දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?

බබාට ඩයපර්ස් භාවිතය ගැන ඔබ චකිතයෙන්ද? ‌මෙන්න වැදගත් කාරණා 4 ක්

දරුවන්ට ඩයපර් භාවිතය අහිතකරයිද? ඩයපර්ස් වල අඩංගු මොනවාද? මේ ප්‍රශ්නය නිතරම ඇහෙන එකක්.

ගොඩාක් අම්මලා ඩයපර්ස් කියන වචනෙටත් හරිම බියක් දක්වනවා. එක එක කතා ගොඩාක් කියනවා. ‌මේ ඩයපර් භාවිතය ගැන ඇහෙන කථා

  • බබාට හොඳ නෑ කියනවා.
  • බබා පව් කියනවා.
  • බබා අනාගතයේ වඳ වෙයි කියනවා.
  • පිරිමි දරුවන්ට හොඳ නෑ කියනවා.
  • කකුල් බකල් වෙනවා කියනවා.
  • ගෑනු දරුවන්ට හොඳ නෑ කියනවා.
  • රත් වෙනවා කියනවා.
  • අම්මලාගේ කම්මැලිකම කියනවා.
  • බබාට ආදරේ නෑ කියනවා.
  • බබාට මුත්රා ආසාදන එනවා කියනවා.
  • බබාගේ සමට අහිතකරයි කියනවා.
  • හදලා තියෙන දේවල් හරිම අහිතකර දේවල් කියලා කියනවා.

මේ වගේ කතා ගොඩාක් අම්මලාගේ, ආච්චි අම්මලාගේ, නැන්දලාගේ, අසල්වැසි කාන්තාවන්ගේ කටින් කියවෙනවා.

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?

ඩයපර් භාවිතය: ඇත්තටම මේ වගේ කතා පදනමක් සහිතද?

අද කතා කරන්නේ ඩයපර්ස් ගැන හා ඩයපර් භාවිතය ගැනයි. ලංකාවේ අම්මලා අතර ලොකු කතා බහක් යන දෙයක් තමා ඩයපර්ස් කියන්නේ.

ඒක එක්තරා විදියක භීතිකාවක් වෙලා. අපි බලමු මේ ඩයපර්ස් ඔය කියන තරම් භයානක, අනතුරුදායක දෙයක්ද කියලා..

මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේවල් ටික

  1. එක් වරක් භාවිතා කර ඉවත් කල හැකි ඩයපර්ස් වල අඩංගු මොනවාද?
  2. එක් වරක් භාවිතා කර ඉවත් කල හැකි ඩයපර්ස් වල අඩංගු රසායනික ද්‍රව්ය බබාට හිතකරයි ද?
  3. ඩයපර්ස් ගැන සහ ඩයපර්ස් වල අඩංගු දේ ගැන ළමා රෝග විශේෂඥ වෛද්යවරුන් කියන්නේ මොනවාද?
  4. බබාගේ දෙමව්පියන්ට කල හැක්කේ මොනවාද?

1.එක් වරක් භාවිතා කර ඉවත් කල හැකි ඩයපර්ස් වල අඩංගු මොනවාද?

අම්මලා විදියට ඔයාලාට මේ ප්‍රශ්නය හිතට එන එක සාධාරණයි.

මොකද බබාගේ ගොඩාක් සංවේදී ස්ථානයක් තමා ඩයපරයකින් ආවරණය වෙලා තියෙන්නේ.

ඉතින් මේවයේ අන්තර්ගතය දැන ගන්න එක අයිතියක්වගේම හරිම වටිනවා.

ගොඩාක් නූතන ඩයපර්ස් වල පොදු සැකැස්මක් තමා තියෙන්නේ.

-->The Outer Lining

පිටත ආවරණයඑක සාමාන්යයෙන් පොලිඑතිලීන් පටලයකින් සාදා ඇත. (සමහර ඩයපර් සෑදීමට පොලිඑතිලීන් වගේ දේවල් වලින් නැතිව එළවළු තෙල් වැනි පුනර්ජනනීය සම්පත් වලින් සාදන ලද ජෛව ප්ලාස්ටික් භාවිතා කරයි.)

