theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

3 අවම කියවීම
දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

ආදරණීය මව් පිය වරුනි මේ ආහාර ඔබේ දරුවාට නොදීමට කරුණාකර වගබලා ගන්න

“ඔබේ ප්‍රතිරූපය ඔබ ආහාරයට ගන්නා දේවල් පිළිබිඹු කරයි!” මේ කියමන ඔබ අසා තිබෙනවාද? ඔබ ඊට එකඟද? ආහාර වලින් බුද්ධිය වර්ධනය කළ හැකිද? නැතිනම් බුද්ධිය හීන කරන ආහාර තිබෙනවාද?

කෙනෙක් දෙස යොමන එක බැල්මකින් ඔහුගේ හෝ ඇයගේ ජිවන රටාව සහ ආහාර රටාව තේරුම් ගන්නට පුළුවන්.

එම නිසා මෙම කියමන බහුතරයකටම පොදු සත්‍යක් වනවා. මෙය වැඩිහිටි අපට පමණක් නොව අපේ දරුවන්ටත් පොදු යථාර්ථයක් වනවා.

අන් කවරදාටත් වඩා ආහාර ගැන හැමෝම සැලකිලිමත් වන යුගයක, අප දරුවන්ට ලබා දෙන ආහාර ගැන විශේෂයෙන් උනන්දු වන්නේත් ඉමහත් ලෙස සැලකිල්ලෙන් තෝරා බේරා ගන්නේත් මවුපියන් හැටියට එය අපගේ මහඟු වගකීමක් නිසයි.

ඉතින් අප මෙලෙස දරුවන්ට ලබා දෙන මෙම ආහාර වර්ගයන් අතුරින් ආහාර වර්ග කිහිපයක් එදිනෙදා ජීවිතයට නුසුදුසු ඒවා වනවා.

නමුත් මෙම නුසුදුසු ආහාර වලින් කුඩා ප්‍රමාණයක් ඉඳහිට දරුවා ආහාරයට ගැනීම අහිතකර නොවේ යැයි සිතන්නට බොහෝ මව්වරුන් හුරු වී සිටිනවා.

එසේ නමුත් එවන් අහිතකර ආහාර සුළු වශයෙන් හෝ දරුවාට නොදීමට අපි සැලකිලිමත් විය යුත්තේ එය දරුවාගේ බුද්ධිය පමණක් නොව මතක ශක්තියටත් මහත් හානියක් සිදු කරන නිසාය.

බුද්ධිය හීන කරන ආහාර මොනවාදැයි බලමු

1. ඇසුරුම් කළ නොහොත් සකස් කළ ආහාර

දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

මෙසේ සකස් කල, නැතහොත් ඇසුරුම් කළ ආහාර අතරට චිප්ස් වර්ග, බර්ගර් බනිස්, පීසා වර්ග ඇතුළු සහ මොනොසෝඩියම් ග්ලුටමේට් (monosodium glutamate) MSG වැනි රසායනික ද්‍රව්‍ය සහිත මැගී නුඩ්ල්ස් ඇතුළු තවත් ක්ෂණික නූඩ්ල්ස් වර්ග ආදිය අයත් වනවා.

Mmonosodium Glutamate නැතහොත් MSG වැනි රසකාරක ආහාරවල රසය ආකර්ෂණීය ලෙස වැඩි කරන අතරම දරුවන්ගේ මනෝභාවයට, හැසිරීමට සහ චර්යාවල වෙනස්කම් ඇති කිරීමට ද බලපෑම් ඇති කරනු ලබනවා.

එබැවින් වඩාත් යෝග්‍ය වන්නේ මෙවැනි ක්ෂණික ආහාර මුළුමනින්ම භාවිතයට නොගෙන සිටීමයි.

