theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සහකරුගේ හිත රිදවන්නේ නැතුව සෙක්ස් එපා කියන්නේ මෙහෙමයි

4 අවම කියවීම
සහකරුගේ හිත රිදවන්නේ නැතුව සෙක්ස් එපා කියන්නේ මෙහෙමයිසහකරුගේ හිත රිදවන්නේ නැතුව සෙක්ස් එපා කියන්නේ මෙහෙමයි

විවාහ ජිවිතය තුල ලිංගික සම්බන්ධතා පවත්වන්න වගේම අවැසි නැති විට ධනාත්මකව එය ප්‍රතික්ෂේප කරන්නත් ක්‍රම තියෙනවා.

සෙක්ස් නැතිනම් ලිංගික සම්බන්ධතා මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවයන් ගෙන් එකක් වෙනවා. යුග දිවිය සාර්ථක කරන්නත් එයින් ලැබෙන්නේ මහත් පිටුවහලක් . ඒත් සමහර වේලාවට ඔබට සෙක්ස් එපා කියලා හිතුනොත් සහකරුගේ හිත  රිදවන්නේ නැතුව ඔහුගේ ඇරයුම ප්‍රතික්ෂේප කරන්න එක සුදුසුයි.

නිවස පිරිසිදු කිරීම ගැන නැතිනම් නොගෙවු බිල්පත් ගෙවීම ගැන ඔබ සිතමින් සිටින මොහොතක නැතිනම්

ඔබගේ කාර්යාලයේ කටයුතු ගැන කලකිරීමෙන් සිටින මොහොතක එසේත් නොමැතිනම් නිවසේ වැඩත් එක්ක හෙම්බත් වල ඉන්න මොහොතක ඔබගේ සහකරුගෙන් ලිංගික සම්බන්ධතාවයකට ඇරයුමක් ලැබුනොත් කුමක් වේවිද?

සහකරුගේ හිත රිදවන්නේ නැතුව සෙක්ස් එපා කියන්නේ මෙහෙමයි

සමහර වේලාවට ඔබ ඉන්න මානසික පීඩනයෙන් මිදෙන්න එය හොද ක්‍රමයක් වෙන්න පුළුවන්.

එසේනම් ඔබට ඔහුව පිළිගෙන විනෝද වන්න ගැටලුවක් නැහැ.

සෙක්ස් එපා කියලා හිත රිදවන්නේ නැතුව කියන ක්‍රම 3 ක්

නමුත් ඇතැම්විට ඒ සදහා ඔබගේ සහකරු ගෙන් ලැබෙන ඉගි බිගිඔබට හිසරදයක් වී තරහා යන්නත් පුළුවන්. 

එවන් අවස්ථාවල ඔබ වෙතින් සහකරුට නුරුස්නා වදන් පිටවීමට ඉඩ තියෙනවා.

ඒ තුලින් ඔබේ සහකරුගේ හැගීම් රිදවීමට ලක්වෙන්න පුළුවන්.

විවාහය කියන බැදීම හැගීම් එක්ක බොහොම පරිස්සමෙන් කරන ගණුදෙනුවක්.

ඒ නිසා ආදරය හෝ වේවා ලිංගිකත්වය හෝ වේවා ඔබ දෙපළගේ එකිනෙකා වෙත ඇති හැගීම් ඉතා වැදගත් වෙනවා.

එම හැගීම් රිදවීමට ලක්වීම ඇත්තටම දෙදෙනාටම වේදනාකාරි වේවි.

එය ප්‍රතික්ෂේප කරන්නාට වඩා දැනෙන්නේ ප්‍රතික්ෂේප වන්නාටයි.

නවතම ලිංගික සම්බන්ධතා පිළිබද පර්යේෂණයන් මගින් කරුණු කිහිපයක් අනාවරණය කරගෙන තියෙනවා.

ඒ අනුව ලිංගික එක්වීම ප්‍රතික්ෂේප කිරීම ධනාත්මක අකාරයෙන් කිරීම මගින්  සම්බන්ධතා තෘප්තියට හානියක් වන්නේ නැහැලු.

මෙන්න ඒ සදහා විසදුම් 3 ක්

1.ඔබ සෙක්ස් එපා කියන්නේ ඇයිදැයි පැහැදිලි කරන්න

සහකරුගේ හිත රිදවන්නේ නැතුව සෙක්ස් එපා කියන්නේ මෙහෙමයි

ඔබේ සහකරු ලිංගික සම්බන්ධතාවයකට මුල පුරන්න උත්සහකරන විට ඔබට ඒ අවස්ථාවේ ඒ සදහා මානසිකත්වයක් නොමැති නම් එය ඔහුට පැහැදිලි  කරන්න.

ඔබ ඔබේ මානසිකත්වය ගැන නොසිතා ඔහුට ඉඩ දීමෙන් ඔබ වේදනාවට පත්වෙන්න පුළුවන්.

ඒ වගේම ඔහුව ඍනාත්මක ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන්  මෙලෙස ප්‍රතික්ෂේප වීම පෞද්ගලිකව ගන්නා නිසා ඔහු රිදවීමට ලක්වෙන්න පුළුවන්.

ඇය මට ආදරය නැහැ. ඇයට මාව එපා වෙලා වගේ දේවල් ඔහුට හිතෙන්න පුළුවන්.

ඔබට ලිංගික සම්බන්ධතාවයට යොමුවෙන්න බැරි හේතුව මහන්සිය නම් එය ඔහුට බය නැතුව කියන්න.

