theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මුනින් අතට හැරී නිදාගැනීමෙන් බබා සැනසිල්ලක් ලබනවාද?

5 අවම කියවීම
මුනින් අතට හැරී නිදාගැනීමෙන් බබා සැනසිල්ලක් ලබනවාද?මුනින් අතට හැරී නිදාගැනීමෙන් බබා සැනසිල්ලක් ලබනවාද?

බබා මුනින් අතට හැරී නිදා ගන්න කැමති ඇයි?

බබාලා නිදා ගන්නා ආකාරය හරිම සුන්දරයි. ඒ වගේම එයාලා නිදා ගන්නා ඉරියව් විවිධාකාරයි. ඒ අතරම බබා මුනින් නිදාගැනීම නිතර දකින්න පුළුවන්. 

බබා මුනින් අතට හැරි දෙදණ නවා ඒ මත උදරය සිටින සේ නිදාගන්නා මේ ඉරියව්ව ගෙඹි ඉරියව්ව කියා කියන්නත්  පුළුවන්.

බොහෝ දරුවන් තමා විසින්ම මේ ඉරියව්වට හැරි නින්දට වැටෙන්න පුරුදුව සිටිනවා.

එසේ නිදා ගන්නේ ඇයි ? ඔවුන් ඒ තුලින් සැනසිල්ලක් සොයනවාද? අද අපි ඒ ගැන කතා කරමු.

පුංචි දරුවන් ගත් විට ඔවුන් නිදාගන්නා ඉරියව් විවිධාකාරයි.

උඩුකුරුව, පැත්තට හැරී නැතිනම් මුනින් අතට හැරී ඔවුන් සුන්දරව නිදි සුව විදින විදිය පැය ගාණක් වුනත් බලා සිටින්න පුළුවන්.

හොදින් නිදි සුවන දරුවන් දැකීමත් දෙමව්පියන්ට සැනසීමකි.

මුනින් අතට හැරී නිදාගැනීමෙන් බබා සැනසිල්ලක් ලබනවාද?

දරුවා ඔවුන්ගේ තොටිල්ලේ තනිව නිදාගන්නා විට එක් අපුරු පුරුද්දක් ඔබට දකින්න හැකි වෙනවා.

ඔවුන් මුනින් අතට හැරී දෙදණ ගුලි කර ගෙන පිට උඩට සිටින සේ නිදා ගැනීමට නැඹුරු වෙනවා.

එය බලා සිටීමට ආස හිතෙන තරම් හුරතල් ඉරියව්වකි.

නමුත් ඇයි දරුවන් මෙලෙස මුනින් අතට නිදාගන්නේ ඇයි?

ඔබට නම් දණ හිස් නවා ගෙන මුනින් අතට නිදා ගන්නා ඒ ඉරියව්වෙන් නිදා ගැනීම හිතාගන්නවත් බැහැ නේද?

නමුත් දරුවා ඉන් සුවපහසුවක් ලබනවා වෙන්න පුළුවන්.

බොහෝවිට දරුවා ගර්භාෂයේ සිටින කාලයේ සිටි සුවපහසු ඉරියව්වක සුවපහසුව යලිත් සොයනවා වෙන්නත් පුළුවන්.

බබා මුනින් නිදාගැනීම

මුනින් අතට හැරී නිදාගැනීමෙන් බබා සැනසිල්ලක් ලබනවාද?

ළදරුවන්ගේ මෙවන් නිදා ගැනීමේ ඉරියව් වලට හේතුව  විද්‍යාත්මක පැහැදිලි කරන ආකාර කිහිපයක් තියෙනවා.

දරුවන් මුනින් අතට හැරී සිය දණ හිස මත ගෙම්බන් වැනි පිහිටීමකින් නිදාගැනීමට හේතුව  ඔවුන් ගර්භාෂයේ සිටි  ආකාරය හේතු විය හැකි බව සම්මුඛ සාකච්ඡාවකදී කොලොම්බියා විශ්ව විද්‍යාලයේ නවජ විද්‍යාව පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ රිචඩ් පොලින් සඳහන් කළා.

