theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න

5 අවම කියවීම
බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්නබබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න

කථනය ආරම්භ කරන දරුවාට සංවාද ආචාර ධර්ම කියා දීම වැදගත්.

දරුවන් හදා වඩා ගැනීම පහසු කටයුත්තක් නම් නෙමෙයි. ළමයින්ගේ විනය ගැන දෙමව්පියන් කොතරම් සැලකිමත් වුවත් ඔවුන් හික්මවා ගැනීමත් ලේසී පහසු නැහැ.

අපි අද කතා කරන්න යන්නෙත් මීට අදාල මාතෘකාවක් ගැනමයි.

වැඩිහිටියන් කතාබහක යෙදෙන විට අපේ මේ පොඩිහිටියෝ කතාව මැද්දට පනිනවා සුලභව දකින්න පුළුවන්.

ඒත් ඒක කොතරම් අවලස්සන පුරුද්දක්ද කියලා එයාලට නොවැටහුනාට අවට ඉන්න අනිත් අය නම් ඒ එක්ක ටිකක් අපහසුතාවට ලක්වෙන්න පුළුවන්.

ඒ වගේම සංවාදයක් තුල කොහොමද එය ගලා යන්නේ, කොහොමද සංවේදි වන්නේ , සවන් දෙන්නේ කෙසේද යන්න වගේම නිහඩ විය යුතු තැන් හා ශබ්දයෙන් කතා නොකල යුතු තැන් පුංචි පැටියාට කියා දීම අභියෝගයක් ලෙස ඔබට සිතෙන්න පුළුවන්.

අපි මේ මග පෙන්වීම ඔබ වෙත ගෙන එන්නේ අන්න ඒ නිසාමයි.

සමුහයක් කතා බහ කරද්දි ළමයින්ගේ විනය

අපේ පුංචි පැටියා බහ තෝරන්න පටන් ගත්ත දවසේ ඉදලා එයා කතා කරනකම්ම අම්මයි තාත්තයි දෙන්නාම ඇගිලි ගණිනවා.

අනේ එයා කතා කරයිද? ඉස්සෙලල්ලා කියන වචන මොකක් වෙයිද? ඔය වගේ ප්‍රශ්න දාහක් අම්මලාගේ හිත් වල වද දෙනවා.

නමුත් දෙමව්පියනි, දන්නවාද? මේ පුංචි වැටර් බොක්ස් එක ඔබටම නවත්ත ගන්න බැරි වෙන දවසක් එනවා.

එතකොට නොනවතින ප්‍රශ්න ගණනාවකින් ඔබ නැහැවි යාවී. වචන දාස් ගණනකින් ඔබේ දෙසවන් පිරි යාවි.

එහි එතැනින් නැවතීමක් නැහැ. 

ඔබ අන් අය හා කතා බහ කරද්දි ඔබේ දරුවා ඔහුට ඇති අවධානය අඩු වෙන විට නොනවත්වා කෑ ගසමින් ඔබේ කතාවට බාධා පමුණවන්න පටන් ගන්නවා.

මේ වනවිට ඔබේ දරුවා ගොඩාක් වචන දන්නවා. දිග වාක්‍යය කතා කරනවා.

ඒ වගේ කියන්න ඒ පුංචි හිතේ කියන්න දාහක් දේවල් තියෙනවා.

දැන් ඔබ ඔබේ දරුවාට සංවාද කිරීමේ ආචාර ධර්ම කියා දෙන්න කාලය එළඹිලා.

ළමයින්ගේ විනය: ඔබේ දරුවාට සංවාද කිරීමේ ආචාර ධර්ම

දරුවන් හික්මවන ක්‍රම

1. සවන් දෙන්නේ කෙසේද?

සංවාදයක් යනු දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර වෙන අදහස් හුවමාරුවක්  වෙනවා.

එහිදි එකිනෙකා අදහස් දක්වන්න අවස්ථාව ලබා ගැනීමද වෙනවා.

අයෙක්  කතා කරන විට අනෙක් පුද්ගලයා තමාට ඇහුම්කන් දීමට ඔහුට අවශ්‍ය සේම, අනෙක් පුද්ගලයා කතා කරනවිට තමන්ද එම පුද්ගලයාට සවන්දීම අත්‍යවශ්‍ය වෙනවා. 

මෙම ක්‍රියාවලිය ඔබ ඔබේ දරුවාට කියා දිය යුතු වෙනවා. ඔබට නිවසේදී ඔබේ දරුවා සමග සංවාද කිරීමට පුරුදු වෙන්න පුළුවන්.

දරුවා කතා කරන විට, ඇස් සම්බන්ධතා පවත්වා ගැනීම මගින් හා හිස සෙලවීම මගින් ඔබ ඔහුට සවන් දෙන බව පෙන්වන්න.

ඔබ කතා කරන විටත් එසේ කිරීමට ඔහුව දිරිමත් කරන්න.

2. බාධා කිරීම අකාරුණික වන්නේ ඇයි?

බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න

ඔබේ දරුවා ඔහුට කිසිදු බාධාවකින් තොරව කතා කිරීමට  ඉඩ දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඔහු නැවැත්වීමට පෙර ඔබට කතා කිරීමට උත්සහා කරන බව ඔහු සිතන්නේ නම් වෙනදාට වඩා හයියෙන් කතා කිරීමෙන් ඔහු ඔබේ කටහඩ යටපත් කිරීමට උත්සහා කරයි.

තමාගේම කටහඩ ඇසීමෙන් ඔහු සම්පුර්ණයෙන්ම  ලෙස සතුටු වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

නමුත්, ඔහු කතාව ඉවර කරන තුරු ඔබට කතා කිරීමට ඉඩ දීමට තරම් ඔහු වර්ධනය වී නැහැ. 