ඒ වගේම ඔබට ලිංගික සම්බන්ධතාවය සදහා උනන්දුව හීන වී ඇත්නම් එයත් ඔහු හා පවසන්න.

දෙදෙනාම සාකච්ඡා කරමින් ඒ සදහා විසදුම් සොයා ගන්නත් පුළුවන්.

2. ‌වෙන ‌වේලාවක් ‌යෝජනා කරන්න

ලිංගික සම්බන්ධතා පමණක් නොව සාමාන්‍ය ජිවිතය තුල ඔබ ප්‍රතික්ෂේප වු අවස්ථාවක් සිතන්න.

මිතුරෙකු ඔබේ ඇරයුමක් ප්‍රතික්ෂේප කලවිට ඔබට දැනෙන හැගීම කොතරම් වේදනාකරිද?

ඇයි එසේ ප්‍රතික්ෂේප වුයේ යැයි සිතීමත් කොතරම් වේදනාවක්ද? එසේනම් ඔබ වෙතින් ප්‍රතික්ෂේප වු ඔහුගේ තත්වයත් එසේමයි.

ඔබට ඒ මොහොතේ ඔහු හා ලිංගිකව සම්බන්ධ වෙන්න මානසිකත්වයක් නොමැති නම් ඔබගේ මානසිකත්වය විස්තර කිරීමෙන් පසු වෙනත් ඉතා ආසන්න වේලාවක් යෝජනා කරන්න.

ඔබට රාත්‍රිය වෙහෙසබරයි නම් ඒ සදහා නැවුම් උදෑසන යෝජනා කරන්න.

දෙදෙනාටම සුවබර නින්දකින් පසු හොද අත්දැකීමක් ලබාගන්න පුළුවන්.

නැතිනම් මෙය මානසික ආතතියක් නම් එය සති අන්තයේ කරමු යැයි යෝජනා කරන්න පුළුවන්.

ඒ මගින් ඔබේ සහකරුගේ ප්‍රතික්ෂේප වීම තුල බිද හෙලුනු බලාපොරොත්තු නැවත ඇති කරගන්න පුළුවන්.

3. ‌වෙනත් ක්‍රම වලින් සමීප ‌වෙන්න

සැමියාට සැලකීම

සෙක්ස් කරන්න ඔබට මානසිකත්වයක් නොතිබීම යනු ඔබේ සම්බන්ධතාවය සම්පුර්ණයෙන්ම බිද හෙලීම නොවේ.

ඔබ ලිංගික එක්වීමකට සුදානම් නොවුවද ආදරණිය සමීපභාවයක් ඔබේ පීඩනයට පත් වු මනස සුව කරන්න ඉඩ තියෙනවා. කාන්තාවන්ට

ශාරීරික තෘප්තියට වඩා  ආදරය ලැබීම සහ ආරක්ෂිත බවක් දැනීම වැනි හැගීම් කාන්තාවන්ටත් පිරිමින්ට ලිංගිකත්වයෙන් බොහෝ දේ ලැබෙන බවත් පර්යේෂණ වලින් සොයා ගෙන තියෙනවා.

සමහර වේලාවට ලිංගික හැසිරීමක් නොමැති වුවත් හුරතල් කිරීමක්, අත් අල්ලා ගෙන සිටීම , අර්ථවත් සංවාදයක් හෝ ඔබ දෙදෙනාටම එක්ව කළ හැකි ක්‍රියාකාරකමක් දෙදෙනාටම සහනයක් අත්කර දෙන්න පුළුවන්.

එය ලිංගික හැසිරීමක් නොවුවද, ඔබේ සහකරුට සමීප බවක් ලබා දෙන්න පුළුවන්.

මෙය ලිංගික හැසිරීමකට විකල්පයක් නොවන බවද මතක තබා ගන්න.

මෙම උපක්‍රම තුන මගින් ඔබේ සහකරුගේ ලිංගික එක්වීමක් සදහා වු ඇරයුම ධනාත්මකව ප්‍රතික්ෂේප වෙනවා.

නමුත් එහිදි  කිසිදු ගැටුමක් ඇති නොවන බව හෝ ඔබේ සහකරු කලකිරීමට පත් නොවන බව අපිට සහතික කර කියන්න බැහැ.

එයට හේතුව හැගීම් එකිනෙකාට වෙනස් වීමයි. 

ඒ වගේම යුවලක් තුල ලිංගිකව හැසිරෙන වේලාවන් හා වාර ගණන එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.

එය අවබෝධ කරගෙන ජිවත්වීම වටිනවා. 

කෙසේ වෙතත්, වැදගත් වන්නේ යුවලක් ගැටුම් වලින් සබඳතාවලට රිදවන බව හෝ ශක්තිමත් කරන බව නොව යුවල ගැටුම් කළමනාකරණය කරන ආකාරයයි.

බොහෝ අය ප්‍රතික්ෂේප වන්න කැමති නැහැ.

ඒ බව අවබෝධ කරගෙන ලිංගික ජිවිතය සමබර කරගෙන ජිවත්වීම තුලි්න් දෙනාටම වේදනාවට පත් නොවී සිටිය හැකිය.

මුලාශ්‍ර - www.psychologytoday.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සහකරුගේ හිත රිදවන්නේ නැතුව සෙක්ස් එපා කියන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

    කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

  • කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

    කෝවිඩ් හා ලිංගික සම්බන්ධතා පැවැත්වීම අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

  • සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

    සැමියා පිනවන්න ඔබ දැන සිටිය යුතු ලිංගික රහස් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it