theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිණි මවක් ස්නානය කල යුතු ආකාරය

4 අවම කියවීම
ගැබිණි මවක් ස්නානය කල යුතු ආකාරයගැබිණි මවක් ස්නානය කල යුතු ආකාරය

ගැබිනි මවක් නිවැරදිව ස්නානය කිරීමත් නිරෝගී බවට හේතු වෙනවා

ගැබිණි මවට ස්නානය කල යුතු ආකාරය ගැන ඔබ දැනගන්න කැමති ඇති නේද?

මේ ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා අතින්  ලියවුන ලිපියක් වෙන අතර එය ගැබිනි මව්වරුන් සදහා ලියවුන ලිපි පෙළක කොටසකි.

ගැබිණි මවට ස්නානය කල යුතු ආකාරය

ගැබිණි මවක් ස්නානය කල යුතු ආකාරය

ආයුර්වේදීය දින චර්යාවට අනුව ජීවත් වන්නන්ට ස්නානය දවසේ වැදගත්ම චර්යාවන් අතර එකකි.

ලංකාව වැනි රටක ජීවත්වන අපට ස්‌නානයෙන් ලැබෙන සැනසිල්ල ඉමහත් සැනසිල්ලකි.

ස්නානය තුළින් පිරිසිදූ වීම පමණක් නොව මාංසපේශී ලිහිල් වීම, පටකවලට තෙතමනය ලබාදීම, ඛනිජ ලවණ සමට ලැබීම, විෂ පදාර්ථ බැහැර වීම සහ තුවාල සුවවීම වේගවත් වීම ද සිදු වේ.

දිනපතා ස්‌නානය කිරීම සෞඛ්‍ය රැකගැනීම සඳහා ඉතාම වැදගත් වන නමුත් ස්‌නානය කළ යුතු කාලසීමාව ද ඉතා වැදගත්.

ආයුර්වේදයට අනුව නම් ස්‌නානය කළ යුත්තේ උදෑසනය. මධ්‍යහනයට පෙර ස්‌නානය කිරිම සුදුසු බව ආයුර්වේද මතයයි.

නමුත් ස්නානය කරන වේලාව තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතියි.

රෝගී අවස්‌ථාවලදී ස්‌ථානයෙන් වැළකී සිටීම සුදුසුවේ.

ස්‌නානය කිරීමේදී වඩා උණුසුම් ජලය හෝ වඩා සිසිල් ජලය සුදුසු නොවේ.

වඩාත්ම හිතකර වනුයේ ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක පවතින ජලයයි.

ස්‌නානය කරන අවස්ථාවේදී කඩින් කඩ සීතල ජලයද උණු ජලයද මාරුවෙන් මාරුවට භාවිතා කිරීම මගින් රුධිර සංසරණය ඉතා යහපත් අතට හැරෙන බවට නව විද්‍යාත්මක වාර්තා දක්වයි.

ස්‌නානය කිරීමේදී වතුරමල යට ගතකළයුත්තේ උපරිම වශයෙන් විනාඩි 20 ක වැනි කාලයකි.

ගැබිණි මවගේ ජල ස්නානය ආකාර කිහිපයකට සිදු කල හැකිය

ගැබිණි මවක් ස්නානය කල යුතු ආකාරය

1. සිසිල් ජලය භාවිතයෙන් ස්නානය කිරීම

2. සිසිල් ජලයේ ගිලී ස්නානය කිරීම

3. ජල දහරක් භාවිතයෙන් ස්නානය

4. උණු ජලය ස්නානය

ගැබිණි මවගේ ස්නානය අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

ස්නානය කිරීමේදී උදෑසන ස්නානය ඉතා වැදගත්ය. එය ශුද්ධ වූ නිත්‍ය කර්මයක් කියා හඳුන්වන්නේ එනිසයි.

අප නිදා ගන්නා කාලයේදී සිරුරේ එකතු වන මල ද්‍රව්‍ය සියල්ල උදෑසන ස්නානයේදී සේදී පවිත්‍ර වෙයි.

මෙසේ පවිත්‍ර වීම මඟින් සුබ දවසකට මුල පිරෙයි.

සමේ අපද්‍රව්‍ය ඉවත් නොවුණොත් දවස පුරාම ඒවා සම මත රැඳී තිබෙන අතර ශරීර සෞඛ්‍යයට ද බලපායි.

නමුත් මෙහෙදී ගැබිණි මවගේ සෞඛ්‍ය තත්වය සලකා බැලිය යුතුය. එහිදී සීතල කාලගුණයක් නම් දහවල් කාලයේදී ස්නානය සුදුසුයි.

ගැබිණි මවගේ ස්නානයට පෙර හිසේ ඖෂදීය තෙල් ගැල්වීම සිදු කරයි.

