theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පිතෘත්වය තුල ඔබට ලැබෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක්

5 අවම කියවීම
පිතෘත්වය තුල ඔබට ලැබෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක්පිතෘත්වය තුල ඔබට ලැබෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක්

තාත්තා ‌කෙනෙක් වීමෙන් ලැබෙන ප්‍රතිඵල හිතාගන්නවත් බැහැ ‌නේද?

අම්මා කෙනක් වීම තුල වාගේම තාත්තා කෙනෙක් වීම තුලත් හොද හා නරක මෙන්ම සුන්දර හා අසුන්දර මොහොත වල් තියෙනවා.

ඇත්තම කථාව අම්මාට වගේම තාත්තාටත් පුංචි මිනිස් පැටියෙකු ලොකු මහත් කිරීම ආතතියෙන් පිරී තියෙනවා යන්නයි. 

ආතතිය මුළු සෞඛ්‍යයටම බලපානවා කියලා අපි කොයිකවුරුත් දන්නවා. එහෙනම් පියෙකු වීම සෞඛ්‍යයට අහිතකරද?

පුදුමයට කරුණ නම් එය එසේ නොවීමයි. ඔබට මෙතෙක් මතකයට ආපු නැති පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක් තාත්තා කෙනෙක් වීම තුල තියෙනවා.

දැන් ඉතින් පුදුම වෙන්න එපා. අපි එකින්නෙක කතා කරමු.

පීතෘත්වය කියන එක පීඩාකාරි දෙයක් කියලා හිතාගෙන ඉන්නවා නම් එය කොච්චර සුන්දර දෙයක්ද කියලා වටහා ගන්න මෙය ඔබට උපකාරි වේවි.

ඒ තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ ඔබ හිතනවාට වඩා වැඩී. මේ ඒ පිළිබදව ‌සොයා යාමකි.

තාත්තා කෙනෙක් වීම තුල ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ

The Joy of Fatherhood: The First Twelve Months නැමති පොතේ කතෘ වු මාකස් ගෝල්ඩ්මන්,M.D.ඒ සම්බන්ධව මෙසේ පවසනවා.

පීතෘත්වය ලැබෙනුයේ විශාල සෞඛ්‍යමය වරප්‍රසාද රාශියක් සමගයි.

ශාරීරිකව තමන් ගැන හොඳ සැලකිල්ලක් දැක්වීමට එය මිනිසුන්ව පොළඹවනවා පමණක් නොව, ඔවුන්ගේ මානසික යහපැවැත්ම අව්‍යාජ ලෙස වැඩිදියුණු කරන අරමුණක් පිළිබඳ හැඟීමක් ද ඔවුන් තුළ පුරවයි.

තවමත්ඒ සමග එකඟ විමට මේ කාරණා ප්‍රමාණවත් නැහැ නේද? 

පියවරුනි මේ ලිපිය දිගටම කියවන්න. ඔබ තාත්තා කෙනෙකු වීමෙන් පමණක් සෞඛ්‍ය සම්පන්න සහ ශාරිරිකව යෝග්‍ය බවට පත්වන ආකාරය මෙන්න 

1. තාත්තා කෙනෙක් වීම තුලින් යෝග්‍ය සහ ශක්තිමත් වෙනවා

පිතෘත්වය තුල ඔබට ලැබෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක්

පියවරුන් නොවන පිරිමින්ට වඩා පියවරුන් තමන් ගැන හොඳ සැලකිල්ලක් දැක්වීමට පෙළඹෙනවා.

ඔබ ඔබේ දරුවා ළදරු කරත්තයක තබා තල්ලු කර ගෙන ගියත්, දරුවාගේ සතුට වෙනුවෙන් ඔබේ හිසට ඉහළින් ඔසවා ගත්තද , ඔබේ සිරුරට විශාල ව්‍යායාමයක් ප්‍රමාණයක් ලැබෙනවා.

හොඳම දේ නම් ඔවුන් එය කරන අතරතුර විනෝදයක් ලැබීමයි. 

නමුත් මෙහි පැහැදිලි කිරීම මීට වඩා ගැඹුරට විහිදෙනවා.

පිරිමින් පියවරුන් බවට පත් වූ විට, ඔවුන්ට ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය වෙනවා.

ඒ නිසා ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට ඔවුන් වඩාත් පෙළඹෙනවා. author of The Men's Health Longevity Programonge හි  කතුවරයා වන කෙනත් ගෝල්ඩ්බර්ග්,  M.D. මෙසේ පැහැදිලි කරනවා.

"තම දරුවන් වෙනුවෙන් කැප වීමට අවශ්‍ය නම් තමන් ගැන සැලකිලිමත් විය යුතු බව පිරිමින් වටහාගෙන සිටිනවා. මරණ අනුපාතය පිරිමින්ට මහත් පෙළඹවීමක් කරනවා.

2.වඩා හොඳ ලිංගික සෞඛ්‍යයක් ලැබෙනවා

ලිංගිකව හැසිරීම සෞඛ්‍යයට පුදුමාකාර ප්‍රතිලාභ ලබා දෙනවා.

නිරන්තරයෙන් ශුක්‍රාණු පිටවීමෙන් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා වළක්වා ගත හැකි බවත්, ඔබේ ශිෂේණය ශක්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වන බවත්, පොදුවේ ගත් කල, ඔබ සතුටට පත් කරන බවත් අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

නමුත්  දරුවන් ලැබු පසු ලිංගික හැසිරීම්  විශාල ලෙස අඩු වන බව පොදුවේ පිළිගෙන තියෙනවා නේද?

