theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලාබාල පෙනුම ඇති සමක් සදහා ඔබේ මුහුණට ව්‍යායාම්!

4 අවම කියවීම
ලාබාල පෙනුම ඇති සමක් සදහා ඔබේ මුහුණට ව්‍යායාම්!ලාබාල පෙනුම ඇති සමක් සදහා ඔබේ මුහුණට ව්‍යායාම්!

මව්වරුනි, විවිධ ලෙස මුහුණ සකස් කිරීමෙන් ලාබාල පෙනුම ඇති  සමක් නොලැබෙන නමුත් ඒවා වයසට ගිය පෙනුම වළකිවන ප්‍රතිකාර පමණයි.

තරුණ සමක්  ලබා ගැනීම ඔබගේ හීනයක්ද? එ‌හෙනම් ‌මේ ‌තොරතුරු ඔබට වැදගත් ‌වේවි.

ජීවිතයේ ප්‍රමුඛතා ගැන කතා කරන විට, රූපලාවන්‍ය  හා රූපලාවණ්‍ය ආලේපන වැඩි දියුණු කිරීම් බොහෝමයක් මව්වරුන්ගේ ජීවිතයේ ඉහල තැනක නැහැ . 

අපි එයට මුහුණ දෙමු. රූපලාවන්‍ය  සත්කාර සදහා  ශක්තිය හා සම්පත් වැයවේ. එහෙත්, මව්වරුනි ඔබට තරුණ සමක්  ලබාගැනීමට විශාල මුදලක් වැය නොවේ.

අපි වයසට යන විට අපගේ මුහුණේ මාංශපේශීන් වල ඇදෙන සුළු බව නැතිවේ.

මේ අතරම, අපට පිරුනු බවක් ලබ දෙන මේද ස්තරය තුනිවේ.

සමේ ඇතිවෙන රැලි වැටීම හා එල්ලා වැටීමට මෙම ලිහිල්වීම හේතු වේ.

ලස්සන වීමේ රහස්

අවුරුදු 40 සිට 65 දක්වා කාන්තාවන්ගේ මුහුණේ  මාංශ පේශි  වලට ශක්තිමත්, ස්ථීර සහ පිරුණු පෙනුමක්  ගැනීම සඳහා, සරල, මිළ අඩු, දිනපතා කල හැකි මිනිත්තු 30 ක ව්‍යායාම වැඩසටනක් විසදුමක් විය හැකිය. (එහෙත් අඩු වයසෙන්  පටන් ගත්තත් කිසිදු හානියක් නොමැත).

JAMA Dermatology හි ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයක් පවසන්නේ කාන්තාවන්ට ඔවුන්ගේ මුහුණු විවිධ විසුළු ස්වරූපයට සකස්  කිරීමෙන් වසර ගණනක ලාබාල පෙනුමක්  ලබා ගත හැකි බවයි.  සම ඇදෙන , හැකිලෙන ලෙස විසුළු ලෙස මුහුණ සකස් කිරීම මෙයට අයත්වේ.

"මාංශ පේශි වර්ධනය   මුහුණේ පරිමාව වැඩි කරන  අතර වයසට සාපේක්ෂව මේදය තුනීවීම හා සමේ ලිහිල් කිරීමේ ප්‍රතිවිපාක ඇතිවේ" යනුවෙන් අධ්‍යනය කතෘවරයෙකු වන එම්ලි පන් ප්‍රකාශ කරනවා.

මෙම ව්‍යායාම මගින් වයසට යෑම නිසා ඇති වෙන එල්ලා වැටීම නැවැත්වීමට හැකි අතර  මාංශපේෂි පරිමාව නැවත ඇතිකල හැක.

ඒ මගින් අපට තරුණ පෙනුමක් සහ ලාබාල පෙනුම ඇති  සමක් ලබා දෙයි.

තරුණ සමක් ලබාගැනීමට මාංශපේෂි සදහා වන ව්‍යායාම උත්සහා කරන්න.

සති 20 ක් පුරා දිනකට විනාඩි 30 ක් බැගින් සති අටක් හා ඉතිරි දවස් සති 20 ක කාලයක්  අධ්‍යනයට සහභාගී වු කාන්තාවන්ට ඔවුන්ගේ මුහුණට ව්‍යායාම කිරීමෙන් ලාබාල පෙනුම ඇති  සමක්  ලැබුනේ  කෙසේද යන්න පිලිබඳ  පර්යේෂකයන් පවා පුදුම විය.

ඊළඟ වතාවේදී ඔබ විසුළු  මුහුණ  සකස් කරන විට  ඔබේ දරුවන් සමඟ මේ බැඳීමක් ඇති කරන අත්දැකීම් ලබා නොගන්නේ ඇයි?  ඔවුන් ඉන් විනෝදයක් ලබාගන්නවා මෙන්ම ඔබව අනුකරණය කරමින්  ඔවුන්ද විසුළු මුහුණ සකස් කරන බව අපිට විශ්වාසයි.