ඔබේ දරුවාගේ සමට ස්පර්ශ වන අභ්යන්තර පටලය සාමාන්යයෙන් සෑදී ඇත්තේ පොලිප්රොපිලීන් වලින් වන අතර එය තාප යට ඇඳුම්වල, (සීත් කාලයේදි අඳිනු ලබන දිගැති යට ඇඳුම්) දක්නට ලැබෙන පොදු  ද්‍රව්යයකි.

මෙම ද්රව්ය දෙකම බබාලාගේ සම සඳහා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත යැයි සැලකේ.

සමහර වෙළඳ නාම කෝමාරිකා සහ විටමින් ඊ සමඟ අභ්යන්තර ආවරණ වැඩි දියුණු කරයි.

ඩයපර් රෑශ් කීම් වල බොහෝ විට දක්නට ලැබෙන සමට හිතකර සංයෝග මේවායේ දකින්නට ලැබේ.

-->The absorbent core(අවශෝෂක හරය)

සාමාන්යයෙන් ඉවත දැමිය හැකි ඩයපර් වල අවශෝෂක කොටස ලෙස දැව පල්ප් (සාමාන්යයෙන් ක්ලෝරීන් සමඟ ක්රියා කරවා සුදු පැහැයක් ලබා ගනී) සහ සුපිරි අවශෝෂක බහු අවයවක අඩංගු වේ.

සාමාන්යයෙන් සෝඩියම් පොලිඇක්රයිලේට් - එනම් මුත්රා වල බර මෙන් 30 ගුණයක් දක්වා උරා ගැමීමේ හැකියාවක් ඇති සංයෝගයකි.

1980 දශකයේ මුල් භාගයේදී හඳුන්වා දුන් අතර, ඩයපර්ස් භාවිතා කරන ළදරුවන් වියළිව තබා ගැනීම සඳහා සිහින් සහ ඵලදායී ලෙස එය සකස් කරන ලදී.

සෝඩියම් පොලිකාක්රයිලේට් ඩයපර්හි උරා ගන්නා කොටසෙහි තිබිය යුතුය.

නමුත් සමහර විට එය ආවරණය හරහා කාන්දු වන අතර කුඩා විනිවිද පෙනෙන ස්ටිකයක් දරුවාගේ සම මත ඉතිරි වේ. එය අහිතකර නොවේ.

->Dyes(සායම්)

බොහෝ ඩයපර් වල පිටත ඇති කාටූන් චරිත සහ අනෙකුත් රූප ඩිස්පර්ස් බ්ලූ 106, ඩිස්පර්ස් බ්ලූ 124, ඩිස්පර්ස් කහ 3 සහ ඩිස්පර්ස් තැඹිලි 3 යන සායම් වර්ග කකුල් වටා ඇති ඉලාස්ටික් පටියට සහ පිටුපස ඉලාස්ටික් කොටසට, වෙට්නස් ඉන්ඩිකේටර් එකට (තෙත් වන විට පෙන්නුම් කරන දර්ශකය)ට යොදා ගැනේ.

-->Scents (සුවඳකාරක)
සුවඳැති ඩයපර්ස් වල අවශෝෂක හරය(කොටස) සහ පිටත ස්ථර අතර සුවඳ විලවුන් කුඩා ප්‍රමාණයක් අඩංගු වේ.

සුවඳ විලවුන් වල සාමාන්යයෙන් පැඟිරි අඩංගු වන අතර පැඟිරි සුවඳැති සංයෝගයක් මෙහි අඩංගු වේ.

බොහෝ විට ලෙමන් හා තැඹිලි තෙල් සහිත සංයෝගයක් මේ වර්ගයේ ඩයපර්ස් වල දක්නට ලැබේ.

මෙම අමුද්රව්ය සහිත ඩයපර්ස් ගැනීමෙන් වැලකීම සඳහා, සායම් රහිත, සුවඳ විලවුන් රහිත, ක්ලෝරීන් රහිත ඩයපර් සොයා බලන්න. ඒවා පහසුවෙන් විකිණීමට ඇත. ඇසුරුමේ මේ පිළිබඳ විස්තර මුද්රණය කර ඇත.