2. කෘතිම වර්ණක යෙදූ බුද්ධිය හීන කරන ආහාර

බුද්ධිය හීන කරන ආහාර

කෘතිම වර්ණක යෙදු ආහාර වර්ග බොහෝ රටවලින් සහමුලින්ම ප්‍රතික්ෂේප කර හෝ එම රටවලට ගෙන ඒම තහනම් කර තිබෙනවා.

මීට හේතු වන්නේ, එවන් ආහාර දරුවන්ගේ මානසික ආතතිය, කාංසාව, අධි ක්‍රියාකාරිත්වය හා හිසරදය වැනි සෞක්‍යයට හානිකර ගැටළු සහගත තත්ව ඇති කරන බැවිනි.

කෘතිම වර්ණකයන් යෙදූ අහාර දරුවන්ගේ හැසිරීම් වලද සැලකිය යුතු වෙනසක් ඇති කරයි.

3. කාබනීකරණය කළ සිසිල් බීම සහ විවිධ කෘතිම බීම වර්ග, තේ සහ කෝපි

දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

තේ, කෝපි, චොකලට් වැනි ආහාරවල ස්වභාවිකවම අඩංගු වන සංඝටකයක් තමා කැෆේන්. මෙය නොයෙක් ඖෂධමය ප්‍රයෝජන සඳහා ද යොදා ගැනෙනවා.

නිදසුනක් ලෙස කොකාකෝලා කෑන් එකක් තුළ කැෆේන් මිලිග්‍රෑම් 36ත් 45ත් අතර ප්‍රමාණයක් අඩංගු වනවා.

මෙලෙස සිරුරට ඇතුල් වන කැෆේන් සුළු ප්‍රමාණයක් පවා පුංචි දරුවන්ගේ පුංචි සිරුරු වල බොහෝ අනිසි බලපෑම් ඇති කරන්නේ දරුවන් එවැනි සුළු ප්‍රමාණයකට හෝ බොහෝ සංවේදී විය හැකි බැවිනි.

එම කැෆේන් ඔවුන් තුළ මානසික ව්‍යාකූලත්වයක් ඇති කරන අතර නින්දට බාධා පමුණුවනවා ඇත. එමෙන්ම සිරුරේ නොයෙකුත් ව්‍යාකූලතා ඇති කරන්නට හැකියාවක් කැෆේන් වලට තිබෙනවා.

එම නිසා දරුවන්ට කැෆේන් අඩංගු පාන නොදීමෙන් ඔවුන්ව එම අවදානම් වලින් ආරක්ෂා කරගන්නට හැකි වනවා.

4. සීනි සහිත බුද්ධිය හීන කරන ආහාර

දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්

සීනි දරුවකුගේ සිරුරේ අධික්‍රියාකාරිත්වක් ඇති කරන්නට සමත් වන අතර ඔවුන්ගේ මනෝභාවයන් වෙනස් කිරීමටත් මානසික ශක්තිය හා මතක ශක්තිය හීන කිරීමටත් හේතු කාරකයක් වන අමුද්‍රව්‍යයකි.

සමීක්ෂණ වලින් පෙන්වන පරිදි සීනි අධික ආහාර ආහාරයට ගැනීම නිසා බුද්ධිය පමණක් නොව මොළයටද හානි පමුණුවනවා ඇත.

එපමණක් නොව ග්ලුකෝස් සහ ෆ්රුක්ටෝසේ අධික ඇතැම් ආහාර වර්ග සිරුරේ ඉන්සියුලින් අසමතුලිතතාවක් ඇති කරන නිසා එයින් කාලයක් පුරාවට තව දුරටත් මොළයට විශාල අලාභ හානි ඇති වන්නට පටන් ගන්න බව සොයාගෙන තිබෙනවා.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවාගේ බුද්ධිය හීන කරන ආහාර වර්ග 4ක්
බෙදාගන්න :
  • මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි

    මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි

  • දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

    දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

  • මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි

    මේ කෑම වර්ග ඔබේ දරුවාගේ මොළය දුර්වල කරයි

  • දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

    දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු ආහාර වර්ග 6

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it