theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 3යි මාස 1ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

9 අවම කියවීම
අවුරුදු 3යි මාස 1ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනයඅවුරුදු 3යි මාස 1ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ අවුරුදු 03 මාස  01 ක්  වයසැති කුඩා දරුවාගේ මොළය සියලු දැනුම හා කුසලතා උරා ගැනීමට සූදානම්.

වයස අවුරුදු 3 මාස 1 ළමා වර්ධනය: ඉතින් ඔබේ අවුරුදු 03 මාස  01 ක් වයසැති දරුවා සිය තෙවැනි උපන්දිනය සැමරීම අවසන් කලා පමණයි.

දැන් ඔහු නව කුසලතා සහ දේවල් ඉගෙන ගැනීමට උද්යෝගයෙන් උතුරා යනවා.   ඔබේ දරුවාගේ මොළය නව අත්දැකීම්  උරා ගන්න බලා සිටින ස්පොන්ජියක් වගේ වෙනවා.

අවුරුදු 03 මාස  01 ක් වු සංවර්ධනයේ සහ සන්ධිස්ථානවල කොටසක් ලෙස, ඔබේ කුඩා දරුවා  දැන් වඩා ස්වාධීන ය. මෙම මාසයේ අපේක්ෂා කළ යුතු දේවල්  සොයා බලමු.

දරුවන්ට කියවීමට ඉගැන්වීම

වයස අවුරුදු 3 මාස 1 ළමා වර්ධනය -  ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

අවුරුදු 3 මාස 1 ළමා වර්ධනය - ශාරීරික සංවර්ධනය

ඔබේ අවුරුදු 03 මාස  01ක් වයසැති කුඩා දරුවා මේ වන විට හොඳින් වැඩෙමින් සිටිනවා.  

වැඩි දියුණු වු ළමා කාලයේ ඇති වන චලන කුසලතා  (Gross motor skills ) සමඟ, ඔබේ දරුවා දැන්  වේගයෙන් ගමන් කරනවා.   

මේ මාසයේ ක්‍රීඩා පිටියේදී වැඩිපුර නැගීම සහ තනිවම ලිස්සා යෑම් බලාපොරොත්තු වන්න.  ඔහු දෙස බලාම සිටීම වෙනුවට ඔබට දැන් මොහොතක් සැනසීමේ හුස්ම ගන්න පුළුවන්.

ඔහුගේ කුඩා මස්පිඩු සම්බන්ධීකරණය චලන  කුසලතා (Fine motor skills) පාලනය කිරීමට හැකිවීම නිසා ආරක්ෂිත කතුරක් භාවිතා කරන්න  වාගේම  සරල අකුරු උඩ අදින්න  ඔහුට දැන් පුළුවන්.

ඔබේ අවුරුදු 03 මාස 01 ක් වයසැති දරුවා තුළ අපේක්ෂා කළ හැකි තවත් කුඩා මස්පිඩු සම්බන්ධීකරණය චලන  කුසලතා (Fine motor skills) පෙන්වනවා.

ඉන් කිහිපයක් වන්නේ වතුර කෝප්පයක්  කාන්දු නොවී ගෙනියන්න හැකිවීම, පොතක පිටු පෙරළීම, සහ ආධාර නොමැතිව ඇඳුම් ඇඳීම සහ ඇඳුම් ගැලවීම වැනි දේවල් වේ.  

පුහුණු වෙන්න දින කිහිපයක් ගියත්  ඔහුට ස්වාධීනව ජැකට් එකක්  ගලවා ගැනීමට හැකිවේවි.

 පැන්සලක් නිවැරදිව අල්ලන්න ඔබේ දරුවාට   වේලාසන  උගන්වන්න    ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. මේ වයසේදී සමහර දරුවන්ට  එසේ  කරන්න බැහැ.

එසේ වුවද, ඔබේ දරුවාට එසේ කල නොහැකි නම් ඔහු අධෛර්යමත් කරන්න එපා. දිගටම ඔහුව ධෛර්යමත් කරන්න

එවිට ඔහුට  ඉක්මනින් පැන්සලක් අල්ලන්න හැකිවේවි.

ඉඟි:

  • ඔබේ දරුවා තනිවම යම් යම් දේ කිරීමට උත්සාහ කිරීමෙන් ඔහුගේ ස්වාධීනත්වය දිගටම පවත්වා ගන්නවා. සමහර විට, ඔහුට අන් අයගේ උදව් අවශ්‍ය වෙන්න පුළුවන්.

