ඔහුට හෝ ඇයට දෙන්න පුළුවන් දින 30ක මෙම අභියෝගය ඔබේ විවාහය තවත් ශක්තිමත් කරයි!

ඔහුට හෝ ඇයට දෙන්න පුළුවන් දින 30ක මෙම අභියෝගය ඔබේ විවාහය තවත් ශක්තිමත් කරයි!

සෑම දිනකම සරල ක්‍රියාකාරකම් කිහිපයක් කිරීමෙන් ඔබේ විවාහය රසවත් ! දින 30 ක අභියෝගය අත්හදා බලා සොයා නොගන්නේ මන්ද?

කතාවට කියන්නේ සුළු කරුණාවන්ත ක්‍රියාවකින් බොහෝ දුරක් යා හැකි බවයි (a little act of kindness can go a long way.) එම චින්තනය අනුව, කරුණාවන්ත ක්‍රියාවන් ඔබේ විවාහ සම්බන්ධතාවයට ද විශාල වෙනසක් කළ හැකිය. ඔබේ විවාහය රසවත් කිරීම සඳහා දින 30 ක අභියෝගය ක්‍රියාත්මක වන්නේ එලෙසයි.

දින 30 ක අභියෝගය ඔබේ විවාහය වඩා ශක්තිමත් කරන්නේ කෙසේද? විවාහය රසවත් කිරීම සඳහා ඔබත් මේ දේවල් කල බලන්න.

transform your marriage

කාරුණික ක්‍රියාවන් වලින් ඔබේ විවාහය වෙනස් කළ හැකිය!

සෑම දිනකම මෙම කුඩා කරුණාවන්ත ක්‍රියාවන් කිරීමෙන්, ඔබ ඔබේ විවාහය ක්‍රමයෙන් වඩා
රසවත් දෙයක් බවට පරිවර්තනය කරනු ඇත!

1. ඔබේ සහකරුට එදිනෙදා කියවිය හැකි කුඩා සටහන් අඩංගු ආදර භාජනයක් දෙන්න

මේවා ඔබේ සහකරු හෝ සහකාරිය සිනහ ගැන්වීමට ලියූ සරල දේවල්.. “මම ඔබට ආදරෙයි” හෝ එවැනි කෙටි පණිවිඩ වලින් ඕනෑම දෙයක් විය හැකිය.

2. සැමදා උදෑසන ඔබේ සහකරු හෝ සහකාරිය සිපගන්න

ඔබෙන් සිපගැනීමක් උදේ පාන්දරින්ම ඔබේ සහකරු හෝ සහකාරියගේ සුභ දිනය බවට පත් කළ හැකිය!

3. ඔබ ඔවුන් සමඟ විවාහ වී සිටීමට කැමති ඇයි කියා ඔවුන්ට කියන්න

ඔබ ඔබේ විවාහයට ආදරය කරන්නේ මන්දැයි ඔබේ සහකරුට හෝ සහකාරියට මතක් කර දීමෙන් ඔබේ සම්බන්ධතාවය නැවත තහවුරු කරන්න.

4. ඔබට ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකිදැයි ඔවුන්ගෙන් විමසන්න

සෑම කෙනෙකුටම සමහර විට කුඩා උපකාර අවශ්‍ය වන අතර, ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන බව ඔබේ සහකරුට පෙන්වීමට මෙය හොඳ අවස්ථාවක්.

5. ඔබේ සහකරුට හෝ සහකාරියට ඔබ ඔහුගේ/ඇයගේ කැමති ගුණාංගයක් ගැන කියන්න

එය ඔබේ සහකරු හෝ සහකාරිය ගැන ඔබ සැබවින්ම ආදරය කරන දෙයක් වන තාක් කල් ඔහු/ඇය සතුටට පත් කිරීමට පැවසිය හැකි දෙයක් විය හැකිය.

