theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

චංචාකාර සහකරුවෙක් එක්ක විවාහය පවත්වා ගන්න පුළුවන්ද?

5 අවම කියවීම
චංචාකාර සහකරුවෙක් එක්ක විවාහය පවත්වා ගන්න පුළුවන්ද?චංචාකාර සහකරුවෙක් එක්ක විවාහය පවත්වා ගන්න පුළුවන්ද?

ඔබේ සහකරු ඔබව රැවටුවොත් දික්කසාද කරනවාද? විවාහය රැකගැනීමට කටයුතු කරනවාද?

රැවටීමෙන් පසු විවාහය තව දුරටත් මල් යහනාවක් නොවනු ඇත.

එකිනෙකට වෙනස් වු දෙදෙනෙක් ආදරයේ හා විශ්වාසයේ නාමයෙන් යුග දිවි රැහැන් පටෙන් බැදුනද දිනෙක ඉන් එකක් හෝ බිදි ගිය විට දෙදෙනාගේ යුග දිවිය තවත් සොදුරු නොවේවි.

තිත්ත වු ඇත්ත එයයි. නමුත් සමහර බැදීම් මේ රාමුවෙන් ඔබ්බට යන අවස්ථාද විරල නොවේ.

ඔබට ඔබේ සහකරු වංචා කලා යැයි සිතන්න.

ඔබේ සහකරු විශ්වාසය බිද දැමු බව ඔබ ඉදිරියේ තහවුරු වුනොත් ඔහුව හෝ ඇයව දික්කසාද කර දමනවාද?

එසේ නැතිනම් ඔහුට හෝ ඇයට සමාව හෝ අවස්ථාවක් දෙමින් විවාහය තවදුරටත් පවත්වා ගන්නවාද?

ඇත්තටම ඔහු හෝ ඇය එම අවස්ථාව ගෙන ඔබට හා විවාහයට ඉන් ඉදිරියට සාධාරණයක් කරයිද?

අවිශ්වාසය හා චංචාව හා එක්ව රැවටීමෙන් පසු විවාහය තව දුරටත් පවත්වා ගන්නේ කෙසේද?

දුරකථනයෙන් , කෙටි පණිවිඩ, සමාජ මාධ්‍ය හරහා හෝ ඔබේ දෙනෙතින් ඔබේ සහකරු ඔබට වංචා කරන බව සාක්ෂි ඇතිව ඔප්පු වී තියෙනවා වෙන්න පුළුවන්.

ඔබේ මංගල මුද්ද ගලවමින් දමමින් සුසුම් හෙලනවා.

නැතිනම් දික්කසාද ලියවිලි අත තබා ගෙන කල්පනා කරනවා වෙන්නත් පුළුවන්.

දරුවන් හෝ වෙනත් පෞද්ගලික හේතුවක් නිසා ඔබ තීරණයක් ගත නොහැකිව සිටිනවාද?

එසේනම් මොහොතක් මෙය කියවන්න.

1. සීමා පනවා ගත යුතුය

චංචාකාර සහකරුවෙක් එක්ක විවාහය පවත්වා ගන්න පුළුවන්ද?චංචාකාර සහකරුවෙක් එක්ක විවාහය පවත්වා ගන්න පුළුවන්ද?

ඉහත ඡායාරූප දෙකෙන් එකක් ඔබේ කතාව නියෝජනය කරනවා ඇති.

චංචාවක් දරාගන්න ඉතා අපහසුයි කියන එක අවිවාදයෙන්ම අපිත් පිළිගන්නවා.

නමුත් සම්බන්ධතා විශේෂඥ ෂැරොන් ඩ්‍රැපර් මේ ගැන ටිකක් වෙනස් අදහසක් දක්වනවා.

ඔබ යම් සීමාවන් පැනවුවහොත්, පණ අදින විවාහයක් නැවත ගොඩනඟා ගන්න පුළුවන්ලු.

පළමුව, ඔබේ සහකරු හා අනෙක් පුද්ගලයා සමඟ ඇති සියලු සම්බන්ධතා නවත්වා ගැනීමට වග බලා ගත යුතුය.