ව්‍යවහාරික මනෝවිද්‍යාව සම්බන්ධ යුරෝපීය ජර්නලයක් අනුව, ඔබේ දරුවා වයසින් වැඩී චලනය පටන් ගත් විට, ඔවුන්ගේ සිරුර නිදහස ලැබෙන ඉරියව් වලට ගමන් කරනවා.

මේ ගැනත් හිතන්න. බබා බඩ ගා යන්න හා දණ ගා යන්න පටන් ගත් විට ඔහු එම ඉරියව්ව භාවිතා කරනවා නේද?

දරුවන් ගෙන් බොහොමයකගේ දණ ගෑම ආරම්භ කරන ඉරියව්ව එයයි.

නමුත් ඔබේ පුංචි පැටියා මේ ඉරියව්වෙන් නින්ද ආරම්භ කිරීමත් සමග ඔහුගේ නින්දේ යම් පසු බෑමක් ඇතිවෙනු ඔබට දකින්න පුළුවන්.

එය මදක් අවාසනාවන්ත තත්වයත්. මේ නිසා ඔබේ දරුවාට කලින් නිදා ගත් තරම් සුව නින්දක් අහිමි වෙනවා.

ළදරු නින්ද සම්බන්ධ විද්‍යාවට අනුව,  ඔබේ දරුවා තනිවම හිද ගෙන සිටියදි එම ඉරියව්වට වැටෙන අතර ඉන්පසු ඔවුන් නිදා සිටියදි එම ඉරියව්වේම සිටිනවා.

දරුවාට අපහසුතාවයන් ඇතිවෙන විට ඉරියව්ව වෙනස් කිරීම සුදුසු වෙනවා.

බබා මුනින් නිදාගැනීම ගැන විවිධ අදහස්

මුනින් අතට හැරී නිදාගැනීමෙන් බබා සැනසිල්ලක් ලබනවාද?

සමහර දරුවන් පෙරළීමටත් කලින් තනිව හිද ගැනීම ආරම්භ කරනු අතර ඔවුන් මෙම ඉරියව්වට වැටෙන්න පුළුවන්.

ඒ වගේම මෙය ඉක්මනින් ඔවුන්ගේ ප්‍රියතම නිදාගන්නා ඉරියව්වට පත්වෙනවා.

මෙලෙස මුනින් අතට තම දරුවා නිදාගැනීම ගැන දෙමව්පියන් කලබලයට පත්වෙන්න පුළුවන්.

හදිසි ළමා ළදරු මරණ සින්ඩ්‍රෝම් (SIDS) අවදානම අවම කිරීම සඳහා ඔබේ දරුවා නිතරම උඩුකුරුව නිදා සිටිය යුතු බවට ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP) දෙමාපියන්ට අනතුරු අඟවනවා.

ඒ නිසා ඔබේ දරුවා නිතර එම ඉරියව්වෙන් නිදාගන්නවා නම් සුපරික්ෂාකාරි වෙන්න.

ඒ වගේම වරින් වර ඔබේ දරුවා අවදි නොකර ඉරියව්ව මාරු කරන්න.

නමුත් ඔබේ දරුවා මුනින් අතට නිදාගන්න ප්‍රියනම් ඔබ කොතරම් ඔහුව පෙරළා තැබුවත් නැවත එම ඉරියව්වටම පත්වෙනවා.

ව්‍යවහාරික මනෝවිද්‍යාවේ යුරෝපීය ජර්නලයට අනුව, මුල් කාලයේ ළදරුවන් බොහෝ විට උඩුකුරුව නිදි කරවන ලද හා දිවා කාලයේදී ප්‍රමාණවත් කාලයක් මුනින් අතට තබා තිබු ළදරුවන් තුල එසේ නොවු දරුවන්ට වඩා ළදරු අවධියේදී පෙරළීමට හා බඩගා යාමට අවශ්‍ය චලන කුසලතා වර්ධනය වෙනවා.

මෙම දරුවන් කලින් දණ ගා යන්නේ ඔවුන් උඩුකුරුව තබා ඇති නිසා බවත්, දණ ගා ගෙන යන විට හෝ වාඩි වී සිටින ළදරුවන් මෙම ඉරියව්වෙන් නිදා ගැනීමට නැඹුරු වන බවත් ද බේබි සීලීප් අඩවිය සදහන් කරනවා.