6. එකට චිත්‍රපටයක් නරඹන්න

ටිකක් විවේක ගන්න, වාඩි වී චිත්‍රපටයක් නරඹන්න. ඔබට පිටතට යාමට අවශ්‍ය නැත, ඔබට චිත්‍රපටයක් රෙන්ට්  කිරීමට හෝ නෙට්ෆ්ලික්ස් හි යමක් නැරඹිය හැකිය.

7. විවාහය රසවත් කිරීම සඳහා ස්තූතියි කියන්න

බොහෝ ජෝඩු එකිනෙකාට ස්තූති කිරීමට අමතක කරති. ස්තූතියි කියමින් ඔබේ සහකරුට ඔබේ අගය දිනපතා පුරුද්දක් ලෙස පෙන්වන්න.

8. අනාගතය සඳහා ඔබේ අරමුණු ගැන කතා කරන්න

ඔබේ සහකරු හෝ සහකාරියගේ අනාගතය පිළිබඳ ඔවුන්ගේ සැලසුම් මොනවාදැයි විමසන්න. එය යුවළක් ලෙස ඔබ ගැන විය යුතු නැත, එය ඔබේ සහකරු හෝ සහකාරිය සතු පෞද්ගලික හෝ වෘත්තීය ඉලක්කයක් විය හැකිය.

9. ඔබේ සහකරුට විහිළුවක් කියන්න

සිනාව හොඳම ඖෂධය වන අතර, සෑම කෙනෙකුම හොඳ විහිළුවක් අගය කරයි!

10. ඔබ මුලින්ම හමු වූ ආකාරය ගැන කතා කරන්න

අතීතය, ඔබ යුවළක් බවට පත්වූයේ කෙසේද සහ මේ වසර ගණනාවකට පසුවත් එකිනෙකා ගැන ඔබට හැඟෙන්නේ කෙසේද යන්න මතක් කරන්න. මෙය ඔබගේ විවාහය ශක්තිමත් කිරීමට හා එය පුදුමාකාර දෙයක් බවට මතක් කර දීමට උපකාරී වේ.

11. ඔබ ඔවුන් ගැන ආදරය කරන දෙයක් කියන්න

එය ඔවුන් ඔබ, ඔබේ දරුවන් රැකබලා ගන්නා ආකාරය හෝ ඔබ අධෛර්යයට පත්වන සෑම විටම ඔවුන් ඔබව සිනා ගන්වන ආකාරය විය හැකිය.

12. ඔබේ සහකරු හෝ සහකාරිය නිවසට පැමිණි වහාම හාදුවක් දෙන්න

එය ඔබේ සහකරුට හෝ සහකාරියට පිළිගැනීමක් ලබා දෙන හොඳ ක්‍රමයක් වන අතර රැකියාවෙන් ආ පසු මානසික ආතතිය දුරු කර ගත හැකි හොඳ ක්‍රමයකි.

13. විවාහය රසවත් කිරීම ට ඔබේ සහකරු උනුසුමින් වැළඳ ගන්න

වැළඳගැනීමෙන් ඔබ කිසිවක් නොකියුවත් බොහෝ දේ ප්‍රකාශ කළ හැකිය. සමහර විට ඔබේ සහකරුට ඔවුන්ගේ දවස වඩාත් යහපත් කර ගැනීම සඳහා හොඳ උණුසුම් වැළඳගැනීමක් අවශ්‍ය වේ.

14. ඔබේ සහකරුට විශේෂ සටහනක් ලියන්න

සටහන දිගු විය යුතු නැත, එය ඔබ කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න පෙන්වන වචන කිහිපයක් විය හැකිය. ඔවුන් අවම වශයෙන් එය අපේක්ෂා කරන තැනක තබන්න එවිට ඔවුන්ට සතුට ගන්වන සර්ප්‍රයිස් එකක්  ඇතිවේ.