තවත් විටෙක ඔහු බොහෝ වෑයමකින් තොරවම සාර්ථක වෙනවා. එහෙත් ඔබ  පසෙකට වී ඔහුට එය තනිවම හදුනා ගැනීමට ඉඩ දෙන විට ඉවසීම වැදගත් වෙනවා.

  • ඔබේ දරුවාගේ ඇගිලි ග්‍රහණය ශක්තිමත් කර ගැනීම සඳහා ඔහුට හෝ ඇයට වර්ණ අනුව වර්ග කිරීමට පබළු හෝ බොත්තම් ලබා දෙන්න.

මෙවැනි කුඩා  දේවල්  හුස්ම හිරකරන්න පුළුවන් නිසා මෙම ක්‍රියාකාරකම සිදු කරන විට ඔබ  ඔහුව අධීක්ෂණය කරන්න

  • චිත්‍ර ඇඳීම, කැපීම සහ ඇලවීම සඳහා ඔබේ දරුවාට විවිධාකාර වූ කලා හා අත්කම් ද්‍රව්‍ය ලබා දෙන්න.
  • පොත්පත් ඔහුට ආසාවක් ඇති නොකාරාවි. කුඩා මස්පිඩු සම්බන්ධීකරණය චලන  කුසලතා  (Fine motor skills )    ඔවුන්ට සතුටක් දැනේවි. විශේෂයෙන් මෝස්තරවලට නිර්මාණය කර ඇති  බොත්තම්, සිපර්, ස්නැප් සහ ලේස්  වලින් ඔවුන් සතුටක් ලබාවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා නිතර වැටෙනවා නම්,  පඩි පෙළේ නගින්න දුෂ්කර නම් හෝ කුඩා වස්තූන් හැසිරවීමේ අපහසුතාවයක් ඇති නම්, ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවන්න.

දරුවන්ගේ මුල් වචන

අවුරුදු 3 මාස 1 ළමා වර්ධනය - මානසික සංවර්ධනය

සැබෑව හා මවාගත්  දේ අතර වෙනස හඳුනා ගැනීමට තවමත් ඔහුට  නොහැකි වුවද, ඔබේ පුංචි දරුවාගේ  රගපෑම්  වඩාත් සැබෑ ස්වරූපයක්  ගනිමින් තිබෙනවා.

ඔහු වෛද්‍යවරයකු ලෙස රගදැක්වීම හෝ මවක් ලෙස  රගදක්වමින් ඔබව පිටපත් කිරීමට ඉඩ තියෙනවා.

ඔහු තමාගේම සරල කථාන්දර සාදා බෝනික්කන් සහ වෙනත් සෙල්ලම් බඩු සමඟ මවාගත් රංගනයක යෙදේවී.

ප්‍රීති වන්න.  දැන් ඔබේ දරුවාට දෛනික චර්යාවන් ගලා යන විදිය  වැඩියෙන් තේරුම් ගන්න පුළුවන්.

ඒ වගේම  සරල උපදෙස් අනුගමනය කරන්න පුළුවන්. තවද ඔහු "එක" සහ "දෙක" යන සංකල්ප දන්නවා.

ඒ නිසා ඔබට ඉතා සරල කාර්යයන් කිරීමට ඔහුට  පවරන්න පුළුවන්.

කෙසේවෙතත්, ඔබේ කුඩා දරුවා පිටතට රැගෙන  යන විට  ඔහු ඇහුම්කන් නොදෙන්නේ නම් ඉතා  පීඩාකාරී   අත්දැකීමක් වේවි.  

දැන් ඔහුට ඇත්තේ මිනිත්තු හතරක් හෝ අටක් අතර අවධානයකි.

එබැවින් එකවරම බොහෝ උපදෙස් දී ඔහුව අපහසුතාවයට පත් කරන්න එපා.  

එකවර ක්‍රියාකාරකම් දෙකක් සම්බන්ධ  කිරීම ඔබේ දරුවාට තවමත් අභියෝගයක් වෙන්න  පුළුවන්. ඉවසිලිවන්ත වන්න. 

ඔහු උපදෙසක් තේරුම් ගත් විට  ඔහුට ප්‍රශංසා කරන්න.  දින කිහිපයක් ඇතුළත ඔහුට ලබා දුන් උපදෙස් දෙකක් එකකට පසු එකක්  ලෙස තේරුම් ගැනීමට ඔහුට හැකි වෙනවා.

ඉඟි:

  • රෙදි සෝදන යන්ත්‍රයෙන් පිරිසිදු මේස් යුගල කිරීමට ඉඩ දී ඔබේ දරුවාට වර්ග කිරීමට පුරුදු කරවන්න.

