theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

6 අවම කියවීම
දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

දරු ප්‍රසුතියෙන් පසු ඔබේ යෝනිය වෙනස් වීම වන්නේ මෙහෙමයි

දරු ප්‍රසුතියෙන් පසු යෝනිය වෙනස් වීම සාමාන්‍යයයි. සමහර වේලාවට  එය ප්‍රමාණයෙන් විශාල වී ඇති බවක් ඔබට දැනෙන්න පුළුවන්.

නැතිනම් වියළි හෝ වේදනාකාරී බවක් දැනෙන්න පුළුවන්. මෙහිදි ඔබට ඇතිවිය හැකි තත්ව හා ඉක්මනින් එය සුවකර ගත හැකි ක්‍රම සොයා බලමු.

ඔබ ඔබේ දරුවා මෙලොවට බිහි කරන විට ඔහු පසු කර එන්නේ ලොව අසීරුතම ගමන් මාර්ගයයි.

එය ගැබ් ගෙලෙන් පටන් ගෙන යෝනිය දක්වා දිවෙන ඉතාම පුංචි දිග ප්‍රමාණයක් වෙන අතර එය උපත් මාර්ගය ලෙසද හැදින්වෙනවා.

යෝනියට විවර වෙන තැන දරුවාට ඇතුල් විමට ඉඩසලසමින් ඇදීමකට ලක්වෙනවා.

මෙය ඉතා වේදනාකාරී ක්‍රියාවලියක් වෙන අතර සමහර විට යෝනි මාර්ගය හා ගුදය අතර ඇති සම  නැතිනම් පෙරිනියම් ප්‍රදේශය දරු ප්‍රසුතියේදි ඉරී යන්න පුළුවන්.

නැතිනම් දරුවාට බිහිවීම පහසු කිරීම සදහා වෛද්‍යවරයෙකු හෝ වින්නඹු මාතාව දරුවා විසින් කැපීමක් යොදන අතර එය එපිසියෝටෝමයක් ලෙස හැඳින්වෙනවා.

මෙන්න මේ කාරණා නිසා දරු ප්‍රසුතියෙන් පසු ඔබේ යෝනියේ තත්වය වෙනස් වෙන්න පුළුවන්.

ඒ වගේම දරුවෙකු ලැබීමෙන් පසු කාන්තාවන්ට සිය යෝනි මාර්ගය වෙනදාට වඩා ලිහිල් බවක්  හෝ වියලි බවක් දැනීම අසාමාන්‍ය දෙයක් නම් නොවෙයි.

ඔබ දරු ප්‍රසුතියෙන් පසු යෝනිය අත් දකින වෙනස්කම් කිහිපයක් හා ඒ සදහා ඔබට කල හැකි දේවල් දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න. 

දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

දරු ප්‍රසුතියෙන් පසු යෝනිය වෙනස් වීම සාමාන්‍යයයි

1.දරු ප්‍රසුතියෙන් පසු යෝනිය විශාල වීම

ඔබේ යෝනි මාර්ගය පෙරට වඩා පුළුල්ව තිබිය හැකි බව ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් රෝහල් එකේ මුත්‍රා හා නාරිවේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය සුසි එල්නයිල් පවසනවා. 

යෝනි මාර්ගයේ ලිහිල් වීම, මෘදු බව හා වඩා විවෘත බවක් ඔබට දැනෙන්න පුළුවන් බව ඇය තව දුරටත් පවසනවා.

තැළුණු හෝ ඉදිමී ඇති බවක් පෙනෙන්නට තිබෙන්න පුළුවන්.

මෙය සාමාන්‍ය දෙයක් වන අතර, ඔබේ දරුවා ඉපදී දින කිහිපයකට පසු යෝනියේ  ඉදිමීම සහ විශාල වීම අඩු වීමට පටන් ගන්නවා.

නමුත් ඔබේ යෝනි මාර්ගය දරු උපතට පෙර තිබු තත්වයට සම්පූර්ණයෙන්ම පත් වේවියැයි බලාපොරොත්තු වෙන්න එපා.

එහෙත් එය ඔබ හිතනවා වගේ ගැටලුවක් නම් නොවේ. ඔබට මේ පිළිබද ගැටලුවක් ඇත්නම් ඔබේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.  

මෙවැනි අවස්ථාවල සෑම විටම ශ්‍රෝණිය සදහා  ව්‍යායාම නිර්දේශ කරන බව වෛද්‍ය එල්නෙයිල් පවසනවා.

ශ්‍රෝණිය සදහා ලබා දෙන ව්‍යායාම නැතිනම් කෙගල් ව්‍යායාම මගින්  යෝනි මාංශ පේශි සහ ඔබේ ශ්‍රෝණි මාංශ පේශි ශක්තිමත් කිරීම කරනු ලබනවා.