 උදාහරණයක් ලෙස ජෝන් ගනිමු. ඔහුගේ බිරිඳ ගැබ්ගෙන ඇති බව ඔහු මෑතකදී සොයා ගත්තා.

ඔහුට හා බිරිදට අලුත් බබා පැමිණි විට ලිංගිකව හැසිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන නිසා දැන් ඔහුට හැකි පමණ එසේ ලිංගිකව එක්වීම කරන බව ඔහු  ප්‍රකාශ කළා.

ඔහුට එතරම් කාලයක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ නම් ඔහුගේ ඒ ගැන ඔහු කනස්සල්ලට පත්වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පියවරුනි, ඇත්තටම සිදුවන්නේ දරුවෙකු ලැබීමෙන් පසු  ආශාව නැතිවෙනවා වෙනුවට, එය නැවත ඉස්මතු වීමයි. අධ්‍යයනයකට අනුව, අම්මලා තාත්තලාගෙන් 94% ක්ම ගැබ් ගැනීමෙන් පසු වැඩි දියුණු කළ ලිංගික ජීවිතයක් වාර්තා කර තියෙනවා.

ස්වාමිපුරුෂයන් ද කියා සිටියේ දරුවා ලැබීමෙන් පසු  තම බිරිඳගේ සිරුරට තමන් වැඩි කැමැත්තක් දක්වන බවයි.

ලිංගික එක්වීමක ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීම එහි යෙදෙන වාර ගණනට වඩා වැදගත්වෙනවා.

3.තාත්තා කෙනෙක් වීම තුලින් ආතති මට්ටම අඩුවෙනවා

පිතෘත්වය තුල ඔබට ලැබෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක්

පියෙකු වීමේ ලොකුම වාසිය නම් සාමකාමී බවක් දැනීම  බව බොහෝ පියවරුන් පවසනවා.

ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට අනුව, දරුවන්ගේ ජීවිතවලට වැඩිපුර සම්බන්ධ වන පියවරුන්ට දිගු කාලීනව මානසික ආතතියේ රෝග ලක්ෂණ  ඇති වීම අඩුයි.

පුරුෂයින්ගේ ජීවිතයේ රැකියා ආතතිය පිළිබඳව  පරීක්ෂා කිරීමට පරීක්ෂණ කල මනෝ චිකිත්සකයෙකු වන වෛද්‍ය රොසලින්ඩ් බාර්නෙට් මෙසේ පවසනවා.

“තාත්තලාට පපුවේ වේදනාව, නින්ද නොයාම, තෙහෙට්ටුව, අජීර්ණය සහ කරකැවිල්ල ඇතිවීමේ ඉඩකඩ අඩුයි.” 

මානසික හා ශාරීරික සෞඛ්‍යය සහජයෙන්ම එකිනෙකා  බැඳී ඇති හෙයින්, අඩු ආතතිය පැවතීම වඩා හොඳ ශාරීරික සෞඛ්‍යයක් ලබා දෙයි.

4.නරක පුරුදු වලින් ඈත් වී හොද පුරුදු ඇති කරනවා

පිතෘත්වය තුල ඔබට ලැබෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක්

තම දරුවාගේ ශාරීරික සෞඛ්‍යය සඳහා පියෙකු වගකිව යුතු නිසා, ඔහු තම කුඩා දරුවාගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගනී.

මෙයින් එකක් ලෙස දුම්පානය වැනි ඔහුගේම නරක පුරුදු අතහැර දැමීමට කටයුතු කරයි.

ඒ මගින් ඔහුගේ සෞඛ්‍යය මෙන්ම දරුවාගේ සෞඛ්‍යයද ආරක්ෂා වෙනවා.

දුම්පානය පමණක් නොව අධික ලෙස මත්පැන් පානය කිරීම හෝ සූදුව වැනි වෙනත් නරක පුරුදු වලින් තාත්තලා ඉවත් වෙනවා.

එය ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

පියෙකු වීමේ වාසි ගණනය කළ නොහැකි තරම්ය. දරුවාට ස්තූතිවන්ත වන්නට ඔබේ ස්වාමිපුරුෂයා ඔහුගේ ජීවිතයේ නව පැතිකඩක් සොයා ගන්නවා ඇත.

ඒ වගේම වෙන කවරදාකටත් වඩා සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් බවක්  ඔහුට දැනෙන්න ගන්නවා.

එය ඔහුට සතුටක් ගෙන ලබා දේවි. බොහෝ පර්යේෂණවල පිටුබලය ඇතිව, ඔබ වැරදි බව ඔප්පු කිරීමට ඔහුට අපහසු වේවි නේද?

ආර්ථිකය ගොඩ නැගීම මෙන්ම පවුල පවත්වා ගෙන යාම වැනි අරමුණු ගණනක් එක්ක තාත්තා කෙනෙක් වීම කොතරම් පීඩාකාරිද කියලා ඔබ හිතුවාද?

ඇත්තටම එය එහෙම නැහැ කියලා ඔබට වටහා ගන්න මේ ලිපිය ඉවහල් වේවි කියා අපි හිතනවා. තාත්තා කෙනෙක් වීම ඔබට වගකීමක් පමණක් නොවෙයි ප්‍රතිලාභ බොහොමයකුත් ලබා දෙනවා.

මේ ගැන ඔබේ අදහස් අපිත් සමග බෙදා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • පිතෘත්වය තුල ඔබට ලැබෙන පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ 4 ක්
බෙදාගන්න :
  • ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

    ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

  • ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

    ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න, පිය පදවියට පමණක් සීමා වෙන්න එපා

  • තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

    තාත්තායි දුවයි මේ ආදරයයි- මුං ඇට පැළ කරලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it