ඔහු එම කාර්‍යය වේගයෙන් කරාවි (බලාපොරොත්තුවෙනවා) ඔබේ පුංචි  දරුවාට ගණන් කරන්න ඉගෙන  ගන්න පුළුවන්.

  • ගණන් කිරීම සහ විරුද්ධ දේවල්  ඇතුළත් සෙල්ලම්  හඳුන්වා දෙන්න.
  • සත්ව ශබ්ද, හැඩතල සහ වර්ණ ගැන ඔහුට උගන්වන ෆ්ලෑෂ් කාඩ්පත් ද සුදුසුයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

ඔබේ දරුවාට බ්ලොක්ස්  හතරකට වැඩි කුළුණක් තැනීමට නොහැකි නම් හෝ මවාපෑමේ නිරත නොවන්නේ නම් ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 3 මාස 1 ළමා වර්ධනය - සමාජීය හා හැගීම් සංවර්ධනය

අවුරුදු 03 මාස 01 ක් වු ළමා සංවර්ධනයේ  කොටසක් ලෙස, ඔබේ කුඩා දරුවාට දැන් කණ්ඩායම් වශයෙන් අවස්ථාව ලබා ගැනීම, බෙදාගැනීම් සහ සහයෝගීතාවයෙන් වඩා හොඳින් සෙල්ලම්  කරන්න පුළුවන්.

මේ මාසයේ අළුත් දෙයක් වන්නේ හුරුපුරුදු වැඩිහිටියන්ට ආචාර කිරීමට ඔබේ දරුවාට ඇති හැකියාවයි.  ඒ නිසා මූලික පුරුදු කිහිපයක් ඇති කිරීමට මේ හොදම කාලයකි. වැඩි කල් යන්නට මත්තෙන් ඔබේ කුඩා දරුවා  "කරුණාකරලා" සහ "ස්තූතියි" යැයි කියාවි.

ඔබේ දරුවා දැනටමත් ඊර්ෂ්‍යාව, උද්දීපනය, බිය, සතුට සහ කෝපය වැනි පුළුල් පරාසයක හැඟීම් දැනෙනවා. මෙය අවුරුදු 03 මාස 01 ක දරුවෙකුගේ සංවර්ධන සන්ධිස්ථානවල කොටසකි.

දැන්  කෝපය  නොතකා වඩා සහයෝගයෙන් කටයුතු කළද, ඔබේ කුඩා දරුවා ඉඳහිට කෝපාවිෂ්ඨව හැසිරෙන්න පුළුවන්.

ඉඟි:

  • ඔහු නිතිපතා සෙල්ලම් කරන මිතුරන් සමඟ ක්‍රිඩා කිරීමට දිරිමත් කරන්න.
  • එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ඔහු අවස්ථාව ලබා ගන්නා විට ඔහුට ප්‍රශංසා කරන්න. මෙම ධනාත්මක පියවර ඔහුව බෙහෙවින් ධෛර්යමත් කරාවි.
  • ඔහුට තවමත් බෙදාහදා ගැනීම සහ අවස්ථාව ලැබෙන තුරු සිටීම අසීරු නම්, ඔබට අවස්ථාව ලබා ගැනීම අවශ්‍ය වන සරල කාඩ් ක්‍රීඩා  වැනි සරල ක්‍රීඩා කිරීමට උත්සාහ කරන්න පුළුවන්.

අවස්ථාව ලබා ගැනීම ගැන ඔහුට ඉගැන්වීමට මෙය විනෝදජනක ක්‍රමයක් පමණක් නොව  නීති රීති අනුගමනය කිරීමටද  ඔහුට මේ මගින් උගන්වනවා.

  • ඔබ ඔබේ දරුවා වෙනුවෙන් සිටින්න. ඔබේ කටකාර පුංචි දරුවා  කතා කරන විට ඔබේ සම්පූර්ණ අවධානය ඔහුට  ලබා දෙන්න.

ඔවුන් පවසන දේ කෙරෙහි ඔබ දක්වන උනන්දුව ඔහුට ආදරය හා සුරක්ෂිතභාවය ලබා දෙනවා.