ළදරුවන් ගර්භාෂයේ සිටින ආකාරයටම මෙලෙස ගුලි වී සිටීමට කැමතියි බව වෛද්‍ය හාවි කාර්ප් සඳහන් කරනවා. 

හොදින් ඔතා තැබීම ඵලදායී වන්නේ එබැවිනි.  මෙය තමන්ට  අනුකරණය කළ හැකි බව ළදරුවන් වටහා ගත් විට, දණ ගා යාමේ හෝ පෙරළීමේ සිදුවීම මගින්, ඇත්ත වශයෙන්ම ඔවුන්ට එම ඉරියව්වේම රැඳී සිටීමට අවශ්‍ය වෙනවා.

සමහර දරුවන් මෙය දීර්ඝ කාලීනව අත්විදින අතර සමහර දරුවන් වයස අවුරුදු 10 දක්වාද මෙම ඉරියව්වෙන් නිදාගන්න පුළුවන්.

ළදරුවන්ට විවිධ හාස්‍යජනක ඉරියව් තියෙනවා.

මෙලෙස දරුවන් මුනින් අතට හැරි සිය තට්ටම් උඩ අතට තබා නිදා ගැනීම දකින විටත් සිනහා උපදවන සුළුයි.

AAP අනුව දරුවන් මෙම ඉරියව්වට පුරුදු වු පසු ඔබ දිව ගොස් ඔවුන්ගේ ඉරියව් මාරු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

හදිසි මරණ සින්ඩ්‍රොමය ඇති විය හැකි වැරදි නිදි කිරීම් ක්‍රම

බබා මුනින් නිදාගැනීම

  • දරුවා මුනින් අතට හෝ පැත්තකට ඇල වී නිදි කරවීම
  • මෙට්ට, ඇතිරිලි, කොට්ට නිදා සිටින දරුවා අසල තැබීම
  • දරුවාගේ හිස හා මුහුණ රෙදි වලින් වටකොට තැබීම

බබා මුනින් නිදාගැනීමේ අවදානම

  • මෙම ඉරියව්වෙන් යෙදෙන පීඩනය නිසා හුස්ම හිරවීමේ අවදානමක් ඇතිවීම.
  • ඇද ඇතිරිලි වලට නාසය සිරවිය හැකි වීම
  • ළදරුවා මෙට්ටය මත ඇති විෂබීජ හා දුවිලි දරුවාගේ ශ්වසන මාර්ගයට ඇතුල් වීම

මේ නිසා දරුවා සැමවිටම උඩුකුරුව නිදි කරවිම ආරක්ෂිත වෙනවා.

දරුවා නිදා සිටින විට නිතර සුපරික්ෂාකාරි වෙන්න. ඔබේ දරුවාත් නින්දෙන්ම මුනින් අතට හැරෙනවා නම් නිතර ඉරියව්ව මාරු කරන්න.

දරුවන් මුනින් අතට නිදා ගැනීම ගැන අදහස් මොනවාද?

දරුවා නිදා ගන්නා ඉරියව් ගැන ඔබ ගැනත් මෙවන් විස්තර තියෙනවාද?

එසේ නම් අපි හා ඒ තොරතුරු බෙදාගන්න.

මුලාශ්‍ර - www.romper.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • මුනින් අතට හැරී නිදාගැනීමෙන් බබා සැනසිල්ලක් ලබනවාද?
බෙදාගන්න :
  • දරුවන් නින්දෙන් වමනය දැමීමෙන් ඉස්මොල්ලේ යා හැකිද

    දරුවන් නින්දෙන් වමනය දැමීමෙන් ඉස්මොල්ලේ යා හැකිද

  • මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

    මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

  • දරුවන් නින්දෙන් වමනය දැමීමෙන් ඉස්මොල්ලේ යා හැකිද

    දරුවන් නින්දෙන් වමනය දැමීමෙන් ඉස්මොල්ලේ යා හැකිද

  • මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

    මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it