ආයුර්වේදයට අනුව ස්‌නානය කිරීමේදී යොදාගත යුතු , මදටිය කොළ පොතු, අමු කහ, කොහොඹ කොළ, ඇත්තෝර කොළ, වෙනිවැල් ගැට, නිදිකුම්බා, සුදු හදුන් ආදී විෂබීජ නාශක පිරිසිදු කාරක ඖෂධ වර්ග යොදා ගත හැකි බව දැක්වේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

වෙර යොදා සම මත සබන් හෝ පිරිසිදු කාරක ආලේප කිරීම මඟින් සම මත ඇති ආරක්ෂක බැක්ටීරියා ස්ථරය ඉවත්වී ආසාදනවලට ගොදුරු විය හැක.

එසේම සමට හානිකර නොවන සුමුදු පිරිසිදු කාරක යොදා ගත යුතුවේ.

විවිධ පළාත් අනුව ස්නානය කරන ස්ථාන වෙනස් වේ.

උඩරට ප්‍රදේශයේ පිහිලි වලින්ද, පහතරට ළිං සහ ගංගා ජලයෙන්ද නෑම සිදු කරයි.

නවීන දියුණුවත් සමඟ වර්තමානයේ වතුර මල මගින් ස්නානය සිදු කරයි.

ඒ වගේම මුහුදු ජලයෙන් ස්නානය සිදු කළහොත් ඒ සැනින්ම මිරිදිය පිරිසිදු ජලයෙන් නැවත ස්නානය සිදු කල යුතුය.

ගැබිණි මවගේ ස්නානය සදහා ග්‍රහ බලපෑම්

විශේෂයෙන්ම ගැබිණි මවට අදාළ ග්‍රහයාට අදාලව ස්නානය සඳහා යොදා ගත යුතු ඖෂධ ඍෂි භාෂිත වල සඳහන් වේ.

  • රවී ග්‍රහයා- එනසල්, දේවදාර, සැවන්දරා, මයිල මල්, නෙළුම් රේණු.
  • කුජ ග්‍රහයා- බෙලි, රත්හදුන්, බැබිල, රුක් මල්, මුණ මල්.
  • ගුරු ග්‍රහයා - සුදු අබ, ඉද්ද කොළ, වැල්මී, සමන් පිච්ච මල්.
    ආදී ලෙස අදාළ ග්‍රහයාට අදාළ ඖෂධ තම්බා ජල ස්නානය සුදුසුය.

ප්‍රසුතියෙන් පසු පාවට්ටා ,එඩරු, බෙලි කොල,සියඔලා කොල,මුරුංගා කොල/නික කොල
මෙම කොල වර්ග තම්බා වතුරින් ස්නානය කිරිම.

නීරෝගීමත් බව උදෙසා ස්‌නානය කිරීමෙන් අනතුරුව ශරීරය හා හිස හොඳින් පිස දැමිය සිදුකළ යුතු අතර ඒ සඳහා පිරිසිදු රෙදි කඩක්‌ භාවිත කිරීම අතයුතුය.

ගැබිණි මවට නිවැරදිව ස්නානය සිදු කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ

1. කායික ශක්තිය වැඩි වෙයි. මනස පවිත්‍ර වෙයි.

2. සමෙන් දහදිය, අපද්‍රව්‍ය, පාරිසරික විස ඉවත් කෙරෙයි.

3. මානසික විවේකයට මං පෑදෙයි. හැඟීම්වල සමතුලිතතාවක් ඇති වෙයි.

4. මවගේ නිරෝගිතාවය, කළලයේ නිරෝගී පැවැත්මටද හේතු වේ.

නෑමේදී,

  • කඩිමුඩියේ ස්නානය නොකර කාලයක් අරගෙන ස්නානය කරන්න.
  • නෑමේදී ගැඹුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කරන්න.
  • විවේකීව ස්නානය කරන්න. එවිට ගැබිණි මවගේ කයට සහ මනසට උපරිම සෞඛ්‍ය වාසි හිමි වෙයි.
  • නාන කාමරය සුවඳවත් විමේ වරදක් නැත. එහෙත් කෘත්‍රිම සුවඳින් නම් සුවඳවත් නොකළ යුතුය. සෞම්‍ය ආලෝකය ලබමින් මිහිරි සංගීතය රස විඳිමින් ස්නානය කිරීම ද යහපත්ය.
  • බොන වතුර මෙන්ම නාන වතුර ද පවිත්‍ර විය යුතුය.

වෛද්‍යතුමන්‌ගේ මුල් සටහනට

ගැබිණි මවක් ස්නානය කල යුතු ආකාරය

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය, අම්පාර

දු. ක. අංකය - 0719853514

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • Uncategorized
  • /
  • ගැබිණි මවක් ස්නානය කල යුතු ආකාරය
බෙදාගන්න :
  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

    සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

    සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it