2. ඩයපර් භාවිතය: එක් වරක් භාවිතා කර ඉවත් කල හැකි ඩයපර්ස් වල අඩංගු රසායනික `ද්‍රව්‍ය බබාට හිතකරයි ද?

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?

  • සෝඩියම් පොලිකාක්රයිලේට්:

විවිධ ද්රව්යමය ආරක්ෂිත දත්ත පත්‍රිකාවලට අනුව (එක්සත් ජනපදයේ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්ය පරිපාලනය විසින් රසායනික ද්‍රව්යවල ඇති විය හැකි අනතුරු පිළිබඳව සවිස්තරාත්මකව ලැයිස්තුගත කර ඇති ලියකියවිලි) අනුව, ඩයපර්වල ඇති සෝඩියම් පොලිඇක්රයිලේට් මෘදු සංයෝගයක් වේ.

කුඩා අංශු ආශ්වාස කිරීමෙන් ශ්වසනය අපහසු විය හැකි නමුත් එය විෂ රහිත ලෙස සැලකේ.

සෝඩියම් පොලිකාක්රයිලේට් සමට අහිතකර නොවේ.

එය පොලිමර් නිසා සම හරහා අවශෝෂණය කරගත නොහැකි තරමට සංයෝගාත්මකව එකට බැඳී ඇත.

කෙසේ වෙතත්, සමහර විට සෝඩියම් පොලිඇක්රයිලේට් නිෂ්පාදන ක්‍රියාවලියේ ඉතිරිව ඇති ඇක්රිලික් අම්ලය කුඩා ප්රමාණයක් සමඟ මිශ්‍ර වේ.

න්‍යායට අනුව, ඇක්රිලික් අම්ලය විශාල මාත්රාවලින් ළදරුවාගේ සමට හානිකර විය හැකිය.

නමුත් විෂ විද්‍යාව හා පාරිසරික සෞඛ්යය පිළිබඳ ජර්නලයේ 2009 වාර්තාවකට අනුව, ඉවත දැමිය හැකි ඩයපර්වල ඇක්රිලික් අම්ලය ප්‍රමාණවත් තරම් ප්‍රමාණයක් නොමැත. (මෙම අධ්යයනයට අරමුදල් සපයනු ලැබුවේ ප්රධාන ඩයපර් නිෂ්පාදකයෙකු වන ප්රොක්ටර් ඇන්ඩ් ගැම්බල් විසිනි.)

ඉවත දැමිය හැකි ඩයපර් වල අන්තරායන්ට එරෙහිව අනතුරු අඟවන අය බොහෝ විට පවසන්නේ සෝඩියම් පොලිඇක්රයිලේට් ආසාත්මිකතා සම ප්රතික්රියා ඇති කළ හැකි බවයි.

වාසනාවකට මෙන්, එවැනි ප්‍රතික්‍රියා ඉතා දුර්ලභ බව පෙනේ.

2008 දී ක්ලිනික්ස් ඉන් ඩර්මැටොලොජි සඟරාවේ නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ සෝඩියම් පොලිඇක්රයිලේට් වලට ආසාත්මිකතා ඇතිවිය හැකි වීම එක් සිද්ධියක් පමණක් වන අතර එය වැඩිහිටියෙකු පෑඩ් භාවිතා කිරීමේදී ඇති වන අපහසුව වැනි දෙයකි.

ළදරුවන් ඉතා සුළු පිරිසකට ඔවුන්ගේ ඩයපර්වල ඇති ඕනෑම දෙයකට අසාත්මිකතා ඇති විය හැකි බව සඳහන් වේ.

1970 දශකයේ අග සහ 1980 දශකයේ මුල් භාගයේදී, සෝඩියම් පොලිඇක්රයිලේට් අඩංගු සුපිරි අවශෝෂක ටැම්පොන් භාවිතා කරන කාන්තාවන් සිය ගණනක් බැක්ටීරියා ආසාදන නිසා ඇති විය හැකි මාරාන්තික රෝගයක් වන විෂ කම්පන සින්ඩ්රෝමය වර්ධනය කළහ.

