුතුයි.
  5. ඉලෙක්ත්රොනික් වයර්, උපාංග, විදුලි ස්විට්ච් ආදිය දරුවාට කිසි සේත්ම ලඟා විය නොහැකි පරිදි ආවරණය වන සේ තැබිය යුතුයි

2. අප දරුවාට දෙන ආදර්ශය ගැන නිරතුරුවම අවබෝධයෙන්අ සිටිය යුතුයි. 

අපි පුංචි දරුවන්ට කෙතරම් ඔවදන් දුන්නද, දරුවා වැඩිමනක් දේ ඉගෙන ගන්නේ වැඩිහිටි අයව අනුකරණය කිරීම තුළින්.

අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි ප්‍රසිද්ධ කියමනක් තියෙන්නේ මේ නිසා වන්නට ඇති.

විශේෂයෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩි වැඩියෙන් අනුකරණයේ යෙදෙනවා. අම්ම තාත්තගේ ඇඳුම් ඇඳන් ඔවුන් වාගේ නිරතුරු හැසිරෙන දරුවන් බලා අපි බොහෝ විනෝද වනවා.

නමුත් මෙහි ගැබ්ව ඇති අරුත තේරුම් අරන් ඔවුනට හිතකර ලෙස හැසිරීම ඉතාමත්ම අමාරු නමුත් අත්‍යවශ්‍ය කරුණක්.  

ඉහත සිද්ධියේදීද මේ පුංචි දිරිය එතරම් වෙර දරා පුටුවක් තබා නැග අල්මාරියෙන් බෙහෙත් අරන් බිව්වේ කොහොමද?

ඒ ඈ අම්මා අනුකරණය කිරීමේ මුලික අරමුණින් වන්නට ඇත.

3. දරුවා කෙරෙහි නිරන්තරයෙන්ම සාවධානයෙන් සිටීම 

අප නිතර පවසන සේ නිරන්තරයෙන්ම දරුවා ගැන අවධානයෙන් සිටීම කෙතරම් අත්‍යවශ්‍ය දැයි කියන්නට බැරි තරම්.

දරුවා ළඟ හිඳිය නොහැකි, වැඩක යෙදෙන්නට අවශ්‍යද? එවන් විටෙක දරුවා ආරක්ෂාකාරී ස්ථානයක තබා ඉක්මනින් එන්න. නැතිනම් දරුවා ඇස ගැටෙන මායිමේ තබා ගැනීම ඉත වැදගත්.

මගේ දරුවා පුංචි කාලයේ මම ඇගේ පාදයක ගෙජ්ජි නොහොත් පාද සලං වැලක් දමා තිබුනේ ඇය ඉන්නා ඉසව්ව නිරතරු දැන ගැනීමේ අරමුණින්.

ඉතින් අපට හැකි තරම් උපරිමෙයන් දරුවන් සිටින නිවෙස් ආරක්ෂාකාරීව තබා ගැනීමට මෙම ලිපිය බිඳක් හෝ ඉවහල් වේවි කියා සිතනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනී
බෙදාගන්න :
  • ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

    ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

  • කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

    කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

  • ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

    ඔබේ නිතී අභිබවා යන මුරණ්ඩු දරුවන් මෙසේ හික්මවමු

  • කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

    කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it