15. ඔවුන්ගේ ප්‍රියතම ආහාර වේල සාදා දෙන්න

හැමෝම ගෙදර හැදූ ආහාර වේලකට කැමතියි. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ වෙනුවෙන් එය පිසින විට ඊට වඩා හොඳ කිසිවක් නැත!

විවාහය රසවත් කිරීම

විවාහය රසවත් කිරීම

16. ඔබේ සහකරුට සමාව දෙන්න

ඔබ දිගු කලක් තිස්සේ අමනාපයක් පවත්වාගෙන සිටියේ නම් හෝ ඔබේ සහකරු හෝ සහකාරිය කළ දෙයක් ඔබට සම්පූර්ණයෙන්ම අමතක කළ නොහැකි නම්, එසේ කිරීමට කාලය පැමිණ තිබේ.

17. විවාහය රසවත් කිරීම සඳහා හුරතල් කරන්න!

හුරතල් කිරීම සමහර විට ලිංගිකව හැසිරීමට වඩා හොඳය. ඕනෑම දෙයක් හා සෑම දෙයක් ගැනම හුරතල් වෙමින් කතා කිරීම සඳහා පැය කිහිපයක් ඇඳේ ගත නොකරන්නේ ඇයි?

18. ඔවුන්ගේ දවස ගෙවී ගියේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසන්න

එකිනෙකා ගේ වැඩකටයුතු කෙරෙහි කතා බහ කර ගැනීමට යම් කාලයක් වැය කරන්න. ඔබේ සහකරු හෝ සහකාරියගේ දවස ගෙවී ගියේ කෙසේදැයි විමසන්න, ඔවුන් පවසන දේට සවන් දෙන්න.

19. ඔබේ සහකරු/සහකාරිය ගෙන් සමාව ඉල්ලන්න මැළි වෙන්න එපා

ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට රිදවූ විටෙක සමාව ඉල්ලීම නොසලකා හැරිය හැකි ඕනෑම අවස්ථාවක ඒ දේ ඉටු කිරීමට උත්සාහ කරන්න. අවංක වන්න, ඔබ වඩා හොඳ වීමට උත්සාහ කරන බව ඔබේ සහකරුට දන්වන්න.

20. ඉල්ලීමකින් තොරව යමක් කරන්න

එය ගරාජය පිරිසිදු කිරීම, කුණු කසළ ඉවත් කිරීම හෝ පිඟන් සේදීම වැනි සරල විය හැකිය. මේ වගේ සුළු කාරුණික ක්‍රියා ඇත්තෙන්ම ඔබේ විවාහය වෙනස් කිරීමට උපකාරී වේ.

21. ඔබට වඩා හොඳින් කළ හැකි දේවල් ඔබේ සහකරුගෙන් විමසන්න

සෑම කෙනෙකුටම දියුණු වීමට කාලය තිබේ. ඔබේ විවාහය, සහ ජීවනය උදෙසා ඔබට වැඩිදියුණු කළ හැකි ගුණාංග තිබේදැයි ඔබේ සහකරු හෝ සහකාරියගෙන් විමසන්න, වඩා හොඳ වීමට උත්සාහ කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න.

22. ඔබේ සහකරුට හෝ සහකාරියට ඔවුන් ලස්සන යැයි පවසන්න

මෙවැනි කුඩා පැසසුම් බොහෝ දුරක් ඔබ දෙපළ ගෙන යන අතර එවන් දෙයක් ඔබෙන් ඇසීමට ඔවුන් අනිවාර්යයෙන්ම ආශා කරනු ඇත!

23. ඔබ දෙදෙනා පමණක් එළියට යන්න. (ඩේට් එකක්!)

ඔබ දෙදෙනා පමණක් රාත්‍රී භෝජනය සඳහා ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ ප්‍රියතම අවන්හලට රැගෙන යන්න. ඔබට විශාල මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නැත, එය ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් කරන දෙයක් බව ඒත්තු ගන්වන්න අමතක කරන්න එපා. ඔබ ඔවුන් ගැන සැලකිලිමත් බව ඔබේ සහකරුට දන්වන්න.