මෙලෙස පිටස්තර පුද්ගලයා හා වු සියළු සම්බන්ධතාවය නතර කිරීමට කටයුතු කිරිම සුදුසු වෙනවා.

එහිදි සක්‍රීය ‘පෙළඹවීමක්’ සහ බාහිර බලපෑමක් ඇති කිරීමෙන්  වංචාවට ලක් වු පුද්ගලයාට අපහසුතාවයක් ඇති කිරීමටත්, වංචා කළ පුද්ගලයාගේ අවධානය වෙනතකට යොමු කිරීමටත් හේතු වෙනවා.

ඇත්තටම විශ්වාසය යලි ගොඩ නැගිමට පෙර මෙම චංචාකාර සම්බන්ධතාවය නවත්වා ඇති බවට ඔවුන් තම සහකරුට සහතික විය යුතුයි.

2. වංචාව සිදුකල පාර්ශවය තම වරද පිළිගෙන සමාව ගත යුතුය

දෙවනුව ෂැරොන් පවසන්නේ වංචාකාරයාට ඔවුන්ගේ හැසිරීම අයිති කර ගත යුතු අතර ඒ සඳහා සැබවින්ම සමාව ගත යුතු බවයි.

තමා කරන ලද රැවටීම නිසා තම සහකරු වේදනාවට පත් වු බව රැවටිලිකාර පාර්ශවය තේරූම් ගැනීම වැදගත් වෙනවා.

ඒ නිසා ඔබේ සම්බන්ධතාවය සුව කිරීමේ පළමු පියවර තබන්න.

ඒ සදහා තම වරද පිළිගෙන සමාව ඉල්ලන්න.

සමාව ඉල්ලීන විට  කිසි විටෙකත් ‘නමුත්’ යන්න භාවිතා කරන්න යන්න එපා. මට කණගාටුයි, නමුත් මෙය සිදු වූයේ මේ නිසයි යනුවෙන් හේතු දක්වන්න යන්න එපා. 

තම වරද පිළිගැනීමෙන්  ඔවුන් දෙදෙනාටම මෙම ගැටළුව විසදා ගැනීමට මං සොයන්න පුළුවන් වෙනවා.

ඒ වගේම මේ තත්වය ඇතිවීමට හේතු සෙවිමට හෝ දැක්වීමට කාලය යොදන්න එපා.

සම්බන්ධතාවය අවසන් යැයි නොසිතීම වැදගත් බව ෂරොන් පවසනවා.

අවිශ්වාසයෙන් මිදීමට යුවළයන්ට හැකි නම්, ඔවුන්ට යුවලක් ලෙස වඩා ශක්තියෙන් යුතුව හෙට දවසට මුහුණ දෙන්න පුළුවන්.

ඔබ දෙදෙනාම ඒ සඳහා සුදානම්  නම්, මෙම සිදුවීම මකා දමා  ඔබේ සම්බන්ධතාවයේ නව ඉසව්වක් කරා පිය ඔසවන්නට අවස්ථාව තියෙනවා.

එය පහසු නැහැ, නමුත් එය කරන්න පුළුවන්. ඔබ දෙදෙනාම එකම අදහස සිටිය යුතුයි. 

මේ ගන්නා පියවර  නැවත අසාර්ථක විය හැකිය යන සිතුවිල්ල ඔබේ මනසෙහි තබා ගන්න එපා.

ඒ වෙනුවට  එය සාර්ථක වනු ඇතැයි විශ්වාසයෙන් යුතුව ඔබ දෙපල කටයුතු කල යුතුයි.

ෂැරොන් ඩ්‍රැපර්  තවදුරටත් පැවසුවාය.

3. රැවටීමෙන් පසු විවාහය: ඔබේ සහකරු වංචා කළේ ඇයිදැයි හඳුනා ගන්න

චංචාකාර සහකරුවෙක් එක්ක විවාහය පවත්වා ගන්න පුළුවන්ද?