මේ මගින් නිතර මුත්‍රා පිටවීම වළක්වා ගැනීමට සහ ඔබේ යෝනි මාර්ගයට වඩාත් තද බවක් දැනීමට උපකාරී වෙනවා. 

දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන් අපහසුතාවයට පත්වීම සාමාන්‍යයි.

නමුත් ශ්‍රෝණියට ලබා දෙන ව්‍යායාම මගින් මේ තත්වය බොහෝ දුරට අඩුකරන්න පුළුවන්.

ඒ වගේම මෙම ව්‍යායාම ලබා ගැනීම මගින් වඩාත් හොදින් ලිංගික සම්බන්ධතා වල යෙදීමට හැකි වෙනවා.

ඔබට ශෝණි ව්‍යායාම කරන්න විශේෂ වේලාවක්, විශේෂ ඉරියව්වක් හෝ විශේෂ ස්ථානයක් අවශ්‍ය වන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ පියවර කිහිපය අනුගමනය කරන්න.

  • ඔබේ ගුදය හකුලා ඉහලට අඳින අතරතුරම ඔබේ යෝනි මාර්ගයද හකුලා ඉහළට අදින්න.
  • එය ඉක්මනින් කරන මාංශ පේශි තද කරමින්  මුදා හරින්න
  • දැන් සංකෝචනය හැකි තරම් කාලයක් රඳවා තබා ගනිමින් එය සෙමින් කරන්න. නමුත් තත්පර 10 කට වඩා මෙම සංකෝචන තබා නොගනිමින් සැහැල්ලු වීමට වග බලාගන්න.
  • සෑම ව්‍යායාමයක්ම වරකට 10 වතාව බැගින් දිනකට 4 සිට 6 වතාවක් නැවත නැවත කරන්න.

මෙය අපහසු නැහැ.

එය නිකන් මුත්‍රා තද කරගෙන ඉන්න කොට නැතිනම් මළපහ කිරීමේ අවශ්‍යතාවය තද කරගෙන ඉන්න කොට ඔබට දැනෙන හැගීම වගේ දෙයක් පමණයි.

ඔබට රූපවාහිනිය නරඹමින් සිටින විට නැතිනම් පෝළිමක සිටින විට මෙය කරන්න පුළුවන්.

කවුරුන් හෝ දැක ඔබ අපහසුතාවයට ලක්වීමක් වන්නේ නැහැ.

මෙය ඔබේ සිරුරේ මස්පිඩු මගින් කරන ව්‍යායාමයක් පමණයි.

2.දරු ප්‍රසුතියෙන් පසු යෝනිය වියළීම

දරු ප්‍රසූතියෙන් පසු  ඊස්ට්‍රජන් නම් හෝ‌මෝනය පහළ යන නිසා යෝනි මාර්ගයට වෙනදාට වඩා වියළි බවක් දැනීම සාමාන්‍යයි. දෙයකි. 

මව්කිරි දෙන මව්වරුන්ගේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම මව්කිරි නොදෙන අයට වඩා අඩු වන අතර වඩා වැඩි වියළි බවක් ඇති වෙනවා.

ඔබ මව්කිරි දීම නැවැත්වූ පසු සහ ඔබේ ඔසප් වීම දරු ප්‍රසුතියෙන් පසු නැවත ආරම්භ වු විට ඊස්ට්‍රජන් මට්ටම ගර්භනීභාවයට පෙර තිබු  මට්ටමට නැවත පැමිණෙන බව වෛද්‍ය එල්නෙයිල් පවසනවා.

මෙම වියළි බව තවත් වැඩි වෙන අතර ඔබ ලිංගික සම්බන්ධතා පටන් ගත් විට එය ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

  • එහිදි මෙම වියළි බව නැති කිරීමට ලිහිසි ආලේපන භාවිතය හා ජලය මත පදනම් වු ලිහිසි තෙල් අඩංගු කොන්ඩම් භාවිතා කිරීමට ඔබට පුළුවන්.  ඒ වගේම ඔබ මොයිස්චරයිසර් සහ දියර වැනි තෙල් මත පදනම් වූ නිෂ්පාදන භාවිතා කරන්නේ නම් ප්‍රවේශම් වෙන්න. මෙම කොන්ඩම් ඉරී යන්නද හැකියාවක් තියෙනවා.
  • ඔබේ ලිංගික ජීවිතයේ ගැටළු ඇති ඇතිනම්  ඔබේ සහකරු සමඟ මේ ගැන කතා කරන්න. එවිට මෙම ගැටලු වලින් ඔබ තනිව පීඩා විදීමට වඩා දෙදෙනාට එක්ව විසදුමක් සොයා ගන්න පුළුවන්.
  • මෙම වියළි බව ඔබට දිගටම දැනෙන්නේ නම්, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.
දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

ජලය මත පදනම් වු ලිහිසි තෙල් අඩංගු කොන්ඩම් භාවිතා කිරීමට ඔබට පුළුවන්

3.පෙරිනියම් ප්‍රදේශයේ අපහසුතාවය හා තියුණු වේදනාව

දරු ප්‍රසූතියෙන් පසු  වහාම පෙරිනියම් ප්‍රදේශයට තියුණු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන් බව වේදනාවක් දැනිය හැකි බව වෛද්‍ය එල්නෙයිල් පවසනවා.