24. ඔබේ සහකරු හෝ සහකාරිය ගැන ධනාත්මක සිතුවිලි සිතන්න

ඔබේ සහකරු හෝ සහකාරිය ගැන ඔබ ආදරය කරන විවිධ දේ ගැන සිතීමට උත්සාහ කරන්න; ධනාත්මක බව කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න. මෙය ඔබගේ මානසිකත්වය වෙනස් කිරීම හා නරක දේවලට වඩා හොඳ දේ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබව පෙළඹවාවි.

25. ක්‍රියාවෙන් ‘මම ඔබට ආදරෙයි’ යැයි පවසන්න

වචනයෙන් නොපැවසුවත් තදින් වැළඳ ගැනීමක්, කම්මුලට හාදුවක්, ස්තූති කිරීම්, මේ සියල්ලෙන් ම ඔබ ඔවුන්ට කොතරම් ආදරය කරනවාද යන්න ඔබේ සහකරුට දැන ගැනීමට සලස්වයි.

26. පිටතට ගොස් හිරු බැස යන හැටි නරඹන්න

විවාහය රසවත් කිරීම

හිරු බැස යෑම හරිම හැඟීම් දනවන දර්ශනයක්. කොහේ හරි ගොස් ටිකක් ඉඳගෙන හිරු බැස යෑම නැරඹිය යුත්තේ ඇයි? එය හරිම රොමෑන්ටික් දෙයක්.

27. එකට උද්‍යානයකට යන්න (පාක්)

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ උද්‍යානයේ ඇවිදින්න යන්න උත්සාහ කරන්න. එය හොඳ ව්‍යායාමයක් පමණක් නොව, ඔබ දෙදෙනාට විවේකීව හා එකිනෙකා සමඟ යම් කාලයක් ගත කිරීමටද හොඳ ක්‍රමයකි.

28. ඔබේ සහකරුට පොරොන්දුවක් දී එය ඉටු කරන්න

පොරොන්දු ඉටු කළ යුතු අතර ඕනෑම විවාහයකදී වැදගත් වේ. ඔබේ සහකරුට විශේෂිත යමක් පොරොන්දු වන්න, එම පොරොන්දුවට ඇලී සිටීමට ඔබේ උපරිමය කරන්න!

29. විවාහය රසවත් කිරීම : ඔවුන් ඔබට කෙතරම් වටිනවාදැයි ඔවුන්ට කියන්න

ඔබේ සහකරු හෝ සහකාරිය සඳහා නොවේ නම් ඔබ මේ මොහොතේ ඔබ සිටින තැන නොසිටිනු ඇත, එබැවින් ඔබේ ජීවිතයේ ඔවුන් කෙතරම් වැදගත් දැයි ඔවුන්ට පැවසීමට කාලය නොගන්නේ මන්ද?

30. ඔබේ සහකරුට හෝ සහකාරියට ඔවුන් සාර්ථක වීමට වැදගත් බව පවසන්න

පුද්ගලික සාර්ථකත්වය ඕනෑම කෙනෙකුට වැදගත් ය. විවාහක යුවළයන් සඳහා, එකිනෙකා සාර්ථක වීමට තල්ලු කිරීම වැදගත් වන අතර එය පරිණත හා සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක ලකුණකි.

මතක තබා ගන්න, ඔබේ සහකරු හෝ සහකාරියගේ සාර්ථකත්වය ඔබේ ද සාර්ථකත්වයයි, මන්ද ඔබ ඔවුන්ට සෑම පියවරකදීම ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා වීමට උදව් කරන බැවිනි.

 

මූලාශ්‍ර: Familyhow

පරිවර්තනය: බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

bosandun

කතන්දර ලිපි