ඔබේ සහකරු වංචා කළේ ඇයිදැයි ඔබ හඳුනාගන්න.

එවිට අවිශ්වාසයට මූලික හේතුව අවබොධ කරගැනීමටත් එම වරද යලිත් සිදුවීමට ඉඩ නොදීමටත් පුළුවන්

වංචාව හා වංචාවට හේතුව යන දෙකම සොයා බැලිය යුතු නමුත් බොහෝ අයට වංචාවට හේතුව සොයා බැලීමට අතපසු වෙනවා. මෙම හේතු එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.

සමහර විට එය ඔබ දෙපල අතර සන්නිවේදනය, සමීපභාවය, දැනුවත්භාවය වැනි යම් අඩුපාඩුවක් නිසා වෙන්නත් පුළුවන්.

ඒ නිසා මෙහි සත්‍ය ගැටලුව  කුමක්දැයි හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම සඳහා වැඩ කිරීම සුදුසු වෙනවා. 

එවිට යලි එම වැරැද්දම නොවන බව ෂැරොන් ඩ්‍රැපර්  පවසනවා.

වංචාවට හසු වු පුදුගලයාට සිත  සුවපත් කර ගැනීමට  කාලය ලබා දිය යුතුයි.

ඒ වගේම පාවාදීම ගැන සාකච්ඡා කිරීමට ගතවන කාලය සීමා කරන්න.

එවිට  එය සම්බන්ධතාවයේ තේමාවක් නොවන බවත් ෂැරොන් ඩ්‍රැපර්  පවසනවා.

වංචාව කල  තැනැත්තාට බොහෝ විට සම්බන්ධතාවයේ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වේවි.

නමුත් මෙම මාතෘකාව පිළිබඳ කාල සීමාවක් තබා ගැනීම වැදගත් වෙනවා.

එවිට ඒ මගින්  ඉදිරියට යාම දුෂ්කර කරන්නේ නැහැ. යනුවෙන් ෂැරොන් ඩ්‍රැපර් තව  දුරටත් පවසනවා.

වංචා කිරීමේ අඳුරු වලාකුළට  ඔබ ඉඩ දුන්නොත් එය සදාකාලිකවම ඔබේ හිසේ රැදි තියෙනු ඇත.

ගැටලුව විසඳිය යුතුය. එය හා ගනුදෙනු කළ යුතුය.

එවිට සෑම කෙනෙකුම මෙයින් ගැලවී එය අතීතයට සීමා කර  ඉදිරියට යා හැක. එසේ නොමැතිනම් ඔබ කිසි විටෙකත් සම්පූර්ණයෙන් මෙය විසදාගත නොහැකි වේවි.

ඔබ සම්බන්ධතාවය දිගු කාලීනව අසාර්ථක වීමට එය හේතුවක් වෙන්නත් පුළුවන්.

මේ ලිපිය ඔබට යම් අවබෝධයක් ලබා දුන්නා යැයි අපි සිතමු.

නමුත් කිසිවක් කිරීම පවසන තරම් පහසු නැහැ. නමුත් එකම එක අවස්ථාවක් වත් ලබා ගැනීම අත්හැරීමට වඩා හොද වු අවස්ථා තියෙනවා.

ඒ වගේම එකවරම ඔබේ විවාහය අතහැර දැමීමෙන් අපහසුතාවයට හා වේදනාවට පත්වෙන  දරුවන් හා දෙමව්පියන් වැනි පිරිස වැඩි නම් දික්කසාදයට පනින්න පෙර දෙවරක් සිතීම යහපත් වෙන්නත් පුළුවන්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය: Kidspot Editor

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • චංචාකාර සහකරුවෙක් එක්ක විවාහය පවත්වා ගන්න පුළුවන්ද?
බෙදාගන්න :
  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

    සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

  • සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

    සතුටින් විවාහය ගෙවමින් වුවත් විවාහය තුළ රැවටීම සිදුවන්නේ ඇයි?

  • සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

    සමහර පිරිමින් ගැබ්ගෙන ඉන්න බිරිඳව රවට්ටන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it