සෝඩියම් පොලිකාක්රයිලේට් පළමු වරට ඩයපර්ස් තුළ දර්ශනය වීමට පටන් ගත් විට, ළදරුවන්ට විෂ කම්පන සින්ඩ්රෝමයද ලැබෙනු ඇතැයි සමහරු බිය වූහ.

නමුත් එම බිය පදනම් විරහිත විය.

ශරීරයෙන් පිටත පැළඳ සිටින ඩයපර්ස්, ටැම්පොන් වලට වඩා බෙහෙවින් වෙනස් වන අතර විෂ කම්පන සින්ඩ්රෝමය ඇති කරන ඩයපර් පිළිබඳ කිසිදු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොමැත. ඒ නිසා බිය විය යුතු නැත.

  • සායම්:

ඩයපර් වල භාවිතා කරන සායම් සාමාන්යයෙන් ආරක්ෂිතයි.

නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී, ඔවුන්ගෙන් සමහරක් ළදරුවන් තුළ අසාත්මිකතා ඇති කිරීමට හේතු වී තිබේ.

  • සුවඳ විලවුන්:

සමහර ළදරුවන් ඩයපර්ස් වල පැඟිරි හා අනෙකුත් සුවඳ විලවුන් වලට සංවේදී වේ.

නමුත් සැබෑ ලෙසම අසාත්මිකතා ප්රතික්රියා ඇති නොවන බව පෙනේ.

විෂ විද්‍යාව හා පාරිසරික ‌සෞඛ්‍යය පිළිබඳ ජර්නලයේ 2009 වාර්තාවකට අනුව, සාමාන්‍ය සුවඳැති ඩයපර් එකක පැඟිරි ප්‍රමාණය ළදරුවෙක්ට ආසාත්මික වීමට ඇති ඉඩ මිලියනයකට එකක් වැනි ඉතාමත් සුළු ප්‍රමානයකි.

  • ඩයොක්සින්:

ඩයපර්ස් වල ඇති දැව පල්ප් මඟින් ඔවුන්ට අමතර කුෂන් ගතියක් හා අවශෝෂණ ශක්තියක් ලබා දෙයි.

නමුත් එයට ඩයොක්සින් නම් වෙනත් රසායනික ද්‍රව්‍යයක්ද ඇතුලත්.

දැව පල්ප් ක්ලෝරීන් සමඟ විරංජනය කරන විට නිර්මාණය වන මෙම රසායනික සංයෝගය මිනිසුන් තුළ පිළිකා ඇති කරන බව දන්නා කරුණකි.

බොහෝ ඉවත දැමිය හැකි ඩයපර් කුඩා ඩයොක්සීන් ප්‍රමාණයක් රැගෙන යයි.

ඉවත දැමූ ඉවත දැමිය හැකි ඩයපර්වල ඇති ඩයොක්සීන් ගොඩබිම අසල ඇති භූගත ජලය අපවිත්‍ර කරනු ඇතැයි සමහරු සිතති.

ඇත්ත වශයෙන්ම, දෙමව්පියන්ට මේක හරිම කරදරකාරී දෙයක්.

කෙසේ වෙතත්, ළදරුවෙකුගේ සෞඛ්‍යයයට තර්ජනයක් වන පරිදි ඩයපර් තුළ ප්‍රමාණවත් තරම් ඩයොක්සින් ඇති බවක් නොපෙනේ.

ඇත්ත වශයෙන්ම, එය කිට්ටු අගයක් වත් නොවේ: 2002 දී පාරිසරික සෞඛ්‍ය ඉදිරි දර්ශනය යන සඟරාවේ  ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, ළමයින්ට ඔවුන්ගේ ඩයපර් වලින් ලැබෙන ප්‍රමාණයට වඩා දහස් ගණනක ගුණයකින් ඩයොක්සීන් ඔවුන්ගේ ආහාර වේලට ලැබේ.

(ඩයොක්සින් පරිසරයේ සෑම තැනකම පවතින අතර ඒවා අප ආහාරයට ගන්නා සෑම දෙයකම, විශේෂයෙන් සත්ව මේදවල ඇත.)

වඩාත් භයානක ඩයොක්සින් වර්ග, පිළිකා සහ වෙනත් රෝග ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති ඩයොක්සීන් වර්ග ඩයපර්වල කිසිසේත් නැති බව අධ්‍යයනයෙන් සොයාගෙන ඇත.