  • සැහැල්ලු වගකීම් හෝ ගෙදර දොරේ වැඩ කටයුතු පැවරීමෙන් ඔහුට නිවසේ කටයුතු වලට උදව් කිරීම උගන්වනවා පමණක් නොව, ඔහුට පවුල තුළ විශේෂ හා වැදගත් කාර්යභාරයක් ඇති බවට හැගීමක්ද දෙනවා.
  • දෙමාපියන්ට ආදර්ශයන්  තුළින් කලකිරීමට හා කෝපයට මුහුණ දිය හැකි පිළිගත හැකි ක්‍රම ගැන ඔවුන්ගේ දරුවන්ට උගන්වන්න  පුළුවන්.
  • ඔහු උද්වේගකාරීව හැසිරෙන්නේ ඇයි කියා තේරුම් ගැනීමට උත්සාහ කරද්දී  ඔහු සමඟ කතා කරන්න. ඍනාත්මක   හැඟීම් සමඟ කටයුතු කිරීමේදී ඔබේ දරුවාට වැඩි සහයෝගයක් අවශ්‍ය වෙනවා.
  • ඔහුගේ හැඟීම් වඩාත් හොඳින් වටහා ගැනීමටත් අන් අය සමඟ සංවේදනය කිරීමටත් ඔහුට ඉගැන්විය හැකි ළමා පොත් ඕනෑ තරම් තියෙනවා.

(Grumpy Bird and Glad Monster, Sad Monster. )

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා වෙනත් දරුවන් සමඟ කටයුතු කිරීමට උනන්දුවක් නොදක්වන විට හා ඔහු නිතර දුර්වල අක්ෂි සම්බන්ධතා පවත්වනවා  නම්  ඒ ගැන සැලකිලිමත් වෙන්න.

අවුරුදු 03 මාස  01 පෙර පාසැල් ළමා සංවර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

ක්ෂණික, සජීවී, චතුර යනු අවුරුදු 03 මාස 01 ක දරුවෙකුට යෙදිය හැකි නාමවිශේෂණයන් කිහිපයකි.

24/7 එම ප්‍රශ්නවලට ඇහුම්කන් දීම කරදරයක් වෙන්න පුළුවන්. ඒත්  එම විමසීම් ප්‍රශ්න කොයි වේලාවේ හරි නතර වේවියැයි බලාපොරොත්තු වෙන්න එපා.

කෙසේ වෙතත්, ඔබගේ ක්‍රියාවන් සහ වචන ගැන සැලකිලිමත් වෙන්න. ඒ ඔබ පවසන සහ කරන සෑම කුඩා දෙයක්ම ඔවුන් පිටපත් කරන නිසයි.

පොත්, සරල ගීත, පෙරපාසැල්  ගීත සහ කතා බහට මේ වයසේදී ඔබේ දරුවා  තුලින් ඔබට භුක්ති විදින්න පුළුවන්.

දිගටම ඔහුට කියවීමෙන් සහ ඔහු සමග කථා කිරීමෙන්   ඔහුගේ භාෂා කුසලතා නිරන්තරයෙන් වැඩි දියුණු කරන්න   පුළුවන්.

දැන් ඔහු සාමාන්‍යයෙන් වචන 900 ක් දන්නා අතර වචන පහක වාක්‍යයක් හදන්න පුළුවන්.

සමහර අකුරු සහ වචන හඳුනා ගැනීම හැරුණු විට, ඔබේ දරුවාට කොටස් තුනක විධානයන් අනුගමනය කළ කරන්න පුළුවන්.

මදක් පුහුණු වීමෙන් පසු ඔහුට සර්වනාම (ඔහු, ඇය, එය) මෙන්ම නිපාත පද (පෙර, මත,) නිවැරදිව  භාවිතාකරන්න පුළුවන්.

ඉඟි:

  • නින්දට පෙර ඔහුගේ ප්‍රියතම පොත් ඔහුට කියවන්න.
  • ෆ්ලෑෂ් කාඩ් සහ නැවත නැවත කීම ඔබේ දරුවාට වචන සහ වාක්‍ය කටපාඩම් කිරීමට උපකාරී වෙනවා.
  • හෝඩිය සමඟ කල හැකි සෙල්ලම් කරන්න ( අයි ස්පයි)

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා නොනවත්වා කෙළ පෙරයි නම්   හෝ පැහැදිලිව කථා නොකරන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

අවුරුදු 3යි මාස 1ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

අවුරුදු 3 මාස 1 ළමා වර්ධනය - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

දරුවන් තුල කුඩා කල සිටම ආහාර ගැනීම පිළිබඳව සෞඛ්‍ය සම්පන්න ආකල්පයක් වර්ධනය කිරීම දෙමව්පියන් කල යුතුය.

මේ වන විට ඔහු ආහාර ගැනීම හෝ ඒ සදහා විරෝධය දැක්වීමේ ආරම්භයක්  ලෙස ආහාර නොගෙන සිටීමට   ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් ඔබේ දරුවා වයසින් මුහුකුරා යන විට ඔහුගේ  ආහාර වේල වඩාත් කළමනාකරණය කළ යුතයි.

එවිට දෙමාපියන්ට  කරදර වලින් තොරව පවුලේ ආහාර භුක්ති විඳීමට පටන් ගන්න පුළුවන්.

ඔබේ දරුවාට ඇතැම් ආහාර සඳහා දැඩි කැමැත්තක්  තිබීම ගැටලුවක් නොවේ.

නව ආහාර අත් හදා බැලීමේදී ඔහුට බල නොකර  සැමවිටම ඔහුව දිරිමත් කරන්න.

සෑම ආහාර වේලකම පෝෂ්‍යදායී ආහාර තේරීම් ලබා දීම හා ඔහුට කොපමණ ආහාර ගැනීමට අවශ්‍යද යන්න තීරණය  කිරීමට  නිදහස ලබා දීම වැදගත් වෙනවා.

බොහෝ දරුවන්ගේ උස සෙන්ටිමීටර 85 - 107.2 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 10 - 20.7 අතර වෙනවා.

ඔවුන්ගේ ප්‍රමාණය හා ක්‍රියාකාරකම් මට්ටම අනුව, මෙම වයසේ දරුවන්ට දිනකට කැලරි 1,000-1,400 ක් පමණ අවශ්‍ය වෙනවා.

ඔබේ අවුරුදු 3 මාස 1 ළමා වර්ධනය දෛනික පෝෂණ අවශ්‍යතාවය

දරුවාගේ දෛනික පෝෂණ අවශ්‍යතාවය අවුන්ස 4-5ක් පමණ වන අතර එයින් අඩක් සම්පූර්ණ ධාන්‍ය  ප්‍රභවයන් ගෙන් ලබා දිය යුතුය.

එළවළු කෝප්ප 1½, පලතුරු කෝප්ප 1-1½,  කිරි කෝප්ප 2 ක් සහ මස් හෝ බෝංචි අවුන්ස 3-4 ක් ලබා දීම අවශ්‍ය වෙනවා.

ධාන්‍ය සඳහා අවුන්ස 1 ක් =  පාන් පෙත්තක්, කෑමට සුදානම් කල සීරියල් කෝප්ප 1 ක් හෝ පිසූ බත්,  පිසූ පැස්ටා හෝ පිසූ සීරියල්  කෝප්ප1/2.

මස් සඳහා අවුන්ස 1 ක්  = ගිනි පෙට්ටියක ප්‍රමාණය  මස්, කුකුළු මස් හෝ මාළු,   පිසූ වියළි බෝංචි  කෝප්ප 1/4 හෝ බිත්තර 1 ක්.

ඔබේ දරුවාගේ ආහාර විසිතුරු විය යුතු නැහැ. ඔවුන්  වඩාත් සරල සූදානම් කිරීමකට කැමති වෙන්න පුළුවන්.

ඔබේ දරුවාට හැකි උපරිම පෝෂණය ලබා දීම වැදගත් වෙනවා.  නමුත් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් සංවර්ධනය වෙමින් පවතින බව මතක තබා ගන්න.

උණ, වමනය හෝ පාචනය වැනි අනතුරු ඇගවීමේ සලකුණ ගැන  විමසිල්ලෙන් සිටින්න. සමේ රෑෂ් ගැන විමසිල්ලෙන් සිටින්න.

ඔහුට රෑෂ් එකක් ඇත්නම් වහාම වෛද්‍යවරයා හමුවෙන්න. 

පැපොල,  සරම්ප, කක්කල් කැස්ස සහ කම්බුල් ගාය වැනි ළමා රෝග සඳහා ඔහුට එන්නත් ලබා දී ඇති බවට සහතික කර ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ බර වැඩිවන බවක් නොපෙනෙන විට.
  • දරුවාගේ රෝග ලක්ෂණ (කැස්ස, උණ, පාචනය ආදිය) දින කිහිපයක් පැවතුනහොත් හෝ සාමාන්‍ය තත්වයට වඩා වෙනස්ද?

ඒ බවක් පෙනේ නම් (මළපහ තුළ ඇති ශ්ලේෂ්මල හෝ රළු කැස්ස වැනි)

  • ඔබේ දරුවාට රතු පාට ලප (රෑෂ්) ඇති බව පෙනේ නම් එය බරපතල හෝ බෝවන රෝගයක ලක්ෂණයක් විය හැක. 

එවැනි අවස්ථාවක වෛද්‍ය වෘත්තිකයෙක් වෙත ගෙන යන්න.

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන්  පෙර පාසැල් ළමා  සංවර්ධනය  අවුරුදු 03 මාස  02

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණි

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • අවුරුදු 3යි මාස 1ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය
බෙදාගන්න :
  • අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 2ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 3යි මාස 3ක් වයසැති දරුවා – පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it