සමහර විට, ඔහු ප්‍රතිචාර දැක්වීම් නැතිව යමක් ගැන දිගටම  කතා කිරීමට ඔබට අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්.

ඒ නිසා ඊළඟ වතාවේ ඔහු ඔබට බාධා කරන විට, එසේ නොකරන ලෙස ඔහුට අතින් සන් කර ඔබේ කතාව දිගටම කරගෙන යන්න.

ඔහු  ඉක්මනින් එය වටහා ගනිවි. 

බොහෝ සංවාද සඳහා කාලයක් හා ස්ථානයක් ඇති අතර ඔහු නිශ්ශබ්දව සිටිය යුතු කාලයක් තිබෙන බව ඔහුට තේරූම් ගන්න අවස්ථාව ලබා දෙන්න.

නිදසුනක් වශයෙන්, ඔහු ඔබ සමඟ සිනමා ශාලාවේ සිටින විට සංවාද පැවැත්විය නොහැකි බව, සාප්පු සවාරියේ යෙදී සිටියදී ඔබට හමු වූ මිතුරෙකු සමඟ කතාබස් කරන විට දරුවාට මැදින් පැන බාධා කල නොහැති බව  සහ ඔබ බැංකුවේ යමක් නිරාකරණය කිරීමට උත්සාහ කරන අතරතුර ඔහු ඔබට බාධා නොකල යුතු බව ඔහුට තේරූම් ගන්න ඉඩහරින්න.

ඒ වගේම එකවරම දරුවාට මේ සංවාද ආචාර ධර්ම තේරූම් ගත නොහැකි බව ඔබත් මතක තබා ගන්න.

ඉවසිලිවන්තව ඒවා ඉගෙන ගැනීමට  ඔහුට කාලය දෙන්න.

නිහඩ විය යුතු සෑම අවස්ථාවකම ඔහු ශබ්ද නඟා කතා නොකළ යුතු බවට ඔහුට කියා දෙන්න.

පුස්තකාල , සිනමාශාලා වන් එවන් ස්ථාන වලට ඇතුල් වීමට පෙර දරුවන්ට ශබ්ද නඟා කතා නොකළ යුතු බව දැනුම් දෙන්න.

3. සංවේදී වන්නේ කෙසේද?

හොඳ ළමයා

ඔබ ඔබේ දරුවා අවංකව හා ඔහු සිතන හා හැඟෙන දේ පැවසීමට පුරුදු පුහුණු කරනවා.

ඒ වගේම  ඔහු අදහස් දැක්වීම්වලදී  ප්‍රතිග්‍රාහකයන්ට සිදුවෙන බලපෑම සිතා බලා කටයුතු කිරීමට ඔබේ දරුවාට කියා දෙන්න.

ඔබේ දරුවා අන් අයගේ ශාරිරික හෝ පෙනුම ගැන වේදනාකාරි අදහස්  ශබ්ද නඟා පැවසීමෙන් අන් අය අපහසුතාවයට පත් වෙනවා.

දරුවා  සත්‍යය පැවසීමට ඔබට අවශ්‍ය වුවත්, මිනිසුන්ගේ පෙනුම ගැන අදහස් දැක්වීම ඔවුන් ඒ ගැන අහන්නේ නම් මිස අන් අවස්ථා වල නොකිරීම හොද බව ඔබේ දරුවාට කියා දෙන්න.

එවන් අවස්ථාවක අන් අයගේ හිත රිදවීමට වචනය භාවිතා කරනවාට වඩා නිහඩවීම සුදුසු බව පෙන්වා දෙන්න.

ඔබේ දරුවාට අන් අය එසේ කියුවහොත් දුක හිතෙන ලෙසම අන් අයටද එසේ දැනෙන බව කියා දීම බොහොම වැදගත් වෙනවා.

දරුවන් වයසින් වැඩෙත්ම ඔහුගේ සංවේදීතාව වැඩි වෙනවා.

බාධාවකින් තොරව සවන් දීමට අමතරව, ඔබේ දරුවා අනෙක් පුද්ගලයා පවසන දේ කෙරෙහි උනන්දුවක් දැක්වීමේ සංවාදශීලී කුසලතා වර්ධනය කර ගත යුතු වෙනවා.

මෙය කළ හැකි හොඳම ක්‍රමයක් වන්නේ ඇසින් සම්බන්ධ වීම මෙන්ම කියන දේට සම්බන්ධ ප්‍රශ්න ඍජුවම ඇසීමයි.

මෙය ස්වභාවයෙන්ම දරුවන්ට නොතිබෙන්න පුළුවන්.

එයට හේතුව  ඔහු තමාගේම හැඟීම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන බැවිනි.

ඔබේ පුංචි පැටියාත් ඔබේ කතාබහ ඇතුලත මෙලෙස බාධා කිරීම් කරනවාද?

මේ සම්බන්ධව ඔබේ අත්දැකීම් හා ඔබේ අදහස් අප හා බෙදාගන්න.

 

මුලාශ්‍ර - www.asiaone.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • බබාට කතා බහක් අතරතුර හැසිරිය යුතු ආකාරය කියා දෙන්න
බෙදාගන්න :
  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

  • බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්

    බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

    හිතුවක්කාර පුංචි ගවේෂකයා: මං ඇවිදිනවා!

  • බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්

    බබාගේ බුද්ධි වර්ධනයට මනෝ විද්‍යාත්මක සහ ප්‍රායෝගික ක්‍රමවේදයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it