ඒ නිසා ඩයපර්ස් අන්දන්නට ඔබ බිය විය යුතු නැත.

3. ඩයපර්ස් භාවිතය ගැන සහ ඩයපර්ස් වල අඩංගු දේ ගැන ළමා රෝග විශේෂඥ වෛද්යවරුන් කියන්නේ මොනවාද?

පොදුවේ ගත් කල, ළමා රෝග විශේෂඥයින් සහ වෙනත් විශේෂඥයන් පවසන්නේ ඉවත දැමිය හැකි ඩයපර්ස් කිසිම නරකක් නැති බවත් ඒවා කළ යුතු දේ, කිරීමට නියමිත් දේ කරන බවයි.

ඒ කියන්නේ අපි බබෙක්ට ඩයපර්ස් අන්දවන්නේ බබාගේ මුත්රා උරා ගෙන බබාව වියලිව තියලා බබාට පහසුවක් වෙන්න නේ.

ඉතින් ඒ විශේෂඥයින් පවසන්නේ ඒ කාර්යය නියමිත් ලෙසම ඩයපර් එකක් මඟින් වෙන බවයි.

ළදරුවන්ගේ සමට ඒ නිසා කිසි ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ. UC සැන් ෆ්රැන්සිස්කෝ ළමා රෝහලේ ළමා චර්ම රෝග අධ්‍යක්ෂිකා ඉලෝනා ෆ්රීඩන් පවසන්නේ ,

“අපි ඉස්සරට වඩා අඩුවෙන් තමයි ඩයපර්ස් රෑශ් දකින්නේ. නවීන ඉවත දැමිය හැකි ද්රව්ය විශාල තෙතමනයක් අවශෝෂණය ඩයපර්ස් නිසා සහ බොහෝ ඩයපර්ස් වර්ග වල ඩයපර් රෑශ් ක්‍රීම් වල ප්රධාන සංඝටක ඇති නිසා එවැනි රෑශ් පැතිරීම අඩු බව ඇය පවසන්නීය.

4. ඩයපර් භාවිතය: බබාගේ දෙමව්පියන්ට කල හැක්කේ මොනවාද?

ඉස්සෙල්ලාම හිතන්න ඕනි දේ තමයි මේ ඩයපර්ස් කියන්නේ රකුසෙක් නෙ‌වෙයි කියන එක.

ඩයපර්ස් අන්දන අම්මලා කම්මැලි අම්මලා නෙමෙයි. අන්දනේ නැති අම්මලා බබාට වැඩියෙන් ආදරේ අම්මලාත් නෙමෙයි.

බබාට ඩයපර්ස් ඇඳුවත්, රෙදි හෝ කලිසම් ඇන්දුවත් අම්මලා බබාට ආදරෙයි.

ඩයපර්ස් ටිකක් මිලෙන් වැඩියි ඉතින් ඒ වියදම් දරා ගන්න පුලුවන් අම්මා කෙනෙක් ඩයපර්ස් ඇන්දුවා කියලා බබාට නරකක් නෙමෙයි ඒ අම්මා කරන්නේ.

ලංකාවේ අම්මලා අතර තියන ඩයඔඅර්ස් භීතිකාව නැති කරන්නයි මේ උත්සහ කරන්නේ.

මොකද ගොඩාක් අම්මලා දන්නේ නෑ ඩයපර්ස් ගැන ඇතුලාන්තය. කවුරු හරි කියන නිසා හොඳ නෑ.

හොඳ නෑ ගාන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලන්න.

හැබැයි ඩයපර්ස් අන්දවන්න කලින් බබාව හොඳට පිරිසිදු කරලා වියලි කර ගන්න ඕනි.

තෙත මාත්තු කරගෙන ඩයපර් රෑශ් ක්‍රීම් එකක් (නැපි රෑශ් ක්රීම්) ඩයපර් ඒරියා වල ආලේප කර ගන්න ඕනි.

තෙත පිටින් නම් මේ ක්රීම් ගන්න එපා. ඊට පස්සේ තමා ඩයපර් එක අන්දව ගන්න ඕනි.