මෙය සාමාන්‍යයෙන් දරු උපතින් පසු සති 6 සිට 12 දක්වා කාලය තුළ වැඩි වෙන්න පුළුවන්.

මෙම අවස්ථාවේ දී තත්වය සමනය කර ගැනීම සඳහා ශ්‍රෝණි ප්‍රදේශය සදහා ව්‍යායාම බොහෝ විට නිර්දේශ කරනු ලබනවා.

විශේෂයෙන්දරු ප්‍රසුතියේදි  ඔබේ සම ඉරී ගියහොත් හෝ කැපීමක් කලහොත් එය යථා තත්වයට පත් කිරීමට යොදන මැහුම් නිසා ඔබට තියුණු වේදනාවක් නැතිනම් අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්.

  • මෙහිදි ඔබට  වේදනා නාශක ලබා ගන්න පුළුවන්. 
  • නමුත් ඔබ මව්කිරි දෙනවා නම් පහසුවෙන් සොයා ගන්න පුළුවන්  ඕනෑම වේදනා නාශකයක් මිලදී ගැනීමට පෙර ඔබේ මිඩ් වයිෆ් මිස්ගේ හෝ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.
  • පෙරිනියම් ප්‍රදේශය පිරිසිදුව තබා ගන්න. ඒ සදහා  සෑම විටම ඔබේ සනීපාරක්ෂක තුවා මාරු කිරීමට පෙර සහ පසු ඔබේ අත් සෝදන්න. 
  • නිතර අපිරිදු සනීපාරක්ෂක තුවා මාරු කිරීමට වග බලා ගන්න. දිනපතා ඇග සේදීම හා නෑම කරන්න.
  • ඔබේ මැහුම් සුව වීම ගැන ගැටලුවක් ඇත්නම්, ඔබට විශාල වේදනාවක් නැතිනම් අපහසුතාවයක් දැනේ නම් හෝ දුගදක් හමයි නම්  ඔබේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න. 
  • තුවාලයේ ප්‍රමාණය අනුව, ඉරීම හෝ කැපීම සුව වූ විට එහි කැළලක් ඇතිවෙන්න පුළුවන්.

4.ලිංගිකව එකිවීමේදි වේදනාව දැනීම 

දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්

ලිංගිකව එක්වීමෙන් තෘප්තියක් නොලැබේ නම් හෝ එය වේදනාවක් නම් ඒ සදහා ඉක්මන් වෙන්න එපා.

දරුවෙකු ලැබීමෙන් පසු නැවත ලිංගිකව හැසිරීමට සුදුසු හෝ නුසුදුසු කාලයක් නැහැ.

ලිංගිකව එක්වීමෙන් තෘප්තියක් නොලැබේ නම් හෝ එය වේදනාවක් නම් ඒ සදහා ඉක්මන් වෙන්න එපා.

ඔබේ යෝනි මාර්ගය වියළි බවක් දැනේ නම්, ලිංගිකව එක්වීමේදී ලිහිසි තෙල් භාවිතා කරන්න.

ඔබේ පෙරිනියම් වටා අපහසුතාවයක් ඇත්නම්, තුවාලය නිවැරදිව සුව වනවාදැයි  පරීක්ෂා කර බැලීමට ඔබේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න. 

ඔබ දරු ප්‍රසුතියක් කරලා ඒ වගේම පුංචි පැටියෙක් රැකබලා ගන්නවා .

ඉතින් ඔබට බොහොම වෙහෙසයි. ඒනිසා ඔබ පෙරට වඩා ලිංගිකව හැසිරීමට අකමැත්තක් දැනීම  අසාමාන්‍ය දෙයක් නොවේ. 

  • ලිංගික ඇසුරෙන් වැළකී සිටිනවාට වඩා ඔබේ සහකරු සමඟ මේ ගැන කතා කරන්න. එවිට තත්වය කුමක්දැයි ඔබ දෙදෙනාටම දැනුවත් වී එකට විසදුම් සොයන්න පුළුවන්.  
  • ලිංගිකව එක්වීමේදී ඔබට දිගටම වේදනාව දැනේ නම්, ඔබේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න. 

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • දරු ප්‍රසුතියෙන් පසු ඔබගේ ‌යෝනියේ ඇතිවෙන අපහසුතාවයන් 4 ක් හා එයට විසදුම්
බෙදාගන්න :
  • යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?

    යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?

  • ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

    ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

  • යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?

    යෝනි මාංශපේශි වල ලිහිල් බව නැති කොට ශක්තිමත් කරන්නේ කෙසේද?

  • ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

    ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it