තරුණ සමක් ලබා ගැනීමට පහසු ව්‍යායාම්

•තරුණ සමක් ලබා ගැනීමට කම්බුල් ඉස්සීම

ඔබේ මුඛය භාවිතයෙන් "O" හැඩය සකස් කරන්න. සිනාසී ඔබගේ කම්මුල් උඩට ගන්න. ඔබේ  ඉහළ තොල් ඔබේ දත් මතින් තබා ගන්න. දැන් ඔබේ කම්මුල් සෙමින්  තෙරපමින්  පහලට  ගන්න . නැවත නැවත කරන්න.

•කම්බුල් හැඩය වෙනස්කිරීම

මෙම ව්‍යායාමය කිරීමට මුඛය වසා තිබියදී සිනාසෙන්න.

ඔබේ මුඛයේ කෙළවර දෙකින් ඔබේ කම්බුල් මැද දක්වා ඔබේ ඇඟිලි යවන්න . තත්පර 20 ක් එය අල්ලාගෙන සිටින්න.

 

•තරුණ සමක් ලබා ගැනීමට මුහුණට යෝගා

සැහැල්ලු බව අවශ්‍ය වන්නේ අප සිරුරට පමණක් නොවේ. අපගේ මුහුණද ජීවිතයේ පීඩනවලටද මුහුණ දෙනවා . එමනිසා මුහුණට යෝගා අවශ්‍ය  බවක් හැඟී යන්නේ ඒ නිසයි.

ලාබාල පෙනුමැති සමකට මුහුණට කල හැකි යෝගා චර්‍යාවන් පිලිබඳ පහත දැක්වෙන වීඩියෝ පටය නරඹමින් ඔබට ඉගෙන ගන්න පුළුවන්.

• තරුණ සමක් සදහා මුහුණ සම්බාහනය

සහල් වතුර

ඔබගේ කම්මුල් ඇඟිලි තුනක් භාවිතා කර තෙරපන්න . ඊලඟට  ඔබේ කම්මුල් තෘප්තිමත් සහ ස්ථිරව වන තුරු ඔබ තදින් සිනහවෙන්න. නැවත නැවත කරන්න.

ඔබේ හකු, මුඛ, නාස්, සහ කම්බුල් අස්ථි  පැතිවලට සම්බාහනයක් ලබා දීමට එය රවුමට සීමාව පුළුල් කරමින්  කළ හැකිය.

මෙය මාංශ පේශි පරිමාව වැඩි  කරන අතර සංසරණයද වැඩි දියුණු කරයි. මුහුණ සම්බාහනය ගැන වැඩි විස්තර මෙතැනින්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මුහුණට  ව්‍යායාම ලබා දීමෙන් පසු කාන්තාවන්ට අවුරුදු 3 කට වඩා ලාබාල පෙනුමක් ලැබේ.

සති 20 කට පසු, අධ්‍යනයයේ කතුවරුන් චර්ම රෝග විද්‍යාඥයන්ගේ උපකාරය ඇතිව කාන්තාවන්  කෙතරම් ලාබාලව ඇතිද යන්න තහවුරු කරගනු ලැබුවා.

මෙම චර්ම රෝග විශේෂඥයෝ සති අටේදී හා  20 වැනි සතියේදී ගත් ඡායාරූප   සන්සන්දනය කලා.

කාන්තාවන්ට අවුරුදු 3 කට වඩා ලාබාල පෙනුමක් ලැබී ඇති බව ඔවුන් නිරීක්ෂණය කලා.

beauty

මුහුණේ සම වයසට යෑම වැළැක්වීමට ඔබ යොදන ක්‍රීම් සහ අනෙකුත් නිෂ්පාදන මුහුණට කරන ව්‍යායාම නිසා නතර  කලයුතු යැයි  මින් අදහස් කරන්නේ නැහැ . එහෙත් එය ඔබගේ ප්‍රතිකාර සදහා  එකතු කරගැනීමෙන් හානියක් සිදුවෙන්නේ නැහැ.

එයත් වැඩිපුර නොකිරීමට පරීක්ෂාකාරී වෙන්න.  මුහුණට කරන  ව්‍යායාම  නිතර කිරීමෙන් සම රැලි වැටීම ඉක්මන් පෙන්විය හැකිය .

සම රැලි වැටීම හා එල්ලා වැටීම  අවසානයේදී අප  කරා ලගාවෙනු ඇත. නමුත් අපට කළ හැකි හොඳම දේ වනුයේ අපි සෑම දිනයක්ම ධනාත්මක හා හැකි උපරිමයෙන්  සිටිමින් ගත කරමින් රැවිල්ල එරවිල්ල වෙනුවට වැඩිපුර සිනාහවෙන් ගත කිරීමට  කරන්නට වගබලා ගන්න.

ඔබත් දන්නා ‌මේ වගේ අපූරු ව්‍යායාම තියෙනවාද? එහෙනම් අප හා ‌බෙදාගන්න.

ලාබාල පෙනුමැති සමකට කැමති අම්මලා වෙනුවෙන් මේ තොරතුරු ආදරයෙන් තිළිණ කරන්නේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • ලාබාල පෙනුම ඇති සමක් සදහා ඔබේ මුහුණට ව්‍යායාම්!
බෙදාගන්න :
  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

  • මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

    මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

  • ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

    ඔබට වයසට වඩා වැඩි පෙනුමක් ලබා දෙන රූපලාවන්‍ය නිෂ්පාදන හා සම්බන්ධ වැරදි හතක්

  • මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

    මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it