ඩයපර් එකක් ඇන්දුව පමණින් ඔයා පරිපූර්ණ අම්මෙක් නම් වෙන්නෙ නෑ.

බලන්න ඕනි වෙට්නස් ඉන්ඩිකේටර් එක.

ඒ කියන්නේ බබා මුත්රා දැම්මාම ඩයපර් එකට ඔරොත්තු දෙන ප්‍රමාණෙට වඩා වැඩී නම්, ඊට වඩා උරා ගන්න බැරි නම් ඩයපර් එක පිම්බිලා වගේ පේනවා නම් මාරු කරලා පිරිසිදු කරලා නැපි රෑශ් ක්‍රීම් එක ගාලා ආයෙම අලුත් ඩයපර් එකක් අන්දවන්න ඕනි.

කක්කි දැම්මොත් ඒ වෙලාවෙම මාරු කරලා පිරිසිදු කරන්න ඕනි.

එහෙනම් නිසි ආකාරයට ඩයපර්ස් අන්දවලා මාරු කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වන්නේ නම් නෑ.

රාත්‍රී කාලයට නම් බබත් සනීපෙට නිදා ගනීවි.

මොකද තෙත් වීමක් වෙන්නේ නෑනේ. අම්මටත් සුව නින්දක් ලැබෙනවා.

ඩයපර්ස් කියන්නේ ගොඩාක් වටින නිශ්පාදනයක්.

සමහර අය කියන කතාවක් තමා ඩයපර්ස් භාවිතය නිසා කකුල් බකල් වෙනවා කියන එක.

අනේ එහෙම නම් වෙන්නේ නෑ. පදනම් විරහිත බියවල් ඇති කර ගන්න එපා.

බබාලා ඇවිදින්න පටන් ගත්ත මුල් කාලේ කොහොමත් වැඩිහිටියෙක් වගේ ඇවිදින්නේ නෑ.

ඒක වයසත් එක්ක හරියනවා. ඩයපර් අන්දවන එකේ බලපෑමක් නෑ. බබා පසු කාලීනව වඳ වෙන්නෙත් නෑ.

මොකද දියුණු රටවල් වල ඩයපර්ස් තමා උපන් දා ඉඳලා වබෙක්ට අන්දවන්නේ. ඒ රටවල් වල ජනගහනයේ අඩුවක් නෑ.

ඒ නිසා බොරුවට වෙන නොදන්නා අය කියන කතා නිස බියක් ඇති කර ගන්න එපා.

මුත්‍රා ආසදන, රෑශ් වගේ එවා එන්න ඉඩ තියෙනවා නිසි විදියට පිරිසිදුකම පවත්වාගෙන නොගියොත් නම්. ආච්චිලා, නැන්දලා, අසල්වැසියෝ කියාවි එක එක කතා.

එයාලා අඩුම ගානේ ඩයපර් එකක් ඇහැට වත් දැකලා නැති වෙන්න පුලුවන් ඒ ගැන බය හිතෙන කතා කිව්වාට.

ඒ නිසා ඒවා ගැබ බය වෙන්න එපා. බයමයි නම් ළමා රෝග විශේෂඥ වෛද්යවරයෙකගෙනුත් අහලා බිය නැති කර ගන්න.

දැන් ඔයාලා දන්නවා ඩයපර්ස් වල කතාව. මීට පස්සේ ඩයපර් භාවිතය හා ඩයපස් ගැන භීතිකාවක් ඇති කර ගන්න නම් එපා.

මුල් ලිපිය: අම්මයි බබයි(Ammai babai)

දරුවන්ට ඩයපර්ස් භාවිතය අහිතකරයිද?මෙම ලිපිය ලියූවේ අපගේ හිතවත් පාඨක ඈන් නිර්මාණි විසින්. මෙහි මුල් ලිපිය අම්මාවරුන්ගේ සමූහය නම් ඇයගේම ෆේස්බුක් සමූහයේ පළ වුනා. ඈන් උපාධිධරිනියක් මෙන්ම ගුරුවරියක් වන අතර ඇයගේම ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන කාර්‍යබහුල මෙන්ම ආදරණීය මවක්.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි