theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට කන්න ගෙදරදීම යෝගට් හදමු

5 අවම කියවීම
බබාට කන්න ගෙදරදීම යෝගට් හදමුබබාට කන්න ගෙදරදීම යෝගට් හදමු

බබාට රසම රස යෝගට් ගෙදරදී පහසුවෙන් හදාගන්න.

වස විෂ නැතිව පිරිසිදුව යෝගට් recipe එකක් හදමුද?

අද අපි පහසුවෙන් හදාගන්න පුළුවන් යෝගට් රෙසපි එකක් ඔබ ගෙන එනවා .

ඒ එක්කම ඒ යෝගට් වලින් කොහොමද රසම  රස ජෙලි යෝගට් හදන්නේ කියලාත් කියලා දෙනවා. රසකාරක නැති ගෙදරම හදන පිරිසිදු යෝගට් බබාට ගුණයිනේ.

ඒවගේම තමයි අපිට සිනී රහිතව වැඩිහිටියන්ට වුනත් හදලා දෙන්න පුළුවන්. මේ දවස් වල යෝගට් හොයා ගන්නත් අසිරූයි.

ඒ වගේම අඩු වියදමකින් යෝගට් ගෙදරම හදාගන්න පුළුවන්.

මේ යෝගට් රෙසපිය අපිට ලැබුනේ මුහුණු පොතේ හමුවුන අපූරු තරුණියක ගෙන්.

ඇය දෙව්මිණි උමන්දායි. මෙම ලිපිය අප වෙබ් අඩවියේ පළකිරීමට නිහතමානිව අවසර ලබා දීම ගැන අපි ඇයට ස්තුතිවන්ත වන්නෙමු.

යෝගට් recipe

යෝගට් recipe එකක් හදමු

යෝගට් හදන කොට ජෙලටින් ප්‍රමාණය,යෝගට් මුහුං වෙංඩ තියන කාලය සහ තියන ස්ථානය වගේ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඔනෙ දේවල් තියනවා.

ජෙලටින් නං අනිවාරෙන් ප්‍රමානයටම දාන්න මතක තියාගන්න. වැඩි උනොත් කිරි එක ජෙලි වෙනවා.

කඩේ ෆ්‍රෙශ් මිල්ක් පැකට්  1l සහ 900ml විදියට ආකාර දෙකක් තියනවා

මම හයිලන්ඩ් ෆ්‍රෙශ් මිල්ක් එකයි හයිලන්ඩ් යෝගට් එකයි ගත්තෙ.

මුහුං වලට හයිලන්ඩ් හොදටම හොදයි කියල අහල තිබුනු නිසා.

ඔයාලත් ගන්නකොට හොද යෝගට් වර්ගයක් පාවිච්චි කරන්න.

ක්‍රම දෙකටම  යෝගට් recipe හදමු. මෙන්න රෙසපි 2 ම

පළමු ක්‍රමය - අමුුුුුුද්‍රව්‍ය

  • ෆ්‍රෙශ් මිල්ක් 1l
  • ජෙලටින් -මේස හැදි 1 1/2
  • යෝගට් 1 (මුහුං කිරීමට)
  • සීනි -මේස හැදි 6
  • ලුනු ටිකක්
  • වැනිලා -තේ හැදි 1
  • කහ කලරිං (තියනව නං)
  • ඇල් වතුර-මේස හැදි 4

කඩේ තියනව 900ml ෆ්‍රෙශ් මිල්ක් පැකට්. මම ගත්තෙත් ඒකක්. එතකොට ප්‍රමන ටිකක් වෙනවා.

දෙවන ක්‍රමය - අමුුුුුුද්‍රව්‍ය

  • ෆ්‍රෙශ් මිල්ක් -900ml
  • ජෙලටිං- මේස හැදි 1 1/3 (ඒ කිව්වෙ ජෙලටිං මේස හැදි එකහමාරට වඩා තව චූට්ටක් අඩුවෙං දාන්න)
  • සීනි-මේස හැදි 5
  • වැනිලා- තේ හැදි 1
  • යෝගට් 1
  • ලුනු ටිකක්
  • කහ කලරිං බිංදුවක්
  • ඇල් වතුර -මේස හැදි 4

සකස් කරන ආකාරය

ඉස්සරලම ඇල් වතුර මේස හැදි හතරට ජෙලටිං ටික දාල පෙගෙන්න තියන්න.

සමහර විට කැටි කැටි වගේ හැදෙයි.

ඒක ගනං ගන්න එපා.

මේ කිරි එක ටිකක් උස බාජනේකට දාලා මද ගින්දරේ ලිපෙං තියන්න. (කිරි උතුරන්න තියන ඉඩ වැඩි නිසයි උස බාජනයක් අවශ්‍ය)

කිරි එකටම සීනි, කලරිං (බිංදුවක් හෝ දෙකක්) හා ජෙලටිං ටික දාල ලිප ඔන් කරන්න.

ජෙලටිං කැලි වගේ උඩ පාවෙයි ඒවා අයිං කරන්නවත් මොකුත් කරන්න යන්න එපා. කිරි රත් වෙද්දි නිකම්ම දිය වෙනවා.

දෙතුං පාරක් උතුරල නටනකං විනාඩි 15-20ක් විතර අපි කිරි ටික මද ගින්දරේ රත් කරගන්න ඔනෙ.

මේ වෙද්දි ජෙලටිං ටික හොදටම දිය වෙලා තියෙන්නෙ. රස බලල සීනි දාගන්න තව මදි නං.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඇගිලි දෙකට ලුනු ටිකකුත් දාගන කලවං කරගන්න.

අපි යෝගට් හදන්න ගන්න බාජනේ පිරිසිදු හා වියලි එකක් වෙන්න ඔනෙ.

ඒකට අපි කිරි ටික ගොට්ටක් තියල පෙරා ගන්නවා.

එතකොට මොනා හරි රොදු හරි,දිය උන්නැති ජෙලටිං කෑලි වගේ තිබ්බොත් පෙරිල යනවා

දැං මේ කිරි එක හොදටම නිවෙනකං විනාඩි 30-40ක් පියන කිං වහන් නැතුව තියන්න.

මං හරියටම විනාඩි 30කිං තමා අනිත් වැඩ ටික කරන්න ගත්තෙ. මේ වෙද්දි කිරි එක ඇල් වෙලාම නැහැ.

තර්මොමීටර් එකක් තියනව නං සෙල්සියස් 40ක රස්නෙ. ඒ කියන්නෙ ඇගේ උෂ්ණත්වයට වඩා චූට්ටම චූටක් වැඩියි.

ඒක ගැන කරදර වෙන්න එපා විනාඩි 30 කිං අනිත් වැඩේ පටං ගන්න.

දැං අපි කලිං ගත්තු යෝගට් එක හොදට වික්ස් කරගන්න.

කෑලි තියෙන්න බෑහැ. හොදටම දියාරු වෙනතුරු කලවම් කරගන්න;

කිරි එක හුගක් රස්නෙන් තිබ්බොත් යෝගට් එක දැම්මම කැටි ගැහෙන්න පුලුවං.

ඒ හංද ඉවසල ඉන්න කිරි එක නිවෙනකං.

දැං කිරි එකට වික්ස් කරගත්තු යෝගට් ටික දාල ටිකක් කලවං කරගන්න.

දැං කිරි එක උඩ එයා බබල්ස් තියනව නං හැංදකිං අයිං කරන්න.

ටිකක් උනුසුම්, අදුරු ස්තානයක පැය 10-14ක් විතර දැං අපි මේක තියන්න ඔනෙ.

මම තෝරගත්තෙ අවන් එක ඇතුලෙ. අපි අවන් එක ප්‍රී හීට් කරන්නෙවත්,අවන් එක ඔන් කරන්නෙවත් නෑ.

නිකම්ම අවන් එක ඇතුලට දාල වහන්න.

ඔයාලගෙ අවන් එක ඇතුලට කූඹි එනව නං ඒකට පිලියමකුත් ඔයාල හොයාගන්න හොදද?

අපේ අවන් එකට එනවා  ඒක නිසා මම ගැඹුරු පිගානකට වතුර පුරවල ඒ උඩිං කෝප්පයක් තියල තමා කිරි බාජනේ තිබ්බෙ අවන් එක ඇතුලෙං.(දිය අගලක් නිර්මානය කරා කූබිංට එන්න බැරි වෙන්න)

දැං තමා ලේසිම කොටස

අපි මේක හොල්ලන්නෙ නැතුව පැය 14ක් විතර තියන්න ඔනෙ .

ඒ කියන්නෙ අවන් එක අරින්ඩ යන්න එපා කිරි එක දැම්මට පස්සෙ, සෙට් වෙලාද කියල ඇගිලි ගගහ බලන්න යන්නත් එපා.

දැන් ජෙලි යෝගට් හදමු 

බබාට කන්න ගෙදරදීම යෝගට් හදමු

 

පලතුරු කෑලි ටිකක් ,මුද්දිරප්පලම් ටිකක් යෝගට් එක උඩිං ඉහින්න.

ජෙලි පැකට් එකක් අරං එහි ඇති වතුර ප්‍රමාණය දාල දියකරගන්න.

ඒකත් හොදයම නිවෙනකං ඉන්න ඔනෙ.  පිටිං දැම්මොත් යෝගට් එක දියවෙනවා.

අනිත් එක ජෙලි ටික යෝගට් එකට වක්කරනකොට එකවර වත් කරන්න එපා.

යෝගට් එක සොෆ්ට් හින්දා සිදුරු හැදෙන්න පුළුවන්

බොකුටු හැංදකිං අරං හිමීට ජෙලි ටික ස්ප්‍රෙඩ් කරන්න.

සෙට් වෙන්න ෆ්‍රිජ් එකෙං තියන්න

පැයක් විතර තියල පස්සේ රසම රස ‌ජෙලි යෝගට් සුදානම්

බබාට කන්න ගෙදරදීම යෝගට් හදමු

 

සැලකිලිමත් විය යුතු කාරණා

  • වැනිල ඕනමද?
    වැනිල වලිං කරන්නෙ සුවද ගන්න එක. රසට බලපෑමක් නෑ
  • ජෙලටිං ඕනමද?
    ඔව් ඕනෙ. නැතුවත් හදන්න පුලුවං. ඒත් එහෙම හදන්නෙ අපි කන කිරි අං දන්න තරමිං. හරි අපි ජෙලටිං නැතුව හැදුවමයි කියමුකො.. ඉක්මනට දියවෙනව එතකොට. එලියෙ තියන්න බෑ ගොඩක් වෙලා.
  • වැනිල වෙනුවට දෙහි දාන්නද?
    එපා. කිරිවලට ඇඹුල් දැම්මම කැටි ගැහෙනවා.
  • කලරිං ඕනමද?
    අත්‍යාවශ්‍ය නැහැ. අර ලාවට කහ පාටක් ගන්න ඕනම වගේ හිතෙනව නං දාන්න
  • මට අවන් එකක් නෑනේ එතකොට අපිට යෝගට් හදන්න බැයිද??
    පුලුවං .අදුරු ටිකක් රස්නෙ තැනක්නෙ ඕනෙ.. ඇයි රයිස් කුකර් එකට දාල වහන්න පුලුවන්නෙ..  (ඔන් කරන්නැතුව ඈ),එහෙම නැත්තං කබඩ් එකක් ඇතුලෙ.. .(පැන්ට්‍රියෙ වගේ)

එලකිරි යොදාගන්න බැරිද?
පුලුවං. එලකිරිගන්නව නං හොදට නටවල ගන්න ඔනෙ.  මේ විදියම තමයි.  කිරි ටික නිවුනට පස්සෙ යොදය උඩට ඇවිත් තිබ්බොත් හැංදකිං ශේප් එකේ අයිං කරන්න. එච්චරයි

ඔබත් අදම මේ යෝගට් recipe එක හදලා බලන්න.  වියදම හරිම අඩුයි. ඔබත් හදලා බලන්න.

මුල් සටහනට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බබාට කන්න ගෙදරදීම යෝගට් හදමු
බෙදාගන්න :
  • බබාට රසම රස අයිස්ක්‍රීම් හදලා දෙන්න නියම රෙසපියක්

    බබාට රසම රස අයිස්ක්‍රීම් හදලා දෙන්න නියම රෙසපියක්

  • රසම රස දෙල් මාලුවක් විනාඩි 15න් හදා ගන්න

    රසම රස දෙල් මාලුවක් විනාඩි 15න් හදා ගන්න

  • බබාට රසම රස අයිස්ක්‍රීම් හදලා දෙන්න නියම රෙසපියක්

    බබාට රසම රස අයිස්ක්‍රීම් හදලා දෙන්න නියම රෙසපියක්

  • රසම රස දෙල් මාලුවක් විනාඩි 15න් හදා ගන්න

    රසම රස දෙල් මාලුවක් විනාඩි 15න් හදා ගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it